09/07/2023
බැස්ටීලය කැඩූ දා ට පසුදා ප්‍රංශ ජනරජය බිහිවූයේ නැත
රෝසා පාක්ස් සුද්දන්ට වෙන්වූ අසුනේ ඉඳගත් දා ට පසුදා ඇමරිකානු කළු ජනතාවට සිවිල් අයිතිවාසිකම් ලැබුණේ නැත.
නමුත් ප්‍රංශය ගොඩනැගෙන්නත්, සුද්දන්ට වෙන්වූ කරාමයකින් වතුර බීමත් තහනම් වූ කLලන්ට, ඉන් දශක ගණනකට ඇමරිකාවේ ජනාධිපතිවරයා බවට පත්වෙන්නත් ඒ නිශ්චිත සිදුවීම් වියයුතුව තිබුණි !
බස් අසුනේ වර්ජනයට පසු දින රෝසා පාක්ස්ගෙන් අයිතීන් ලැබුණාද කියා විමසූවන්ගේ නම් ඉතිහාසයේ ලියැවුණේ නැත....
ජනතා පරමාධිපත්‍ය නිසිලෙස ක්‍රියාත්මක වීමේ පළමු පියවර ජනතාව තමන්ට පරමාධිපත්‍ය බලය ඇති බව දැනගැනීමය !
මහජන සේවකයන් ජනතාව සතු බලය පිළිබඳව දැනගැනීමය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනතාව ද පාලකයන් ද එතෙක් මායාවක්ව කටවචනයක්ව පැවති ජනතාව සතු බලය පිළිබඳව 2022 ජූලි 09 වන දා දැනගත්තාහ.
ඔව්,
මම මේ ජන සමූහයෙන් තිතක් !
මම ඒ මහා ජන ගංගාවේ දිය බිඳුවක්ව එදා එතැන සිටියෙමි !! 🤟