Half blood trees

Half blood trees Tree planting relative to world population

20/01/2025

සොබාදහම ට අවනත නොවන කිසිවක් ලොවේ නැති බව ඉතා ඉහළින් පිළිගනිමින්,මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ගෝලීය උණුසුමින් බැට කන ලෝක ප්‍රජාව වෙනුවෙන් බිම් මට්ටමේ සිටම ක්‍රියාත්මක වන පරිසර සංවිධානයක් වන Half blood trees අපි දෙවන වතාවටත් ඇමරිකානු ජනාධිපති ලෙස පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙනුවෙන් මෙසේ සුබ පැතුම් එක් කරමු.
ඇමරිකානු ජනතාව වෙනුවෙන් පමණක් නොව මුළු මහත් ලෝක ප්‍රජාව වෙනුවෙන් ම යහපත්,වටිනා දේ පිරිනමන්නට ඔබ කටයුතු කරනු ඇතෑයි අපි විශ්වාස කරමු.
විශේෂයෙන්ම,Half blood trees අපි පාරිසරික සමතුලිතතාව පිළිබඳ අවධානය යොමු කරන්නෙමු.පසුගිය දා ලොස් ඇන්ජලීස්හිදී සිදුවූ අවාසනාවන්ත සිදුවීම ද එසේ පාරිසරික සමතුලිතතාවය බිඳ වැටීමෙන් සිදු වූ එකක් බව අපි විශ්වාස කරමු.
ලෝක නායකයින් හට නැවතත්,නැවත නැවතත් අප මතක් කර සිටින්නේ ගෝලීය උණුසුම සුළු කොට සැළකිය යුතු නොවන බවය. ගරු ඇමරිකානු ජනාධිපතිතුමනි ,ලෝක බලවතෙකු ලෙස ඔබගේ අවධානය ද ගෝලීය උණුසුම හේතුවෙන් ඇතිවන දේශගුණික විපර්යාස පිළිබඳ යොමු වනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.

කාරුණික ගුණයෙන් යුක්ත වූද,ආදරණීය බවින් යුක්ත වූද,සාමයේ පණිවුඩය දසත පතුරුවන්නා වූද,මිහිතලයේ ජීවමාන වූ උතුම් සමිදාණනි........
17/12/2024

කාරුණික ගුණයෙන් යුක්ත වූද,
ආදරණීය බවින් යුක්ත වූද,
සාමයේ පණිවුඩය දසත පතුරුවන්නා වූද,
මිහිතලයේ ජීවමාන වූ උතුම් සමිදාණනි......
ඔබගේ අසූ හත්වෙනි ජන්ම දිනය වෙනුවෙන් ලංකා පොළවේ පලතුරු පැළ අසූ හතක් රෝපණය කරමින් Half blood trees අපි ඔබට මෙසේ සුබ පැතුම් එක් කරමු.
නිදුක්,නිරෝගී චිර ජීවනය සමග ලෝකය යහපත්,සාමකාමී තැනක් කරන්න ට ඔබට හැකි වේවා.ඔබගේ ආදරණීය මග පෙන්වීම් තුළින් ලෝකය තව දුරටත් සුරක්ෂිත කරන්න ට හැකියාව ලැබේවා.
❤❤❤❤❤❤
(පැළ සිටුවීම ගම්පහ,තම්මිට ප්‍රදේශයේ තනිපොල්ගහවත්ත විහාරස්ථානයේ දී සිදු කරන ලදී. අවස්ථාව සම්බන්ධීකරණය කරන ලද්දේ Half blood trees ප්‍රධාන සංවිධායකවරියක් වන චන්දිමා පුෂ්පකුමාරි මහත්මිය විසිනි. )

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Half blood trees posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share