Hospital Services Council

Hospital Services Council The Hospital Service Council is a government approved charity located at The National Hospital of SL

The Hospital Service Council is a government-approved charity located at The National Hospital of Sri Lanka to help patients in need of assistance. The Council coordinates its services with the administration and the medical staff of the National Hospital of Sri Lanka, Colombo. VISION

To become the first Centre of Excellence toward a Healthy society

MISSION

To help the National Hospital of Sri

Lanka implement its health care, economic, educational, social, cultural, and human resources development programs

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා !
30/05/2026

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා !

රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති පණ්ඩිත පුජ්‍ය රජවැල්ලේ සුභුති ස්වාමින් වහන්සේගේ මුලිකත්වයෙන් ශ්‍රි ලංකා ජාතික ර...
16/05/2026

රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති පණ්ඩිත පුජ්‍ය රජවැල්ලේ සුභුති ස්වාමින් වහන්සේගේ මුලිකත්වයෙන් ශ්‍රි ලංකා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා (වාට්ටු අංක 48 හා ලේ බැංකුව ) රෝගීන්ගේ පහසුව සදහා යකඩ පුටු පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. මෙම වෛද්‍ය උපකරණ ලබා දී ඇත්තේ ඇමරිකාවේ සැන්පැන්ස්කෝ නුවර Hospital services Support Foundation ආයතනයේ රෝහල් සේවා මණ්ඩලයේ සාමාජික පිරිස විසිනි මෙම පුටු ලංකාවට ගේන්වා ගැනීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශයට හා ශ්‍රි ලංකා රේගු දෙපාර්තමේන්තුවටත් කෘතඥතාවය පිරිනමමු.
fans Hospital Services Support Foundation NHSL

රෝ්හල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය රජවැල්ලේ සුභූති ස්වාමීන්වහන්සේගේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා ජාත...
11/05/2026

රෝ්හල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය රජවැල්ලේ සුභූති ස්වාමීන්වහන්සේගේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා ජාතික රෝහලේ වට්ටු සදහා අවශ්‍යව තිබුන රෝද පුටු පරිත්‍යාග කිරීමේ වැඩසටහක් පැවැත්විණි.මෙම රෝද පුටු පරිත්‍යාග කර ඇත්තේ මීට වසර තුනකට ඉහත දී පරලෝ සැපත් විශේෂඥ වෛද්‍ය ජේ.සි ප්‍රනාන්දු මහතාට පිං පිණිස එම මහතා ගේ ආදරණිය බිරිඳ විශේෂඥ වෛද්‍ය සුරා ප්‍රනාන්දු මහත්මිය සහ දියණිවරුන් දෙදෙනා වන වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු මහත්මිය හා රුවනි ප්‍රනාන්දු මහත්මීන් විසිනි.

11/05/2026
රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති පණ්ඩිත රජවැල්ලේ සුභුති  හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් මින්නේරිය ආයුර්වේද මූලි...
21/04/2026

රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති පණ්ඩිත රජවැල්ලේ සුභුති හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් මින්නේරිය ආයුර්වේද මූලික රෝහල වෙත මිලියන 2ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.
මෙම වෛද්‍ය උපකරණ ලබා දී ඇත්තේ ජර්මනියේ කින්ඩ හිල්ෆ් ශ්‍රී ලංකා පදනම හා ඇමරිකාවේ සැන්ප්‍රැන්සිස්කෝ නුවර hospital service support foundation ආයතනය,ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර හා මෙල්බන් නුවර රෝහල් සේවා මණ්ඩලයේ සාමාජික පිරිස විසිනි. මෙම වෛද්‍ය උපකරණ ලංකාවට ගෙන්වා ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවටත් ලබා දෙන සහයෝගය වෙනුවෙන් කෘතඥතාවය පිරිනමමු. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා, ශ්‍රී ලංකා කාලතුවක්කු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වින්දයා ප්‍රේමරත්න මහත්මිය,උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් ප්‍රියානි මල්කාන්ති ගොඩගේ මහත්මිය, මින්නේරිය ආයුර්වේද මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ඉනෝකා බෝධිනායක මහත්මිය සහ අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩග්ලි සිරිසේන මහතාගේ ආදරණීය බිරිඳ ඇන්ජේලා සිරිසේන මහත්මිය, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලයෙ පිරිසක්ද , මින්නේරිය ආයුර්වේද මූලික රෝහලේ කාර්ය මණ්ඩලය සහ රෝහල් කමිටුව නියෝජනය කරමින් පිරිසක් ද එක්ව සිටියහ.
゚viralシfypシ゚viralシalシ #මින්නෙරිය #අරලිය

20/04/2026
09/08/2025

ශ්‍රී ලංකා ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලය විසින් සිදු කරනු ලබන අසරණ රෝගීන්ට උපකාර කිරීමට ඔබටත් අවස්ථාවක්......
Penthouse සමූහ ව්‍යාපාරයේ සභාපතිනි මානෙල් ප්‍රනාන්දු මහත්මිය විසින් නීල් ප්‍රනාන්දු මහතා ඇතුළු පවුලේ මියගිය සැමට පින් පිණිස අසරණ රෝගීන්ගේ දෛනික අවශ්‍යතාව වෙනුවෙන් පැම්පස්, කමිස, චිත්ත , බෙඩ්ජැකට්, බෙඩ් ශීට්, කිරිපිටි රෝහල් සේවා මණ්ඩලය වෙත පරිත්‍යාග කිරීම සිදුකෙරිණි. එමෙන්ම පොදු ප්‍රයෝජනය සඳහා ශබ්ද වාහිනී පද්ධතියක්ද ප්‍රදානය කෙරිණි.
දීර්ඝ කාලයක් තිස්සේ ආරෝග්‍ය ශාලා සේවාව වෙනුවෙන් විවිධ පරිත්‍යාග සිදු කරන මානෙල් ප්‍රනාන්දු මහත්මිය සහ කුමාරි ප්‍රනාන්දු මහත්මිය, ශාන් පෙරේරා මහත්මාණන් ප්‍රමුඛ පෙන්ත්හවුස් සමූහ ව්‍යාපාරයේ සමස්ත කාර්ය මණ්ඩලයට හා සේවක සේවිකා සැමට නිදුක් නිරෝගී සුව හා දිගාසිරි සුව ප්‍රාර්ථනා කරමු.
゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚

02/08/2025

゚viralシfypシ゚

රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂක ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය රජවැල්ලේ සුභූති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්  කොළඹ ජාතික රෝහලට ...
30/07/2025

රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂක ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය රජවැල්ලේ සුභූති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් කොළඹ ජාතික රෝහලට මිලියන 60ක් පමණ වටිනා දැඩි සත්කාර ඇඳන් සහ රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
මෙම වෛද්‍ය උපකරණ රජයේ සෞඛ්‍ය පද්ධිතය වෙත පරිත්‍යාග කර ඇත්තේ
ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සැන් සැන්ප්‍රැන්සිස්කෝ නුවර Hospital service support foundation විසිනි.
මෙම වෛද්‍ය උපකරණ වරායෙන් නිෂ්කාශනය කිරීමේ හා ප්‍රවාහන වියදම් දරා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසිනි.
මෙම අවස්ථාවට පරිත්‍යාගශීලීන් වෙනුවෙන් ඇමරිකාවේ කැලිෆෝනියාවේ රන්ජන් දි කොස්තා මහතා සහභාගී වූ අතර ශ්‍රී ලංකා ජාතික රෝහල වෙනුවෙන් හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගිත්වයෙන් පැවැත්විණි.
゚viralシfypシ゚
゚viralシypシ゚viralシhtag #ලක්දන

Address

Hospital Service Council, National Hospital Of Sri Lanka
Colombo

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 14:00

Telephone

+94714177714

Alerts

Be the first to know and let us send you an email when Hospital Services Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Hospital Services Council:

Share