26/06/2026
2026. 06. 26
මාධ්‍ය නිවේදනයයි
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියට නව නිලධාරීහු පත්වෙති
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ වාර්ෂික මහා සභා රැස්වීම 2026 ජුනි මස 25 වන දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියට නව නිලධාරී මණ්ඩලය ලෙස පහත සඳහන් අය පත්වනු ලැබීය.
ඒ අනුව, 2026/2027 වසර සඳහා සභාපති ලෙස, බිඟුන් මේනක ගමගේ, ප්‍රධාන ලේකම් ලසන්ත ද සිල්වා, උප සභාපති ලෙස සුජීව සෙනරත්, උප ලේකම් චාන්දනී දිසානායක, භාණ්ඩාගාරික, ආනන්ද ජයසේකර සහ උප භාණ්ඩාගාරික ආර්. රාම්කුමාර් යන අය පත්වූ අතර, ජාතික සංවිධායක අසේල කුරුළුවංශ කාරක සභාවට, දිලීෂා අබේසුන්දර සුනිල් ජයසේකර, ශාන් විජේතුංග, උදය කළුපතිරණ, ප්‍රියදර්ශන් වීරරන්ජන්, සුනිල් පැල්ලන්දෙනිය (වයඹ පළාත), රවිශාන් ප්රනාන්දු (බස්නාහිර පළාත), ප්‍රියන්ත සුමනසේන (මධ්‍යම පළාත), ශන්මුගම් තවසීලන් (උතුරු පළාත), මනුල වික්‍රම (උතුරු මැද පළාත) නයනජීව බණ්ඩර (ඌව පළාත), සරත් වීරවංශ (සබරගමු පළාත), මංගලනාත් ලියනාරච්චි (නැගෙනහිර පළාත), ජයසිරි පේදුරුආරච්චි (දකුණු පළාත) යන මාධ්යවේදීන් හා මාධ්යවේදිනියන් තේරී පත්විය.
අනුශාසක මණ්ඩලයට, ඇන්ටන් මාකස්, අනූප නන්දුල, ආචාර්ය නීතිඥ විරංජන හේරත්මං ජුල විදානගමගේ, මහත්වරුන් පත්කරගන්නා ලදි.
ජනමාධ්‍යකරුවන්ගේ, අයිතිවාසිකම් හා නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් වඩාත් යහපත් ජනාමාධ්යකරණයේ යෙදීම මුල්කර ගැනීම සඳහා කටයුතු කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ කාර්යය භාරය වේ.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය (FMMTU)