Free Media Movement Trade Union - FMMTU

Free Media Movement Trade Union - FMMTU The main objective of the Free Media Movement Trade Union is to safeguard and promote the freedom

2025. 12. 31මාධ්‍ය නිවේදනයජනමාධ්‍ය නියාමනය සඳහා වන ස්වාධීන  කොමිසමක් වහා ස්ථාපිත කිරීම ක්ෂේත්‍රයට අදාළ ගැටලු රැසකට විසඳු...
31/12/2025

2025. 12. 31

මාධ්‍ය නිවේදනය

ජනමාධ්‍ය නියාමනය සඳහා වන ස්වාධීන කොමිසමක් වහා ස්ථාපිත කිරීම ක්ෂේත්‍රයට අදාළ ගැටලු රැසකට විසඳුමයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය

අසත්‍ය පුවත් විකාශනය කරන ලදැයි චෝදනා එල්ල වී ඇති විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක විකාශන බලපත්‍ර ආපසු කැඳවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හෝ එසේ කළ යුතු බවට සමාජය තුළ ගොඩනැගී ඇති කතිකාව සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මෙන්ම එහි වෘත්තීය සමිතියේද දැඩි අවධානය යොමුව තිබේ.

ප්‍රස්තූත සිදුවීම්වලට අදාළව අදහස් ප්‍රකාශ කරමින්, එය ජාතික ආරක්ෂාවට බලපාන කාරණයක් නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට පසුබට නොවන බවට විෂය භාර අමාත්‍යවරයාද පවසා තිබේ.

සියලු විද්‍යූත් මාධ්‍ය වෙත ලබාදී ඇති සංඛ්‍යාත මහජනයා සතු දෙපලක් බවද, ඊට අදාළව ජනමාධ්‍ය සමාජ වගකීමෙන් බැඳෙන බවද මේ පසුබිමෙහි වටහා ගත යුතු නමුත් භාෂණයේ සහ ප්‍රකාශනයේ ව්‍යවස්ථාපිත නිදහස ඊට අදාළ සීමාවන් තුළ ආරක්ෂා වීම කෙරෙහිද සමස්ත සමාජයේ අවධානය යොමු විය යුතුය. මාධ්‍ය නිදහස යනු එකී සකලවිධ කාරණා අතර සමබර හා විනිවිද පෙනෙන සුළු වූවකි.

එබැවින් මාධ්‍ය නිදහස පිළිබඳ සංකල්පය අවභාවිතා කරමින් මහජනයා වෙත අසත්‍ය ප්‍රචාර කිරීම තුළින් සමාජ අගතීන් නිර්මාණය කිරීමද පිළිගත නොහැකි තත්ත්වයකි. එබැවින්, එවැනි ක්‍රියා නියාමනය කිරීම අත්‍යාවශ්‍ය කටයුත්තක් වේ.

එසේම බහුතර විද්‍යූත් මාධ්‍ය ආයතන වෙත ලබාදී ඇති බලපත්‍ර දේශපාලන වුවමනාවන් ඉටු කරගැනීමට ලබා දුන් ඒවා බවටද සමාජය තුළ මතයක් පවතී. කිසිදු ආකාරයක විනිවිද පෙනෙන වැඩපිළිවෙලකින් තොරව ලබා ගත් එම සංඛ්‍යාත ප්‍රයෝජනයට ගනිමින් විකාශන පවත්වා ගෙන යනු ලබන ඇතැම් විද්‍යුත් මාධ්‍ය ආයතනවල සේවය කරනු ලබන ජනමාධ්‍යකරුවන්ගේ අයිතිවාසිකම්ද ඒවායේ හිමිකරුවන් විසින් අමු අමුවේ උල්ලංඝණය කරමින් සිටින බව අමිහිරි සත්‍යයකි. එවැනි ඇතැම් ආයතනවල හිමිකරුවන් කම්කරු අයිතිවාසිකම්ද නොසළකා කටයුතු කරන බව නිරීක්ෂණය වේ.

මෙම තත්ත්වය විද්‍යුත් මාධ්‍යවලට පමණක් සීමා නොවන අතර පුද්ගලික මුද්‍රිත මාධ්‍ය ආයතන තුළ තත්ත්වයද වෘත්තීය අයිතීන් නොසළකා කටයුතු කිරීම දක්වා වර්ධනය වී ඇත. මාසයක් පුරා දිවා රාත්‍රී නොබලා තම රාජකාරිය අකුරට ඉටුකරන වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ වැටුප පවා නියමිත වේලාවට නොලැබෙන අතර, එය මාස 3-4 ක් ප්‍රමාද කරන තත්ත්වයක් දක්නට ඇත. EPF/ETF ඇතුළු ඔවුන්ට හිමි සියලු වරප්‍රසාද අහිමි කර ඇත. ඒවා පිළිබඳව ප්‍රශ්ණ කළ විට සේවයෙන් ඉවත්ව යන ලෙස තර්ජනය කළ අවස්ථා බොහෝමයක් අප වෙත වාර්තා වී තිබේ.

ප්‍රාදේශීය මට්ටමින් කටයුතු කරන මාණ්ඩලික හා ප්‍රාදේශිය ජනමාධ්‍යකරුවන්ගේ තත්ත්වයද ඉතාම ශෝචනීය වේ. ඔවුන්ට හිමි, නියමිත වැටුප හා ගෙවීම් මාස ගණන් ප්‍රමාද වෙමින් තිබේ. ඇතැම් ආයතන ජනමාධ්‍යකරුවකුට හිමි සේවා හැඳුනුම්පත හෝ ලබාදීමට කටයුතු කර නොමැත.

මෙවැනි ගැටලු රාශියක් ජනමාධ්‍ය කර්මාන්තයට අදාළව අද වනවිට දක්නට ලැබේ. ඒවා විසඳා ගැනීම සඳහා ආණ්ඩුව අනුගමනය කළ යුතු මාර්ගය වන්නේ සියලු පාර්ශවයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන, මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපිත කිරීමට පහසුකම් සැපයීමයි.

ආණ්ඩු විසින් මාධ්‍ය නියාමනය කරනු ලැබීමට මැදිහත් වීම නූතනවාදී ප්‍රවේශයක් නොවන හා ප්‍රජාතන්ත්‍රවාදය පටහැණි පසුබිමක වර්තමාන ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා කටයුතු කිරීමයි.

ඒ සඳහා වර්තමාන ආණ්ඩුවට අවශ්‍ය මඟ පෙන්වීමක් ඇත්නම් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය හා මව් සංවිධානය වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද සහාය ලබාදීමට සූදානම්ය. එසේම ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපිත කිරීම සඳහා මෙම ආණ්ඩුව අවංක උත්සාහයක යෙදෙන්නේ නම් ඒ සඳහා ජනමාධ්‍ය ප්‍රජාව දායකත්වය ලබාදෙන බවද අපගේ විශ්වාසයි.

23/12/2025

Mongolia’s press freedom is at a crossroads as journalists face a surge in criminal defamation cases, state-led raids, and concentrated political ownership of newsrooms. While the Constitutional Court’s recent strike-down of a ‘false information’ provision marks a significant legal victory, ...

12/12/2025
වෘත්තීය සමිති ලෙස වෘත්තීය ගැටලු ජනමාධ්‍ය වෙත සන්නිවේදනය කිරීමේදී වැදගත්වන කරුණු පිළිබඳ වෘත්තීය සිමිති ක්‍රියාධරයින් දැනු...
12/12/2025

වෘත්තීය සමිති ලෙස වෘත්තීය ගැටලු ජනමාධ්‍ය වෙත සන්නිවේදනය කිරීමේදී වැදගත්වන කරුණු පිළිබඳ වෘත්තීය සිමිති ක්‍රියාධරයින් දැනුවත් කිරීමේ එක් දින වැඩමුළුවක්, 2025 දෙසැම්බර් 11 දින ශ්‍රී ලංකා නාවිකයින්ගේ වෘත්තීය සමිති ශාලාවේදී පැවැත්විනි.

මෙම වැඩමුළුවේ සම්පත් දායකයින් ලෙස මාධ්‍ය පුහුණුකරු සී. දොඩාවත්ත, මාධ්‍ය පුහුණුකරු ආන්නද ජයසේකර, මාධ්‍ය පුහුණුකරු, මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ සභාපති සුජීව සෙනරත් යන මහත්වරු සහභාගි විය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය, වැඩබිම මාධ්‍ය සාමූහිකය මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.

මට හැටයි, කතා හැටයි. කෘතිය ජනගත කිරීමනිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ කාරක සභික, මාධ්‍යවේදී බලංගොඩ සරත් වීරවංස ම...
23/11/2025

මට හැටයි, කතා හැටයි. කෘතිය ජනගත කිරීම

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ කාරක සභික, මාධ්‍යවේදී බලංගොඩ සරත් වීරවංස මහතා විසින් සම්පාදිත 'මට හැටයි, කතා හැටයි' කෘතිය ජනගත කිරීම 2025 නොවැම්බර් 22 දින බලංගොඩ සේනක සෙන් සමාගමේ ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය, දර්ශනපති අති පුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කෘතිය ජනගත කිරීම සිදු විය.

මෙහිදී අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ, රත්නපුර මහ දිසාවේ අධිකරණ සංඝනායක අති පුජ්‍ය ගැටඇරළුවේ සංඝරක්ඛිත නායක ස්වාමින් වහන්සේ විසින් ප්‍රධාන දේශනය සිදු කරන ලද අතර මාධ්‍යවේදී ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර මහතා විසින් ආරාධිත දේශනය පවත්වන ලදී.

'මට හැටයි කතා හැටයි' කෘතිය ලංකාදීප පුවත්පතේ 'දෙයියෝ සාක්කි' විශේෂාංගයට දශකයකට ආසන්න කාලයක් තිස්සේ මාධ්‍යවේදී බලංගොඩ සරත් වීරවංශ මහතා විසින් සම්පාදනය කරන ලද කතා 60 ක එකතුවකි.

A solidarity meeting between representatives of Media Unions from Sri Lanka and the leadership of UNI-MLC was successful...
23/11/2025

A solidarity meeting between representatives of Media Unions from Sri Lanka and the leadership of UNI-MLC was successfully held on 21 November 2025 at the UNI-MLC Office, Malaysia.

During this meeting, a bilateral discussion was conducted focusing on a range of matters and challenges related to the trade union movement and organising activities including workers advantages and disadvantages in both Malaysia and Sri Lanka. The discussion emphasised strengthening solidarity, enhancing freedom of association, and improving national policies to uphold workers’ rights and promote the overall welfare of workers across multiple sectors.

Lasantha De Silva, secretary of free Media movements trade union and convener of FMM -Sri Lanka, highlighted Malaysia’s national policy as one of the most effective frameworks for ensuring workers’ well-being and protecting their rights.

20/11/2025

Public Security Ministry accuses Le Trung Khoa of "making, storing, spreading information, materials, items for the purpose of opposing the state"

20/11/2025

Myanmar’s military filed legal charges against the exile-run Assistance Association for Myanmar-based Independent Journalists (AAMIJ) News on November 10 under the junta’s ‘election protection law’, as its contributor Myat Thu Kyaw continues to languish in jail. The International Federation ...

17/11/2025

Sri Lanka’s media community sees both hope and frustration a year after the National People’s Power (NPP) government swept to power in Sri Lanka’s national elections in November 2024. The IFJ asked its three Sri Lankan affiliates, the Free Media Movement (FMM), the Sri Lanka Working Journalist...

10/10/2025

🔴 Two years on from the war in , over 223 Palestinian journalists and media workers have been killed in the enclave, in the deadliest period in the history of . The Israeli government’s systematic targeting of journalists is ongoing, exacerbated by the international community’s failure to punish the government.

The Israeli government has crossed every red line to control the narrative of the war and cloak human rights violations in . As journalists, unionists and, ultimately, humans, we cannot accept that reporters are killed amid indifference, be that in Gaza or elsewhere. Israel must stop killing journalists. Killing journalists is killing the truth.

We urgently call on governments across the world, the United Nations General Assembly and the international community to take immediate and concrete action to stop Israel’s human rights violations in Gaza, including the deliberate targeting and killing of journalists. We also demand that the Israeli government lift its media ban and grant foreign reporters independent access to Gaza.

https://www.ifj.org//media-centre/news/detail/category/press-releases/article/israel-two-years-of-killing-journalists-and-controlling-the-narrative-in-gaza




الإتحاد الدولي للصحفيين IFJ Asia-Pacific Federación Internacional de Periodistas - Oficina Regional América Latina European Federation of Journalists - EFJ IFJ Africa Office

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ වාර්ෂික මහා සභාව 2025නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ වාර්ෂික මහා සභාව ...
27/06/2025

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ වාර්ෂික මහා සභාව 2025

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ වාර්ෂික මහා සභාව එහි සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් 2025 ජුනි 26 දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

නව නිලධාරී මණ්ඩලය:

සභාපති : දිලීෂා අබේසුන්දර
ප්‍රධාන ලේකම් : ලසන්ත ද සිල්වා
භාණ්ඩාගාරික : ආනන්ද ජයසේකර
උප ලේකම් : චාන්දනී දිසානායක
උප සභාපති : සුජීව සෙනරත්
උප භාණ්ඩාගාරික : ප්‍රියදර්ශන් වීරරන්ජන්

කාරක සභාව:

සී දොඩාවත්ත
සුනිල් ජයසේකර
ශාන් විජේතුංග
උදය කළුපතිරණ
රාම් කුමාර්
සුනිල් පැල්ලන්දෙනිය (වයඹ පළාත)
ඉසදීන් අමීන් (බස්නාහිර පළාත)
ප්‍රියන්ත සුමනසේන (මධ්‍යම පළාත)
ශන්මුගම් තවසීලන් (උතුරු පළාත)
මනුල වික්‍රම (උතුරු මැද පළාත)
නයනජීව බණ්ඩර (ඌව පළාත)
සරත් වීරවංශ (සබරගමු පළාත)
මංගලනාත් ලියනාරච්චි (නැගෙනහිර පළාත)
ජයසිරි පේදුරුආරච්චි (දකුණු පළාත)

අනුශාසක මණ්ඩලය:

ඇන්ටන් මාකස්
අනූප නන්දුල
ආචාර්ය නීතිඥ විරංජන හේරත්
මංජුල විදානගමගේ

📢 Free Media Movement Trade Union Annual General Meeting 2025

The Free Media Movement Trade Union successfully held its Annual General Meeting on June 26, 2025, at the Sri Lanka Press Institute Auditorium. Members gathered to discuss key issues and elect new office bearers for the year.

🎉 Newly Appointed Officers:
• President: Dileesha Abeysundara
• General Secretary: Lasantha De Silva
• Treasurer: Ananda Jayasekara
• Vice-President: Sujeewa Senarath
• Vice-Secretary: Chandani Dissanayake
• Vice-Treasurer: Priyadarshana Weeraranjan

👥 Committee Members:
• C. Dodawatte
• Sunil Jayasekara
• Shan Wijethunga
• Udaya Kalupathirana
• Ram Kumar
• Sunil Pallandeniya (North Western Province)
• Isadeen Amin (Western Province)
• Priyantha Sumanasena (Central Province)
• Shanmugam Thawaseela (Northern Province)
• Manula Wickrama (North Central Province)
• Nayanajeewa Bandara (Sabha Province)
• Sarath Weerawansa (Sabaragamuwa Province)
• Mangalanath Liyanarachchi (Eastern Province)
• Jayasiri Pedururachchi (Southern Province)

👨‍🏫 Board of Advisors:
• Anton Marcus
• Anupa Nadula
• Viranjana Herath
• Manjula Vidanagamage

Congratulations to all newly appointed officers! We look forward to their leadership and dedication to advancing the mission of the Free Media Movement Trade Union.

Address

96 Bernard Soysa Mawatha
Colombo
00500

Website

Alerts

Be the first to know and let us send you an email when Free Media Movement Trade Union - FMMTU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share