Right to Life Sri lanka

Right to Life Sri lanka To develop a human right respected and promoted society in the country. Second Democracy - Constitutional Reforms, Rule of Law.

Right to Life Human Rights Centre established on 2002 at Kurana, Katunayake, Gampaha District, Western Province Current currently located Koppiyawatta Road, Colombo 09, Western Province. Vision of the organization is “A multi ethnic and multi religious society of citizens of citizens that protect justice, equality, respect for life”. Mission of the organization is “To be placed as an active Centre

for establishing a society against human rights violations including torture, extra judicial killings, enforced disappearances standing for national harmony and democratic reforms”. The main two objectives of the organization are First Human Rights - Torture, Extra judicial Killings and Enforced Disappearances. The main activities follow as; Advocating for Justice for Victims of Torture, Related Extra Judicial Killings, Disappearances and Human Rights Violations. Victim and Community Action against Human Rights Violations Including Torture and Extra-Judicial Killings. Fostering Democracy, Independence of the Judiciary, Human Rights, Rule of Law and Accountability through a New Constitution and Judicial Reform. Building a People’s Movement and Civil Society Coalition for Resolving Ethnic Conflict through Constitutional Reform. Research, Training, Advocacy, Public Education/Campaign, Social mobilization and Legal. (Filing and following cases against torture, extra judicial killings, enforced disappearances and other Fundamental Rights Violations, Creating Human Rights Defenders, Training Programs, Workshops, Public Seminars, People’s Tribunals, People’s Assembly, Campaigns, Street Protests, maintaining 11 Human Rights First Aid Centers). Apart from it the organization is involved in network activities which is the strength of the organization. Sri Lankan Collective Against Torture (SLCAT) with 30 other member organizations in the field of human rights in Sri Lanka, Human Rights First Aid Centres – There were 12 HRFACs in 12 Districts, People Against Torture (PAT), Platform For Freedom (PFF), Change with Reforms (Veediye Virodaya – Street Protest), National Movement for New Constitution (NMNC), Civil Society Collective for Democracy, Civil Society and Trade Unions Collective (CSTUC). International Relations: Full-fledged member Asian Forum for Human Rights and Development (Forum Asia), South Asian Collective for Strategy Litigation, Asian Alliance Against Torture (AAAT), Freedom From Torture (FFT). Success Stories: Human Right First Aid Centers, Creating Human Rights Defender Groups, Conducting Education sessions on Human Rights, Training of Trainees, Preparing UN CAT Shadow Report of Sri Lanka, follow up and Monitor recommendation given by UN CAT to Sri Lanka, Maintains Websites related to Human Rights issue (on Torture and Democratic Rights), Social Media campaigns on human rights and democratic rights issues (Facebook).

21/08/2026

ගැටුමට මැදි වූ රැඳිවියන් වෙනුවෙන් නීතිඥ සහායට බාදා!
- නීතිඥ ධනුෂ්ක සිල්වා

#බන්ධනාගාර_ප්‍රතිසංස්කරණ #බන්ධනාගාර_තදබදය #මානවහිමිකම් #අධිකරණ_ප්‍රතිසංස්කරණ #යුක්තිය

21/08/2026

ඩිපෝවේ ආදායම ඉහළ නැංවූ බව කියන සේවකයාට අවසානයේ රැකියාවත් අහිමි වෙයි

කෑගල්ල දිස්ත්‍රික්කයේ කරඳපන ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ත ලාල් ජයවීර මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයෙකු ලෙස 2014 වසරේදී පත්වීමක් ලැබූ රාජ්‍ය සේවකයෙකි.

පත්වීම ලැබූ දිනයේ සිට හොරණ ඩිපෝවේ සේවය කළ බවත්, 2016 වසරේ මාර්තු මාසයේදී කෑගල්ල ඩිපෝවට මාරුවීමක් ලබා පැමිණි බවත්, 2019 වසරේ ජනවාරි 31 දින මාර්ග පරීක්ෂකවරයෙකු ලෙස උසස්වීමක් ලැබූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම කාලය තුළ ඩිපෝව ලැබූ ආදායමට වඩා රුපියල් ලක්ෂයකට අධික මුදලක් අතිරේක ආදායමක් ලෙස එකතු කර ගැනීමට හැකි වූ බවත්, තමන්ට මෙම තනතුර ලැබීමෙන් පසු වංචා හා අක්‍රමිකතාවලට පුරුදු වී සිටි පිරිසක් තමන්ට විරෝධය පළ කළ බවත් ඔහු පැවසීය.

ඩිපෝවේ සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි තරමට ආදායම පහළ මට්ටමක පැවති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, 2019 වසරේ අවසාන කාලසීමාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පක්ෂය බලයට පත්වූ බවත්, එම ආණ්ඩුව යටතේ ඩිපෝ සභාපතිවරයා ලෙසද ආණ්ඩුවට පක්ෂපාති පුද්ගලයෙකු පත් කළ බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව නව චක්‍රලේඛනයක් නිකුත් කරමින් තමන් ඇතුළු පිරිසකගේ තනතුරු පහළ දැමූ බවත්, තනතුරු පහළ දැමීම පමණක් නොව ඩිපෝවේ සේවයට වාර්තා කිරීමට පැමිණීමද වැළැක්වූ බවත් ඔහු පැවසීය.

එමෙන්ම, සේවයට වාර්තා කිරීමට යාමේදී ආණ්ඩුවේ ආධාරකරුවන් පිරිසක් පොලු සහ මුගුරු රැගෙන මඟ රැක සිටිමින් පහරදීමට තැත් කළ බවත්, තමන්ට සේවා වාර්තාවේ අත්සන් තැබීමට පවා ඉඩ නොදුන් බවත්, ඇඟිලි සලකුණු පද්ධතියෙන්ද තමන්ගේ තොරතුරු ඉවත් කර තිබූ බවත් ඔහු චෝදනා කළේය.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කළද, එම පැමිණිලි භාර ගැනීම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කළ බවද ඔහු සඳහන් කළේය.

ඉන් අනතුරුව තමන් සේවය අත්හැර ගිය බව පෙන්වමින් ලිපියක් සකස් කර, තමන්ගේ රැකියාව වෙනුවට රජයට පක්ෂපාති පුද්ගලයන්ට රැකියා ලබා දී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

තවද, අදාළ චක්‍රලේඛනයද සැක සහිත එකක් බව පෙන්වා දුන් ඔහු, පවතින රජය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳ සාධාරණය සහ යුක්තිය ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටියේය.

20/08/2026

වසර 27ක් තිස්සේ අහිමි වූ ඉඩම් අයිතිය වෙනුවෙන් 87 වියැති මාතාවගේ අරගලය!

වසර 27ක් පුරා විසඳුමක් නොලැබුණු 87 වියැති K.A. එමලින් ආතර් මහත්මියගේ ඉඩම් අයිතිය පිළිබඳ අසාධාරණය තවදුරටත් නොසලකා හැරිය යුතුද?

1997 වසරේදී නීත්‍යානුකූලව හිමි වූ කුඹුරු අක්කර 2½කින් අක්කරයකට ආසන්න ප්‍රමාණයක් බලහත්කාරයෙන් අහිමිවීම හේතුවෙන්, අද වන විට මෙම අසරණ පවුලට වගා කිරීමට ඉතිරිව ඇත්තේ අක්කර 1½ක් පමණි.

වසර ගණනාවක් පුරා රාජ්‍ය ආයතන සහ බලධාරීන් වෙත පැමිණිලි කළද මෙතෙක් සාධාරණ විසඳුමක් ලැබී නොමැත.

විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුද සමඟ අසරණව ජීවත් වන මෙම පවුලට හිමි නීත්‍යානුකූල ඉඩම් අයිතිය නැවත ලබාදීමට බලධාරීන්ගේ අවධානය යොමු වේ යැයි අපේක්ෂා කරමු.

#ඉඩම්අයිතිය #මානවහිමිකම්

19/08/2026

එක මැෂිමකින් ඇරඹි සිහිනයක්… අද සාර්ථක ව්‍යාපාරයක්!

එකම මැෂිමකින් ඇරඹි ගමනක්… අද තවත් පිරිසකට ජීවන මඟක් සලසන සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කළ RSS Fashion

කකුලේ ඇති ආබාධය අභියෝගයක් කර නොගෙන, නොසැලෙන අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනගාගත් ඉනෝකා සංජීවනී මහත්මියගේ දිරිය කතාව ඔබත් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු කතාවකි.

👗 කාන්තා ඇඳුම් | ළමා ඇඳුම් | Nightwear | සාරි ජැකට්

ඔබේ කැමැත්තට අනුව ඕනෑම මෝස්තරයක් හා මිම්මකට මසා ගැනීමේ හැකියාව

📦 තොග හා සිල්ලර ඇණවුම්
🚚 දිවයින පුරා Online ඇණවුම් හා බෙදාහැරීම

📞 අමතන්න / WhatsApp: 076 840 7629

#ජීවනඅරගලය #දිරියමිනිසුන් #මොනරාගල #ව්‍යවසායකත්වය #කාන්තාව්‍යවසායකත්වය

19/08/2026

වසර 20ක අත්දැකීම් සමඟ බිම්මල් වගාවෙන් ඉදිරියට යන සිවලිංගම්

ලී කුඩු, හාල් කුඩු සහ අවශ්‍ය පෝෂක නිවැරදි අනුපාතයට යොදා ගනිමින් පිරිසිදුව හා විද්‍යානුකූලව බිම්මල් නිෂ්පාදනය කරන “සිවලිංගම් බිම්මල්” අද නව වගාකරුවන්ටත් අත්වැලක් වී තිබේ.

🍄 නැවුම් බිම්මල්
🌱 උසස් ප්‍රමිතියේ බිම්මල් පැකට්
🌱 බිම්මල් බීජ
📚 වගාව සඳහා තාක්ෂණික උපදෙස් හා ප්‍රායෝගික පුහුණුව

බිම්මල් වගාවට අලුතින් පිවිසෙන්න ඔබත් කැමතිද?
පැකට් 1ක් රු.150/- බැගින් ලබාගැනීමටත්, සාර්ථක වගාවක් සඳහා අවශ්‍ය උපදෙස් ලබාගැනීමටත් හැකියාව ඇත.

📞 විමසීම් / ඇණවුම්: 078 6767 439

#සිවලිංගම්බිම්මල් #බිම්මල්වගාව #දිරියව්‍යවසායකයෝ #දේශීයව්‍යවසායකත්වය

Happy Birthday to our dedicated HRFAC Coordinator, Indula Wijesekara! 🎂Your commitment, leadership, and hard work contin...
19/08/2026

Happy Birthday to our dedicated HRFAC Coordinator, Indula Wijesekara! 🎂

Your commitment, leadership, and hard work continue to inspire everyone around you. Wishing you a wonderful year ahead filled with happiness, success, good health, and countless achievements.

May your special day be as remarkable as the positive impact you make through your work every day.

With warm wishes from all of us at Right to Life Human Rights Centre.

நிவாரணப் பொருட்கள் விநியோகம் தொடர்பில் மக்கள் முறைப்பாடுகொட்டக்கலை ரிஷிகேஷ் மண்டபத்தில் கடந்த 2ஆம் மற்றும் 3ஆம் திகதிகளி...
19/08/2026

நிவாரணப் பொருட்கள் விநியோகம் தொடர்பில் மக்கள் முறைப்பாடு

கொட்டக்கலை ரிஷிகேஷ் மண்டபத்தில் கடந்த 2ஆம் மற்றும் 3ஆம் திகதிகளில் பெய்த கடும் மழையினால் வெள்ளப்பெருக்கால் பாதிக்கப்பட்ட மக்களுக்கு இந்திய அரசாங்கத்தின் உதவியுடன் நிவாரணப் பொதிகள் வழங்கப்பட்டதாக தெரிவிக்கப்படுகிறது.

எனினும், குறித்த நிவாரணப் பொதிகள் உண்மையாகவே பாதிக்கப்பட்ட மக்களுக்கு உரிய முறையில் சென்றடையவில்லை என அப்பகுதி மக்கள் குற்றச்சாட்டுகளை முன்வைத்து வருகின்றனர். பாதிக்கப்படாத சிலருக்கும் நிவாரணப் பொதிகள் வழங்கப்பட்டுள்ளதாகவும், உண்மையில் பாதிக்கப்பட்ட சில குடும்பங்களுக்கு அவை கிடைக்கவில்லை எனவும் மக்கள் கவலை தெரிவிக்கின்றனர்.

மேலும், இந்த நிவாரணப் பொருட்கள் விநியோகிக்கும் செயற்பாட்டில் கொட்டக்கலை பிரதேச சபை மற்றும் தலவாக்கலை பிரதேச செயலகம் இணைந்து செயற்பட்டதாக தெரிவிக்கப்படும் நிலையில், விநியோக நடைமுறை தொடர்பாகவும் கொட்டக்கலை பிரதேச சபைக்கு எதிராகவும் மக்கள் முறைப்பாடுகளை பதிவு செய்து வருகின்றனர்.

நிவாரணப் பொருட்கள் உண்மையில் பாதிக்கப்பட்ட குடும்பங்களுக்கு உரிய முறையில் சென்றடைந்ததா, விநியோகத்தில் ஏதேனும் முறைகேடுகள் இடம்பெற்றனவா என்பன தொடர்பில் சம்பந்தப்பட்ட அதிகாரிகள் உரிய விசாரணையை மேற்கொண்டு, உண்மை நிலையை மக்களுக்கு வெளிப்படையாகத் தெரிவிக்க வேண்டும் என பொதுமக்கள் கோரிக்கை விடுத்துள்ளனர்.

#வெள்ளப்பெருக்கு #நிவாரணஉதவி #நிவாரணப்பொருட்கள் #நிவாரணவிநியோகம் #மக்கள்முறைப்பாடு #பாதிக்கப்பட்டமக்கள் #வெள்ளபாதிப்பு #கொட்டக்கலை #தலவாக்கலை #நுவரெலியா #மலையகம் #பொறுப்புக்கூறல் #வெளிப்படைத்தன்மை #மக்கள்உரிமை #நீதியானவிநியோகம்

18/08/2026

බදුල්ල 2025 නොවැම්බර් 27 වැනිදා බලපෑ “ද්ත්වා” සුළි කුණාටුව හේතුවෙන් සිය නිවස සහ ජීවනෝපාය අහිමි වූ පවුලක්, මාස ගණනකට පසුවත් ස්ථිර නිවසක් නොමැතිව දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටී.

සුළි කුණාටුවෙන් පසුව ආගරතැන්න දළුමඩුවේ ආරක්ෂිත කඳවුරක රැඳී සිටි මෙම පවුල, 2026 ජනවාරි 07 වැනිදා කුලී නිවසකට පැමිණ තිබේ. එහෙත් අද වන විට එම නිවසේ කුලිය පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ඔවුහු පවසති.

පහන් තිර සාදා ස්වයං රැකියාවක නිරත වෙමින් සිය ජීවිතය ගොඩනගා ගත් මෙම පවුලට ග්‍රාම නිලධාරීවරිය විසින් ලබා දෙන බවට පොරොන්දු වූ නිවාස කුලී මුදල මේ දක්වා තමන්ට නොලැබුණු බව පවසයි. ඒ හේතුවෙන් මාස කිහිපයක නිවාස කුලී මුදල් ගෙවීමට නොහැකිව, කුලී නිවසේ රැඳී සිටීම පවා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව ඔවුහු සඳහන් කරති.

18/08/2026

බලධාරීන්ගේ බොරු පොරොන්දු මැද අතරමං වූ මාවනැල්ලේ ගම්වැසියන්

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉඩම්පිටිය හා හිඟුල යන ග්‍රාම නිලධාරී වසම්වල පවුල් ඒකක 20ක් භාවිත කරන ප්‍රවේශ මාර්ගය, ඉකුත් 2025 වසරේ ඇති වූ දිට්වා සුළි කුණාටුව පැවති කාලසීමාවේදී නායයෑමකට ලක්ව තිබේ.

එම ප්‍රදේශයේ ගම්වාසීන් සියලුදෙනාම නායයෑමේ අවදානම හේතුවෙන් එම කාලය තුළ සිය පදිංචි ස්ථානවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

පසුව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් සිදුකළ පරීක්ෂණවලදී එම ප්‍රදේශය නැවත පදිංචිය සඳහා සුදුසු බව තහවුරු කිරීමෙන් අනතුරුව ඉවත් කළ පවුල් සියල්ල යළි පදිංචි කරවා ඇත.

කෙසේ වෙතත්, නායයෑම හේතුවෙන් එම ගම්වාසීන් භාවිත කරන ප්‍රවේශ මාර්ගයට දැඩි හානි සිදුවීම නිසා ඔවුන්ගේ දෛනික ගමනාගමන කටයුතු දැඩි ලෙස අඩාල වී තිබේ.

මේ සම්බන්ධයෙන් ගම්වාසීන් සියලුදෙනා එක්ව අත්සන් කළ ලේඛනයක්ද සමඟ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය සභාව දැනුවත් කර තිබේ. ඒ අනුව නිලධාරීන් පැමිණ මාර්ගයේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ඇතත්, මේ වන විටත් මාර්ගය පිළිසකර කිරීම සඳහා නිශ්චිත විසඳුමක් ලැබී නොමැති බව ගම්වාසීහු පවසති.

මාර්ගය සම්බන්ධයෙන් කෑගල්ලට සහ කොළඹට දැනුම් දී ඇති බවත්, මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 45ක මුදලක් වෙන් කර ඇති බවත් විවිධ අවස්ථාවලදී බලධාරීන් විසින් ප්‍රකාශ කළද, මෙතෙක් කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුකර නොමැති බවට ගම්වාසීහු චෝදනා කරති.

ගම්වාසීන් පවසන්නේ තමන්ට ඇති එකම ප්‍රවේශ මාර්ගය වන මෙම මාර්ගයේ රෝගියෙකු රැගෙන යාමට හෝ දෛනික අවශ්‍යතා සඳහා භාණ්ඩ රැගෙන යාමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

එමෙන්ම අවස්ථා කිහිපයකදී මාර්ගයේ පවතින දුෂ්කරතා හේතුවෙන් ජනතාවට දැඩි අපහසුතාවන්ට මුහුණදීමට සිදුව ඇති බවද ඔවුහු පවසති. එක් අවස්ථාවකදී අවමංගල්‍ය කටයුත්තක් සඳහා මෘත දේහයක් රැගෙන යාමට පවා නිවාසවල තාප්ප මතින් දැඩි පරිශ්‍රමයකින් යුතුව ගමන් කිරීමට සිදුවූ බව ගම්වාසීහු සඳහන් කරති.

මීට පෙරද මෙම ප්‍රදේශයට යාබද අවසිරියවත්ත ගම්මානයට පිවිසෙන මාර්ගය ආපදාවට ලක්වීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වගකිවයුතු ආයතන දැනුවත් කර තිබුණද, මේ වන තෙක් ඒ සම්බන්ධයෙන්ද කිසිදු පියවරක් ගෙන නොමැති බවට ජනතාව චෝදනා කරති.

එබැවින් තමන් මුහුණ දී සිටින දැඩි දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, කඩිනමින් බලධාරීන්ගේ අවධානය යොමු කර මෙම ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කර ජනතාවගේ ගමනාගමන පහසුකම් යථා තත්ත්වයට පත්කර දෙන ලෙස ගම්වාසීහු ඉල්ලා සිටිති.

#ගම්වාසීන් #මාර්ගගැටලුව #නායයෑම් #මාර්ගසංවර්ධනය #කෑගල්ල #මාවනැල්ල

18/08/2026

Royal Delights සමඟ රසවත් ව්‍යවසායක ගමනක්

ත්‍රීකුණාමලය ආන්දන්කුලම ප්‍රදේශයේ දැහැමි හෙට්ටිආරච්චි පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු, කේක් හා බේකරි නිෂ්පාදන පිළිබඳ වෘත්තීය පුහුණු අධිකාරියේ NVQ 4 පාඨමාලාව හදාරමින් තම හැකියාව ව්‍යාපාරයක් බවට පත් කළ තරුණ ව්‍යවසායිකාවකි. ❤️

ඒ අනුව ඇය ආරම්භ කළ Royal Delights by Dehami මේ වන විට ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ පාරිභෝගිකයන් රැසකගේ විශ්වාසය දිනාගත් සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.

🎂 උපන්දින කේක්
💍 විවාහ මංගල කේක්
🎉 විවිධ උත්සව සඳහා කේක්
🥐 රසවත් බේකරි නිෂ්පාදන

ඇයගේ නිෂ්පාදන සඳහා ත්‍රීකුණාමලයෙන් පමණක් නොව අවට දිස්ත්‍රික්කවලින්ද Online හරහා ඇණවුම් ලැබීම විශේෂත්වයකි.

නිවසේ සිට තම ව්‍යාපාරය සාර්ථකව ගොඩනඟමින් සිටින දැහැමිගේ අරමුණ වන්නේ අනාගතයේදී Royal Delights by Dehami තවත් පුළුල් කරමින් තවත් පිරිසකට රැකියා අවස්ථා ලබාදීමයි. 🌱

ඔබේ විශේෂ අවස්ථාවට රසවත් කේක් එකක් අවශ්‍යද? 🎂
Royal Delights by Dehami සමඟ අදම සම්බන්ධ වන්න!

📱 WhatsApp: 070 214 6776

Address

No. 4/71, 4th Lane, Thalakotuwa Gardens, Colombo 05
Colombo
00500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94112669100

Alerts

Be the first to know and let us send you an email when Right to Life Sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Right to Life Sri lanka:

Shortcuts

Share