27/04/2026
"Viral" රැල්ලේ අඳුරු පැත්ත: මුල් නිර්මාණකරුවන් අමතක කර දැමීම 🎤📉
අපි හැමෝම "මැණිකේ මගේ හිතේ" සින්දුවට මුමුනන්න ඇති, ඒ වගේම "Kacha Badam" (බඩා කච්ඡම්) සින්දුවට හදපු වීඩියෝ දහස් ගණනක් බලන්න ඇති. ඒත් මේ නිර්මාණ ලෝකයම හොල්ලද්දී, ඒවායේ සැබෑ අයිතිකරුවන්ට වුණේ මොකක්ද කියලා අපි මොහොතකටවත් හිතුවද?
ඩිජිටල් ලෝකයේ "Viral" වීම කියන්නේ හැමෝටම වාසනාව ගෙන දෙන දෙයක් නෙවෙයි. එහි ඇති කනගාටුදායක ඇත්ත මේ උදාහරණ දෙකෙන්ම පේනවා:
🔹 මැණිකේ මගේ හිතේ: මේ ගීතය ජාත්‍යන්තරය දක්වා ගෙන ගියේ යොහානිගේ "Cover" ගායනයයි. නමුත් මෙහි මුල් අයිතිකරු සහ ගායකයා සතීෂන් රත්නායක (Satheeshan Rathnayaka) බව අද ලෝකයේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. සින්දුව ජනප්‍රිය වෙද්දී මුල් ගායකයාගේ අනන්‍යතාවය ඒ රැල්ලට යටවෙලා ගියා.
🔹 Kacha Badam: රටකජු විකුණපු භුබන් බද්යාකර් (Bhuban Badyakar) තමන්ගේ ජීවිතය ගැටගහගන්න කියපු ඒ සරල පද පේළිය ලෝකය පුරාම Remix වුණා. මිලියන ගණන් පිරිස ඒකට නටලා "Influencers" ලා සල්ලි හම්බ කරද්දී, ඒ සින්දුවේ නියම අයිතිකරු වුණු භුබන් අදටත් මූල්‍ය අපහසුතාවලින් පීඩා විඳිනවා.
"Viral" සංස්කෘතියේ ඇති බලපෑම්:
1️⃣ අනන්‍යතාවය අහිමි වීම: ප්‍රසිද්ධ ගායකයෙක් හෝ Influencer කෙනෙක් දෙවනුවට කරන නිර්මාණය මුල් නිර්මාණය ලෙස සමාජය වැළඳ ගැනීම.
2️⃣ ආර්ථික අසාධාරණය: මුල් නිර්මාණකරුට ලැබිය යුතු කර්තෘ භාග (Royalties) හෝ මූල්‍ය ප්‍රතිලාභ, එම රැල්ලෙන් ප්‍රයෝජන ගන්නා වෙනත් පාර්ශවයන් සතු වීම.
3️⃣ තාවකාලික ප්‍රසිද්ධිය: දවස් කිහිපයකින් Trend එක ඉවර වූ පසු, මුල් නිර්මාණකරුවාට කිසිදු පිළිසරණක් නැතිව අමතක වී යාම.
සැබෑ දක්ෂතාවයට සහ මුල් නිර්මාණයට ගරු කරන සමාජයක් විදිහට, අපි යමක් "Share" කරන්න කලින් එහි සැබෑ හිමිකරු කවුදැයි සොයා බැලීමට පුරුදු වෙමු. තවකෙකුගේ දක්ෂතාවයෙන් තවත් කෙනෙක් බැබළෙන අතරේ, සැබෑ හිමිකරු අඳුරේ සැඟවී යාමට ඉඩ නොදෙමු. 🕊️
The Hidden Cost of "Going Viral": When Original Artists Get Left Behind 🎤📉
We’ve all hummed along to "Manike Mage Hithe" and seen the endless reels for "Kacha Badam." But have we ever stopped to think about the people who actually created them?
The digital age has a bittersweet reality: Viral fame doesn't always reward the creator.
Take a look at these two examples:
🔹 Manike Mage Hithe: While it became a global sensation through Yohani’s cover, the original voice belonged to Satheeshan Rathnayaka. Today, many international fans don't even know his name. The "cover" version completely overshadowed the original identity of the song.
🔹 Kacha Badam: Bhuban Badyakar ভুবন বাদ্যকর, a simple peanut seller, gave the world a catchy tune. While influencers and music labels made millions of views (and dollars) off his voice, reports show that Bhuban has struggled to even claim his rightful royalties, returning to a life of hardship once the trend died down.
This is the "Dark Side" of Viral Culture:
1️⃣ Identity Erasure: The "face" of the trend (the influencer or the cover artist) becomes the owner in the public eye, while the original creator becomes a footnote.
2️⃣ Economic Injustice: High-end studios and famous artists often reap the financial rewards, leaving the grassroots creators with nothing but a few days of internet fame.
3️⃣ The "Disposable" Trend: Viral culture moves so fast that by the time an original artist realizes they are famous, the world has already moved on to the next big thing.
As music lovers, we have a responsibility. Before we share a viral hit, let’s take a second to find out who actually wrote it. Let’s support the Original Creators as much as we support the Viral Stars.
Don't let the true talent disappear into the shadows. 🕊️