Viruliya Sevana

Viruliya Sevana A community for empowering retired military women and their families of the Three Armed Forces of Sri Lanka

01/08/2026

2026.08.01
෴……විරුලිය ත්‍රිවිධ හමුදා කාන්තා එකමුතුවේ නිර්මාතෘවරිය, ගරු සභාපතිනිය මේජර් රමණී බංඩාර මැතිණිය අප සැම හදවත් කම්පා කරමින් වියෝවී අදට එනම් 2026.08.01 වන දිනට වසරක් සපිරෙන මොහොතේ,
එතුමියගේ සිතේ පැවති සුන්දර බලාපොරොත්තුව වූ විරුලිය සෙවන තේමා ගීතය එළි දක්වන්නට එතුමිය නොමැති වුවත් ඇය සිතූ ලෙසින්ම ඉටු කිරීමට අපට හැකි විය.
දුෂ්කරම කාර්ය වූ මූල්‍ය දායකත්වය මුලුමනින්ම දැරීමට සිය කැමැත්තෙන්ම විරුලිය කාන්තා එකමුතුවේ අනුශාසකතුමිය ලෙසින් සිය යුතුකම, වගකීම ඉටු කිරීමට කවදත් නිර්ලෝභීව කටයුතු කල මහා වෘක්ෂයක් සේ සෑම විටම සවියක් වූ රම්‍යා ඇපරල්ස්හි අධිපතිනිය ගරු රම්‍යා වීරකෝන් මැතිනියනි ඔබට හෘදයාංගම ස්තූතිය🙏🙏
එමෙන්ම අරුත්බර පද රචනය කළ විරුලිය සාමාජිකා ජානා ගයාත්‍රි රුහුණගේ සහ සංගීතයෙන් රසවත් කල මේජර් විජේසුන්දර වේරගොඩ මහතාත් ගායනයෙන් සවන් පිනවූ විරුලිය දරුකැල දියණිවරුනුත් සංගීත භාණ්ඩ සපයා දෙමින් නොයෙක් උපකාර කල මෙජර් නිරෝෂණී සහ නාවුක හමුදා විරුලිය සාමාජිකා ජීවනී වීරමන් සොයුරියත් සේම මෙම විරුලිය තේමා ගීතයේ සිහිනය බොදවී යන්නට නොදී මේජර් රමණි බංඩාර වෙනුවෙන් සිය යුතුකම ඉටුකරමින් කෙසේ හෝ එලිදැක්වීමට අවැසි සෑම සියලු කටයුත්තක් පිටුපසම රැදෙමින් විශාල කැප කිරීමක් කරමින් මෙසේ අද දින මෙම තේමා ගීතයේ එලි දැක්වීමට කටයුතු කල ගුවන් හමුදා විරුලිය සාමාජිකා අමිතා රෝහිණී මහත්මියත් ඇගයිය යුතුමය🙏🙏😇

මේජර් රමණී බංඩාර මැතිණියනි, ඔබ තුමිය ඉක්මන් භවයකදීම නිවන් දකිනතුරු කොහේ සිට හෝ මෙය දැක සිත් සතුටුව අපට ආශීර්වාද කරනු නොඅනුමානයි. මෙම තේමා ගීතයේ එලිදැක්වීම යුතුකම් දන්නා සියල්ලන් විසින් ඔබතුමිය වෙත පිදෙන උපහාරයක්ම වේවා…………෴

One year ago today, we lost Major Ramani Lalithangani Bandara (Retd) — lady officer, journalist, author, businesswoman, ...
01/08/2026

One year ago today, we lost Major Ramani Lalithangani Bandara (Retd) — lady officer, journalist, author, businesswoman, and humanitarian.

She was one of the six founding officers of the Sri Lanka Army Women's Corps, commissioned in December 1980 after training at WRAC College Camberley. She went on to become Second-in-Command of the First Women's Regiment before retiring in 1995, the first officer to leave the Corps. But her service didn't end there. She was a business leader, spent many years as a journalist, and authored multiple books, founded the Sri Lanka Ex-Army Women's Association, and later founded Viruliya Sevana to support retired servicewomen of all three armed forces and their children. In her final years, her devotion turned toward the Dhamma.

Her family has put together a 36-page commemorative issue honouring her life and legacy "One Year On."

We'd be honoured if you took the time to read it. Link below. 🕊️

This issue marks the first death anniversary of Major Ramani Lalithangani Bandara (Retd), a founding officer of the Sri Lanka Army Women's Corps, journalist, author, businesswoman and humanitarian. Compiled by her family with love, in tribute to a life of duty and devotion. . PDF to flipbook convert...

Major Ramani Bandara commemorated todayA family-produced commemorative issue marking the first death anniversary of Majo...
31/07/2026

Major Ramani Bandara commemorated today

A family-produced commemorative issue marking the first death anniversary of Major Ramani Lalithangani Bandara (Retd), a founding officer of the Sri Lanka Army Women's Corps, journalist, author, businesswoman and humanitarian, was released today (1).

Read the full coverage in Daily News: https://dailynews.lk/2026/08/01/local/1031247/major-ramani-bandara-commemorated-today/

— Shared by the family of Major Ramani Bandara

2026.03.09විරුලිය ත්‍රිවිධ හමුදා කාන්තා එකමුතුවේ නිර්මාතෘවරිය මෙන්ම හිටපු ගරු සභාපතිනිය මේජර් රමණී බංඩාර නම් උතුම් කාන්ත...
10/03/2026

2026.03.09

විරුලිය ත්‍රිවිධ හමුදා කාන්තා එකමුතුවේ නිර්මාතෘවරිය මෙන්ම හිටපු ගරු සභාපතිනිය මේජර් රමණී බංඩාර නම් උතුම් කාන්තාව අප අතරින් සදහටම වියෝවුවත් ඇයගේ කාලය,ශ්‍රමය,ධනය කැප කරමින් සත්පුරුෂයින් හදුන්වාදෙමින් සදහම් මග යාමට ඇය පමණක් නොව අපවද දිරි ගන්වමින් නොයෙකුත් බාධක හමුවේ නොසැලී දැඩි අධිෂ්ඨාන ශක්තියකින් කටයුතු කිරීම වෙනුවෙන් කෘතගුණ සලකමින් 2026 මාර්තු 08 ලෝක කාන්තා දින ඇය වෙනුවෙන් පිංපෙත් පමුනණුවස් සාංගිකමය දානයක් විරුලිය ත්‍රිවිධ හමුදා කාන්තා එකමුතුවේ සාමාජිකාවන් කිහිප දෙනෙකුත් ඇය අපට හදුන්වා දුන් වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම සත්පුරුෂයින් වූ කිහිප දෙනෙකුගේත් එකමුතුවෙන් ඇය අපට කියා දුන් ආධ්‍යාත්මික මග යමින් කොස්වත්ත හීනටිකුඹුර විහාරස්ථානයේ වැඩ වාසය කරන සංඝයා වහන්සේලා වෙනුවෙන් දහවල් දානය පිළිගන්වමින් පිං අනුමෝදනා කරන්නට යෙදුණි.ඔබෙන් ලද ගුරුහරුකම් මෙන්ම මවක මෙන්වූ ඔබතුමියගේ වියෝවෙන් අපට අහිමි වූ සෙනෙහෙවන්තකම,දයාව,කරුණාව දරාගත නොහැකි වුවත් ඔබතුමිගේ භව ගමන කෙටි වී ප්‍රාර්ථනා කල ලෙසම උතුම් වූ නිවනින්ම සැනසේවායි අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නෙමු.🙏🙏🙏🙏🙏

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Viruliya Sevana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share