MCPA

MCPA වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය

21 වන සියවසට ගැලපෙන ලෙස වෛද්‍ය වෘත්තීය දැනුම කුසලතා සහ ආකල්ප වලින් සන්නද්ධ වීමත් නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා වන පරිදි වෛද්‍ය වෘත්තීය ජාත්‍යන්තරකරණය වෙමින් ප්‍රමිතිගතවීමේ අවශ්‍යතාවත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස අප අවධාරණය කරන අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේදී වෛද්‍ය වෘත්තිය හා රෝගී ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සබැඳියාව ඉහළ මට්ටමක පවත්වාගෙන යමින් වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් මෙන

්ම රෝගීන්ගේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා වීමට එක හා සමාන ලෙස අවස්ථාවක් හිමි විය යුතු බව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස අපගේ මතයයි.

අපි වෘත්තීය සමිති සන්ධානය ප්‍රධාන අරමුණු හතරක් කේන්ද්‍ර කොට ගොඩනැගී ඇත.

1. වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, වෛද්‍යවරුන් සතු වන මූලික මිනිස් අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීම.

2. නිදහස් සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වන රටක් ලෙස රෝගීන්ගේ අයිතිවාසිකම් බිඳවැටෙන අවස්ථාවලදී පොදු මහජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිම.

3. නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා වන පරිදි සෞඛ්‍ය සේවාව වඩාත් දියුණු තත්ත්වයට පත් කිරීම සඳහා පොදු අරමුණක් වෙනුවෙන් සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සන්ධාන සමඟ ඒකාබද්ධව කටයුතු කොට රටේ ජාතික සංවර්ධනය වෙනුවෙන් සෞඛ්‍ය සේවාව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉහළ තලයකට රැගෙන ඒම සඳහා කටයුතු කිරීම

4. රටේ පොදු මහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික සංවර්ධන කාර්යයන් සඳහා සෞඛ්‍ය විෂය පථය යටතේ හා සෞඛ්‍ය බලගැන්වීම සඳහා සහාය වන අනෙකුත් බහු කාර්ය බහු ආංශික විෂය පථයන් නියෝජනය කරන වෘත්තීය හා සිවිල් සංවිධාන සමඟ ඒකාබද්ධව ජාතික අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වීම.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when MCPA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to MCPA:

Share

Category