CBEU People's Bank Branch UNION මහජන බැංකුව ශාඛාව மக்கள் வங்கிக் கிளை

  • Home
  • Sri Lanka
  • Colombo
  • CBEU People's Bank Branch UNION මහජන බැංකුව ශාඛාව மக்கள் வங்கிக் கிளை

CBEU People's Bank Branch UNION මහජන බැංකුව ශාඛාව மக்கள் வங்கிக் கிளை Ceylon Bank Employees Union |ලංකා බැංකු සේවක සංගමය |
මහජන බැංකුව ශාඛාව | மக்கள் வங்கிக் கிளை

සමූපකාරය ඡන්ද ප්‍රතිඵලය -2026.08.01ලංකා බැංකු සේවක සංගමයේ  කණ්ඩායම ඡන්ද 170ප්‍රගති සංගමය + JSS + ශ්‍රී ලංකා ඒකාබද්ධ කණ්ඩ...
01/08/2026

සමූපකාරය ඡන්ද ප්‍රතිඵලය -2026.08.01

ලංකා බැංකු සේවක සංගමයේ කණ්ඩායම ඡන්ද 170

ප්‍රගති සංගමය + JSS + ශ්‍රී ලංකා ඒකාබද්ධ කණ්ඩායම ඡන්ද 47

ඒ අනුව වැඩි ඡන්ද 123කින් ලංකා බැංකු සේවක සංගමය ඉදිරිපත් කල කණ්ඩායම මෙවරත් විජයග්‍රහණය කරන ලදී.

ලංකා බැංකු සේවක සංගමය
2026.08.01

28/07/2026
ලංකා බැංකු සේවක සංගමයේ හිටපු මධ්‍යම කාරක සභිකයෙකු මෙන්ම කැපවූ නායක සහෝදරයෙකු වූ සමන් රත්නායක සහෝදරයාගේ සේවයෙන් විශ්‍රාම ...
17/07/2026

ලංකා බැංකු සේවක සංගමයේ හිටපු මධ්‍යම කාරක සභිකයෙකු මෙන්ම කැපවූ නායක සහෝදරයෙකු වූ සමන් රත්නායක සහෝදරයාගේ සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන්, ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන කාර්යාලීය සහෝදරත්වය විසින් සංවිධානය කරන ලද විශේෂ සමුගැනීමේ උත්සවය ඊයේ (16) දින මහජන බැංකුවේ පැරණි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ පිහිටි ලංකා බැංකු සේවක සංගම් කාර්යාලයේදී ගෞරවාන්විත අයුරින් පැවැත්විණි.

මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) ලෙස සිය වෘත්තීය ජීවිතය සාර්ථකව නිමා කරමින්, එළඹෙන ජූලි 19 වන දින සේවයෙන් විශ්‍රාම දිවියට පිවිසීමට නියමිත සමන් රත්නායක සහෝදරයාගේ දශක ගණනාවක කැපවීම, නායකත්වය සහ වෘත්තීයමය දායකත්වය මෙම අවස්ථාවේදී ගෞරවයෙන් ඇගයීමට ලක් කෙරිණි.

ලංකා බැංකු සේවක සංගමයේ ශක්තිමත් ගමන වෙනුවෙන් එදාත් අදත් අසීමිත කැපවීමෙන් සහෝදරාත්මක නායකත්වයක් ලබාදුන් සමන් රත්නායක සහෝදරයාට අපගේ උණුසුම් ගෞරවය හා කෘතඥතාව පුද කරමින්, නිදුක් නිරෝගී, සතුට සපිරි සහ සාර්ථක විශ්‍රාම දිවියක් උදාවීමට ලංකා බැංකු සේවක සංගමයේ සියලු සහෝදර සහෝදරියන්ගේ හෘදයාංගම සුබාශිංසන එක් කරමු.

ලංකා බැංකු සේවක සංගමය
මහජන බැංකුව ශාඛාව
2026.07.17

වෘත්තිය සමිති ක්‍රියාමාර්ග පිළිබදව සාමාජිකත්වය දැනුවත් කිරීම් ඇරඹේ.පාලකයිනි කල් මැරුවා ඇති !🛑  3-111උසස්වීම් ප්‍රමාණවත් ...
14/07/2026

වෘත්තිය සමිති ක්‍රියාමාර්ග පිළිබදව සාමාජිකත්වය දැනුවත් කිරීම් ඇරඹේ.

පාලකයිනි කල් මැරුවා ඇති !

🛑 3-111උසස්වීම් ප්‍රමාණවත් පුරප්පාඩු ප්‍රමාණයකට වහා කැඳවනු !

🛑 2023 කණ්ඩායම වසර 02 කින් ස්ථීර කරනු !

🛑 කාඩ් මධ්‍යස්ථාන අවිධිමත් බඳවා ගැනීම් වහා නවතනු !

මහජන බැංකුව තුළ දීර්ඝ කාලයක් නොවිසඳුණු සේවක ගැටළු වහා විසඳීමට බල කරමින් ලංකා බැංකු සේවක සංගමය සාමාජිකත්වය දැනුවත් කිරීම අද දින පීපල්ස් ටවර් ගොඩනැගිල්ලෙන් ආරම්භ කරන ලදී.

දිනනතුරු නොනවතින අරගලයට ජය වේවා !

ලංකා බැංකු සේවක සංගමය
මහජන බැංකු ශාඛාව
2026.07.14

දෙස් විදෙස් නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද 15 වෙනි නියෝජිත සම්මේලනය අද (10) දින අති සාර්ථකව පැවැත්වින.
10/07/2026

දෙස් විදෙස් නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද 15 වෙනි නියෝජිත සම්මේලනය අද (10) දින අති සාර්ථකව පැවැත්වින.

10/07/2026

15වෙනි ජාතික නියෝජිත සම්මේලනය

Address

No 220, Deans Road , Colombo 10
Colombo
110021

Telephone

+94112439460

Alerts

Be the first to know and let us send you an email when CBEU People's Bank Branch UNION මහජන බැංකුව ශාඛාව மக்கள் வங்கிக் கிளை posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to CBEU People's Bank Branch UNION මහජන බැංකුව ශාඛාව மக்கள் வங்கிக் கிளை:

Shortcuts

Share

Category