සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය All Ceylon General Ports Employees Union

  • Home
  • Sri Lanka
  • Colombo
  • සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය All Ceylon General Ports Employees Union

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය All Ceylon General Ports Employees Union Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය All Ceylon General Ports Employees Union, Community Organization, Colombo.

20/02/2026
වරාය අධිකාරියට අදට හරියටම අවුරුදු 46 යි.හතලිස් හයවෙනි උපන්දිනය සමරන අද දවසේ විශේෂ සිදුවීම් කීපයක් සිදුවුණා.වරාය සේවකයන්ට...
01/08/2025

වරාය අධිකාරියට අදට හරියටම අවුරුදු 46 යි.
හතලිස් හයවෙනි උපන්දිනය සමරන අද දවසේ විශේෂ සිදුවීම් කීපයක් සිදුවුණා.වරාය සේවකයන්ට මෙන්ම වරාය භාවිතා කරන ඕනෑම කෙනෙකුට තමන්ගේ රුධිර සහ මුත්‍ර සාම්පල සඳහා විශේෂඥ පරීක්ෂණ වාර්තා ලබා ගැනීම පිණිස ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රසායනාගාර සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථානයක් වරාය වෛද්‍ය මධ්‍යස්ථානයේදී අද විවෘත වුණා.ඒ අනුව වරාය භාවිතා කරන්නන්ට හා වරයේ සියලුම සේවකයන්ට ඉතා සාධාරණ මිල ගණන් ඔස්සේ තමන්ගේ වෛද්‍ය වාර්තා ලබා ගැනීමට මින් ඉදිරියේ පහසුකම් සැලසෙනවා.
ඒ වගේම සංවත්සර සැමරුම් උත්සවය පැවැත්වුණු අතර ඊට සමගාමීව සර්වාගමික කටයුතුද සිදුවුණා. . අද දවසේ වරාය චෛත්‍යය භූමියේදී වරාය සිවිල් ගුවන් සේවා හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක සහෝදරයාත්. නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ වරාය සභාපති තුමන්ගේ අදහස් දැක්වීම් වලින් පැහැදිලි වුනේ වරාය හෙට දවස වඩාත් සුභදායක කර ගැනීමට හැම කෙනෙක්ගෙම අවධානය මනාව යොමුවී ඇති බවයි.
එහිදී අමාත්‍ය බිමල් රත්නායක සහෝදරයාගේ ප්‍රකාශය ඉතාමත් වැදගත්. "දැන් වරාය බේරා ගැනීමට සටන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සේවකයන් හැටියට සියලු දෙනාම කල්පනා කළ යුත්තේ වරාය දිනෙන් දින දියුණුවට පත් කරන්නේ කොහොමද කියන එකයි"
ඒ වගේම නියෝජ්‍ය අමාත්‍ය තුමන් භූගෝලීය වශයෙන් අපි ලබාගෙන තිබෙන ඒ පිහිටීමේ වැදගත්කම උපයෝගී කරගෙන ඉතා සීඝ්‍ර සංවර්ධනයක් කරා වරාය ගෙන යෑමට සියලු වාද භේද වලින් තොරව දායක වෙන්න යැයි " කරනු ලැබූ ඉල්ලීමත් සියලු දෙනාගේම අවධානයට යොමු විය යුතු කරුණක්
සුවහසක් බාධක අවලාද මැද්දේ මේ යන ගමන ඉතාමත් පහසු එකක් නොවෙයි. ඒ කෙසේ වෙතත් සිහින එකින් එක සැබෑ කරගනිමින් ඉතා කෙටි කාලයක් තුළ සැබෑ ජයග්‍රහණ අත්පත් කර ගනිමින් ඉදිරියට යන්න ලැබීම ඉතාමත් සතුටක්.
මේ සියලු ජයග්‍රහණ අත්පත් කර ගැනීමට අප හා එක්ව කටයුතු කරන සෑම කෙනෙකුටම වරාය සමස්ත ලංකා. වරාය පොදු සේවක සමිතියේ ස්තුතිය හා ගෞරවය පුද කරන්න කැමතියි.

හිටපු පාලකයින් අවුරුදු 11 ක් පුද්ගලික උවමනා එපා කම් වෙනුවෙන් පාවිච්චි කරනලද ජාතියේ හදවතෙහි  වූ නැගෙනහිර ජැටිය (ECT) මාලි...
24/07/2025

හිටපු පාලකයින් අවුරුදු 11 ක් පුද්ගලික උවමනා එපා කම් වෙනුවෙන් පාවිච්චි කරනලද ජාතියේ හදවතෙහි වූ නැගෙනහිර ජැටිය (ECT) මාලිමා ආණ්ඩුව යටතේ දී සැබෑ ලෙසම ජාතිය සතු කිරීම සඳහා සතුරු බලවේග වලට සාර්ථකව මුහුණ දෙමින් දිවා රෑ නොබලා වෙහෙස වන සියලු දෙනාටම, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ සුබපැතුම් !

මං තීරු දෙකක වැඩකටයුතු නිමකර ARMG මෙහෙයුම් කටයුතු වලට පෙර පූර්ව සූදානම් කිරීමට සියල්ල සුදානමින්.
ජයවේවා SLPA. !

15/07/2025
11/06/2025

කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු,විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක සහෝදරයා නැගෙනහිර පර්යන්තය මෙහෙයුම් කටයුතු සඳහා හැකි ඉක්මනින් යොදා ගැනීමේ ඇති අවශ්‍යතාවය පැහැදිලි කර සිටියේ මෙලෙසින්...

විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක,නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු වරායේ කළමනාකාරිත්වයේ කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ 09.06.2025 නැගෙනහි...
10/06/2025

විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක,නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු වරායේ කළමනාකාරිත්වයේ කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ 09.06.2025 නැගෙනහිර බහලූ පර්යන්තයේ ඉදිකිරීම් පිළබඳ විමසා බැලීමේ විශේෂ නිරීක්ෂණය යෙදුනා.
එහිදී නැගෙනහිර බහලූ පර්යන්තය අපේක්ෂාකළ පරිදි හැකි ඉක්මනින් මෙහෙයුම් කටයුතු සඳහා සම්බන්ධ කිරීම පිළබඳවයි අවධානය යොමුකලේ.
මෙම නිරීක්ෂණය සඳහා වරාය සභාපතිතුමන් ,උප සභාපතිතුමන් ,කළමණාකාර අධ්‍යක්ෂකවරයා ,සමස්ත ලංකා වරාය පොදු සේවක සමි⁣තියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ ,සභාපති ප්‍රසංග මැදවත්ත යන මහත්වරුන් එක්ව සිටියා...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය All Ceylon General Ports Employees Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share