Kelanivalley Neluma

Kelanivalley Neluma කැළණි වැලි නෙළුම පිපිදෙන්නේ වැඩ කරන රටක කැළණි ගං මිටියාවතේ මහා ශක්තියක් ලෙසයි...

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Kelanivalley Neluma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

2020 ඇරඹෙන කැළණි ගං මිටියාවතේ අලුත් පරිච්ඡේදය: කැළණිවැලි නෙළුම

හෝර්ටන් තැන්නේ පුංචි පුංචි දිය සීරා එකතු වී මහා ගංගාවක් නිර්මාණය විය. ඒ කැළණි මිටියාවතින් ගලා යන කැළණි ගංගාවයි. කොළඹ දිස්ත්‍රික්කයේත් ගම්පහ දිස්ත්‍රික්කයේත් මායිම් සලකුණු කරමින් කැළණි ගං මෝදර කොළඹ මහා ආර්ථික කේන්ද්‍රස්ථානයේ මුහුණට මුහුණ බලා සිටියි...

ලන්දේසීන් විසින් හැමිල්ටන් ඇල හරහා වෙළද භාන්ඩ ප්‍රවාහනයේ එක් ගමනාන්තයක් කැළණි ගඟ සළකුණු කරයි. ඒ කැළණි ගං මිටියාවතේ ජීවත්වන මිනිසුන්ගේ ශිෂ්ඨාචාරයේ දිය දහරයි.

සීතාවක රාජධානියේ අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල, කැළණිය, කොළඹ කැළණි ගං මිටියාවතේ මායිම් නගරයි. එයින් පසුව කැළණි ගං මෝදරින් කැළණි ගඟ මහ මුහුදට වැටෙන ස්ථානයේ සිට පානදුර දක්වාත්, මොරටුව, රත්මලාන, දෙහිවල, කොළඹ තවත් මායිමක සීමා සළකුණු කරයි. කැළණි ගං මිටියාවතේ මිනිසුන්ගේ වාස භූමි සෑදෙන්නේ එසේය.

එමෙන්ම එක් පසෙකින් මහ මුහුදත්, අනෙක් පසෙන් කැළණි ගඟත් එයට මායින්ව පිහිටි නගර හැරුණු කොට කොළඹ දිස්ත්‍රික්කයේ හරි මැද පිහිටන්නේ නුගේගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම, පාදුක්ක වැනි නගරයි. මේ සියල්ල ගත් කල ශ්‍රී ලංකාවේ සුවිශේෂී ම මිටියාවත කැළණි ගං මිටියාවතයි.