Buddhist Society- Board of Investment of Sri Lanka

Buddhist Society- Board of Investment of Sri Lanka Buddhist Society - Board of Investment of Sri Lanka

පිංබර වෙසඟක් වේවා.!
30/05/2026

පිංබර වෙසඟක් වේවා.!

වෙසක් මහා දානමය පිංකම - 2026.05.28ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, බෞද්ධ සංගමයශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, බෞද්ධ සංගමය විසින් 2026 ම...
29/05/2026

වෙසක් මහා දානමය පිංකම - 2026.05.28
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, බෞද්ධ සංගමය

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, බෞද්ධ සංගමය විසින් 2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා දින 08 වන මහලේ ශ්‍රවනාගාරයේදී භික්ෂුන් වහන්සේලා 10 නමක් උදෙසා සපිරිකර සංඝගත දක්ෂිනාවක් සිදුකරන ලදී. ශ්‍රී ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඇතුළු කලාප කාර්යාලවල සේවක මහත්මීන්ගේ සහභාගීත්වයෙන් හා දායකත්වයෙන් ඉතා උසස් අන්දමින් සිදු කෙරුනු මෙම දහවල් දානමය පුණ්‍යකර්මය අවස්ථාවේදී ගන්නා ලද ඡායාරූප පහත දැක්වේ.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !
14/04/2026

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

2026 - ලේ දන් දීමේ වැඩසටහනශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමය විසින් 12 වන වරටත් සංවිධානය කරනු ලැබු ලේ දන් දීමේ කඳවුර 2...
16/03/2026

2026 - ලේ දන් දීමේ වැඩසටහන

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමය විසින් 12 වන වරටත් සංවිධානය කරනු ලැබු ලේ දන් දීමේ කඳවුර 2026 මාර්තු 12 වන දින, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුණේ 8 වන මහලේ පිහිටි ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීම සදහා ලේ දන්දීමට සහභාගී වූ පිංවත් සැමටත්, මෙම අවස්ථාවට සහභාගී වූ මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යතුමියන් ඇතුළු සෞඛ්‍ය සේවක මණ්ඩලයටත්, මධ්‍යම ලේ බැංකුවේ, නාරාහේන්පිට ශාඛාවේ සෞඛ්‍ය සේවක මණ්ඩලයටත්, බෞද්ධ සංගමයේ සියලුම සාමාජික මහත්ම මහත්මීන්ටත්, සංවිධාන කටයුතු සදහා සහභාගී වෙමින් නන්අයුරින් සහය වූ සේවක මහත්ම මහත්මීන් සැම දෙනාටත් පුන්‍යානුමෝදනාත්මක ස්තුතිය මෙයින් පුදකර සිටිමු.

Blood Donation Programme - 12 March 2026Dear Friends,You are warmly invited to join our Blood Donation Campaign organize...
09/03/2026

Blood Donation Programme - 12 March 2026

Dear Friends,

You are warmly invited to join our Blood Donation Campaign organized by the Buddhist Society on 12 March 2026.

Your small act of kindness can help save precious lives. ❤️

We kindly invite you to participate and support this noble cause.

Thank you 🙏

අපේක්ෂා රෝහල සඳහා සිදු කරන  ලද පරිත්‍යාගය අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ  වාට්ටු අංක 12 පිළිකා ඒකකයේ රෝගී සත්කාර සේවා...
30/01/2026

අපේක්ෂා රෝහල සඳහා සිදු කරන ලද පරිත්‍යාගය

අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ වාට්ටු අංක 12 පිළිකා ඒකකයේ රෝගී සත්කාර සේවාව සඳහා අවශ්‍යව ඇති පහත සඳහන් වෛද්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ බෞද්ධ සංගමය විසින් සේවක මහත්ම මහත්මීන්ගේද සහභාගීත්වයෙන් 2025.12.22 වන දින අවිස්සාවේල්ල දිස්ක්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්යය මණ්ඩලය වෙත පරිත්‍යාග කරන ලද බව කාරුණිකව දන්වා සිටිමු.

01. බෙහෙත් ද්‍රව්‍ය ගෙනයාම සඳහා ට්‍රොලි-(Medicine Trolley) - 01

02. රුධිර පීඩනය මැනීමේ උපකරණ - (BP Apparatus) - 05

03. මල්ටි මොනිටර්ස්(Multi Monitor) -( Mindray Model) - 01

04. උෂ්ණත්වය මැනීමේ උපකරණ(Thermometer) - 20

05. සේලයින් ස්ටෑන්ඩ් (Saline Stand) - 05

06. Bladder Syringes - 100

07. දම්රෝ පුටු - 10

08. වැඩිහිටි පැම්පස් - 10

09. බෙඩ් ජැකට් - 10

10. සරොම් - 10

11. චීත්ත - 10

12. සමපෝෂ (500 g) පැකට් - 100

13. හයිලන්ඩ් කිරිපිටි (400 g) පැකට් - 100

14. පරිප්පු (01 kg) පැකට් - 25

15. කඩල (01 kg) පැකට් - 25

16. මයික්‍රොවේව් උඳුනක් - 01

17. ප්ලාස්ටික් පිගන් රාක්කයක් -01

18. Steam Vaporizer - 01

19. ක්‍රියා විරහිතව පැවති මල්ටි මොනිටර්ස් (Multi Monitors) යන්ත්‍ර 02 ක් සඳහා බැටරි සපයා අලුත්වැඩියා කරදීම.

20. අක්‍රියව පැවති ජල පිරිපහදු යන්ත්‍රය අලුත්වැඩියා කරදීම

එමෙන්ම, අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහලේ පිළිකා රෝගී වාට්ටුවේ පැවති ඉහත සඳහන් අඩුපාඩු සම්පූර්ණ කරගැනීම සඳහා ඔබ සැම විසින් ලබාදුන් නොමසුරු දායකත්වය ඉතා අගය කොට සලකන අතර, මෙවැනි පුණ්‍ය කටයුතු ඉදිරියටත් කරගෙන යාම සඳහා ශක්තිය හා ධෛර්යය නිරතුරුව ලැබේවායි ආයෝජන මණ්ඩලය බෞද්ධ සංගමය ප්‍රාර්ථනා කර සිටිමු.

එම අවස්ථාවට අදාළ ඡායාරූප මෙහි පහත දක්වා ඇත

සුබ නව වසරක් වේවා!
01/01/2026

සුබ නව වසරක් වේවා!

Address

Level 09, West Tower, World Trade Centre, Colombo 01
Colombo
10640

Alerts

Be the first to know and let us send you an email when Buddhist Society- Board of Investment of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share