Ceylon Youth Movement

Ceylon Youth Movement A campaign to empower the Sri Lankan youth in Sri Lanka & the world together for their lives & society.

Organized to efficiently & effectively channelize the energies of Sri Lankan youth from all over the world.

සුබ අලුත් අවුරුද්දක් වේවා...
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා...

One day, after being away for a few days on sick leave, I returned to the center. From the moment I arrived, I felt unea...
08/12/2025

One day, after being away for a few days on sick leave, I returned to the center. From the moment I arrived, I felt uneasy—everyone on the advisory board kept complaining about the same boy and his stubborn behavior.
“That boy never listens to anything we say. He’s unbelievably stubborn. Just look at him—dirty from head to toe, never wearing his clothes properly. He keeps saying he’s new here, but that doesn’t excuse his behavior. He won’t listen, and punishing him doesn’t help.”
With all this talk about Sameera, I went to one of the classrooms for my next period. Outside another classroom, I saw a boy of around seventeen kneeling and smiling as if he didn’t care about anything. Even though he was being punished, he kept teasing the children inside the class. Later, when I went to his class after recess, he was still arguing with several of the boys. That was Sameera.
“Oh Miss, look—Sameera never lets us settle down…”
I couldn’t get him to listen to me either. He had no interest in counseling or discipline. So I decided to try another approach and simply let him be.
“I like doing what I want, when I want. I don’t want to listen to anyone. Why should I be like anybody else? I know how to handle anyone who disagrees with me… When you came to class on the first day, Miss, I thought, ‘Let’s see how this new teacher handles us.’ I just wanted to mess with you. But you never reacted to anything I did. It was easy to shout at you. You didn’t get angry no matter what I said—and that bothered me. For two or three days, you let me act the way I wanted.
“One day, you came into class with just a few minutes left. I asked if I could talk to you. You asked me why, after days of avoiding you, I suddenly wanted to talk…”
‘Sameera, I want to talk to you because I want to reach the real boy inside all this anger and stubbornness. If today isn’t the day you want to talk, that’s fine. We can talk whenever you’re ready. Just tell me about the pain behind your anger… Tell me about your disappointments…’
“That day, Miss, you were the first person who ever spoke to my inner self. I heard your words—and I ran out. I didn’t want to talk, but you understood me better than I did myself.”
The next day, I brought a box and told the students to write anything that was on their minds and put it inside. Then I played some music and did a short activity that brought many of them back to their pasts. I told them they didn’t have to share anything aloud. I knew Sameera understood I was talking to him.
In those few minutes, he tried to write his story, but he couldn’t express it the way he wanted—he struggled with writing and didn’t know some letters and words. His note was barely more than scribbles.
I told the class that anyone who wanted to talk privately could meet me afterward. Sameera came to me that evening and decided to tell me his story, knowing I wouldn’t be able to understand what he had written.
“Miss, I get angry when I see boys and girls who look happy. I get jealous of children who have their mothers and fathers. I feel like provoking them and hitting them. I never got any love from my mother—I don’t even know who she is. She abandoned me when I was very young. My father raised me with my stepmother, and I grew up with her. Look at the scars on my body—that’s how much she beat me. My father never loved me. Only my grandmother ever cared for me.
“I can’t even tell you everything I experienced as a child. My father was like an animal. If I truly understood the difference between a father and an animal, I wouldn’t compare the two. He had affairs with other women. When he was drunk, he tortured my stepmother in horrible ways. I saw things no child should ever see. Whenever I saw those things, my head felt like it was going to explode. I would run away to my grandmother’s house and sleep on my grandfather’s old bed. I never slept until dawn—I could still hear my stepmother screaming. That’s how my life went.
“My father never held me or comforted me. He would shout at me, calling me the worthless child of a worthless woman. I was treated like an animal. And whenever my father abused my stepmother, she’d take revenge on me the next morning. Even though my grandmother protected me when she could, I suffered so much. As I grew up, my heart filled up with pain. When I was small, all I did was cry. Later, I stopped. I went to school sometimes, sometimes not. It was a small school. No one cared about me. That’s how I grew up. I never wanted to go home.”
Tears filled Sameera’s eyes as he spoke nonstop. I listened without interrupting, gently encouraging him to continue. At last, he released everything he had been holding inside. He cried for more than twenty minutes. I didn’t stop him.
After half an hour, he calmed down. He agreed to give himself a chance. Over the days that followed, his behavior started to change. He began to dress neatly and keep himself clean. He trimmed his dirty nails, cut his hair, and his face began to brighten. I didn’t draw attention to his efforts, but I noticed them.
Little by little, Sameera became close to the other boys and girls in the group, and eventually, he even started to lead them. The most remarkable thing about him was his dancing—he had a beautiful style, almost Western, and a natural gift for rhythm that flowed through his whole body.
“This course taught me about my own life. Instead of just telling me to find myself and control my emotions, it gave me the space to actually try. From where I was before, I slowly adjusted my clothes, my speech, my behavior. My anger isn’t completely gone, but it’s nothing like it used to be.

දින කීපයක අසනීප නිවාඩු රැගෙන සිටි මා නැවත මධ්‍යස්ථාන බලා පැමිණි දිනක උපදේශක මණ්ඩලගේ මැසිවිල්ලක් දිගින් දිගටම ඇසෙන්⁣නට වීම නිසා දැඩි නොසන්සුන්කමක් හිතට දැනෙන්නට විය. ඒ එක් පිරිමි ළමයෙක් ගැනයි. ඔහුගේ හිතුවක්කාරී හැසිරීමක් ගැනයි.

"ඔය කොල්ලා මොන විදියට කිව්වත් අහන්නේ නෑ. පුදුම හිතුවක්කාරකමක් තියෙන්නේ. බලන්න හැටි. ඇඟපුරාම කුණු. ඇඳුමක් හරියට අඳින්නේ නෑ. ආපූ අලුතනේ කියලා. ඉවසුවා. ඒත් අපි කියන කිසිම දෙයක් අහන්නේ නෑ. කිසි දෙයක් කියන්නත් බෑ. දඩුවම් කරලා වැඩකුත් නෑ. "

සමීර ගැන ලැබුණු අරංචිත් එක්ක ඊලඟ හෝරාවේ මගේ කාල පරිච්ඡේදය වෙනුවෙන් එක් පංතියකට ගිය මට අනෙක් පංතියේ එළියේ දණ ගසාගෙන වයස 17ක පමණ පිරිමි ළමයෙකු සිනා සෙමින් සිටින අයුරු දුටුවෙමි. පංතිය එළියේ සිටියත් ඔහු වරින් වර පංතියයේ ළමුන් වෙත උසුලු විසුලු කරයි. දඬුවම පිළිබඳ කිසිදු තැකීමක් ද නොකරයි. විවේක කාලයෙන් පසුව ඔහු සිටින පංතියට මගේ නියමිත කාලයට යන විටත් ඔහු සිටියේ තවත් රේන්ජ්වරුන් කීපදෙනෙක් සමඟ ගැටුමකය. ඒ සමීරයි.

" අනේ මිස්. බලන්නකෝ මේ සමීර අපිට ඉන්න දෙන්නේ නෑ….."

ඔහු අවනත කර ගැනීමට කිසිම ලෙසකින් එම අවස්ථාවේ මට නොහැකි විය. කිසිම උපදේශනාත්මක මැදිහත්වීමකට ඇහුම්කන්දීමට ඔහුට අවැසි නොවීය. මම එම නිසාම ඔහුට ඉඩදෙන්නට තීරණය කළෙමි.

"හිතුනු හිතුනු වෙලාවට හිතුනු හිතුනු දේවල් කරන්න මං කැමතියි. කිසිකෙනෙක් කියන දෙයක් අහන්න මට ඕනි නෑ. මොකටද මං කාටවත් ඕනි විදියට ඉන්නේ. මට විරුද්දවෙන ඕනි කෙනෙක්ට හොඳට අතින් පයින් සලකන්න මං දන්නවා….මිස් පළවෙනි දවසේ පංතියට ආපූ වෙලාවේ මට හිතුනෙත් "ආහ්" අලුතෙන් එක්කෙක් ඇවිත් බලමුකෝ උගන්නන හැටි කියලයි.මිස්ට විහිලු කරන්නමයි මට හිතුනේ. ඒත් මිස් මගේ කිසිම වැඩකට විරුද්ධ වුණේ නෑ. අනේ සර්ලා මිස්ලා කෑගස්සන එක මට හරි සරළ දෙයක්. ඒත් මම කියපු කිසිම දේකට මිස්ට තරහා ගියේ නෑ. ඒක මට ටිකක් ප්‍රශ්නයක් වූණ.දවස් දෙකතුනක් මම කරපු විකාරවලට ඉඩදීලා මිස් හිටියා. එක දවසක මිස් පංතියට ඇවිත් වෙලාව ඉවර වෙන්න විනාඩි කීපයක් තියලා. සමීර දැන්වත් කතා කරන්න පුළුවන්ද? කියලා ඇහුවා. මං ඇහුවා. මිස් මාත් එක්ක කතා කරන්න අරන් දවස් ගාණක්නේ ඇයි කතා කරන්න අහන්නේ…"

"නෑ සමීර මට ඕනි ඔයා එක්ක කතා කරන්න මට ඕනි මේ තරහා, හිතුවක්කාර, දඩබ්බර කොල්ගේ ඇතුලේ ඉන්න අවංක කොල්ලා එක්ක කතා කරන්න. කතා කරන්න කැමති දවස අද නෙමෙයි නම් කමක් නෑ, පුළුවන් දවසක ඔයා කතා කරන්න. ඔයාගේ තරහා ඇතුලේ තියෙන වේදනාව මට කියන්න… කලකිරීම මට කියන්න…."

ඒ මිස්, මගේ ඇතුලාන්තයට කතා කරපු පළවෙනි දවස. මම ඒවා අහගෙන එක පාරටම එළියට දුවගෙන ගියා. මම කතා කළේ නෑ. මට කතා කරන්න ඕනි වුණේ නෑ. ඒත් මට වඩා මිස් මාව තේරුම් ගෙන තිබුණා. පහුවෙනිදා දවසේ ප්‍රශ්න පෙට්ටියක් ගෙනල්ලා. හිතේ තියෙන ඕනිම දෙයක් ලියන්න. ලියලා මේකට දාන්න කියලා කිව්වා.ඊට පස්සේ සිංදු වගයක් ප්ලේ කරලා මොකද්ද මන්දා එකක් කරා මාව මගේ අතීතයට අරන් ගියා ඒකෙන්. පස්සේ කිව්වා හැමෝටම ලියන්න කියලා. කියන්න ඕනි නෑ කිව්වා. මං දන්නවා ඒ කිව්වේ මට කියලා. මං ඒ විනාඩි කීපයේ මගේ කතාව මිස්ට ලියන්න ඕනි කියලා ලියන්න ගත්තා. ඒත් මට ඒක හිතේ තියෙන විදියට ලියන්න බැරි වුණා. මොකද මට ලියන්න බෑ. සමහර අකුරු වචන ලියන හැටි දන්නේ නෑ. මම බලිකුරුටිටක් වගේ එකක් ලියලා දැම්මා. මිස් කිව්වා සැරින් සැරේ ඒ ලියපු අයට වෙනමම මිස් එක්ක කතා කරන්න ඕනි නම් ඒකටත් අවස්ථාව තියෙනවා කිව්වා. පස්සේ මම තීරණේ කලා මං ගැන මිස්ට කියන්න. එදා හවස්වරුවේ මං මිස්ට මං ගැන කිව්වේ ලියපු දේ ගැන මිස්ට තේරුම් ගන්න බැරි බව දන්න නිසයි. මට කොහෙන් පටන් ගන්නද කියලා තේරුනේ නෑ.

"මිස් මට මේ ලස්සනට ඉන්න කොල්ලෝ කෙල්ලෝ දකිද්දී තරහා යනවා. අම්මලා තාත්තාලා එක්ක ඉන්න ළමයි එක්ක ඉරිසියා හිතෙනවා. මොනව හරි කියලා අවුස්සලා එයාලට ගහන්න හිතෙනවා. මට කවදාවත් අම්මාගේ ආදරයක් ලැබුණේ නෑ. අම්මා කවුද කියලවත් දන්නේ නෑ. මං අතදරුවා කාලේ අම්මා මාව දලා ගිහින්. තාත්තා කුඩම්මෙක් ගෙනත්. එයා එක්කයි මම හැදුනේ. මේ බලන්න මඟේ ඇඟේ තියෙන කැලැල්, එයා මට කොච්චර ගහලා තියෙනවද? තාත්තා කවදාවත් මට ආදරේ කළේ නෑ. තාත්තාගේ අම්මා මගේ අත්තාම්මා විතරයි මට අනුකම්පා කළේ. මගෙන් වැඩ ගන්නවා. මගේ පුංචිම කාලේ මට මුහුණ දෙන්න වුණ අත්දැකීම් ගැන මට මිස්ට කියන්නත් බැරි තරම්. අපේ තාත්තා හරියට සතෙක් වගේ. සතෙක්ගෙයි තාත්තගෙයි වෙනසක් මම දැක්කා නම් සත්තු ඇඳුම් අදින්නේ නෑ. තාත්තා අඳිනවා. එයා වෙන වෙන ගැණු අය එක්ක සම්බන්ධතා තිබුණා. කුඩම්මාට පුදුම විදියට වද දෙනවා. බීල ඇවිත් කුඩම්මට දෙන වද මම පුංචි කාලේ ඉදලම දැකලා තියෙනවාත පුංචි ළමයෙක් දකින්න ඕනි දේවල් නෙමෙයි ඒවා. ඒවා දැක්කාම මගේ ඔලුවත් එක්ක විකාර වෙනවා. මම ගෙදරින් පැනලා අත්තම්මලයි ගෙදර ගිහින් සීයගේ පරණ ඇඳයට නිදා ගන්නවා.. මට එළිවෙනකම් නින්ද යන්නේ නෑ. කුඩම්මගේ කෑගැහිල්ලා ඇහෙනවා. මගේ ජීවිතේ ගෙවුණේ එහෙමයි. තාත්තා කවදාවත් මාව ලඟට අරන් හුරතල් කරලා නෑ. නරක ගැණිගේ නරක දරුවෙක් කියලා මගේ මූණටම බනිනවා. එයාලා මට සලකුවේ සතෙකුට වගේ. තාත්තා කුඩම්මට වද දුන්නට පසසේ පහුවෙනිදා උදේයි දවල් වරුව පුරාමයි කුඩම්මා කරන්නේ මගෙන් ඒ පලිය ගන්න එකයි. අත්තම්මා ගොඩක් වෙලාවට බේර ගත්තත් මට ගොඩක් වෙලාවට ඒ දුක විදින්න වුණා. මම දවසින් දවස ලොකු වෙද්දී මගේ හිත වේදනාවේන් පිරෙන්න ගත්තා. පොඩි කාලේ මම කළේ අඩපු එක. පස්සේ පස්සේ මම ඒක නැවැත්තුවා. මට ඉස්කොලේ යන්න වුණේ නෑ හරියට ගියත් කඩින් කඩ. අපේ පැත්තේ පොඩි ඉස්කොලයක් ඒක. මං ගැන කවුරුත් හෙව්වේ බැලුවේ නෑ. මං එහෙමම තමයි ලොකු වුණේ. මම ආස නෑ ගෙදර යන්න.”

නොනවත්වා කතා කළ සමීරගේ දෙනෙත් වල කඳුලු පිරෙනවා මම දුටුවෙමි. ඔහුට තව තවත් සවන්දුන් මම ඔහුගේ කතාව දිගටම කර ගෙන යෑමට සහකම්පනික ප්‍රතිචාර දැක්වුවෙමි. අවසානයේ හිත ඇතුළේ තද කරන් සිටි වේදනාව ඔහු කදුලුවලට හරවා ගලා යන්නට ඉඩදුන්නේය. විනාඩි 20කටත් වැඩියෙන් ඔහු ඇඩුවේය. මම කිසිලෙසකවත් එය නතර නොකළෙමි. පුරා අඩහෝරාවකට පසු ඔහු යථා තත්ත්වයට පත් වුණේ ය.ඉන්පසු ඔහු ඔහුට අවස්ථාව දීමට මට ඉඩ ලබා දන්නේය. ඔහු සමඟ එකඟතාවයකට පැමිණීමට මට අවස්ථාව ලැබුණි. දිනෙන් දින ඔහුගේ හැසිරීම වෙනස්වෙන්නට විය. ඇඳුම් පිළිවෙල වෙන්නට විය. පිරිසිදු වෙන්නට විය. කුණු පිරුණු දෑත් නියපොතු කපා පිරිසිදු කරගන්න්ටත්, හිසකෙස් කපා ගන්නටත් විය. මුහුණ එළිය වැටුණේය. නැවත ඔහුගේ වේදනාවෙන් එළියට එන්නට ඔහු දරණ උත්සායට මා වැඩි දෙවයක් නොකළෙමි. දවසින් දවස කන්ඩායමේ අනෙක් රේන්ජර්වරුන් සහ වරියන් සමඟ සමීප වූ සමීර ටිකෙන් ටික කණ්ඩායමට නායකත්වය දෙන්නට විය. මා ඔහු තුළින් දුටු අපූරුම හැකියාව නර්ථනයයි. එය ඉතාම අලංකාර බටහිර පන්නයේ නර්ථන විලාසයකි. ප්‍රගුණ කළ හැකි නිසඟ හැකියවක් ඔහු සතුවිය. ශරීරය පූරාම ඒ රිද්මයන් ඔහු උරුම කරගෙන සිටියේ ය.

“මගේ ජීවිතේ ගැන කියලා දුන්නේ මේ පාඨමාලාව. මගේ හැඟීම් පාලනේ කරගන්න මට මාව හොයා ගන්න කියෙලා දුන්නාට වඩා මාව ඒ දෙවල්වලට පොළඹාවා ගන්න මිස් කරපු ගොඩක් දේශන ඇතුළේ හැකියාව තිබුණා. මං හිටපු තැන ඉදලා මගේ ඇඳුම කතාව, හැසිරීම ඔක්කොම ටිකෙන් ටික මම හදා ගත්තා. සම්පූර්නෙන්ම නැති වුණත් දැන් මට ඉස්සර වගේ තරහා යන්නේ නෑ.

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඉතිහාසයේශ්‍රි ලාංකිකයෙක් දිනූ පළමු රන් පදක්කමළහිරු අචින්තගෙන්. ඒ පිරිමි මී.1500 ඉසව්වෙන්. ❤️...
24/10/2025

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඉතිහාසයේ
ශ්‍රි ලාංකිකයෙක් දිනූ පළමු රන් පදක්කම
ළහිරු අචින්තගෙන්.
ඒ පිරිමි මී.1500 ඉසව්වෙන්. ❤️

උනුසුම් සුබ පැතුම...🥰❤️

Get ready to witness the next chapter of Sri Lanka’s breaking culture! 🇱🇰🔥The Break Brothers Crew Qualifier is here — op...
14/10/2025

Get ready to witness the next chapter of Sri Lanka’s breaking culture! 🇱🇰🔥
The Break Brothers Crew Qualifier is here — open for everyone who dares to step on the floor and show what they’ve got! 🕺💥

This isn’t just a battle — it’s a movement. A gathering of rhythm, power, and pure dedication. Three legendary instructors — B Boy Why B, B Boy Skorpion, and B Boy Angy — will be there to guide, inspire, and push every dancer to their limit. 💪

Whether you’re a beginner or a seasoned breaker, this is your chance to test your skills, learn from the best, and be part of the tribe that’s shaping the next generation of b-boys and b-girls in Sri Lanka. 🌍

🔥 Event: Break Brothers Crew Qualifier
📅 Date: 26th October
🕝 Time: 2:30 PM
📍 Venue: Pizza House Rider Café, Godagama

Don’t miss it. Don’t hold back. Bring your passion, your style, and your story to the floor. This is where true breakers rise! 🙌

12/09/2025

A Heartfelt Thank You & Farewell to Our Amazing Italian Volunteer 🇮🇹💙

After three wonderful weeks of volunteering with MkCYM, we say goodbye to a truly inspiring individual who gave his time, energy, and heart to our community.

From day one, your dedication, positivity, and friendly spirit made a lasting impression on everyone here. Whether working with our youth or supporting our daily activities, you’ve been an incredible part of our team.

Though it's hard to see you go, we are grateful for the memories, the shared laughter, and the meaningful moments we’ve had together. You’ll always have a place in the MkCYM family!

Wishing you all the very best in your journey ahead. Until we meet again — safe travels and stay connected! 💫✈️

Thank you for everything! ❤️

ඔහු නමින් ජකෝපෝ බල්දෝ. ඉතාලි ජාතික තරුණයෙක්. ඉතාලියේ ටොරිනෝ ඔහුගේ නගරය. ඉතාලියේ කඳුකර ප්‍රදේශක ඉපදිලා හැදිවැඩුණු ඔහුට ති...
01/09/2025

ඔහු නමින් ජකෝපෝ බල්දෝ. ඉතාලි ජාතික තරුණයෙක්. ඉතාලියේ ටොරිනෝ ඔහුගේ නගරය. ඉතාලියේ කඳුකර ප්‍රදේශක ඉපදිලා හැදිවැඩුණු ඔහුට තිබුණේ ස්වාභාවික පරිසරික ජීවන ගති පැවතුම්. වනාන්තර විද්‍යාව ගැන උපාධිය හදාරිමින් ඉන්න අතර තුර ඔහුගේ හතරවැනි ස්වේච්ඡාසේවයේ වැඩසටහන විදියට ඔහු අගෝස්තු 8 වැනිද අපේ ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානය MkCYM වෙත පැමිණියා. ඒ එද්දීත් අපි හිටියේ පොතුපිටිය මහාවිද්‍යාලයේ දෙදින reflection වැඩසටහන සමඟයි. පැමිණි මොහොතේ සිටම අපි එක්ක දොඩමලු වුණ ඔහු අපිට ජකෝ වුණා. ජැක් කියලත් ඇතැම්විට අපි ඔහුව ආමන්ත්‍රණය කළා. කණ්ඩායමක් සමඟ මුහුවෙනමින් අපි ගත කළ හැම වැඩ දවසකම හැම වැඩකට සහයෝගය දෙන්න ඔහු අමතක කළේ නෑ.

අයිස්කඳු තරණය කරන්නත්, ස්කී සෙල්ලම් කරන්නත් ඔහු උපන් හපනෙක්. රටවල් අතර ගමන් කරන්නත් විවිධ සංස්කෘතීන් හදුනාගන්නත් එලෙසම හැකියවක් ඇත්තෙක්.සංචාරයට ඔහු නිසඟ ඇලෙන්නේක්. ගැඹුරු චින්තන හැකියාවක් ඇත්තෙක්. අපේ කණ්ඩායමට ඉතාලියේ සැගවුණ බොහෝ තැන් කතා කරන්නත් ඔහු අමතක කළේ නෑ. ඔහු ලඟ තිබුණු ලස්සනම දේ අව්‍යාජ සිනහව. මිනිසුන්ට ගරු කරන්නත් විවිධත්වය තේරුම්ගනනත් ඔහු දැනගෙන හිටියා. ටොරිනෝවල ඔහුගේ නගරයේ නිවසේ ස්වයංව ජීවිත් වන ඔහුට තම ජීවිත ගැන අනන්‍යය දර්ශනයක් තිබුණා. කැලෑවට, සතුන්ට ඔබ ආදරය කළ අයුරු අපි දැක්කා. ඔබට වනාන්තර ගැන බොහෝ දේ මේ නිවර්තන භූමියෙන් සොයා ගත හැකියි.

අපි⁣ට දැනුනා ඔහු තුළ නිදහස් චින්තනයක් තියෙනවා. අපි ඔහුට අපේ අවකාශය විවෘත කළා. මුල් දවස් කිහිපයේ කතා බස් ගණනාවකට පසු අපිට දැනුනා ඔහු තදින් අපිව තේරුම් ගන්න බව. දවසින් දවස රැයවල් ගත කළ කාලයට වටිනාකමක් දෙන්න ඔහු උත්සාහ කලා. ජීවිතේ ස්වාභාවිකබව සරළ බවට ඇලුම් කළ මේ තරුණයා, තරුණ ව්‍යාපාරයේ පළවෙනි කැම්පින් අත්දැකීම අපිට ගන්න හේතුවක් වුණා.

අපේ ව්‍යාපෘති කිහිපයකටම ඔහුගේ දායකත්වය දෙන්න ඔහුට පුළුවන් වුණා. මැක්සිම්හි cool pool වෙත යන අතුරු මාරුගයක් කැපීම ඔහු විසින්ම යෝජනා කල දෙයක. ඔහු එය තනිව ආරම්භ කළා. තනිව වැඩ කලා. හිරිකැටිය අපේ සංචාරක අවන්හලේ වෙනස්කම් සඳහා නව යෝජනා සහ නිර්මාණශීලී අදහස් ලබා දෙනනත් ඔහුට පුළුවන් වුණා.

අපේ පුහුණු වැඩසටහන්වලට සහභාගී වෙමින් සිසුන් සමඟ ඔහු බෙදාගත් අදහස් අපේ නව යෞවන යෞවනියන්ට අලුත්ම අත්දැකීමක් වුණා. පොතුපිටිය පාසල වෙත යන්නන් ග්‍රාමීය ප්‍රජාව හඳුනා ගැනීමත් ඔහු කළා.

ජකොපෝ…! ඔබ හෙට පාන්දරම ලංකාවට සමුදී ඉතාලිය බලා යනු ඇත. ඔබට ඔබේම විශ්වාසයන් තියෙනවා.ශක්තිමත් ස්ථාවරයන් තිබෙනවා.ඒ වෙනුවෙන් සටන් කරන්න පුළුවන් හොඳ සටන්කරුවෙකුත් ඔබ තුළ ඉන්නවා. කදුකරයේ ලස්සනම ලස්සන තැනක සතුත්තු එක්ක ගත කරන ස්වාභාවික ජීවිතයක පහස ඔබට අත්විදින්න පුළුවන්.ඔබ ඒ සටන දිනනවා. එය අපේ ප්‍රාර්ථනයයි...🌼😍

ඔබ රැගෙන යනවා තරුණ ව්‍යාපාරය විසින් ඔබටත්, ඔබ අපටත් ලබා දුන් ස්වේච්ඡා සේවයේ සමූහික ශක්තිය. සාමූහිකත්ව බොහෝ දෙනෙකුගෙන් ගිලිහී තියෙනවා. අපි තනි තනිව ලෝකය දකින්න උත්සාහ කරනවා. නමුත් අපි කැමතියි සමූහිකත්වය ඇතුලේ ස්වභාවිකව ජීවිත අත්පත් කර ගන්න තරුණ ජීවිත දිනන ව්‍යාපාරයකට පන දෙන්න. තරුණ ව්‍යාපාරයේ එවැනි අවකාශයක ඔබේ ඉඩ ඔබ සටහන් කරලා ඉවරයි.

ඔබ කියනවා….
“ මට නිදහසේම වැඩ කරන්න ලැබූණු හොඳම අවකාශ මෙය බව..” එය අපට ඔබ වැනි ගෝලීය තරුණයෙකු විසින් අපි සිදු කරමින් ඉන්න උත්සාහයේ නිවැරදි දිශාව නැවත නැවත තහවුරු කරන්නක්. අපිට අවශ්‍ය ලෝකයේ ඕනෑම තරුණයෙකුට තරුණියකට අපි එක්ක එකතු වෙන්න පුළුවන් අපේ තාරුණය්‍ය සමඟ මුහුවෙන්න පුළුවන් බිමක් හදන්න. ඒ බිම ප්‍රාදේශිකත්ව පදනම මත ගොඩනැගෙන සාමූහික විඥානයේ ජාලගත තැනක්. MkCYM කියන්නේ ඒ බිමට පන පොවන තෝතැන්න. ඔබ⁣ට හැමදාම ඒ අවකාශය විවෘතයි. ඔබේ ජීවිතයේ ඔබට අයිතිදෙය සොය ගත් පසුවත්, එය ඔබට විවෘතයි. අපේ හැඩය පාට කරන්නේ ඔබ වැනි තරුණ තරුණියන්…..

ඉතිං ආයුබෝවන් ජාකෝ ….
නැවත එන්න……
සුබ ගමන්,...😍🥰🌼

රත්නපුර දිස්ත්‍රිකයේ  නිවිතිගල අධ්‍යාපන කලාපය සදහා Reflection  වැඩසටහන හඳුන්වා දීමේ පළමු වැඩසටහන ලෙස රත්නපුර පොතුපිටියට ...
23/07/2025

රත්නපුර දිස්ත්‍රිකයේ නිවිතිගල අධ්‍යාපන කලාපය සදහා Reflection වැඩසටහන හඳුන්වා දීමේ පළමු වැඩසටහන ලෙස රත්නපුර පොතුපිටියට මහාවිද්‍යාලය සඳහා 2025 ජූලි මස 1 වැනි දින අප පූහුණු ඒකකය විසින් පවත්වන්නට යෙදුණි.

වැඩසටහන සඳහා පාසලේ 9,10,11 ,12 වසර වල සිසුන් සහභාගී විය. පළමු අධියර යටතේ දෙමාපියන් සඳහා ලිහිලන වැඩසටහන් සහ දෙමාපියකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහක් ක්‍රියාත්වක වූ අතර අනතුරුව සිසුන් සඳහා දිනය පුරා වැඩසටහක ක්‍රියාත්මක කරන ලදී. සිසු ගැටලු හදුනා ගැනීම සහ මානසික තත්ත්ව හදුනාගැනීමත් ශාරීරික ලිහිලනයක් සිදු කිරීමත් ඉගෙනුම් ක්‍රමවේද හඳුන්වාදීමත් සිදු කරන ලදී. මෙහි දෙවන අධියර යටතේ වැඩසටහනේ ඉදිරි දිගුව ක්‍රියාත්මක කරනු ඇත.

Ceylon Youth Movement MKCYM ලංකා තරුණ

බසනාහිර පාලාතේ  කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අප පුහුණු ඒකකය සමඟ නිරන්තරයෙන් පුහුණු වැඩසටහන් සඳහා සම්බන්ධ වන ප්‍රමු...
23/07/2025

බසනාහිර පාලාතේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අප පුහුණු ඒකකය සමඟ නිරන්තරයෙන් පුහුණු වැඩසටහන් සඳහා සම්බන්ධ වන ප්‍රමුඛ පාසලක් වන මතුගම ශාන්තමේරි විදුහ⁣ලේ අභිනවයෙන් තේරී පත්වූ ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා නායකත්ව පුහුණු ක්‍රියාකාරකම් සහිත Reflection එක්දින වැඩසටහන 2025 ජූලි මස 22 වැනි දින පවත්වන්නට අප පුහුණු ඒකකයට හැකියාව සැලසුනි. පිරිපුන් නායකයකු සඳහා වන මානසික සහ කායික සුවතාවයත් සහිත ස්වීයත්ව සංවර්ධනය සඳහා වන මූලික අඩිතාලම දැමූ මෙදින නායකයන් ඔවුන්ගේ නායකත්ව භූමිකාව හඳුනා ගැනීම වගේම පුද්ගලික සංවර්ධනයේ ගැටලුත් හඳුනා ගන්නා ලදී. මෙහි දෙවෙනි පියවර ලෙස Reflection දෙදින නායකත්ව පුහුණු වැඩමුළුව ඔවුන් සඳහා ලබන මාසයේදී පැවැත්වීමට නියමිතයි.

MKCYM MKCYM Training and Development CYM

ඊයේ අපි දෙවැනි වතාවටත් රෙන්ස්ට සමුදුන්නා. එය ඔහුටත් අපිටත් හරිම සංවේදී මොහොතක්. ඔහු තවම නෙදර්ලන්තයට යන ගමන් ඉන්නේ.  අද ද...
15/06/2025

ඊයේ අපි දෙවැනි වතාවටත් රෙන්ස්ට සමුදුන්නා. එය ඔහුටත් අපිටත් හරිම සංවේදී මොහොතක්. ඔහු තවම නෙදර්ලන්තයට යන ගමන් ඉන්නේ. අද දවස පුරාත් ඔහු සමඟ ගත කළ දින 12 පමණ වූ කාලය සහ එකතු කරගත් මතකයන් ගැන වරින් වර සිහියට නැගෙනවා. තරුණ ව්‍යාපාරයේ එක් ශක්තිමත් තරුණයෙක් නේදර්ලන්තයේ වාසය කරමින් මේ පුංචි මුතු ඇටයට ආදරය කරන බව ලියන්නේ ආඩම්බරයෙන්. ඔහුගේ ආදරය වචන කළ නොහැකියි. ඔහු තරුණ ව්‍යාපාරයට ශක්තියක්. වසරකට පෙර පළමු සංචාරය අවසන් කර, අපෙන් සමුගෙන ගිය රෙන්ස් අඛණඩව අපි සමඟ අදහස් බෙදාගත්තා, වැඩ කළා.....

ඔහු අපිට කළ මැදිහත්වීම් ස්වේච්ඡාසේවයේ බලය ගැන ඉගෙන ගන්න පුළුවන් පාඩම් වගේ...ඔහු පළමුවර අපි සමඟ වැඩ අවසන් කරලා යද්දී workaway Hosting අපිට හදලා දුන්නා. ඉන් නොනැවතී අපි වෙත ජාත්‍යනතර තරුණ තරුණියන් MKCYM වෙත ආවා.
" CYM එකට වැඩ කරන්න ස්වේච්ඡා සාමාජිකයන් ඕනි. ඒකට හොඳ ඉඩක් workway ඇතුලේ තියෙනවා. අපි උත්සාහ කරමු. මමත් මූමන්ට් එක තේරුම් ගනිමින් ඉන්නේ. මට දැනෙනවා. එය ලංකාවට අවශ්‍ය බව..." රෙන්ස් කිවවේ එහෙමයි. එහෙම කියලා එයා නතර වුණේ නෑ ඒ වෙනුවෙන් වැඩ කළා.

ඔහු අපිට තවත් ශක්තිමත් තරුණයෙක්. විශ්වීය තරුණයෙක්. අපේ රටට ආදරය කරන, සංස්කෘතියට ගරු කරන තරුණයෙක්. ඔහුගේ ජීවිතය ඉතාම හොඳින් හැඩගසාගෙන රාමුවෙන් එළියේ සරළ ජීවිතයක වටිනාකම ඔහු නිතර කතා කළා. සති දෙකක නිවාඩුවක් ලැබිණු විගස, අපිට කතා කරලා කිව්වේ, "මම එනවා මට මූමන්ට් එකට වැඩ කරන්න ඕනි. මැක්සිම් කොළපාට පරිසරයේ ඇවිදින්න ඕනි කියලා. හරියටම මේ මාසේ දෙවැනිදා ඔහු අපේ පරිශ්‍රමයට ආවා. එක දවසක් මැක්සිම් එකේ අපි එක්ක ඉදලා. වැඩ පටන් ගත්තා. කොච්චර දුරක ඉදලා ආවත් මූමන් එකේ මෙහෙයුම් මධ්‍යස්ථානයට ආවාම ඔහු වැඩ කලේ ලාංකික තරුණයෙක් වගේ. අපේ භාෂාව ඉගෙන ගන්න ඔහුට තිබුණේ, ලොකු උනන්දුවක්. දවසගානේ අලුත් වචන ඉගෙන ගත්තා. ඇඹිලිපිටිය ජාතික පාසලේ වැඩසටහනට කෑමට බඩු ගන්න තැනේ සිට පිරිසිදු කිරීම් ඉදිරිපත් කිරීම වගේම සිසුන්ට ජාත්‍යන්තර අත්දැකීම් බෙදා ගන්න, අලුත් ක්‍රියාකාරකම් කරන්නත් ඔහු කළ කැපකිරීම අකුරු කරන්න බෑ. එක දිගට දවස් තුනක් ඔහු අපි සමඟ වැඩ කළා.පසු දෙදින පුරාම වැඩසටහන ගැන පසුවිපරම් ගැනත් අදහස් බෙදාගත්තා.මේ දවස් තුනේම සිසුන් සමඟ තනි තනිව කතා කරමින්, ඔවුන්ව තේරුම්ගන්නත් ඔවුන්ට තිබුණු ප්‍රශ්නවලට උත්තර දෙන්නත් ඔහු ගත්ත වෙහෙස අපමණයි. නෙදර්ලනතය වගේ, පද්ධතිගත රටක ක්‍රමිකව හැදුණු වැඩුණු රෙන්ස්ට මේ නවයොවුන් සිසුන්ගේ ගැටලු සහ ඔවුන්ගේ අත්දැකීම් දරාගැනීම පහසුනොවන බව අපි දන්නවා.
"මේක කොච්චර අමාරු වැඩක්ද කියලා දැන් මට තේරෙනවා. එය කළ යුතුම දෙයක්...මෙය මට අලුත් ඒත් මේ හැම කෙනාගෙම අදහස් මට වටිනවා..." ඒ රෙන්ස් අපිව තේරුම්ගතපු විදිය.

ඔහු ඒ සියල්ල හොඳින් තේරුම්ගත්තා. ඔහුගේ සහකම්පනික ගුණය ඒ සඳහා නිරන්තරයෙන්ම ඔහුට උදව් වුණා. අපිට තිබුණේ, දවස් කිහිපයක් විතරයි. වෙනත් රටක සුවපහසුවේ නිවාඩුව ගත කරන්න පුළුවන්කම තියෙද් දී එයා මේ කෙටි නිවාඩුවෙත් අපිව තෝරත්තා. රැකියාවේ කාර්යබහුලබව එක්ක ගොඩක් වෙහෙසී වැඩ කළ රෙන්ස් සැහැල්ලුවෙන්න ආවේ අපි ළගට. අපි ඒ පැමිණීමට ගරු කරනවා.

තරුණයෙක් විදියට වැඩ කරන්නත් විනෝදවෙන්නත් ඔහුට තිබුණේ නිසඟ පෙළඹ විමක්. මෙවර රටේ දකුණු පළාතට ඇවිද ගිය ඔහු, දවස් කිහිපයකින් ඔහුගේ මෙවර චාරිකාව අවසන් කළා.

තරුණ ව්‍යාපාරයේ ජාත්‍යන්තර ජාලය භාරව කටයුතු කරන රෙන්ස් සහ අපි අතර තියෙන බැදීම ඔහු මේ රට⁣ට ආදරය කරන අසීමිත හැඟීම් මෙවර චාරිකාව ඇතුලේ අපිට වැඩි වැඩියෙන් දැනුනා. ස්වේච්ඡාසේවය කියන්නේ මොකද්ද කියනවා නම් රෙන්ස් ඒක ක්‍රියාවෙන් කරලා අපිට ඒ ගැන කියලා දීලා තියෙනවා. ලෝකේ ඈත කොනක ඉදලා අපේ රටට ඇවිල්ලා අපි එක්ක එකතුවෙලා අපේ රට වෙනුවෙන් රටේ තරුණ තරුණියන් වෙනුවෙන් අඛණ්ඩ වැඩක් කරන්න කැපවෙලා ඉන්නවා කියන එක අපිට වචනවලින් කියන්න බෑ. ඔහුගෙන් අපිට විශ්වයට ආදරය කරන ස්වරූපය ගැන මිනිස්සුන්ට උදව් කරන්න පෙළඹෙන එකගැන ඉගෙන ගන්න තියෙන දේවල් බොහෝයි.

ඊයේ රෙන්ස් අපෙන් සමුගනිද්දී අපිට දැනුන ඒ ආදරය. ඈතට ඇවිද ගිහින් නැවත නැවත හැරෙද්දී අපි බලාගෙන හිටියා. ඔබ නැවත එනවා. අපි කතා කරපු දේවල් අපි කරගෙන යන දේවල් කිසිදෙයක් අපි නතර කරන්නේ නෑ. අපි ඉස්සරහට ගොඩක් දේවල් කරයි.

රෙන්ස් අපේ රටේ විදෙස් ශ්‍රී ලාංකිකයන්ටත් අලුත් කතාවක් කියනවා. අපේ රට⁣ට නිවාඩුවට එන අපේ රටට ආදරේ ඕනෑම තරුණයෙක්ට තරුණියක්ට ඒ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් ඉඩක් අපි හදලා තියෙනවා. ඉතින් ඒ ඉඩ ශ්‍රී ලාංකිකයන්ට වගේම ශ්‍රී ලංකාවට ආදරේ කරන ඕනෑම කෙනෙකුට විවෘත බව රෙන්ස් අපිට කියනවා. එවැනි තරුණ තරුණියන්ට වැඩ කරන්න විෂයක් සියගණනාවක ඉඩ අපි හදමින් ඉන්නවා.

ඉතිං සුබ ගමන් මිත්‍රායා.... නැවත එනකම් අපි බලන් ඉන්නවා. එතෙක් අපි වැඩ කරමු. නොනැවතී........

CYM ආදරය ඔබ සමගයි..🥰

ලංකා තරුණ MKCYM Training and Development MKCYM

Save Children = Save Future අපේ ගෙදරට යන පාරේ පොඩි බෝක්කුවක් තියෙනවා, ඉස්කෝලේ ඇරිල ගෙදර එන ගමන්  ඔය බෝක්කුව උඩ වාඩි වෙලා...
09/06/2025

Save Children = Save Future

අපේ ගෙදරට යන පාරේ පොඩි බෝක්කුවක් තියෙනවා, ඉස්කෝලේ ඇරිල ගෙදර එන ගමන් ඔය බෝක්කුව උඩ වාඩි වෙලා මට යන්න තැනක් තියෙනවද කියලා කල්පනා කරපු වාර අනන්තයි. පුංචිඅම්මලා ගාවට, ළමා නිවාසෙකට, ඉස්කෝලේ හොස්ටල් එකට මට ඒ කොහෙටවත් බාර ගනීවි කියන විස්වාසෙන් එහෙමත් නැත්නම් දීර්ග කාලීනව තියා ගනීවි කියන විස්වසෙන් යන්න පුලුවන් කියලා මට හිතුනේ නෑ. ඒ මගේ පවුල් පසුබිම නිසා. දන්නවද ඉතා උගත් වැදගත් පවුල් පසුබිමක් තිබීමම, ළමයෙක් පුංචිම කාලේ ඉදලා නැවත නැවත අපයෝජනය වෙන්න හේතුවක්. වගකීමක් දරන්න තරම් පරිනත නැති පියෙකුට දාව ස්වාර්ථවාදී පෞරුෂ ආබාධය තියෙන අම්මා කෙනෙක්ට උපදිනවා තරම් අපායක් මේ මිහිපිට නෑ. මන් කෑවේ, බිව්වේ, නිදාගත්තේ, ඉගෙන ගත්තේ, සෙල්ලම් කලේ, විශය විශය බාහිර ක්‍රියාකරකම් කලේ, තියා මගේ යට ඇදුමක් පවා ඇන්දේ අම්මට ඕන දේවල් අම්මට ඕන විදියට, ලිංගිකව හැරුණු විට අනිත් හැම අයුරකින්ම මං ඒ ගේ ඇතුලේ මගේම අම්මා අතින් අපයෝජනය වෙලා තියෙනවා. අම්මාගෙත් අප්පච්චීගෙත් රංඩු නිසා, අවුරුදු 12ක් 13ක් වෙන පුංචි කාලෙදි මං ගෙදර සිවිලිමේ ඉදන් ලේ හෝදලා තියෙනවා. එදා මට යන්න තැනක් තිබුනා නම්...
කුඩා කළ ඇතිවූ මානසික තුවාල නිසා, මට අද මම වැඩිහිටියෙක් විදියට ජීවිතට මුහුණ දෙද්දී, මෙතරම් ප්‍රතිරෝදක ඇතිනොවෙන්න තිබුණා. සිව්වතාවක් කෙසේවෙතත් එක් වතවක් හෝ මා සියදිවි නසාගන්න උත්සහ නොකරන්න තිබුණා.
ඒ නිසා අනාරක්ෂිත දරුවන්ට ආරක්ෂිතව ඉන්න මානසික ප්‍රතිකාර ලබන අතරම තමන්ගේ හැකියා දක්ෂතා හදුනාගන්න අකණ්ඩව අධ්‍යාපනය ලබන්න ප්‍රමිතිගත වෘත්තීය සේවයක් ලැබෙන රටේ නීතියේ අවසරය ඇති ස්ථානයක් ඕනමයි.

සටහන රශ්මිලා
පින්තූරය අන්තර්ජාලය ඇසුරිනි

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Ceylon Youth Movement posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ceylon Youth Movement:

Share