24/07/2026
සේවක අනුස්ථාපන වැඩමුළුව (induction training program)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ විවිධ සේවා ශ්‍රේණි සඳහා නවකව බඳවාගත් සේවකයින් සහ උසස්වීම් ලැබූ නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද සේවක අනුස්ථාපන වැඩමුළුව 2026 ජූලි 21 වන දින කොළඹ 07, තුන්මුල්ලේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මන්දිර ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩමුළුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ (මුදල්), අධ්‍යක්ෂ (පාලන හා මානව සම්පත් සංවර්ධන), අධ්‍යක්ෂ (සංවර්ධන) ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් ද ඊට සහභාගී වූහ. ආරාධිත දේශනය සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ ප්‍රවීණ දේශකයකු සහ ව්‍යවසායකත්ව සංවර්ධන උපදේශකයකු වන අමිත ගමගේ මහතා විසිනි.
මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ නවක සේවකයින් සහ උසස්වීම් ලැබූ නිලධාරීන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ දැක්ම, මෙහෙවර, ආයතනික වටිනාකම් පිලිබද දැනුවත් කිරීම සහ ආයතනයේ සේවකයින් වඩා යහපත් සංස්කෘතියකට යොමු කිරීමයි.