රවී කුමුදේශ් - රට වෙනුවෙන් නිර්භීත හඬක්

  • Home
  • Sri Lanka
  • Colombo
  • රවී කුමුදේශ් - රට වෙනුවෙන් නිර්භීත හඬක්
Call Directions Website Contact the organization

රවී කුමුදේශ් - රට වෙනුවෙන් නිර්භීත හඬක් Common forum for Trade Union

කාර් එකටත් ලීටර් 15යි, ත්‍රීවීල් එකටත් පහලොවයි. ගෙදර තියන කාර් එකටත් පහලොවයි, බදාදා නිවාඩු අයටත් පහලොවයි. හැමදාම වැඩට එන...
16/03/2026

කාර් එකටත් ලීටර් 15යි, ත්‍රීවීල් එකටත් පහලොවයි. ගෙදර තියන කාර් එකටත් පහලොවයි, බදාදා නිවාඩු අයටත් පහලොවයි. හැමදාම වැඩට එන අයටත් පහලොවයි.

සද්දෙට ඇහෙන නිව්ස්.. 👇
https://youtu.be/kMdn1HQjllA

බාල ඖෂධ මගින් රෝගීන් මියයෑමට වග කිව යුත්තේ කවුද? – (රවී කුමුදේශ්)_ඉකුත් දින කිහිපය තුළ, එන්නත් 10ක් ඖෂධ නියාමන අධිකාරිය ...
21/12/2025

බාල ඖෂධ මගින් රෝගීන් මියයෑමට වග කිව යුත්තේ කවුද?
– (රවී කුමුදේශ්)

_ඉකුත් දින කිහිපය තුළ, එන්නත් 10ක් ඖෂධ නියාමන අධිකාරිය විසින් අත්හිටුවීම සම්බන්ධයෙන් රට පුරා දැඩි කතාබහක් ඇතිව තිබේ. මෙම තීරණයට හේතුව ලෙස මහනුවර ජාතික රෝහලේ සිදු කළ පරීක්ෂණයකදී හමුවූ බව කියන බැක්ටීරියාවක් සඳහන් කළද, එය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවටත් තේරුම් ගත හැකි පැහැදිලි කිරීමක් අවශ්‍ය වී ඇත.

මෙම ගැටළුව හේතුවෙන් බාල ඖෂධ පිළිබඳව විශාල බියක් නැවතත් රට තුළ ඇති තිබෙන බැවින් ඒ පිළිබඳව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ගේ පැහැදිලි කිරීම පහත පරිදි වේ._

https://harideshaya.lk/news/2024/

ඊයේ නෑවේ කලිඳුද, නලින්දද?ඊයේ වැඩසටහන විශේෂයි. මින්පෙර සතියේ පැවැති 360' ට ආණ්ඩුවේ නියෝජිතයන් සහභාගී වීම ප්‍රතික්ෂේප කළා....
16/12/2025

ඊයේ නෑවේ කලිඳුද, නලින්දද?

ඊයේ වැඩසටහන විශේෂයි. මින්පෙර සතියේ පැවැති 360' ට ආණ්ඩුවේ නියෝජිතයන් සහභාගී වීම ප්‍රතික්ෂේප කළා.

ඒ ගංවතුර ආපදා තත්ත්වය සහ පෙර දැනූම් දීම් නොසලකා සිටීම නිසා අහිමි වූ මිනිස් සහ දේපළ හානි පිළිබඳව හෙළිදරව්වීම වැලැක්වීමට ආණ්ඩුවට අවශ්‍ය වූ නිසා.

ඒ සතියේ ආණ්ඩුවේ නියෝජිතයෙක් 360' වැඩසටහන සහභාගි වූවානම් එතැනින්ම ආණ්ඩුවේ රෙදි ගැලවීමට තිබුණා.

කෙසේවෙතත් ගංවතුර රැල්ල අවසන් වූ පසු, ඊයේ පැවති 360' වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහභාගී වුණා.

ඊයේ වැඩසටහනට සහභාගි වුණේ නලින්ද පමණක් වුණත්, ඊයේ වැඩසටහනට ආණ්ඩුවම සුදානම් වුණා.

අප හොඳින්ම දන්නා ආකාරයට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙනම කණ්ඩායමක් තොරතුරු රැස් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඔෂානි ඔමංගා ප්‍රමුඛ කණ්ඩායමක් සම්බන්ධීකරණයට යොදවා තිබුණා.

ජනාධිපති අනුර ප්‍රමුඛ සමස්ථ කැබිනට් මණ්ඩලයම තමන්ගේ සම්පත් නලින්ද වෙනුවෙන් යෙදවූවා. ඔවුන් වැඩසටහන සජීවීව නැරඹුවා.

වැඩසටහනට පෙර ඇමතිවරුන් කිහිපදෙනෙක් පැලවත්තේ හමුවී නැවත නැවතත් සාකච්ඡා කර තිබුණා.

වැඩසටහන අතරතුර නලින්ද හිර වෙන, නාන හැමමොහොතේම ඔහුට දුරකථනයෙන් තොරතුරු ලබා දීමට වෙනම කණ්ඩායමක් සුදානමින් හිටියා.

ඒ වගේම වැඩසටහන අවසන් වූ මොහොතේම ප්‍රචාරණ ව්‍යාපෘතිය පටන් ගන්න, කමෙන්ට්ස් දාන්න වීරප්පන්ගේ කල්ලිය ලෑස්ති කරලා තිබුණා.

එක පුද්ගලයෙකුගේ, එක රූපවාහිනි වැඩසටහනකට ආණ්ඩුව ඒ තරම් බය වෙලා තිබුණා.

ඒ විතරක් නෙවෙයි.

වැඩසටහනට පෙර දේශපාලන බලපෑම් කරමින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් බිය ගන්වා, ඔවුන්ගෙන් ලිපියකුත් ආණ්ඩුව ලබා ගෙන තිබුණා.

ආණ්ඩුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සම්පූර්ණයෙන්ම බල රහිත කර පැත්තකින් තියලා. ඔහුගේ දුරකථන පවා ටැප් කරලා.

තමන්ගේ දේශපාලනය වෙනුවෙන් මෙතරම් රාජ්‍ය සේවය බිය ගැන්වූ සහ පාවිච්චි කළ රජයක් ඉතිහාසයේ මෙතෙක් බිහිව නැහැ.

එමෙන්ම කළිඳුට සම්මුඛ වීමට පැවැති මේ පෙරසුදානම ගංවතුරට තිබුණා නම්, මිය ගිය බොහෝ දෙනෙක් අදටත් ජීවත් වෙනවා.

කෙසේවෙතත් වැඩසටහන පුරාවටම නලින්ද බොරු කිව්වා.

තැන් කිහිපයක ඔහු අපහසුතාවයට ලක් වුණා.

කළිඳු සුපුරුදු ඉවසීමෙන් ප්‍රශ්න කළා මිසෙක කිසිඳු තැනක ඔහු හිරවුණේ නැහැ.

ඩෝබි බලකාය විසින් සමරමින් සිටින්නේ 'ලංකාවේ පත්තර පවා මඩ ගසනවා' යනුවෙන් නලින්ද කියූ හැකර කතාවක්.

එය තර්කයක් හෝ කරුණක් නොවෙයි.

එසේ නොමැතිව කළිඳු හිරවුණු, තාර්කිකව පැරදුණු එක් තැනක් ඔවුන්ට පෙන්වීමට නැහැ.

පෙන්වීමට එවැනි තැනක් ඇත්තේද නැහැ.

නමුත් අද උදෑසන සිට ඩෝබි බලකාය කලිඳු කරුණාරත්න ඉලක්ක කරමින්, මඩ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බව පේනවා.

මේ ජනාධිපති මාධ්‍ය අංශයෙන් ක්‍රියාත්මක, මුදල් ගෙවා සිදු කරන පන්නයේ මඩ කැම්පේන් එකක්මයි.

මින්පෙර අප, වරුණ රාජපක්ෂ ආදීන් ඉලක්ක කරමින් මඩ ගැසුවේත් මේ ආකෘතියෙන්මයි.

මේ මඩ වලට අනුව ඊයේ කලිඳු නාලා. නලින්ද ලකුණු රැස් කරලා.

නමුත් අප බැලූ 360' වැඩසටහනේ නම් එවැන්නක් සිදුවුණේ නැහැ.

කොහොමත් ගොබෙල්ස් න්‍යායෙන් වෙනම යථාර්ථයක් ගොඩනැගීමට මාලිමා ප්‍රචාරණ ව්‍යාපෘතිය දක්ෂයි.

කෙසේවෙතත් වැඩසටහන දෙරණ යූටියුබ් නාළිකාවේ තිබෙනවා. ඕනෑම අයෙකුට යළි යළිත් නරඹා තහවුරු කරගත හැකියි.

මේ වැඩසටහන නැරඹුවේ නැති සාමාන්‍ය ජනතාව රැවටීමක් සහ අවසානයේ හෝ අප කළිඳු පරාජය කළා යන අදහසින් ස්වයං වින්දනය කිරීමක් බව පැහැදිලියි.

මාලිමා ආණ්ඩුව තරුණ මාධ්‍යවේදියෙකුට එතරම් බයයි.

නමුත් ඊයේ වැඩසටහන පුරාවටම කළිඳු කරුණාරත්නට ඇසීමට නොහැකි වූ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.

කළිඳු නොඇසූ ඒ ප්‍රශ්න අප යළි යළිත් මතුකළ යුතුයි.

● ඉතිහාසය පුරාවටම මෙරට භාවිතා කළේ උසස් තත්ත්වයේ බ්‍රිතාන්‍යය හෝ ඇමෙරිකානු තත්ත්වයේ ඖෂධ.

අද නලින්ද යටතේ මෙරටට බාල ඉන්දියානු ප්‍රමිතියේ ඖෂධ පැමිණෙනවා.

නලින්ද, ඔයා එහෙම කළේ ඇයි ?

● අද ශ්‍රී ලංකාවේ බෙහෙතකට හෝ බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු තත්ත්වයේ බෙහෙතක් සොයා ගැනීමට නැහැ.

දෙසැම්බර් 15 සිට බොහෝ ප්‍රමිතිගත ඖෂධ මෙරට වෙළදපොලෙන් ඉවත් වෙලා.

අප මිත්‍රයෙක් සිය මවගේ අක්ෂි කාච බද්ධ කිරීමේ සැත්කමකට උසස් තත්ත්වයේ ඇමෙරිකානු අක්ෂි කාච සොයමින් ඉන්නවා. මින්පෙර ශ්‍රී ලංකාවේ තිබුණේ ඇමෙරිකාවේ නිෂ්පාදිත Alcon අක්ෂි කාච.

නමුත් අද මෙරට වෙළඳපොලේ Alcon අක්ෂි කාච නැහැ. දැන් තිබෙන්නේ ඉන්දියානු නිෂ්පාදන.

නලින්දගේ පාලන මිල නිසා සෑම ඖෂධයකම පාහේ අද ශ්‍රී ලංකාවේ ඇත්තේ අතුරු ආබාධ බහුල, නියම සායනික පරීක්ෂණ නොසැපිරූ, සැබෑ රසායනික සංයුතිය නැති බාල ඉන්දියානු බෙහෙත්.

මේ වසර කිහිපයක් තුළ මෙරට සෞඛ්‍ය පද්ධතිය සහ ජනතාවගේ යහපැවැත්ම බිඳ වැටෙන මහා ජාතික අපරාධයක්.

නලින්ද ඔයා එහෙම කළේ ඇයි ?

● නලින්ද ජයතිස්ස මූලික වී ගෙන්වූ ඉන්දියානු එන්නතක් විෂ වී රෝගීන් තිදෙනෙක් මිය ගිහින්.

ඒ එන්නත නිසා බැක්ටීරියා ආසාධනයක් සිදු වෙලා. මේ එන්නත තුළ වීදුරු කටු පවා අන්තර්ගතයි.

එවැනි පසුබිමක මේ බෙහෙතේ තහනම ඉවත් කිරීමට පවා ලිපියක් නිකුත් වී තිබෙනවා.

නලින්ද ඔයා එහෙම කළේ ඇයි ?

● මේ බාල එන්නත ලංකාවට ගෙන ආ සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් සිටිනවා.

ඔහු කොලඹ පුරපතිනි, ව්‍රායි කැලී බල්තසාර්ගේ නැගණියගේ සැමියා.

නලින්ද බලයට පත් වූ පසු බෙහෙත් ගෙන්වීමේ ටෙන්ඩර් ගණනාවක් මේ සමාගමට හිමිව තිබෙනවා.

නලින්ද ඔයා එහෙම කළේ ඇයි ?

● බාල බෙහෙත් නිසා මියගිය අය අතර 2021 උසස් පෙළ විභාගය ලියූ මතුගම ප්‍රදේශයේ යොවුන් තරුණියකුත් ඉන්නවා.

මේ මිය යෑමට තිබූ ජීවිත නෙවෙයි.

දහසක් බලාපොරොත්තු පොදි බැඳ සිටි, යොවුන් ජීවිත.

නලින්ද ඔයා එහෙම කළේ ඇයි ?

Copied

අනුරගෙ පච සහන මල්ල...!!වෙන් කර ඇත්තෙ බිලියන 120 යි... ඒත් බිලියන 300+ අවශ්‍යයයි...?ජනාධිපතිතුමනි, තම පවුලේ සාමාජිකයන්, ඥ...
06/12/2025

අනුරගෙ පච සහන මල්ල...!!

වෙන් කර ඇත්තෙ බිලියන 120 යි... ඒත් බිලියන 300+ අවශ්‍යයයි...?

ජනාධිපතිතුමනි, තම පවුලේ සාමාජිකයන්, ඥාතීන්, හිත මිතුරන් අහිමිව, ගේ දොර පස් කඳු වලට යට වෙලා තිබ්බ තැනක්වත් හොයාගන්න නැති, ඇඳිවත පමනක් හිමි අහිංසක මිනිස්සුන්ව ඔබ බොරුවෙන් තවදුරටත් රවට්ටන්න එපා.

එහෙම කරනවා නම් ඒවා අහස පොළව නුහුලන අපරාධයක්. හෙන ගහන අපරාදයක්...

🟢 දැනට වාර්තා වන අන්දමට මෙම ව්‍යසනයෙන් පවුල් 586,464ක පුද්ගලයින් 2,082,195ක් බලපෑමට ලක්ව තිබෙනවා...

🟢 පූර්ණ වශයෙන් හානි වූ නිවාස ගණන 4,164ක් වන අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 67,505කි.

( මේ දැනට වාර්තා වන සංඛ්‍යා වන අතර එම සංඛ්‍යා ඉදිරියේදී බොහෝ දුරට වැඩි වනු ඇත..)

🟢 ආරක්‍ෂිත ස්ථාන 1,211ක මේ වන විට පවුල් 43,715කට අයත් පුද්ගලයින් 152,537ක් රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා..

🟢 ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතාගේ ප්‍රකාශයට අනුව, වී, එළවළු සහ වෙනත් ක්ෂේත්‍ර බෝග ඇතුළුව හෙක්ටයාර 610,000 ක පමණ ගොවිබිම් ගංවතුරෙන් යටවී ඇත. ඉන් හෙක්ටයාර 510,000 ක්ම වී ගොවිබිම්ය.

ඔබ අද පැමිණ ජනතාවට සහන දෙන්න කියලා නත්තල් සීයා වගෙ ඉලක්කම් ගොඩක් කියවනවා..

ඒත් මේවායෙ ඇත්ත නැත්ත මොකක්ද කියලා බලමුද...?

🟢 ඒ සඳහා ඔබ විසින් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නවා.

🟢 ඊට අමතරව ඉදිරි දින 25තුළ ඇති වූ හදිසි ආපදා තත්ත්වය සඳහා වියදම් කිරීමට රුපියල් බිලියන 70.02 ක් තියෙනවා කියනවා.

වචනයෙන් මොනවා කිව්වත් ඉල්ලුම් කරලා, ඇස්තමේන්තු කරලා මේ දවස් 25 තුළ දෙන්න පුළුවන් ප්‍රමාණය අවමයි. ඒත් කමක් නෑ අපි ඒ බිලියන 70 න් 50% ක් ගමු..

🟣 එවිට ජනතාව වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 85 යි. ( බි 50 + බි 35 )

රුපියල් 85,000,000,000 ක්

දැන් අපි ඔබ දෙනවා කිවිව සහන වලට යන දළ මිළ ගණන් බලමුද...?

🔴 ගංවතුරෙන් හානි වූ සෑම නිවසකටම පිරිසිඳු කරගැනීම සඳහා රුපියල් 25,000යි

නිවාස 67,505 × 25,000 = 1,687,625,000

🔴 නැවත පදිංචි වූ නිවාස වල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා රුපියල් 50,000යි

67,505 × 50,000 = 3,375,250,000

( අනාත නිවාස වල සිටින පවුල් 586,464 න් වැඩි කරොත් මේ සංඛ්‍යාව මීටත් ගොඩක් ඉහළය. එවිට එය තව බිලියන 03 කින් පමණ වැඩි වේ)

🔴 නාය ගිහිං නිවාසය අහිමිවී අවතැන් කඳවුරක සිටීනම් රජයේ වියදමින් සියලු පහසුකම් ලබාදෙනව. එසේ නොමැතිව වෙනත් ස්තානයකට කුලියට යාමට කැමති නම් එවන් නිවසකට මාසෙකට රුපියල් 25,000 බැගින් මාස තුනක්. මෙය මාස හය දක්වා දීර්ග කිරීමටත් අපේක්ශා කරනව.

අපි මාස 03 ක අවමයකට ගනිමු..

25,000 × 3 × 4,164 = 312,300,000

( අර්ධ වශයෙන් හානි වූ නිවාස 67,505 න් වැඩි කරොත් මෙම සංඛ්‍යාව මීටත් ඉහළය )

🔴 ඉහත කාණ්ඩයට අයත් පිරිසට අහිමි වී ගිය ජීවනෝපාය සකස් කරගන්න තෙක් මාසෙකට රුපියල් 50,000 බැගින් මාස තුනකට දීමනාවක් ලබා දෙනව. (පවුලේ සිටින්නේ දෙන්නෙක් නම් රු 25,000යි. දෙන්නාට වැඩිනම් 50,000)

පවුල් 586, 464 ක් අවතැන් වී ඇත. එයින් අප ජීවනෝපාය අහිමි වූ පවුල් 20% ක් ලෙස 120,000 කඅවමයක් ගමු..

120,000 × 50,000 = 6,000,000,000

🔴 විනාස වූ වී හා ධ්‍යාන්‍ය කුඹුරු සඳහා හෙක්ටයාරයකට රු 150,000යි

විනාශ වී ඇති වී හෙක්ටයාර 510,000

510,000 × 150,000 = 76,500,000,000

🔴 විනාශ වූ එළවළු කොටු සඳහා හෙක්ටයාරයකට රු200,000යි

එළවළු ගොවිබිම් 100,000 ක් විනාශ වී ඇත.

200,000 × 100,000 = 20,000,000,000

🔴 ලියාපදිංචි සෑම සත්ව පාලන ගොවිපොලක් සඳහා ලක්ශ 2ක්

අපි අවමය සත්ව ගොවිපොලවල් 50 ක් ගමු ( මෙය මීට වඩා සිය ගුණයකින්වත් වැඩි මිස අඩු නැත.)

200,000 × 50 = 10,000,000

🔴 ලියාපදිංචිකොට ඇති සෑම සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරයකටම ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට ලක්ශ 2ක්

අපි අවමය ව්‍යාපාර 1,000 ක් ගමු.. ( මෙයත් අනිවාර්යයෙන්ම මෙයට වඩා පනස් ගුණයකින්වත් වැඩිය)

200,000 × 1,000 = 200,000,000

🔴 විනාස වුනු ධීවර බෝට්ටුවක් සඳහා ලක්ශ 4ක්..

අපි අවමය ධිවර බෝට්ටු 50 ක් ගමු.. ( මෙයත් මීට වඩා විශාල සංඛ්‍යාවක් වනු ඇත)

400,000 × 50 = 20,000,000

🔴 ආපදාවට ලක් වුනු පාසැල් සිසුන්ට භාණ්ඩාගාරයෙන් 15,000යි. ජනාදිපති අරමුදලින් 10,000යි. ඔක්කොම 25,000යි

අවතැන් වූ මූලු සංඛ්‍යාව 2,082,195ක්. අප එතනින් දරුවන් 50, 000 ක් ලෙස අවමයක් ගමු.. ( 2.5% ක්)

25,000 × 50,000 = 1,250,000,000

🔴 හානි වී ඇති ව්‍යාපාරික ආයතනකයට තක්සේරුව අනුව උපරිම ලක්ශ 50ක්

දළ වශයෙන් ව්‍යාපාරික ආයතන 1000 ක් අවමයක් ලෙස සිතමු.. ( මෙම සංඛ්‍යාව මීට වඩා කිහිප ගුණයකින් වැඩි වනු ඇත)

5,000,000 × 1,000 = 5,000,000,000

🔴 පූර්න වශයෙන් හානියට ලක් වුනු නව නිවසකට ලක්ශ 50යි.

පූර්ණ වශයෙන් හානි වූ නිවාස 4,164 යි.

5,000,000 × 4,164 = 20,820,000,000

🔴 ඉඩමක් නැත්නම් රජයේ ඉඩමක් ලබාදෙනව. රජයේ ඉඩම් ලබාදීමට බැරිනම් ඉඩමක් ලබාගැනීම ලක්ශ 50 දක්වා දීමනාවක්

ඉඩම් නැති අය 2000 ක් අවමය සිතමු..

5,000,000 × 2,000 = 10,000,000,000

🔴 අර්ධ වශයෙන් හානිවූ නිවාසයක් සඳහා උපරිම ලක්ශ 25 දක්වා. මෙය ලක්ශ 10, 15, 20, 25 වැනි කාණ්ඩ හතරකට දීමට යෝජිතයි

අර්ධ වශයෙන් හානි වූ නිවාස 67,505 අපි ලක්ෂ 10 ත් 25 ත් අතර මධ්‍ය අගයක් ලෙස ලක්ෂ 15 ගමු..

67,505 × 1,500,000 = 101,257,500,000

🔴 මියගිය එක් අයෙක් සඳහා ලක්ශ 10යි

1,000,000 × 500 = 500,000,000

🟣 ඔබ කොච්චර කයිය ගැහුවත් පවුලකට වෙන් කර ඇති සාමාන්‍ය ගණන කීයද දන්නවාද...?

85,000,000,000 ÷ 586,464 = 144,936 { රුපියල් එක් ලක්ෂ හතළිස් හතර දහස් නවසිය තිස් හයකි)

🟣 දළ වශයෙන් ඔබ විසින් ජනතාවට දෙනවා යැයි කියූ සහන එකතු කල විට ගනන වනුයේ..

රුපියල් 246,932,675,000 කි..

එනම් රුපියල් බිලියන 246 කි...

🟣 ඔබ විසින් මේ වසර සදහා ඉතුරුව ඇති බිලියන 70.02 වියදම් කරත් එන සමස්ත මුදල බිලියන 120 කි.

🔴 ඔබ විසින් වෙන් කල මුදල දෙනවා යැයි කියු මුදලට වඩා 1/3 ක් පමණය..

තවද මේ වෙන් කළ මුදල බෝක්කු, පාලම්, පාරවල් සහ විනාශ වී ඇති රාජ්‍ය දේපල ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ද යෙදවිය යුතුය.

ඒ සියල්ල ද එකතු වී මා විසින් ගණනය කර ඇති අවමය සංඛ්‍යා යථාර්ථය වන විට අවශ්‍යය වන සමස්ත මුදල් ප්‍රමාණය බිලියන 300 පනින ඇත.

🔴 ඔබ විසින් ඔබේ මන්ත්‍රීවරු සහ සගයන්ට පස්ස තබා ගැනීමට ඩබල් කැබ් සඳහා වෙන් කළ මුදල පමණක් වසරකට බිලියන 12.5 කි. ඒ එක් ලීසිං වාරිකයකි. එය අවුරුදු 05 ක ලීසිං එකක් නම් එය බිලියන 62.5 කි.

ඔබට මේ රටේ පීඩාවට පත් ජනයා ඩබල් කැබ් එකක් තරම්වත් වටින්නෙ නැද්ද...?

ඔබ තව කොතරම් කල් මේ රටේ ජනතාවව අන්දවනවාද..?

ආ තව ඩිංගෙන් මේක අමතක වෙනවා.

🔴 නොවැම්බර් අවසානය වන විට ගිය වසරෙ නොවැම්බර් වලට වඩා ඩොලර් සංචිත මිලියන 500 කින් අඩුව ඇත. මේ වසරෙ නොවැම්බර් අවසානය වන එය ඩොලර් බිලියන. 6.003 කි.

ඊයෙ ඔබේ කතාවට හුරේ දැමූවන් ගත්තෙ පැය කිහිපයක ස්වයං චූන් එකක් පමණි...

එය බිද දැමුවට මට කමා කරන්න..

තෙත් වෙච්ච ඩෝබි නංකිලා, මල්ලිලත් සොරි හොඳේ..

නිලන්ත සත්සර ගමගේ ✍️

රවී කුමුදේශ් - රට වෙනුවෙන් නිර්භීත හඬක්

Address

Colombo
10800

Telephone

+94773077717

Website

Alerts

Be the first to know and let us send you an email when රවී කුමුදේශ් - රට වෙනුවෙන් නිර්භීත හඬක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to රවී කුමුදේශ් - රට වෙනුවෙන් නිර්භීත හඬක්:

Shortcuts

Share

Category