Sri Lanka Youth

Sri Lanka Youth Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Youth, Community Organization, 09,, Colombo.

11/02/2025

මේක රට හදන උන්ගේ තැන
තාරුණ්‍යයේ මහ ගෙදර
ජාතික තරුණ සේවා සභාව



(වීඩියෝ හා ඡායාරූප වල අයිතිය මුල් හිමිකරුටය.)

ජාතික තරුණ සේවා සභාවේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කෙරේ.....!-----------------------------------------------------------------...
07/02/2025

ජාතික තරුණ සේවා සභාවේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කෙරේ.....!
-----------------------------------------------------------------------------

ජාතික තරුණ සේවා සභාවේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම පසුගියදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු විය. ඒ අනුව එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ගේ පත්වීම් ලිපි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ලබාදුන්නේ ය. එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල්, නීතිඥ සුපුන් විජේරත්න මහතාද එක්ව සිටියේය.

ඒ අනුව නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්,

සාහිත්‍යවේදී රවි සිරිවර්ධන
නීතිඥ අනුරාධ මේඝවර්ණ කඳන්හේන
ජ්‍යෙෂ්ඨ කතිකාචාර්‍ය, නීතිවේදී ජනහා සෙල්වරාස්
නාට්‍යවේදී ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ
කතිකාචාර්‍ය ඔසඳ ගුණරත්න
ඉංජිනේරු අයේෂ්මන්ත මධුරංග කුමාර
තුමුල හෙට්ටිආරච්චි
මහේෂ් අඹේපිටිය
තරුණ සේවා සභාවේ විශ්‍රාමික මූල්‍ය නිලධාරී නල්ලපෙරුම ගෙදර චන්ද්‍රලතා
ව්‍යාපෘති කළමනාකරණ නිලධාරී චතුර සම්පත් පීරිස්
'තරුණ නව රැල්ල' කැඳවුම්කරු මෙත්ෂාන් සමරවීර
වරලත් වාස්තු විද්‍යාඥ තරිඳු මුහන්දිරම්
ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරු රුවන් තිළිණ චතුරංග හේවාසිංහ
ඩිලාන් සේනානායක
සංගීතවේදී සුදන්ත මාධව ප්‍රනාන්දු
නිශාන්ත බණ්ඩාර තෙන්නකෝන්

The Board of Directors of the National Youth Services Council Appointed…!

The new Board of Directors of the National Youth Services Council was appointed at the Ministry of Youth Affairs and Sports. The appointment letters were handed over to the members of the Board by the Minister of Youth Affairs and Sports, Sunil Kumara Gamage.

The event was also attended by the Chairman/Director General of the National Youth Services Council, Attorney-at-Law Supun Wijerathna.

Accordingly, the newly appointed members of the Board of Directors are:

• Ravi Siriwardhana – Writer
• Anuradha Meghawarna Kandanhaena – Attorney-at-Law
• Janaha Selvaras – Senior Lecturer, Legal Expert
• Ishara Pramuditha Wickramasinghe – Dramatist
• Osanda Gunaratne – Lecturer
• Ayeshmanta Maduranga Kumara – Engineer
• Thumula Hettiarachchi
• Mahesh Ambepitiya
• Nallaperuma Gedara Chandralatha – Retired Financial Officer of the National Youth Services Council
• Chathura Sampath Peiris – Project Management Officer
• Methshan Samarawira – Convener of ‘Taruna Nawa Ralla’ (Youth New Wave)
• Tharindu Muhandiram – Chartered Architect
• Ruwan Thilina Chathuranga Hewasingha – Business Promotion Manager
• Dilan Senanayake
• Sudantha Madhawa Fernando – Musician
• Nishantha Bandara Thennekoon

ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙකු පත් කර තිබෙනවා.ඒ අනුව, නීතීඥ සුපුන් විජේරත්න මහතා ඒ සඳහා පත් කර තිබෙනවා.ඔහු ගමේ යෞ...
03/02/2025

ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව, නීතීඥ සුපුන් විජේරත්න මහතා ඒ සඳහා පත් කර තිබෙනවා.

ඔහු ගමේ යෞවන සමාජයෙන් යෞවන සමාජ ව්‍යාපාරයට පැමිණ, යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය හා යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩලය නියෝජනය කළ ජාතික තරුණ සේවා සභාවේ සභාපති ධුරයට පත් වූ පළමුවැන්නාද වෙනවා.

ඒ අනුව ඔහු අද (03) ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති, ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ භාරගැනීම සිදු වුණා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස පත් වන විට ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින්ද සිටියා.

විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන නීතිඥ සුපුන් විජේරත්න මහතා මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සභාපතිවරයා හා කොළඹ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

එමෙන්ම සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වූ ඔහු, යොවුන් පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස කටයුතු කර තිබෙනවා.

යෞවන සමාජ ව්‍යාපාරයත්, යොවුන් පාර්ලිමේන්තුවත් නියෝජනය කළ අයෙක් ජාතික තරුණ සේවා සභාවේ සභාපති / ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වූ මෙම අවස්ථාව පිළිබඳව පක්ෂ විපක්ෂ සමස්ත ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට ඇත්තේද සතුටකි.

වැඩ භාරගනිමින් ඔහු පැවසුවේ ජාතික තරුණ සේවා සභාව තරුණයාට හරයාත්මක සේවාවක් ඉටු කරන ආයතනයක් බවට පත් කරන බවයි.

එමෙන්ම ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් අමතමින් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, තරුණ සේවා සභාවේ සියලු නිලධාරීන්ගේ හැකියාවන් එකතු කරගනිමින් තරුණ සේවා සභාව මෙරට තරුණයින්ගේ ප්‍රමුඛතම ආයතනය බවට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

Address

09,
Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Youth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share