CELP

CELP Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CELP, Environmental conservation organisation, CELP House, Faculty of Law, University of Colombo, Colombo 03, Colombo.

The Centre for Environmental Law and Policy (CELP), Faculty of Law, University of Colombo (est. 2021), advances research on laws and policies while promoting cross-disciplinary collaboration to support an environmentally conscious society.

නොමිලේ නීති උපදෙස් ලබාදීමේ නීති ආධාර කඳවුර - මීගමුව ⚖️කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පරිසර නීති හා ප්‍රතිපත්ති කේන්ද්‍ර...
29/01/2026

නොමිලේ නීති උපදෙස් ලබාදීමේ නීති ආධාර කඳවුර - මීගමුව ⚖️

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පරිසර නීති හා ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් යුරෝපා සංගමයේ මූල්‍ය දායකත්වයෙන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඒකාබද්ධව, අධිකරණ අමාත්‍යාංශයේ අනුදැනුමින් ක්‍රියාත්මක යුක්තිය සඳහා සහය (JURE) ව්‍යාපෘතිය යටතේ නීති පීඨ ශිෂ්‍ය සංගමය හා මීගමුව මහ නගර සභාවේ සංවිධාන ශක්තියෙන් සහ මීගමුව නීතිඥ සංගමයේ නීතිඥ මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන,

මීගමුව මහ නගර සභා බලප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පැවැත්වෙන නොමිලේ නීති ආධාර කඳවුර

2026 ජනවාරි මස 31 වෙනි සෙනසුරාදා දින උදෑසන 10 සිට පස්වරු 03 දක්වා මීගමුව මහනගර සභා පරිශ්‍රයේ දී පැවැත්වේ.

ඔබට ඇති ඉඩම් ගැටලු, ගෙවල් කුලී ගැටලු, ඇප ලබාගැනීම් සම්බන්ධ ගැටලු, නඩත්තු ගැටලු, පවුල් ආරවුල් හා සම්බන්ධ ගැටලු, කම්කරු ආරවුල් ආදී සියලු ම ආකාරයේ සිවිල්, වාණිජ හෝ අපරාධමය නීති ගැටලු සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ මණ්ඩලයක් විසින් නොමිලේ නීති උපදෙස් ලබාදීමත්, නීති ශිෂ්‍යයන් විසින් ඔබගේ ගැටලුවට අදාල පියවර ලබාගැනීම් සඳහා සුදුසු අංශ වෙත යොමු කිරීමට උපදෙස් දෙමින් පසුවිපරම් කිරීමත් මෙම දිනයේ දී සිදුකෙරෙයි.

ඔබගේ ගැටලුවට අදාල ලිපිලේඛන ඇත්නම් ඒවාද රැගෙන එදින නීති ආධාර ලබාදීමේ සේවාව සඳහා මීගමුව මහනගර සභාව වෙත පැමිණෙන ලෙස ඔබට ඇරයුම් කර සිටිමු.

සංවිධායක මණ්ඩලය
නීති පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය

Address

CELP House, Faculty Of Law, University Of Colombo, Colombo 03
Colombo
00300

Website

Alerts

Be the first to know and let us send you an email when CELP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to CELP:

Share