Rasantha Suranga Vitharanage

Rasantha Suranga Vitharanage Be Kind Be Smart ❤️👑

17/04/2026

WALK FOR PEACE comes to Sri Lanka. The monks advocating for peace with their beloved companion Aloka will be treading on Lankan Soil. Stay tuned for more information.

06/02/2026
03/02/2026
03/02/2026

බියගම රෝද සපත්තු ක්‍රීඩා සමාජය සදහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමු......
එක්වන්න අප සමග බියගම පුරා විසිර සිටින දුවා දරුවන් රෝද සපත්තු ක්‍රීඩාව තුලින් ලොවක් දිනන්නට ....!🥇

🙏
13/05/2025

🙏

අවිදු අඳුර දුරලන
තැවී තැවී දැවුණු සියලු සිත් නිවී නිවී පහන් වන
සුපින්බර වෙසක් පුන් පොහෝදිනයක් වේවා
🟦🟨🟥⬜🟧

#එක්ව_ගොඩනගමු #බියගම_එජානිපෙ_සංවිධායක

20/04/2025

අවුරුදු ම හයක්..
මාස නම් එයින් හැත්තෑ දෙකක්...
දවස් නම් දෙදහස් එකසිය ගණනක්..පටන් ගැන්මක් කොහිද,
අවසානයක් කොහිද,

මේ අදත් එකම එක් දවසක්ය යුක්තියක් කොහිද එයටත්
එක අතෙකට...
යුක්තියක් , තීන්දුවක්, තීරණයක් ?


ආබාධිත වූ සියල්ලන්ටම හිතට සැනසිල්ල, සුවය ලැබේවා !

2019 පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සියල්ලෝම සමාදානයේ සැතපේවා !!! 💔

#එක්ව_ගොඩනගමු
#බියගම_එජානිපෙ_සංවිධායක

23/03/2025

1977 බලයට පත්වුන එජාප ආණ්ඩුවෙන් පස්සේ අනුර - ජවිපෙ - මාලිමා ආණ්ඩුව තරම් ප්‍රබල ආණ්ඩුවක් තවම බිහිවෙලා නෑ.ජේආර්ට හයෙන් පහක බලයක් සහිත ආණ්ඩුවක් තිබුණා.හැබැයි එදා තිබුණේ කේවල මැතිවරණ ක්‍රමයක්. සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ මේ සා විශාල බලයක් මොනම ආණ්ඩුවකටවත් තිබුණේ නෑ.

2020 දී පත්වුන ගෝඨාභයගේ ආණ්ඩුවට තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර 145 යි.ගෝඨාභය තුනෙන් දෙක හැදාගත්තේ තවත් කණ්ඩායම් කීපයක් එකතු කරගෙන.2009ය යුධ ජයග්‍රහණයෙන් පස්සේ තියපු මැතිවරණයෙන් පවා මහින්දට සෘජුව තුනෙන් දෙකක බලයක් ගන්න බැරිවුනා.මහින්ද ශ්‍රීලනිපට සැලුන් දොරක් හයි කරලා තමයි තුනෙන් දෙකක් හදාගත්තේ.

අනුරට ජනාධිපතිවරණයේදී 50% සීමාව ඉක්මවන්න බැරි උනත් මහ මැතිවරණයෙන් ඒ අඩුව වහගන්න අනුරට පුළුවන් වුනා.සමහරව්ට අනුරට ඒ ගැන පොඩි මදිපුංචිකමක් දැනෙන්න ඇති.ඒ සියල්ල මහ මැතිවරණයෙන් අකා මකා ගියා.ඇත්තටම අනුර ප්‍රමුඛ ජවිපෙ - මාලිමා ආණ්ඩුවටත් හිතාගන්න බැරි බලයක් හම්බවුනා.ඒ බලය විසින් ජවිපෙ මංමුලා වෙලා.

බලය ලැබුණ පලවෙනි මොහොතේම අනුරලා අසීමිත විදිහට බලයෙන් ඉදිමුණ බව කියන්න ඕනි.ජවිපෙ තිබුන වැඩවසම් උද්දච්චකම ඉහවහා ගියේ හරියට කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ.ඒ වෙනකොටත් රාජ්‍ය පාලනය ගැන කිසිම අද්දැකීමක් නැති ජවිපෙට රාජ්‍ය බලය ලැබීම ලංකා ඉතිහාසයේ දැවැන්තම ඛේදවාචකයක් බව මහ මැතිවරණ ප්‍රතිපල නිකුත් වෙන්නත් කලින් කිව්වා.ඒක හරියට අකුරු දන්නේ නැති කෙනෙක්ට පෑනක් දුන්නා වගේ වැඩක්.

අකුරු දන්නැති කෙනෙකුට පෑනක් දුන්නොත් මොකද වෙන්නේ.අකුරු බැරි කෙනාට ලියන්න බෑ. හැබැයි කටුගාන්න පුළුවන්.පෑන නිකන් පිටතට පෙන්න සාක්කුවේ දාගෙන ඉන්න පුළුවන්.කේන්ති ගියහම පෑනෙන් අනින්නත් පුළුවන්.පෑනක් දීමෙන් බලාපොරොත්තු වෙන වැඩේ විතරක් ඉෂ්ඨ වෙන්නේ නෑ.අනුරට බරදීලා තියන ආණ්ඩු බලයත් ඒ වගෙයි.

ලියන්න දන්නැති කෙනා කටුගානවා වගේ රාජ්‍ය පාලනය ගැන දන්නේ නැතිකම විසින් අනුර දැනටමත් දැවැන්ත අවුලක් හදාගෙන ඉවරයි.අනුර පෑනෙන් කරන්නේ කටුගාන එකයි,අනින එකයි විතරයි.මේ වෙනකොට ශ්‍රී ලංකා රාජ්‍යය ඇතුලේ හැම ක්ෂේත්‍රයකම ලොකු හිස්තැනක් නිර්මාණය වෙලා තියනවා.ඒකට හේතුව මේ සමස්ථය මධ්‍යගත කරගෙන මෙහෙයවන්න අනුරගේ ඇති නොහැකියාවයි.

දැනටමත් අපි ජාත්‍යන්තර වශයෙන් විශාල හුදකලාවීමකට ලක්වෙලා.ඉන්දියාව මත විතරක් යැපෙන තැනකට අනුරගේ පාලනය තල්ලුවෙමින් තියනවා.අපේ රටේ රාජ්‍ය සේවය ඇතුලේ ලොකු කඩාවැටීමක් තියනවා.අනුර ජනාධිපති උන තැන සිට මේ දක්වාම රාජ්‍ය සේවයේ හා තානාපති සේවාවල ඉන්න සුදුස්සන් නොසලකා හැරලා තියනවා.දැන් ඕනිම තනතුරක් දීමට එකම සුදුසුකමවෙලා තියෙන්නේ මාලිමාවට දක්වන දේශපාලන හිතවත්කමයි.

අනුරගේ ආණ්ඩුවෙත් තනතුරු ගන්නේ රාජපක්‍ෂලා වටකරගෙන හිටපු අයම තමයි.රාජපක්‍ෂලා තමන්ගේ පවුලේ උදවියගෙන් සහ ඥාති මිත්‍රාදීන්ගෙන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවය පිරෙව්වා.අනුරලාත් දැන් අනුගමනය කරන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ඒ රාජපක්ෂ තියරියයි. ඒක නිසා රාජ්‍ය සේවයේ විශාල පිරිසක් කළකිරීලා ඉන්නවා.

මෙතනදී බරපතලම ප්‍රශ්නය මතුවෙලා තියෙන්නේ ආරක්ෂක අංශවල.විශේෂයෙන්ම පොලීසියේ.අද පොලිසියට මහජන ආරක්ෂාව සහතික කරන්න බැරිවෙලා තියනවා.මහජන ආරක්ෂක ඇමති සහ නියෝජ්‍ය ඇමති කියන්නේ තනිකරම රූකඩ දෙකක් විතරයි.අද අයාලේ යන පොලිස් සේවයක් නිර්මාණය වෙලා විතරක් නෙවෙයි ඒක සමාජයට දැනෙන්නත් පටන් අරන්.පාතාලයත් ඒක හදුනාගෙන තියනවා.

පාතාලයට යටත්වුන පොලීසියක් තමයි අද තියෙන්නේ.පාතාලය පොලීසිය ඇතුලට රිංගලා. බුද්ධ් අංශ ක්‍රියාවලිය බරපතල විදිහට අඩපන වෙලා තියෙන බව පේනවා.සෙව්වන්දි අත්අඩංගුවට ගන්න බැරිවීම විතරක් නෙවෙයි, සෙව්වන්දි ගැන කිසිම හෝඩුවාක් දැනගන්න අපේ බුද්ධී අංශ අසමත් වෙලා තියනවා.සෙව්වන්දි ඉන්දියාවට පැනලා ගියාද?මාල දිවයිනට පැනලා ගියාද නැත්තං තවමත් රට ඇතුලේ ඉන්නවද කියලා කිසි දෙයක් අපේ ආරක්ෂක අංශ දන්නේ නෑ.

පොලිස්පති දේශබන්දු බාර වෙනතුරු අත්අඩංගුවට ගන්න බැරිවීමෙන් පොලීසිය ඇතුලේ නිර්මාණය වෙලා තියෙන අභයන්තර අර්බුදයේ තරම හිතාගන්න පුලුවන්.ඇත්තටම දේශබන්දු බාර උනේ නැත්තං මෙයාලා තවමත් දේශබන්දු හොයනවා.මේ ආණ්ඩුව කියන්නේ ඔහේ යන්නං වාලේ යන ඉලක්ක නැති,සැලසුම් නැති ආණ්ඩුවක්.ඒකට ප්‍රධාන හේතුව තමයි අනුර ඇතුලු පිරිසේ තියෙන නොදැනීම සහ නොහැකියාව.අනික දැනුවත් පිරිසක් අනුර වටේ නොසිටීම.

අනුර දැන් ගනුදෙනු කරන්නේ ඉතා සීමිත දූෂිත කවයක් එක්ක.අනුර දැන් ඉන්නේ එයාලගේ අත්අඩංගුවේ.පොලිසියේ කටයුතු වෙන්නේ රටේ සහ ජනතාවගේ අවශ්‍යාවයන්ට අනුව නෙවෙයි. පොලීසිය තනිකරම රවී සෙනවිරත්නකරණය සහ ශානී අබේසේකරකරණය වෙලා.දැන් එයාලගේ උවමනාවන් වෙනුවෙන් මෙහෙයවන පොලීසියක් බවට ශ්‍රී ලංකා පොලිසිය පත්වෙලා කියන බරපතල චෝදනාව තියනවා.

නීතිය හා සාමය ආරක්ෂා කරන්න මැදිහත් වෙන පොලිසියක් වෙනුවට පරණ හැරියස් කවර් කිරීමට මැදිහත්වෙන පොලීසියක් නිර්මාණය කරලා තියනවා කියන බරපතල චෝදනාව පොදුවේ තියනවා.

11/03/2025

මේන්න බඩු🤣

08/02/2025

Address

Boralla
Colombo
00800

Telephone

+94771771881

Website

Alerts

Be the first to know and let us send you an email when Rasantha Suranga Vitharanage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rasantha Suranga Vitharanage:

Share