26/09/2026
පින්බර බිනර පුන් පොහෝ දිනයක් වේවා..!
උතුම් බිනර පොහොය දිනයේ වැදගත්කම,
1) මහා ප්රජාපතී ගෝතමියගේ ඉල්ලීමකට අනුව මෙහෙණි සසුන ආරම්භ කිරීම.
2) මහා ප්රජාපතී ගෝතමිය ඇතුළු පන්සියයක් කාන්තාවන්ට පැවිද්ද හා උපසම්පදාව ලැබීම.
3) භික්ෂුණීන් වහන්සේලා සඳහා ගරු ධර්ම අටක් (අෂ්ඨ ගරුධර්ම) පැනවීම.
4) තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුදුරජාණන්වහන්සේගේ කේෂ ධාතු තැන්පත් කර ගිරිහඬු සෑය ඉදිකිරීම.
තෙරුවන් සරණයි! 🙏
ඔබ සැමට බුදුගුණ සිත් තුළ පිරී, මෛත්රී සිසිලස ලොව පුරා පැතිරී, සියලු සිත් සතන් නිවී සැනසෙන පින්බර බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🙏
▪️සමස්ත ලංකා බෞද්ධ ශිෂ්ය සම්මේලනය▪️
#බිනර