All Ceylon Buddhist Students' Federation

All Ceylon Buddhist Students' Federation The founder president is Mr. Godwin Rathnayake on 19th July of 1956.

නව වසරේ  සුභ මොහොතින් වැඩ කටයුතුහි  ආරම්භය........!▪️සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනය ▪️
17/04/2026

නව වසරේ සුභ මොහොතින් වැඩ කටයුතුහි ආරම්භය........!

▪️සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනය ▪️

🌞✨ලැබුවා වූ  සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද, ඔබ සැමට සාමය, සතුට, නිරෝගීකම සහ සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...
14/04/2026

🌞✨ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද, ඔබ සැමට සාමය, සතුට, නිරෝගීකම සහ සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...! 🌞✨

May the dawn of the Sinhala and Tamil New Year 2026 bring you peace, happiness, good health, and prosperity! Wishing you a very Happy New Year...! 🌞✨

#අවුරුදු

▪️සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනය▪

එතල් ප්‍රනන්දු විවාද තරගාවලියේ බස්නාහිර පළාත් සම්පාදක මන්ඩලය....
03/04/2026

එතල් ප්‍රනන්දු විවාද තරගාවලියේ බස්නාහිර පළාත් සම්පාදක මන්ඩලය....

🙏පින්බර බක් පුර පසළොස්වක පෝය දිනයක් වේවා...!🙏බක් පොහොයේ විශේෂතා,🔘දෙවන ලංකාගමනය - බුදුරජාණන් වහන්සේ සිය පළමු ලංකාගමනයෙන් ...
01/04/2026

🙏පින්බර බක් පුර පසළොස්වක පෝය දිනයක් වේවා...!🙏

බක් පොහොයේ විශේෂතා,
🔘දෙවන ලංකාගමනය - බුදුරජාණන් වහන්සේ සිය පළමු ලංකාගමනයෙන් මාස 9කට පසු, බක් පුන් පොහෝ දිනක නාගදීපයට වැඩම කළහ.

🔘 නාගදීපයේ කලහය සංසිඳුවීම - චූලෝදර සහ මහෝදර නා රජුන් මැණික් පළගක් නිසා ඇති කරගත් යුද්ධය, බුදුරජාණන් වහන්සේ වැඩම කර අවවාද දී නතර කරවූහ.

🔘නාගදීප විහාරය - මෙම පුවත මුල් කරගෙන නාගදීප පුරාණ රජමහා විහාරය පිහිටුවා ඇත.

මෙම පෝය දිනය ඔබ සැමට සාමය, සැනසීම සහ නිරෝගීභාවය උදා කරන පින්බර දිනයක් වේවායි අප ප්‍රාර්ථනා කරමු....🙏✨️

▪️සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනය ▪️

#සම්මේලනය

නැදුන්ගමුව රාජා යනු මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ විසූ වඩාත්ම ජනප්‍රිය සහ ගෞරවයට පාත්‍ර වූ හීලෑ හස්තියෙකි. * ඓතිහාසික පසුබිම...
10/03/2026

නැදුන්ගමුව රාජා යනු මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ විසූ වඩාත්ම ජනප්‍රිය සහ ගෞරවයට පාත්‍ර වූ හීලෑ හස්තියෙකි.

* ඓතිහාසික පසුබිම: ඉන්දියාවේ මයිසූර් මහාරාජා විසින් 1952 වසරේදී ශ්‍රී ලංකාවේ නීලම්මහර වෙද පරම්පරාවට තිළිණයක් ලෙස මෙම ඇත් පැටවා ලබා දී ඇත.

* ආගමික මෙහෙවර: වසර ගණනාවක් පුරා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැරේ සදාතුක කරඬුව වැඩමවීමේ උතුම් කාර්යය සිදු කළ ප්‍රධාන හස්තියා වූයේ මොහුය.

* විශේෂත්වය: දකුණු ආසියාවේ හීලෑ අලි ඇතුන් අතර සිටි උසම හස්තියා ලෙස මොහු සැලකේ.
පෙරහැර සඳහා නුවර බලා යන ගමන කිසිදු වාහනයක් භාවිතා නොකර පයින්ම ගමන් කිරීම මොහුගේ විශේෂ චාරිත්‍රයක් විය.

* හිමිකාරිත්වය: වැලිවේරිය නැදුන්ගමුවේ පදිංචි වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා මෙහි අවසාන හිමිකරු විය.

* අභාවය: 2022 මාර්තු මස 07 වන දින වයස අවුරුදු 69ක්ව සිටියදී නැදුන්ගමුව රාජා මියගියේය.

* ගෞරව උපහාර: මොහුගේ සේවය අගයා රුපියල් 15ක සමරු මුද්දරයක් ද නිකුත් කර ඇති අතර, මියයෑමෙන් පසු දේහය ජාතික වස්තුවක් ලෙස නම් කර සංරක්ෂණය කිරීමට පියවර ගැනුණි.

අද දින මෙලෙස වසර හතරක බාරදූර කාරයකින් පසු මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සිදුවිය.

කාලවර්ණ පින්කඳ ඉක්මන් භවයකදී ධර්මාවබෝධයය ලැබේවා...🙏

සටහන
*සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනය*
#නැදුන්

මෙරට පාසල් ඉතිහාසයේ පාසල් අතර පැවැත් වූ ප්‍රථම අන්තර් පාඨශාලීය විවාද තරගා වලිය වන *එතල් ප්‍රනාන්දු විවාද ශූරතාවලිය* *බස්...
03/03/2026

මෙරට පාසල් ඉතිහාසයේ පාසල් අතර පැවැත් වූ ප්‍රථම අන්තර් පාඨශාලීය විවාද තරගා වලිය වන *එතල් ප්‍රනාන්දු විවාද ශූරතාවලිය* *බස්නාහිර පළාතේ* ඔබ පාසලේ විවාද සංගමයට අපි ආරාධනා කරන්නෙමු.

🛑එසේම *ඔබේ අයදුම්පත* පහත වට්සැප් අංකයට මාර්ගගත ක්‍රමය ඔස්සේ *මාර්තු 10ට පෙර* යොමු කරන්න.

🛑 ඔබේ අයදුම්පත්‍රයෙහි විදුහල්පති මුද්‍රාව හා අත්සන සහිතව ,උප්පැන්න සහතිකයේ ඡායා පිටපත් සම්පාදක මණ්ඩලයේදි අනිවාර්යෙන් රැගෙන පැමිණිය යුතුය.

🟢වැඩිදුර විමසීම් - 0712889230 /0758124406

*සංවිධානය -සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනය*
නො.380,බෞද්ධාලෝක මාවත, කොළඹ 07

Whatsapp channel - Follow the එතල් ප්‍රනාන්දු විවාද ශූරතාවලිය 2026🏆️ channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbBFhnG59PwUinMGIx1g

ලෝකයේ සියලු සිත් මල් වගේ විවිරා, කඳුළු සහ යුධ ගිනි නිවී සන්සුන් සහ සතුටින් පිරිපුන් පෝහෝදිනක් වේවා...🙏මැදින් පෝයේ විශේෂත...
02/03/2026

ලෝකයේ සියලු සිත් මල් වගේ විවිරා, කඳුළු සහ යුධ ගිනි නිවී සන්සුන් සහ සතුටින් පිරිපුන් පෝහෝදිනක් වේවා...🙏

මැදින් පෝයේ විශේෂත්වය..

මැදින් පෝය දිනේ බුද්ධ ශාසන ඉතිහාසයේ අතිශය වැදගත් දිනයක් ලෙස සැලකේ.
මෙම දිනෙහි සිදු වූ ප්‍රධාන සිද්ධිය වන්නේ, සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු පළමු වරට තම පියා වන ශුද්ධෝදන මහරජතුමා සහ රාජකීය පවුල හමුවීමට කපිලවස්තු නුවරට පැමිණීමයි.

එම අවස්ථාවේදී,
🔻රාහුල කුමාරයා සමාණෙර භික්ෂුවක් ලෙස පැවිදි වීම
🔻 නන්ද කුමාරයා පැවිදි වීම
🔻රාජකීය පවුලේ බොහෝ දෙනා ධර්මය පිළිගැනීම
වැනි සිදුවීම් සිදු වූ අතර,
“පවුලටත්, ලෝකයටත් ධර්ම මඟ පෙන්වීම” යන උතුම් අරුත මෙදිනෙන් අපට සිහිපත් කරයි.

මෙය අපට සිහිපත් කරන්නේ –
🟠අහංකාරය අතහැරීම
🟠 සත්‍යය පිළිගැනීම
🟠පවුලේ සමගිය සහ ආදරය
🟠 ධර්මයට ලංවීම

▪️සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනය ▪️

# මැදින්පොහොය

සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන දිවයිනේ පාසල් අතර පැවැත් වූ ප්‍රථම විවාද තරගාවලිය..බුද්ධි...
18/02/2026

සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන දිවයිනේ පාසල් අතර පැවැත් වූ ප්‍රථම විවාද තරගාවලිය..

බුද්ධි කලනයේ ප්‍රතිමල්ලවයන් පොරබදින තාර්කික පිවිසුම

*එතල් ප්‍රනාන්දු අනුස්මරණ විවාද ශුරතා තරගාවලිය 2026*

*දැන් අයදුම්පත් භාර ගැනේ....*

වැඩිදුර විමසීම්- 0758124406

ඔබ පාසලේ විවාද කණ්ඩායමත් සූදානමින් සිටින්න....👊

Follow the එතල් ප්‍රනාන්දු විවාද ශූරතාවලිය 2026🏆️ channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbBFhnG59PwUinMGIx1g

#2026

අදින් ඇරඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ  විභාගයට පෙනී සිටින සියළුම සොයුරු සොයුරියන්ට ඉතා හොඳින් විභාගය ජය ගැනී...
16/02/2026

අදින් ඇරඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියළුම සොයුරු සොයුරියන්ට
ඉතා හොඳින් විභාගය ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා......!

▪️සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනය ▪️

78 වන නිදහස් සැමරුම් දිනය අභිමානයෙන් සමරමු ...! 1948 - 2026මව්බිමේ  නිදහස  වෙනුවෙන්  ජිවිතය  කැප  කල  හෙළ  විරුවන්ට  අපග...
03/02/2026

78 වන නිදහස් සැමරුම් දිනය අභිමානයෙන් සමරමු ...!
1948 - 2026

මව්බිමේ නිදහස වෙනුවෙන් ජිවිතය කැප කල හෙළ විරුවන්ට අපගේ ප්‍රණාමය.. 🙏

Happy independence day Sri Lanka 🇱🇰

-සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය -

#නිදහස

*ඔබ සැමට බැතිබර නවම් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා.....!🙏🙏🙏•නවම් පොහොය දින වැදගත්කම් මෙසේය.,*️⃣බුද්ධ ශාසනයේ පළමු වන සංඝ ...
01/02/2026

*ඔබ සැමට බැතිබර නවම් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා.....!🙏🙏🙏

•නවම් පොහොය දින වැදගත්කම් මෙසේය.,

*️⃣බුද්ධ ශාසනයේ පළමු වන සංඝ සභාව පැවැත්වීම.

*️⃣සාරිපුත්ත හා මොග්ගල්ලාන තෙරවරුන්ට බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම.

*️⃣බුදුරජාණන් වහන්සේට ආයු වසර අසූවක් පිරෙන කළ විශාලා මහනුවර චාපාල චෛත්‍යය අසලදී ආයු සංස්කාරය අතහැරීම.

මේ උතුම් පුන් පොහෝදා ලක්වැසි ඔබ සැමගේ තුන් සිත පැහැදී උතුම් වූ නිර්වාණයට තව තවත් ළං වේවා යයි සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයේ අපි ප්‍රාර්ථනා කරමු.


Address

No. 380, Bauddhaloka Mawatha
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when All Ceylon Buddhist Students' Federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to All Ceylon Buddhist Students' Federation:

Share