Moralians Cricket Wing

Directions

Moralians Cricket Wing Cricket Lover's Of Moralians

𝐆𝐨𝐨𝐝 𝐥𝐮𝐜𝐤, 𝐌𝐨𝐫𝐚𝐥𝐢𝐚𝐧𝐬 𝐛𝐨𝐲𝐬!  ❤️👏🏻
25/09/2026

𝐆𝐨𝐨𝐝 𝐥𝐮𝐜𝐤, 𝐌𝐨𝐫𝐚𝐥𝐢𝐚𝐧𝐬 𝐛𝐨𝐲𝐬! ❤️👏🏻

𝐓𝐢𝐞𝐫 𝐁 𝐓𝟐𝟎 𝐓𝐨𝐮𝐫𝐧𝐚𝐦𝐞𝐧𝐭 𝟐𝟎𝟐𝟔 - 𝐅𝐢𝐧𝐚𝐥 🏆
𝐋𝐞𝐨 𝐂𝐂 🆚 𝐀𝐫𝐦𝐲 𝐒𝐂

📅 𝟐𝟔𝐭𝐡 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 𝟐𝟎𝟐𝟔
⏰ 𝟎𝟗:𝟒𝟓 𝐀𝐌
🏟️ 𝐒𝐚𝐦𝐚𝐝𝐡𝐢 𝐆𝐫𝐨𝐮𝐧𝐝, 𝐀𝐧𝐮𝐫𝐚𝐝𝐡𝐚𝐩𝐮𝐫𝐚

Sri Lanka Cricket ආයතනය සංවිධානය කරන Tier B T20 තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වෙන අතර මෙවර අවසන් මහා තරගයේදී ලියෝ ක්‍රීඩා සමාජය සහ ආමි ක්‍රීඩා සමාජය අනුරාධපුර සමාධි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශූරතාව වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.

ලියෝ ක්‍රීඩා සමාජය අවසන් පූර්ව තරගයේදී Sebastianites ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සිය ස්ථානය වෙන්කරගත් අතර, ආමි ක්‍රීඩා සමාජය Negombo CC D/L න්‍යායට අනුව පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.

සුපුන් දිල්ෂාන්ගේ නායකත්වයෙන් Leo ක්‍රීඩා සමාජය තරග බිමට පිවිසෙන අතර, මෙවර Tier B එක්දින ශූරතාවයද දිනාගත් Army SC කණ්ඩායම මොරටු මහා විද්‍යාලයේ හිටපු දක්ෂ අදි ක්‍රිකට් ක්‍රීඩකයන් වන ශෙහද සොයිසාගේ නායකත්වය යටතේ සහ අජන්ත මෙන්ඩිස්ගේ පුහුණුකාරීත්වය යටතේ ශූරතාව වෙනුවෙන් සටන් වදිනු ඇත.

✍🏻 𝐀𝐦𝐢𝐥𝐚 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨

❤️👏🏻🏏
15/09/2026

❤️👏🏻🏏

- සියල්ලන්ට පිත්තේන් පිළිතුරු සපයන නිශාන් මධුෂ්ක - ❤️🏏🇱🇰

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නිශාන් මධුෂ්ක මේ වන විට දේශීය ක්‍රිකට් පිටියේ සුපිරි රිද්මයක පසුවෙයි. කොළඹ ක්‍රිකට් සමාජය වෙනුවෙන් -CCC ඔහු අවසන් තරග හතරේදී අර්ධ ශතකයක් සහ පිට පිට ශතක තුනක් රැස් කර තිබේ.

මධුෂ්කගේ මෙම විශිෂ්ට දස්කම් මාලාව ආරම්භ වූයේ සැප්තැම්බර් 5 වැනිදා කුරුණෑගල YCC කණ්ඩායමට එරෙහිව පැවති Major Clubs T20 තරගාවලියේ අවසන් කාණ්ඩ තරගයේදී නොදැවී පන්දු 44කින් ලකුණු 55ක් රැස් කිරීමත් සමඟිනි. එම ඉනිම හේතුවෙන් CCC කාණ්ඩයේ තෙවැනි ස්ථානය ලබා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඉන් දින දෙකකට පසුව, සැප්තැම්බර් 7 වැනිදා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර 50 දේශීය තරගාවලිය වන Major Clubs Limited Over තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී SSC ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 132කින් ලකුණු 148ක් රැස් කරමින් මධුෂ්ක සිය පළමු ශතකය වාර්තා කළේය. කෙසේ වෙතත්, ලකුණු 332ක ඉලක්කයක් හඹාගිය CCC කණ්ඩායම DLS ක්‍රමයට එක් ලකුණකින් එම තරගය පරාජයට පත්විය.

අනතුරුව සැප්තැම්බර් 9 වැනිදා Ace CCC කණ්ඩායමට එරෙහි Major Clubs T20 අර්ධ අවසන් පූර්ව තරගයේදී මධුෂ්ක නොදැවී පන්දු 56කින් ලකුණු 114ක් රැස් කළේය. එම වේගවත් ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් ඇතුළත් විය. ඔහුගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් CCC කණ්ඩායම ලකුණු 218ක් ලබාගත් අතර, පසුව පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් ලකුණු 64ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

මධුෂ්කගේ පිට පිට ශතක තුනේ නවතම ශතකය වාර්තා වූයේ Tamil Union කණ්ඩායමට එරෙහි Major Clubs T20 අවසන් පූර්ව තරගයේදීය. ලකුණු 194ක ඉලක්කයක් හඹායමින් ඔහු නොදැවී පන්දු 65කින් ලකුණු 109ක් රැස් කළේය. එම ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් ඇතුළත් විය.

අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 13ක් අවශ්‍යව තිබියදී මධුෂ්ක ලකුණු 12ක් රැස් කළද, කොළඹ කණ්ඩායමට ජයග්‍රහණය කරා යාමට නොහැකි විය. තරගය ලකුණු සමවීමෙන් අවසන් වූ අතර Super Over අවස්ථාවක් දක්වා තරගය දිග්ගැස්සුණි.

එහිදී Binura Fernando පළමු පන්දුවෙන්ම මධුෂ්ක දවාගත් අතර, ඊළඟ පන්දුවෙන් Dulnith Sigera ද දවාගනිමින් කොළඹ කණ්ඩායම ලකුණු නොලබා Super Over එක අවසන් කළේය. Tamil Union කණ්ඩායම එක් පන්දුවකින්ම එම ඉලක්කය සම්පූර්ණ කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

තවත් විශේෂත්වය වන්නේ මධුෂ්කගේ මෙම ශතක තුනම පිළිමළුන් පිටුදැකීමේ තරගවලදී වාර්තා වීමයි.

Major Clubs T20 තරගාවලියේදී Nishan Madushka Fernando ඉනිම් 5කදී ලකුණු 296ක්, සාමාන්‍ය 148.00ක් සහ ප්‍රහාරක වේගය 164.44ක් ලෙස වාර්තා කර තිබේ.

Major Clubs 50-Over තරගාවලියේදී ඔහු තරග 4කදී ලකුණු 206ක් රැස් කර ඇති අතර, ඔහුගේ පිතිකරණ සාමාන්‍යය 51.50කි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින තරග රටා දෙකේදීම ආරම්භක පිතිකරුවෙකු ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති නිශාන් මධුෂ්ක, අවසන් වරට ඉන්දියාව සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී කණ්ඩායමෙන් ඉවත් කෙරුණි.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව සිය සුපුරුදු රිද්මය නැවත සොයාගත් නිශාන් මධුෂ්ක, පිත්තෙන් පිළිතුරු ලබාදෙමින් තමන් තවදුරටත් ජාතික කණ්ඩායම වෙනුවෙන් වගකීම් භාර ගැනීමට සූදානම් බව නැවත නැවතත් පෙන්වා දෙමින් සිටින අතර ❤️👏🏻දේශීය පිටියේ පිට පිට ශතක තුනක් ඇතුළුව අඛණ්ඩව දැක්වූ විශිෂ්ට පිතිහරඹය, ජාතික කණ්ඩායමට නැවත පැමිණීම සඳහා ඔහුගේ සූදානම පැහැදිලිව පෙන්වන සාක්ෂියක් බවට පත්ව තිබේ.

✍🏻 𝗔𝗺𝗶𝗹𝗮 𝗙𝗲𝗿𝗻𝗮𝗻𝗱𝗼


❤️👏🏻
10/09/2026

❤️👏🏻

𝐓𝐈𝐄𝐑 𝐁 – 𝟓𝟎 𝐎𝐕𝐄𝐑 අවසන් ගැටුම හෙට🏆

𝐀𝐑𝐌𝐘 𝐒𝐏𝐎𝐑𝐓𝐒 𝐂𝐋𝐔𝐁 🆚 𝐆𝐀𝐋𝐋𝐄 𝐂𝐑𝐈𝐂𝐊𝐄𝐓 𝐂𝐋𝐔𝐁

Sri Lanka Cricket ආයතනය සංවිධානය කරන 𝐓𝐈𝐄𝐑 𝐁 – පන්දුවාර 50 එක්දින තරගාවලියේ අවසන් මහා තරගය හෙට (11) කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර අවසන් තරඟය සඳහා 𝐀𝐑𝐌𝐘 𝐒𝐂 සමගින් 𝐆𝐀𝐋𝐋𝐄 𝐂𝐂 සමඟින් කණ්ඩායම් තරඟ වැදීමට නියමිතයි.

𝐀𝐑𝐌𝐘 𝐒𝐏𝐎𝐑𝐓𝐒 𝐂𝐋𝐔𝐁 මෙවර නායකත්වය ලබාදෙන්නේ Moratu Maha Vidyalaya නියෝජනය කළ හිටපු නායකයෙකු වන ශෙහාද සොයිසා S Nichendra Soysa වන අතර, ගාල්ල ක්‍රිකට් සමාජයට නායකත්වය ලබාදෙන්නේ දක්ෂ පළමු පෙළ ක්‍රීඩකයෙකු වන Amitha Eranda විසිනි.


❤️👏🏽
09/09/2026

❤️👏🏽

නීෂාන් මධුෂ්කගේ සුපිරි ඉනිම! 💯👏🏽🏏

MAJOR CLUBS T20 TOURNAMENT 2026 🏆CCC 🆚 ACCC

අද පැවති අර්ධ අවසන් පූර්ව තරඟයේදී, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන Nishan Madushka Fernando CCC කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ශතකයක් වාර්තා කරමින් ACCC කණ්ඩායමට එරෙහිව සුපිරි ඉනිමක් දියත් කරා

Address

Moratuwa
Colombo
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Moralians Cricket Wing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share