21/10/2024
(Copied) ගැහැනු අපි එක මිටට 12.7% යි.
2024 මහ මැතිවරණයේ අපේක්ෂක-අපේක්ෂිකා ලැයිස්තු නිකුත්ව තිබේ. ජාතික ජන බලවේගය විසින් පසුගිය සමයේ 'ගැහැනු අපි එක මිටට' තුළ ගොඩනැගූ ස්ත්‍රීන්ට සම තැන දීමේ, ස්ත්‍රීන් බලගැන්වීමේ කතිකාවට සාධාරණයක් වන්නට නම් අවම වශයෙන් 20% ක් වත් ස්ත්‍රීන් සිටින්නට තිබුණි (ඉන්දියාවේ ස්ත්‍රීන්ගේ පාර්ලිමේන්තු කෝටාව 33% ලෙස මෑතකදී සම්මත විය). ඉතිහාසයේ මෙතෙක් නොදුටු මහා ස්ත්‍රී දේශපාලන පිබිදීමක් ලෙස සමරනු ලැබූ ගැහැනු අපි එක මිටට අවසානයේදී, ගැහැනු 12.7%ක් සහ පිරිමි 87.3%ක් ලෙස වූ නොවිසඳුණු ගැටලුකාරී විෂමතාවයක් අප වෙත පිරිනමා ඇත. මෙය අපට නැවත මතක් කර දෙන්නේ පුරුෂාධිපති බල ව්‍යුහයන් තුළට කොන්දේසි විරහිතව අනුගත වීමෙන් ලබා ගත හැකි මහා ජයග්‍රහණ නොමැති බවයි.
නාමයෝජනා ලැයිස්තුවට අවම වශයෙන් 20% ක්වත් ඇතුලත් කිරීමට ලංකාව පුරා ස්ත්‍රීන් 58ක් සොයා ගැනීමට නැති බව ගැහැනු දේශපාලනිකව සක්‍රීය කළේ යැයි පවසන ව්‍යාපාරයකින් බලාපොරොත්තු විය හැකි නිදහසට කරුණක් නොවේ. අඩු තරමින්, වැඩිම අපේක්ෂිකාවන් ගණනක් ඇත්තේ අපට යැයිවත් කීමට නොහැක (අපේක්ෂිකාවන් 37ක් සමඟින් ජන අරගල සන්ධානය ඉහලම ස්ත්‍රී නියෝජනයට හිමිකම් කියයි). පසුගිය මැතිවරණ සමය තුල ස්ත්‍රී ඡන්දය වෙනුවන් ඉලක්කගතව වැඩ කළ එකම ව්‍යාපාරය ලෙස, එසේ නොකළ අනෙක් පක්ෂවලට සාපේක්ෂව සැබෑ වෙනසක් සලකුණු කිරීමට මාලිමාවට නොහැකි වූයේ ඇයිද යන්න එතරම්ම සිතා ගැනීම අපහසු දෙයක් නොවේ.
මෙහි දැක්වෙන අපේක්ෂිකාවන්ගෙන් පවා ජාතික මට්ටමේ නායිකාවන් ලෙස මෙතුවක් කල් ප්‍රවර්ධනය වූ අය සිටින්නේ ඉතාමත් සුළු පිරිසකි. සංකේතීය වැදගත්කමක් ඇති මෙහි සිටින ඇතැමෙක් ඡන්දය අභියස පමණක් ප්‍රවර්ධනයට ලක් වීම තුළද අපට සිතන්නට යමක් ඇත (එසේ හෝ ප්‍රවර්ධනය වීම, එසේ හෝ ජාතික මට්ටමෙන් හඳුනාගැනීම හොඳ බව ඇත්ත). ගැහැනු දේශපාලනිකව සක්‍රීය කරනවා යනු පෝස්ටර් අලවන ගැහැනියගෙන් සරලමතිකව නිරූපණය කළ නොහැකි, සැබෑ දේශපාලන උනන්දුවක් තිබිය යුතු දැවැන්ත ව්‍යාපෘතියකි.
මෙසේ පවසන විට මගේ NPP සහෘදයින් අපහසුවට අමනාපයට පත් නොවනු ඇතැයි සිතමි. එනමුත් ස්ත්‍රීවාදී දේශපාලනය යනු සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනයට වඩා පුළුල් දේශපාලනයකි. බීජ වැපිරීමට හොඳම තත්වයන් පවතින කල බීජ වැපිරිය යුතුමය. මෙය එවන් කාලයකි.
මෙවර මහ මැතිවරණයට තරඟවදින මාගේ සහෝදරියන් සැමට ජයෙන් ජය!
#ගැහැනුඅපි
‘Gehanu Api Eka Mitata’ Only 12.7%
The candidate lists for the 2024 general elections have been released. To do justice to the conversation on women's equality and empowerment that the National People's Power built up through the 'Gehanu Api Eka Mitata' initiative, at least 20% of candidates should have been women (India recently passed a law ensuring a 33% quota for women in parliament). The grand initiative, which was celebrated as an unprecedented political awakening for women, has ultimately resulted in a troubling and unresolved imbalance: 12.7% women and 87.3% men. This reminds us once again that we cannot expect great victories through unconditional integration into patriarchal power structures.
It is not unreasonable to expect a movement that claims to politically empower women to include at least 20% women on its nomination list. It’s difficult to believe that across all of Sri Lanka, there are not even 58 women qualified for nomination. At the very least, we cannot say that we have the highest number of female candidates (with the People's Struggle Alliance claiming the highest female representation, with 37 candidates). However, it’s not hard to understand why NPP failed to mark a significant difference compared to other parties, especially as the only movement that specifically targeted women's votes during the previous election period.
Even among the candidates listed, very few have been promoted as national-level leaders. Some on the list, who hold symbolic importance for the election, seem to be promoted only now, just ahead of the election—this, too, raises questions (though promotion or recognition at the national level, even at this stage, is of course a positive step). Politically empowering women cannot be simplistically represented as women putting up posters; it must involve genuine political will and dedication.
I hope my comrades in the NPP will not be offended by these comments. However, feminist politics is broader than traditional party politics. When conditions are ripe for sowing seeds, they must be sown. And this is that time.
I wish victory and success to all my women comrades contesting in this general election!
#ගැහැනුඅපි Shyama Basnayake