වෙනස් පරපුර - Wenas Parapura - Change Community

වෙනස් පරපුර - Wenas Parapura - Change Community Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from වෙනස් පරපුර - Wenas Parapura - Change Community, Community Organization, Kahathuduwa, Colombo.

මේ දෙරණේ පිළිකා රෝගීන් සියළුම දෙනාම සුවපත් වේවා ප්‍රර්ථනා කරමු 🙏🙏
26/11/2025

මේ දෙරණේ පිළිකා රෝගීන් සියළුම දෙනාම සුවපත් වේවා ප්‍රර්ථනා කරමු 🙏🙏

🚫🚫🔥🔥විශේෂ නිවේදනයයි🔥🔥🚫🚫දැදුරු ඔය ජලාශය අවට බිලීබෑමෙහි යෙදෙන පුද්ගලයන් හට කරන විශේෂ නිවේදනයයි.පලමුව මේ දිනවල සාමාජ මාධ්‍ය...
21/08/2025

🚫🚫🔥🔥විශේෂ නිවේදනයයි🔥🔥🚫🚫
දැදුරු ඔය ජලාශය අවට බිලීබෑමෙහි යෙදෙන පුද්ගලයන් හට කරන විශේෂ නිවේදනයයි.පලමුව මේ දිනවල සාමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන සැප්තැම්බර් මස 19 -20 දිනයන් වල පවත්වනු ලබනවා යැයි කියන බිලී බෑමේ තරගය සම්බන්ධයෙන් දැදුරු ඔයේ ධීවර සමිතීන් කිසිවක් හට දැනුම් දීමක් හෝ කර නොමැති අතර එම පුවතද සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රවෘත්තියකි.තවද දැදුරු ඔයේ ධීවර සමීතීන් දැනුවත් නොකර ලියාපදිංචි නොවී අනවසරයෙන් බීලී බාන පුද්ගලයන්ගේ බිලී ආම්පන්නද සමීතීන් මගින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමට බලය ඇති අතර එම නිසා බිලී බෑමට පැමිණෙන සියලුම දෙනා සමීතියේ ලියාපදිංචි වී සමීතීන් දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
(මෙයට කැකුලාවල ධීවර සමීතියේ සභාපති තුමා -0757587751) (චායාරූපය උපුටා ගන්නා ලද එකකි)

16/07/2025
15/07/2025

මේ Status එක උදේම දකින ඔයාට අද දවසේ බිස්නස් වැඩි වෙලා අත මිට සරු වේවා !

මෙරට ජනයා හෙළ වෙදකම කෙරෙහි විශ්වාස කළේ අනාදිමත් කාලයක සිටය. මිනිසුන්ට පමණක් නොව සතා සිවුපාවාට මෙන්ම ගහකොළට වැලඳෙන රෝග පව...
13/07/2025

මෙරට ජනයා හෙළ වෙදකම කෙරෙහි විශ්වාස කළේ අනාදිමත් කාලයක සිටය. මිනිසුන්ට පමණක් නොව සතා සිවුපාවාට මෙන්ම ගහකොළට වැලඳෙන රෝග පවා සුවපත් කිරීමට අවශ්‍ය කෙම් ක්‍රම පවා ඔවුන් දැන සිටියහ. එවැනි විස්මිත හෙළ වෙද පරපුරක් පිළිබඳ තොරතුරු ලැබුණේ බෙන්තොට ගෝනගලපුර දොඹගහවත්ත ග්‍රාමයේදීය. සියලු සර්වාංග රෝග සුවපත් කිරීමට සමත් ඉසිවරයකු වන හෙහෙම දේශීය වෛද්‍ය පද්මසිරි බෙන්තර හේමපතිරණ ය.

වර්ෂ 1939 මැයි මස 27 වැනිදා බෙන්තොට ගෝනගලපුර දොඹගහවත්ත ග්‍රාමයේදී බෙන්තර හේමපතිරණ සිඤ්ඤෝ අප්පුහාමි වෙද මහතාට සහ බෝමිලියගේ ලැයිනෝනාට දාව ඔවුන්ගේ දස වැනි දරුවා ලෙස මෙලොව එළිය දුටුවේය. ඔහුගෙන් පසු සොයුරන් දෙදෙනකු හා සොයුරියන් දෙනකු පවුලට එකතු විය. ඒ අනුව ඔහුට සහෝදර සහෝදරියන් දහතුන් දෙනකි. එහෙත් බෙන්තර වෙදපරම්පරාවට උරුමකම් කීවේ පද්මසිරි වෙද මහතා සහ ඔහුට වැඩිමහල් සොහොයුරා පමණි. මේ වනවිට ඔහු ද ජීවතුන් අතර නැත. කුඩා සන්දියේ පටන් සහෝදරයා සමඟ පියාගේ මඟ යමින් වෙදකම ගැන අත්පොත් තැබූ පද්මසිරි හේමපතිරණ මුලකුරු කියවූයේ ගෝනගල මධ්‍ය මහා විද්‍යාලයෙනි. ජ්‍යේෂ්ඨය සමත් වූ හෙතෙම ඒ වනවිටත් පියාගේ අඩිපාරේ යමින් වෙදකමට පිවිස සිටියේය. හාල්පන්දන් හේවගේ පියසීලි හා අතිනත ගත් ඔහුට දියණියන් දෙදෙනකු හා පුතුන් දෙදෙනකු ලෙස දරුවන් සිවු දෙනකි. වෙදකමට මෙන්ම ගොවිකමට ද එක සේ දක්ෂයකු වන පද්මසිරි වෙද මහතා බිරියගෙන් උරුම වූ ගොඩ මඩ ඉඩම් සියල්ලක්ම වගා කර සරුසාර කර ඇත. ඔහුට දරුවන් සිවුදෙනෙකි.ඔහුගේ දරුවන් සිවු දෙනා අතරින් වෙදකම පිළිබඳ සියලු වගකීම් පැවරී ඇත්තේ පවුලේ තුන් වැන්නා ලෙස උපන් පුතු අනුරුද්ධ පද්මසිරි හේමපතිරණටය. පරම්පරාවෙන් උරුම වූ පිටු 588කින් යුත් පුස්කොළ පොතක් ඔහු සතුව තිබේ. ඔහු සියලු රෝග සඳහා වෙදකම් කරන්නේ ඒ පුරාණ පුස්කොළ පොතේ ලියා ඇති බෙහෙත් වට්ටෝරුවලිනි.

ප්‍රතිකාර ගැනීමට තමා වෙත පැමිණෙන්නන් පිළිබඳ හේමපතිරණ වෙද මහතා පවසන්නේ මෙවැන්නකි.

“මං ළඟට හන්දි අමාරුව හා අංශභාග රෝගීන් වැඩි දෙනෙක් එනවා. සමහරුන්ගේ එක අතක් හෝ පයක් වැඩ කරන්නේ නැහැ; අක්‍රීයයි. සමහරකුගේ අත් කකුල් දෙකම පණ නැහැ. අපි තෙල් සාත්තුව කරලා බෙහෙත් පොට්ටනිවලින් තවලා පත්තු බැඳලා දින දාහතරකට බෙහෙත් දෙනවා. අපි කියන විදියට පිළිවෙත් අනුගමනය කරන අය දින දාහතර යන්න කලින් නැඟිටිනවා. සමහරු සතියක් යද්දි නැඟිටිනවා. ඒ වගේම දණහිසේ වතුර ඇති වීම තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ටත් මම බෙහෙත් කරනවා. මිනිස් ශරීරයේ තියෙන විශාල සන්ධියක් තමයි දණහිස් සන්ධිය. මේ සන්ධියට මිනිසාගේ ශරීරයේ බර මෙන් තුන් ගුණයක් බර යොමු­‍ ෙවනවා. මෙහි වට ප්‍රමාණය කුඩා නිසා අධික පීඩනයක් දරා ගැනීමට සිදු වූ විට දණ හිසේ විවිධ රෝගාබාධ හට ගන්නවා. දණහිස ආශ්‍රිතව ඇති වෙන මේ රෝගාබාධ නිසා කාන්තා, පිරිමි හැමෝම වේදනා විඳිනවා. මේ වේදනාව නිසා එදිනෙදා ජීවිතයේ කරන සාමාන්‍ය කටයුත්තක්වත් ඔවුන්ට කර ගන්න හැකියාවක් නැහැ. විශේෂයෙන්ම දණ හිසේ වතුර පිරීම කියන රෝගී තත්ත්වයට වැඩි වශයෙන් මුහුණ පාන්නේ අවුරුදු හතළිහ ඉක්ම වූ කාන්තාවන්. මේ රෝගී තත්ත්වය ප්‍රමේහ රෝග ගණයට අයත් වෙන ආමය මුල් කරගෙන ඇති වන තත්ත්වයක්. මේ රෝගී තත්ත්වය ඇති වෙන්නට හේතු ගණනාවක්ම බලපානවා. අධික ස්ථුලතාවය එක හේතුවක්. මේ නිසා ශරීරයේ බර වැඩි වීමෙන් දණහිසට දැරීමට සිදු වන පීඩනය අධිකයි. එවැනි අවස්ථාවල වැඩි වශයෙන් කාටිලේජ ගෙවී යන්නට පටන් ගන්නවා. එවැනි අවස්ථාවක මෙවැනි තත්ත්වයක් ඇති වීමේ සම්භාවිතාව වැඩියි. ඒ වගේම දියවැඩියාව, ව්‍යායාම් නොකිරීම, බර වැඩි වීම නිසා පාදවල බකල තත්ත්ව ඇති වීම, ආම වාතය, රක්ත වාතය, කුඩා කාලයේ වැටීමෙන් ඇති වූ තැළීම් ආදිය නිසාත් මෙම රෝගී තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්. මෙවැනි රෝගීන් ශරීර ලක්ෂණ අනුව එය කල් තියා හඳුනා ගත හැකියි. ඒ දණහිස ඉදිමීම, නිතර ඇති වන උණ ගතිය, ඇඟපත වේදනාව, දණහිස නැවීමේ අපහසුතාව හා දණහිසේ තදබල වේදනාවක් ඇති වීම වැනි මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් පරික්ෂා කර බැලීම ඉතාම වැදගත්. ඇතැම් විට දණහිසේ ඇති වන මේ තත්ත්වයන් එතරම් තැකීමකට නොගැනීමෙන් දණහිස් හන්දිය කොර වීමෙන් ඇවිදීමට පවා අපහසු වී කාලයක් ගතවන විට එකතැන් වෙන්න පුළුවන්. මොකද දණහිසේ වතුර පිරී තිබීම ඉතාම හානිදායකයි. එයින් දණහිසේ ඇති කාටිලේජ විනාශ වී යනවා. ඒ නිසා දණහිසේ වතුර ඉවත් කිරීම කළ යුතුයි. දණහිසේ වතුර ඉවත් කළත් නැවත නැවත වතුර පිරීම සිදුවෙනවා. එසේ නැවත වතුර පිරීමේ තත්ත්වයක් ඇති වන්නේ දණහිසේ යම් ගැටලුවක් ඇත්නම් පමණයි. නැවත දණහිසේ වතුර පිරීම වළක්වන්න නම් ඖෂධ වගේම ඊට සුදුසු වූ ව්‍යායාමත් කළ යුතුයි. ඒවා නිසි පරිදි සිදු කිරීම රෝගියාගේ වගකීමක්. ඇතැම්විට යළි යළිත් දණහිසේ වතුර ඉවත් කිරීම නිසා දණහිසේ පවතින ආවරණ කලාව වියළීමෙන් කොරවීම් පවා ඇති වෙන්නටත් ඉඩකඩ පවතිනවා. ඒ නිසා මේ තත්ත්වය නොසලකා හැරීම හෝ සුළුවට ගැනීම ඉතාම භයානක විය හැකියි.

බටහිර වෙදකමේදී මේ රෝගය සඳහා ඖෂධ ලබා දීමට පෙර දණහිසේ තැන්පත් වී ඇති වතුර ඉවත් කරනවා. ඒ වගේම දණහිසට එන්නතක් ලබා දෙනවා. නමුත් ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න අමාරුයි. එහෙම රෝගීන් බොහෝ දෙනෙක් අපි ළඟට එනවා. සමහරු එක්ස්රේ අරන් ඇවිත් අපට පෙන්වනවා. අපි බෙහෙත් කරන්නේ රෝගයට නෙවෙයි; රෝග නිධානයට. අපි තත්ත්වය බලලා කසායක් දෙනවා. සීනි, මී පැණි දාලා උදේ, හවස බොන්න. තෙල් දෙනවා ගාන්න. පත්තුවක් දෙනවා; ඒක දාගෙන පැය හයක් ඉන්න ඕනේ. ඊට පස්සේ තෙල් ගාලා බෙහෙත් පොට්ටනිවලින් තවන්න ඕන. මේ බෙහෙත් අවශ්‍ය ඖෂධ එකතු කරලා අපිමයි හදන්නේ. කඩේ තියෙන කිසිම දෙයක් අපි බෙහෙත් සඳහා පාවිච්චි කරන්නෙ නැහැ. ඒ විදියට රෝගීන් බොහෝ දෙනෙක් ඉතා සාර්ථකව සුවපත් කර තිබෙනවා.”

වෙද මහතා සිය ප්‍රතිකාර කිරීමේ ක්‍රම වේදය පිළිබඳ එසේ දිගු පැහැදිලි කිරීමක් කළේය. කාන්තාවක් සිය ජීවිතයේදී ලබන උතුම්ම පදවිය ලෙස සලකන්නේ මවු පදවියයි. එහෙත් ඒ උත්තරීතර මවු පදවිය ලබාගන්නට නොහැකිව දිවා රෑ තැවෙන, සෝ සුසුම් හෙළන කාන්තාවන් අප සමාජයේ කොතෙක් වෙසෙනවා දැයි පෙනෙන්නේ දරුවන් පතා පුද පූජා පවත්වන ස්ථානවලට ගිය විටය.

දරුවන් නොමැති, දරුවන් අපේක්ෂාවෙන් සිටින කාන්තාවෝ ඒ වෙනුවෙන් දෙවියන්ට භාරහාර වෙති. නොයෙක් යන්ත්‍ර මන්ත්‍ර ගුරුහරුකම් පවා කරවා ගනිති. ඒ අතරේ ව්‍යාජ යන්ත්‍ර මන්ත්‍ර කරන කට්ටඩියන්ට රැවටී කරදරේ වැටුණු කාන්තාවන් ගැන ද මධ්‍ය මඟින් අසන්නට ලැබේ. පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආ තමා සතුව පවතින පුස්කොළ පොතේ සඳහන් අන්දමට දේශීය ප්‍රතිකාර ලබා දීමෙන් දරුපල අහිමිව සිටි කාන්තාවන්ට දරුපල ලබා දෙන්නට තමන්ට හැකි වූ බව ද පද්මසිරි වෙද මහතා පැවසුවේය.

“බොහෝ විට මේ අය මං ගාවට එන්නේ වෙද ගෙදරට ඇවිත් බෙහෙත් අරන් ගිය දරුපල සපල වෙච්ච කෙනෙකුගේ දැනුම්වත් කිරීම මතයි. එහෙම ආවත් ඒ අය එන්නේ රට වටේ විතරක් නෙමෙයි පිටරටත් ගිහින් තැන්පත් කිරීම්වලින් දරුවෙක් ලබා ගන්න උත්සාහ කරලා ඒත් දරුඵල නොමැතිව මානසිකව ඇද වැටිලා. ඒ එන කොට සමහරුන්ගේ අතේ බෙහෙත් ගන්නවත් සල්ලි නැහැ. ඒ තරම්ම එක එක දේවල් පස්සේ ගිහින් විනාශ වෙලා. අපි මුලින්ම කරන්නේ ඒ අයගේ බිඳ වැටිච්ච මානසිකත්වය ගොඩ නැඟීමයි. ඊට පස්සේ ඖෂධ ලබාදෙනවා. හැබැයි අපි කියන විදියට ආහාරපානවලින් පරෙස්සම් වෙමින් නිවැරදිව ඒ වෘතයේ පිහිටන්න ඕන. එහෙම කැප වීමෙන් කරන අයට දවස් දාහතරක් යන්න කලින් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා. සමහරු දින හතෙන් ඒ තත්ත්වයට පත් වෙනවා. වැදගත්ම දේ අපි කියන දේ ඒ විදියටම පිළිපැදීමයි.”

මදුමේහය හෙවත් දියවැඩියාව නිට්ටාවට සුව කළ හැකි දැයි අප කළ විමසීමේදී හෙතෙම පැවසුවේ “ ඔව් පුළුවන්. හැබැයි අපි කියන විදියට කෑමෙන් බීමෙන් පාවිච්චි වෙන්න ඕන. දැන් ඉංග්‍රීසි වෙදකමේදී අල බතල, කැරට්, බීට්රූට්, මංඤ්ඤොක්කා වැනි ආහාර පවා කන්න එපා කියලනේ. අපි එහෙම කියන්නේ නැහැ. වස විෂ ආහාරවලින් ආරක්ෂා වෙන ගමන් අපි දෙන බෙහෙත්වලින් ගුණයක් ලැබෙන්න නම් හරක් මස් සහ ඌරු මස් ආහාරයට ගන්න එපා කියලයි අපි කියන්නෙ. එහෙම කියන්න හේතුව මේ රෝගයට හරක් මස්, ඌරු මස් දෙකම අගුණයි. ඒ විදියට හරියට පාවිච්චි වෙනවා නම් මදුමේහය නිට්ටාවට සුව කරන්න පුළුවන්”

එමෙන්ම හතළිස් ඇඳිරිය නිසා දුර්වල වන පෙනීම නැවත යථා තත්ත්වයට පත් කිරීමට සහ ඇස්වල පටලක් ඇති සේ ඇති වන අන්ධ භාවය ද තමාට සුව කළ හැකි බව පද්මසිරි වෙද මහතා පැවසුවේය. වර්තමානයේ බහුලව දක්නට ලැබෙන රෝගවලට ප්‍රධාන හේතුව කුමක් දැයි අප ඔහුගෙන් විමසා සිටියෙමු.

“අද ගොඩාක් රෝග හැදෙන්නේ මේ විෂ සහිත ආහාර නිසා. ඉස්සර මිනිස්සු කාපු බීපු දේවල්වල කෘමිනාශක, රසායනික පොහොර නැහැ. ඒ අය කෑවේ බිව්වේ ස්වභාවිකව වැඩෙන දේවල්. දැන් මට අවුරුදු 84ත් ඉවරයි. තවම මම හයිය හත්තිය ඇතිව වැඩ කරනවා. ඉහෙන් බහින රෝගයක් නැහැ. ඒ අපි කාපු බීපු දේවල් නිසා. ඒත් අද අවුරුදු 20-30 අතර වයස් කාණ්ඩවල අයට පවා ප්‍රෙසර්, කෙලෙස්ටරෝල්, දියවැඩියාව තියෙනවා. මේ විෂම චක්‍රයට අපි වැටුණේ වෙළෙඳ ප්‍රචාර නිසා. ඒවයේ ප්‍රචාරය වුණු දේවල් මිනිස්සු කන්න බොන්න පෙලඹුණා. අදත් එහෙමයි. අපේ විනාශය අපි විසින්ම ඇති කරගත්ත දෙයක්. මේකෙන් ගොඩ එන්නත් ඕන අපිමයි."

වෙදකම සඳහා අවශ්‍ය ඖෂධ වර්ග සොයා ගන්නේ කේසේ දැයි අප කළ විමසීමට හෙතෙම පැවසුවේ ඇතැම් බෙහෙත්වලට අවශ්‍ය කස්තුරි වැනි දුර්ලභ ඖෂධ වර්ග ලබා ගැනීමේ ගැටලුවක් ඇති බවයි. “අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල වැනි දුෂ්කර පළාත්වලින් එන උදවිය ඒ පැතිවල තියෙන ඖෂධ වර්ග අරන් එනවා. ඒ අය එන්න කලින් කෝල් කරලා අපෙන් අහනවා මොනවද ගේන්න ඕන බෙහෙත් කියලා. ඒ ඇරුණම අනෙක් සියලු ඖෂධ කඩවලින් මිලදී ගෙන්නවා. එහෙම ගන්න බැරි ඒවා ඇවිදාල සොයාගෙන එනවා. එහෙම ගෙනත් සකස් කරන බෙහෙත් තමයි අපි ලබා දෙන්නේ. අපි වෙනත් කිසිම නිෂ්පාදනයක් රෝගීන්ට නිර්දේශ කරන්නේ නැහැ. සියලු බෙහෙත් වර්ග අපිමයි හදන්නේ. ඒකට එක හේතුවක් තමයි අපි බෙහෙත් ලියල දුන්නම බෙහෙත් බඩු කඩවලින් දෙන්නේ ඒ බෙහෙත නෙමෙයි. වෙන දේවල්. පාමසිවල ඉන්න ඖෂධවේදීන් වගේ පුහුණුව ලැබූ පිරිසක් නෙමෙයි සිංහල බෙහෙත් බඩු කඩවල ඉන්නේ. ඒ අයට හිතුණු හිතුණු බෙහෙත් දෙනවා. ඉතින් රෝගීන් සුවපත් වෙන්නේ නැහැ. වෛද්‍යවරයාට බණිනවා. අපට ඒ තත්ත්වය ඇති වෙලා නැත්තේ අපිම ඖෂධ සොයාගෙන මේ බෙහෙත් සකස් කරන නිසා. හැමෝටම ඒ දේ කරන්න බැහැ. ඒ නිසා මේ සිංහල බෙහෙත් බඩු කඩ කිසියම් විදියකින් නියාමනය වෙන්න ඕන. මම ඉල්ලීමක් කරනවා ඒ සඳහා ආයුර්වේද විද්‍යාලයේ පාඨමාලවක් ඇති කරන්න. ඒ පාඨමාලාවෙන් සමත් වෙලා සහතික ලබන අයට පමණක් මේ වගේ බෙහෙත් සාප්පු දාන්න දෙන්න. ඒ අයට විතරක් ඒවායේ රැකියා ලබා දෙන තත්ත්වයක් ඇති කරන්න කියලා. එහෙම කළොත් මේ වටින වෙදකම ඉදිරියටත් ආරක්ෂා කර ගන්න පුළුවන්”

ඉහත කී රෝගවලට අමතරව හිස විරේක කිරීම, පීනස, සන්ධිපත් රුදාව, දියවැඩියාව, අධික රුධිර පීඩනය, සමේ රෝග, ආතරයිටීස්, මුත්‍රාශයේ,පිත්තාශයේ හා වකුගඩුවල ගල් දිය කර හැරීම ආදී රෝග රැසකට ද පද්මසිරි වෙද මහතා ප්‍රතිකාර කරයි. අවුරුදු 84ක් වයසැති මේ හෙළ වෙදැදුරාගෙන් පසුව මේ මහාර්ඝ වෙදකම භාර වන්නේ අනුරුද්ධ පද්මසිරි හේමපතිරණ වෙද මහතාටය. ඔහු සිය පියා සමීපයේ රැඳෙමින් ඔහුට සහාය වෙමින් ඒ මඟ ගමන් කරන්නේ හෙළ වෙදකමේ වටිනාකම අනාගතයට රැගෙන යමිනි.

ඔබටත් හේමපතිරණ වෙද පරම්පරාවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවැසි නම්, කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඉඳුරුවට ගොස් කයිකාවල හන්දියෙන් හැරී මිරිස්වත්ත පාරේ ගියවිට ගෝනගල පන්සල හමුවේ. එසේ නැත්නම් අලුත්ගම ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ ගොස් මිරිස්වත්ත හන්දියෙන් හැරී ගෝනගල පන්සල අසලට ළඟා විය හැකිය. ගෝනගල පන්සල අසලින් වැටී ඇති මාර්ගයේ වෙල් එළි පසු කරමින් සැතපුමක් පමණ දුර ගිය විට දොඹගගවත්ත පද්මසිරි වෙද මැදුර හමු වේ.

අවශ්‍ය කෙනකුට දැනගන්න share කරමු 🙏
08/07/2025

අවශ්‍ය කෙනකුට දැනගන්න share කරමු 🙏

(රෝගී කාට හෝ ප්‍රයෝජනවත් වෙයි)තිස්සමහාරාම නගරයේ සිට මාගම පාරේ කිලෝමීටර් 05ක් පමණ ගිය තැන හමුවන ආසිරි මාවතින් හැරී ගිය පස...
06/06/2025

(රෝගී කාට හෝ ප්‍රයෝජනවත් වෙයි)

තිස්සමහාරාම නගරයේ සිට මාගම පාරේ කිලෝමීටර් 05ක් පමණ ගිය තැන හමුවන ආසිරි මාවතින් හැරී ගිය පසු මෙම අපූරු වෙද මහතාගේ නිවෙස අපට හමුවිය. නිවෙස ඉදිරිපිට බිත්තියේ “මිණිකිරණ වෙද මැඳුර” ලෙස සටහන් කර තිබිණි. පිළිකා රෝගය වැලඳී මරණයට කැප වන මිනිසුන්ට ජීවය දෙන මේ අපූරු වෙද මහතා නමින් සාමවිනිසුරු සිසිර ගමගේය. කවුරුත් දන්නේ තිස්සමහාරාමයේ වෙද මහතා කියු සැණින්ය. ඔහු පාරම්පරික සර්ප වෙද මහතකු වූ ඊ.කේ.ජී. ගුණසේකර මහතාගේ මහතාගේ පුතණුවන්ය.

“පිළිකාව නිට්ටාවට සුව කළ හැකියි කියලා අද වනවිට මං ඔප්පු කරලා තියෙනවා. මගේ ළඟට එන පිළිකා රෝගීන් මං මාස තුනක් හයක් අතර කාලයකින් සනීප කරලා තියෙනවා. පිළිකා රෝගියෙක් තමන්ට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්ත මුල්ම අවධියේම මා හමුවට ආවොත් එම රෝගියා මාසයක් වගේ කෙටි කාලයකින් සනීප කරනවා. මේ සඳහා භාවිත කරන්නේ පිටතින් ගල්වන ආලේපයක් විතරයි. මේ වනවිට ලෝකේ කොහේවත් නෑ පිටතින් ආලේප ගල්වලා පිළිකා සුව කරන ස්ථානයක්.

මේ සඳහා මා භාවිත කරන්නේ වස විස නොගෑවුණු දේශීය අමුද්‍රව්‍ය සහිත බෙහෙත් වට්ටෝරුවක් විතරයි. මං රෝගීන්ට කියන්නේ මා ළඟට එන විට අනිවාර්යෙන්ම පිළිකාවක් තියෙනවා කියලා ලබා දෙන වෛද්‍ය වාර්තාව රැගෙන එන්න කියලා විතරයි. ඒ එන රෝගියාට මගේ ප්‍රතිකාර ලබා දීමෙන් පසු මාස තුනක් වගේ කාලයකින් නැවත පරීක්ෂණයක් පවත්වන්න කියලා මං කියනවා. එම අවස්ථාවේදී රෝගියාට පුළුවන් ඔහු කැමැති ඕනෑම වෛද්‍යවරයකු හමුවෙලා තමන්ට පිළිකාව තියේද නැද්ද කියලා පරීක්ෂා කරවාගන්න.

තාත්තාගේ අභාවයෙන් පසු අම්මාත් මාත් මේ වෙදකම සාමාන්‍ය පරිදි කරගෙන ගියා. මේ අතරවාරයේ මට හිතුණා පිළිකාව නසන බෙහෙතක් පිළිබඳව අත්හදා බලන්න. මට මගේ පියා මේ බෙහෙත ගැන කියලා දුන්නට ඒ පිළිබඳව පර්යේෂණයක් කරන්න බැරි වුණා. කොහොම හරි අවුරුදු 07ක් විතර මම මේ බෙහෙත පිළිබඳව අත්හදා බැලීම්වල නියැළුණා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි අද මා පිළිකාව නිට්ටාවට සුව කළ හැකි මේ බෙහෙත සොයා ගනු ලැබුවේ.

පිළිකාවක් හැදුණු ලෙඩෙක් කොච්චර වේදනාවක් විඳිනවාද, දුකක් විඳිනවාද කියලා අපි දන්නවා. නමුත් කන්න බොන්න බැරිව මරණාසන්න වෙලා මා ළඟට එන පිළිකා රෝගීන් දින 10ක් යනකොට හොඳට කන්න බොන්න පටන් ගන්නවා. මාස තුනත් හයත් අතර කාලයේදී පිළිකාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මේකෙදි මම කරන්නේ පිළිකා සෛල පැතිරී යෑම වළක්වා ඒ සඳහා සිරුරේ පිටතින් ආලේපයක් ගැල්වීම පමණයි. මේ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සිංහරාජ කැලයෙන් හා බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයෙන් තමයි හොයා ගන්නේ.

පිළිකාවක් තියෙනවා කියලා මුලින්ම හඳුනා ගත්ත රෝගියෙක් වුණොත් මාසයක් හෝ දෙකක් වගේ කෙටි කලකින් රෝගය නිට්ටාවට සුව කළ හැකියි. ඒ නැතත් පිළිකාවක් තියෙන රෝගියකු මම පරීක්‍ෂා කර බැලීමෙන් පසු මාස තුනත් – හයත් අතර කාලයකදී අනිවාර්යෙන්ම සුව කිරීමේ හැකියාව තියෙනවා. මේ වෙනකොට පිළිකා රෝගීන් විතරක් දහස් ගණනක් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණිලා තියෙනවා.

ඒ අයගෙන් බොහෝ පිරිසකගේ පිළිකා නිට්ටාවටම සුව කරලා තියෙනවා. ඒ අය අද ඉතා සතුටින් ඉන්නවා.

බස් රථ වලින් පැමිණ තිස්සමහාරාම නගරයෙන් බැස ත්‍රිරෝධ රථයෙන් පැමිණිය හැකිය.

077 727 0268
මිණී කිරණ වෙද මැදුර

Address

Kahathuduwa
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when වෙනස් පරපුර - Wenas Parapura - Change Community posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share