Prof. Senaka Bibile Commemorative Association

Prof. Senaka Bibile Commemorative Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prof. Senaka Bibile Commemorative Association, Charitable organisation, 949/4, Maradana Road, Colombo 08, Colombo.

20/01/2025

අත්‍යාවශ්‍ය පැහැදිලි කිරීමක්...

මේ දිනවල සමාජ මාධ්‍ය තුල මෙන්ම මහා මාධ්‍ය තුලද පලවූ සංසරනය වූ වෙමින් පවතින ඖෂධ පිලිබදව ප්‍රවෘත්ති බොහොමයක් නිවැරදි නොවේ
ඖෂධ මිල 200% අඩු කල බවට හෝ අඩු කරන බවට පලවූ ප්‍රවෘත්තිය වැරදි බව ගණිතයෙ ප්‍රතිශත පිලිබදව පාඩම ඉගෙන ගත් අයට තේරුම් ගත හැකිය..ඒ ප්‍රවෘත්තිය ඇත්ත නම් ෆාමසියෙන් අපිට ඖෂධය නොමිලේ ලබාදී එම ඖෂධයේ වටිනාකමට සමාන මුදලක් ෆාමසිය මගින් අපට ගෙවිය යුතුය.

පැපවරින් නම් පිලිකා නාශක ඖෂධයක මිල රුපියල් දෙසිය ගුනයකින් අඩුවූ කතාව අනෙකය ..එයද බොරුවකි..එම ඖෂධය පිලිකානාශක ඖෂධයක් නොවේ ..එය රුධිර සංසරණ පද්ධතියට අදාල ඖෂධයකි..හෘද ශල්‍ය කර්ම වලදී මෙම ඖෂධය භාවිතා කරනු ලබයි .

ඖෂධ වර්ග 90 මිල අඩුකල බවට පලවූ ප්‍රවෘත්තිය බොරුවකි. මේ දක්වා ඖෂධ අධිකාරිය මගින් එවැනි ගැසට්ටුවක් නිකුත් කර නැත.

1981 ඖෂධ උපකරන සහ සුවද විලවුන් පනත අහෝසි කරමින් යහපාලන ආන්ඩුව මගින් ඖෂධ අධිකාරි පනත මගින් ඖෂධ අධිකාරිය ස්ථාපිත කරන ලදී..ඖෂධ අධිකාරිය පිහිටුවීමම දේශපාලඥයන්ට අවශ්‍ය පරිදි වංචා දූශන සිදු කර ගැනීමට පාර කපා ගැනීමකි..මේ අධිකාරිය මෙතරම් දූශිත ආයතනයක් වීමට එක් ප්‍රධානතම හේතුවක් නම් රජයේ ආයතන සංග්‍රයට සහ මුදල් රෙගුලාසි වලට වග නොකීමයි...ඒ ගැන වෙනම කතා කලයුතු මාතෘකාවකි..

කෙසේ හෝ එම අධිකාරී පනත මගින් ඖෂධ මිල පාලනය කිරීම ශක්තිමත් ක්‍රමවේදයක් සකස් කලේ නැත..උපරිම සිල්ලර මිල නම් අසාර්ත ක්‍රමවේදයක් එමගින් සම්මත කරගෙන ඇත...එම ක්‍රමය අනුගමනය කරමින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමති වරයා අවස්ථා දෙකකදී ඖෂධ වර්ග 90ක මිල වෙනස් කරන ලදී..එමගින් ඖෂධ සමහර ඖෂධ වල මිල ඉහල ගිය අතර සමහර ඖෂධ වල මිල පහල ගියේය..ඊට හේතුව යම් ඖෂධ යකට උපරිම සිල්ලර මිලක් නියම කිරීම මගින් එම ඖෂධයේ ඊට වඩා මිල අඩු ජෙනරික්/බ්‍රෑන්ඩඩ් ඖෂධ වල මිල උපරිම සිල්ලර මිල දක්වා ඉහල දැමීමට අවස්ථාව උදාවීමයි..කල යුතුව තිබුනේ සේනක බිබිලේ ප්‍රතිපත්තියට අනුව සේනක බිබිලේ 160% මිල සූත්‍රය නීති ගත කිරීමයි..

කෙසේ හෝ පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය හමුවේ ඩොලරයේ මිල දෙතුන් ගුනයකින් ඉහල යාමත් සමගම උක්ත ගැසට් දෙක අහෝසි කිරීමයි..එම වකවානුව තුල සමාගම් විසින් ඖෂධ මිල තුන් ගුනයකින් පමන ඉහල දමාගත් අතර කාලයත් සමගම සාමාන්‍යය වෙළෙඳ භාණ්ඩ මිල යම් ප්‍රමානයකින් පහල දැමුවද බොහෝ ඖෂධ වල මිල අඩු නොවුනි...මේ වන විට පනත ප්‍රකාරව කිසිදු ඖශධයක මිල නියාමනයක් සිදුවන්නේ නැත..එම නිසා පැපවරින් වයල් එකක් රු 370/-? ට මිලදී ගත හැකිව තිබියදී රු 70000/= මිලදී ගැනීම නීතියානු කූල වරදක් නොවේ..සෞඛ්‍ය අමාත්‍යංශය මිලදී ගන්නා බොහෝ ඖෂධ වල මිල ගනන් වල තත්වය අඩු වැඩි වශයෙන් එසේය ..සේනක බිබිලේ ප්‍රතිපත්තිය අනුව 160% මිල සූත්‍රය ඇතුලත් කර උක්ත පනත සංශෝධනය ආනයනික ඖෂධ සදහා මිල සූත්‍රය අනුගමනය කරන්නේ නම් ඖෂධ මිල විශාල ලෙස අඩුවේ...දැනට රටක් ලෙස අප ඖෂධ සදහා වියදම් කරනු ලබන (පුද්ගලික සහ රාජ්‍ය අංශ මගින්)රු.බිලියන 300-400 ක මුදල බිලියන 100ක් දක්වාවත් අඩුකර ගත හැකි වනු ඇත..

වෙයිද්‍ය ජයන්ත බංඩාර
ලේකම්
මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය

Address

949/4, Maradana Road, Colombo 08
Colombo

Telephone

0714183047

Website

Alerts

Be the first to know and let us send you an email when Prof. Senaka Bibile Commemorative Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share