12/06/2026
🎨🪔 𝗦𝗿𝗶 𝗣𝗮𝗻𝗻𝗮𝗻𝗮𝗻𝗱𝗮 𝗣𝗼𝘀𝗼𝗻 𝗔𝗿𝘁 𝗖𝗼𝗺𝗽𝗲𝘁𝗶𝘁𝗶𝗼𝗻 𝟮𝟬𝟮𝟲
(පඤ්ඤානන්ද පොසොන් සිත්තම් හා නිර්මාණ තරඟාවලිය)
ශ්රී පඤ්ඤානන්ද ඉංග්රීසි මාධ්ය දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන පොසොන් චිත්ර හා නිර්මාණ තරඟාවලිය සඳහා ඔබ සැමට ආරාධනා!
📌 *සහභාගී විය හැක්කේ:*
ශ්රී පඤ්ඤානන්ද ඉංග්රීසි සහ සිංහල මාධ්ය දහම් පාසල් දූ දරුවන්ට පමණි.
🏆 *තරඟ කාණ්ඩ*
🔹 ප්රාථමික කාණ්ඩය – 3, 4, 5 ශ්රේණි
🔹 කනිෂ්ඨ කාණ්ඩය – 6, 7, 8 ශ්රේණි
🔹 ජ්යේෂ්ඨ කාණ්ඩය – 9, 10, 11 ශ්රේණි
🔹 ආදි ශිෂ්ය කාණ්ඩය – වයස අවුරුදු 17 ට වැඩි
🎨 *චිත්ර සහ නිර්මාණ සඳහා නියමයන්*
• A3 ප්රමාණයේ ඕනෑම කඩදාසියක් භාවිතා කළ හැක.
• ඕනෑම වර්ණ මාධ්යයක් භාවිතා කළ හැක.
• තේමාව: බුදු දහම හා බෞද්ධ සංස්කෘතියට සම්බන්ධ ඕනෑම නිර්මාණාත්මක අදහසක්.
🛠️ *අනෙකුත් නිර්මාණ සඳහා*
• මේසයක් මත තබා ප්රදර්ශනය කළ හැකි සාමාන්ය ප්රමාණයේ නිර්මාණයක් විය යුතුය.
• පරිසර හිතකාමී බව සහ නිර්මාණාත්මක බව විශේෂයෙන් ඇගයීමට ලක් කෙරේ.
📅 *භාරදීමේ අවසන් දිනය*
ඔබගේ චිත්ර සහ නිර්මාණ ජුනි 28 වන ඉරිදා දහවල් 12.00 ට පෙර ඉංග්රීසි මාධ්ය දහම් පාසලේ ගුරුභවතෙකුට හෝ ප්රධානාචාර්ය ස්වාමීන් වහන්සේට භාර දෙන්න.
📝 *නිර්මාණයේ පිටුපස පහත තොරතුරු සඳහන් කරන්න:*
• නම
• පන්තිය / කාණ්ඩය
• දුරකථන අංකය
🎁 ජයග්රාහකයින් සඳහා වටිනා ත්යාග හිමිවේ!
🙏 ස්තූතියි.
📞 *වැඩි විස්තර සඳහා:*
Dinesh – 075 35 66 580
Dilshan – 077 201 0369