Students' Union Faculty Of Management Studies-SUSL

Students' Union Faculty Of Management Studies-SUSL Official page of the Students' Union of Faculty of Management Studies, Sabaragamuwa Univers

16/05/2026
16/05/2026

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය වසර කිහිපයක සිට නේවාසිකාගාර ගැටලුවෙන් උග්‍ර ලෙස පීඩා විඳින විශ්වවිද්‍යාලයකි. පෙරදී වසර හතරටම නේවාසිකාගාර පහසුකම් ලබා දුන්නද 2022/23 කණ්ඩායමේ සිට වසර හතරටම නේවාසිකාගාර පහසුකම් ලබා දීම නවතා දැමීය. ඒ සමඟ ඇති වූ ගැටලු වලට හා නැවත නේවාසිකාගාර පහසුකම් ඉල්ලා සිසුන් ගත් ක්‍රියාමාර්ග හමුවේ 2022/23 කණ්ඩායමට තෙවන වසර සඳහා ද නේවාසිකාගාර පහසුකම් ලබා දීමට විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය පොරොන්දු විය.

එහෙත් එම පොරොන්දු ඉටු නොවුන කල් හී නැවත සිසුන් ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වූ අතර එහි ආසන්නතම ක්‍රියාමාර්ගය ලෙස මෙම නේවාසිකාගාර ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට 2026.05.06 වන දින අධ්‍යාපන අමාත්‍යංශයට සම්බන්ධ වීම සිදු විය. එහිදී ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය සමඟ පවතින නේවාසිකාගාර ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. එමෙන්ම 2026.04.29 වන දින විශ්වවිද්‍යාලය තුළ පවතින නේවාසිකාගාර ගැටලු වලට අදාළව විශ්වවිද්‍යාලය තුළ අත්සන් කරන ලද විරෝධතා පෙත්සම බාර දීමද එදින සිදුවිය.

ඒත් සමඟ මහා ශිෂ්‍ය සංගමය ලෙස විශ්වවිද්‍යාලය සතුව දැනට පවතින නේවාසිකාගාර වල ඉඩකඩ හා පවතින පහසුකම් පිළිබඳව තොරතුරු එකතු කරමින් නේවාසිකාගාර ගැටලු වාර්තාවක් නිර්මාණය කළ අතර එම වාර්තාව මඟින් දැනට නේවාසිකාගාර වල හිස්ව පවතින ඉඩ ප්‍රමාණය 2022/23 කණ්ඩායම සඳහා ප්‍රමාණවත් බව ඔප්පු කරන ලදී. එම වාර්තාව විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්ට මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවට හා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිතුමාටද බාර දෙන ලදී.

මෙසේ දීර්ඝ කාලයක සිට සිදුකරන ලද ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස 2022/23 කණ්ඩායම උදෙසා තෙවන වසර සඳහා නේවාසිකාගාර පහසුකම් දිනා ගැනීමට හැකියාව ලැබුණි. 🚩

වසර හතරටම නේවාසිකාගාර පහසුකම් ලබා දෙන තෙක් අරගලය ඉදිරියට.🚩

🖋️මහා ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.

සියත්සර උදානය 2026'🕊️👫💥- 28 • 04 • 2026 -කෝකිලයාගේ මිහිරි ගීත රාවය මැදින් අලංකෘත වූ,සකල කලා වලින් සපිරි තාරුණ්‍යයට මිහිර...
13/05/2026

සියත්සර උදානය 2026'🕊️👫💥
- 28 • 04 • 2026 -

කෝකිලයාගේ මිහිරි ගීත රාවය මැදින් අලංකෘත වූ,

සකල කලා වලින් සපිරි තාරුණ්‍යයට මිහිරක් ගෙනා වූ,

කළමනාකරණයේ අපේ අවුරුදු..!

MANST family coming together as one — celebrating friendship, unity, and pure happiness ❤️🔥

Organized by: Students' Union – Faculty of Management Studies | Sabaragamuwa University of Sri Lanka

Photography by : Charuka Nipun,Jehan Perera,Sasindu De Silva,Nipun De Jayadewa

📸 Moments captured, memories forever 📷✨

ුරුදු2026 #අවුරුදුVibes 💚

13/05/2026
12/05/2026

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ආරම්භක පීඨයක් වන කළමනාකරණ අධ්‍යයන පීඨය මේ වන වනවිට දැඩි අධ්‍යයන හා සුබසාධන ගැටලු රාශියකට මුහුණ පාමින් සිටී.
දේශන ශාලා හිඟය හා දේශකවරුන්ගේ හිඟය මේ අතරින් ප්‍රධානතම බලපෑමක් එල්ල කරනු ලබයි.

මේ වන විට සිසුන් 2200 කට අධික සිසුන් ප්‍රමාණයක් කළමනාකරණ අධ්‍යයන පීඨයේ ඉගෙනුම ලබන අතර පවතින දේශන ශාලා ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ සිසුන් 950 ක් සඳහා පමණක් වන අතර විභාග කාලසීමා වලදී එය සිසුන් 620 දක්වා අඩුවේ.

එසේම පීඨයට අදාළව දේශකවරුන්ගේ අවශ්‍යතාවය 104 ක් වුවද මේ වන විට පීඨය තුළ සිටින්නේ දේශකවරුන් 66 ක් පමණි.

මෙම තත්ත්වය සඳහා පීඨ පරිපාලනය විසින් ගෙන ඇති විසඳුම වන්නේ උදෑසන 7.30 සිට රාත්‍රී 7.30 දක්වා මෙන්ම සෙනසුරාදා සහ ඉරිදා දිනවල ද දේශන පැවැත්වීමයි.
මෙම හේතුව නිසා සිසුන් ඉතා දැඩි අධ්‍යයන කාල රාමුවක සිරවන අතර ඒ හේතුවෙන් ඔවුන් දැඩි මානසික පීඩනයකට ලක්වේ.මේ අනුව 2026/05/06 දින මහා ශිෂ්‍ය සංගමය, කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමය, කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය හා පරිගණක පීඨ ශිෂ්‍ය සංගමය මේ පිළිබඳව සාකච්ඡා කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට සම්බන්ධ විය.
එහිදී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා සමඟ අදාළ ගැටලු පිළිබඳව සාකච්ඡාවකට එළැඹුණු අතර පීඨයෙන් අදාළ යෝජනාවලිය අමාත්‍යංශයට ලැබී ඇති බව ද මැයි මස අගදී එය ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බවත් පසුව 2027 අයවැයට ඉදිරිපත් කරන බවත් ප්‍රකාශ කරන ලදී.

තවදුරටත් ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධි පාඨමාලාව හදාරන සිසුන්ට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට අවශ්‍ය වටපිටාව සකසා දෙන ලෙස ඉල්ලා සිටි අතර එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා එය ඉදිරියේදී සලකා බලන බවට ප්‍රකාශ කරන ලදී.

කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය 2026.05.06 වන දින විශ්වවිද්‍යාලයට අදාළව පවතින ප්‍රධානතම ගැටලුව වන න...
06/05/2026

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය 2026.05.06 වන දින විශ්වවිද්‍යාලයට අදාළව පවතින ප්‍රධානතම ගැටලුව වන නේවාසිකාගාර ගැටලුව හා විශ්වවිද්‍යාලයට අදාළව පවතින අනෙකුත් අධ්‍යයන හා සුබ සාධන ගැටලු මෙන්ම විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන්ට අදාළව පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ විය. එම අවස්ථාවට කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමය, කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය හා පරිගණක පීඨ ශිෂ්‍ය සංගමයද සම්බන්ධ වීමක් සිදුවිය.

එහිදී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සමඟ මෙම ගැටලු පිළිබඳව සාකච්ඡා කරන ලදී. එහිදී 2026.04.29 දින නේවාසිකාගාර ගැටලුව වෙනුවෙන් විශ්වවිද්‍යාලය තුළ අත්සන් කරන ලද විරෝධතා පෙත්සම බාර දීමද සිදු විය.

එහිදී විශ්වවිද්‍යාලය තුළ නේවාසිකාගාර වල ඉඩ පහසුකම් තිබියදීත් තෙවන වසර සඳහා නේවාසිකාගාර පහසුකම් ලබා නොදීම පිළිබඳව ඇමතිතුමා සමඟ සාකච්ඡා කළ අතර ඒ පිළිබඳව අමාත්‍යාංශ මට්ටමෙන් අවශ්‍ය කරන මැදිහත් කිරීම් සිදු කරන බවට පවසන ලදී.

එමෙන්ම පරිගණක පීඨ සංකීර්ණය, කළමනාකරණ අධ්‍යයන පීඨයේ තෙවන අදියර හා භූ විඥාපන පීඨයේ තෙවන අදියරට අදාළ සැලසුම් මේ මාසය තුළ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව හා එම දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් පසු මෙම සැලසුම් 2027 අයවැය සඳහා ඉදිරිපත් කරන බවත් ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම කෘෂි විද්‍යා පීඨයේ ඉදි කිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා වන මැදිහත් කිරීම ලබන සතිය ඇතුළත සිදු කරන බවත්, විශ්වවිද්‍යාලය තුළ පවතින සියලුම අධ්‍යයන හා සුබ සාධන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ප්‍රකාශ කරන ලදී.

🖋️මහා ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

කළමනාකරණ අධ්‍යයන පීඨයේ පළමු වසර, පළමු සමාසිකයේ ඉගෙනුම ලබන C.M. නිර්මල දසුන් චන්ද්‍රසේකර සහෝදරයාගේ මෑණියන් වකුගඩු රෝගයකින...
06/05/2026

කළමනාකරණ අධ්‍යයන පීඨයේ පළමු වසර, පළමු සමාසිකයේ ඉගෙනුම ලබන C.M. නිර්මල දසුන් චන්ද්‍රසේකර සහෝදරයාගේ මෑණියන් වකුගඩු රෝගයකින් පෙළෙන අතර,

ඒ සඳහා වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් සිදු කිරීමට අවශ්‍ය වී ඇත. එම සැත්කම ඉතා ඉක්මනින් සිදු කළ යුතු බවද වෛද්‍යවරුන් පවසා ඇත.

එම සැත්කම සඳහා රුපියල් ලක්ෂ හැට දෙකක (62) මුදලක් ගෙවීමට සිදුවී ඇති බැවින්, ඒ සඳහා ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමු.

C.M. Thilinika Rukshani
Acc No - 278200100095102
Bank - People’s Bank

📌 කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

06/05/2026

🚩 පාලකයිනි,

ක්‍රීඩා පහසුකම් ප්‍රමාණවත් නෑ, ක්‍රීඩා ගැටලු වහා විසඳනු! යෝජිත ක්‍රීඩා පීඨය වහා ලබා දෙනු!

විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනු හුදෙක් දේශන ශාලාවට පමණක් සීමාවූවක් නොවුණු ශිෂ්‍යයාගේ පෞරුෂ වර්ධනයට සහ කායික, මානසික සෞඛ්‍යයටද අත්‍යවශ්‍ය සාධකයකි. නමුදු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා ක්ෂේත්‍රය මේ වනවිට දැඩි පසුබෑමකට ලක්වීම කෙරෙහි පාලකයන්ගේ නොසැලකිලිමත්භාවය හේතු වී ඇත.

විශේෂයෙන්ම දැනට පවතින ක්‍රීඩා පිටියේ පවතින අඩුපාඩු පිළිබඳව අඛණ්ඩව දැනුවත් කළද, ඒවා මෙතෙක් සකසා දීමට පවා බලධාරීන් කටයුතු කර නොමැත. පවතින ක්‍රීඩා පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර, විශ්වවිද්‍යාලය සතුව ඇති උපකරණ සහ ක්‍රීඩාංගණ ද නිසි නඩත්තුවක් නොමැතිව විනාශ වෙමින් පවතී. සිසුන්ගේ දක්ෂතා ඔප්නැංවීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම වෙනුවට, පාලකයන් සිදුකරන්නේ ක්‍රීඩා ගැටලු මඟහැරීමයි.

දිගින් දිගටම යෝජනා වූ "යෝජිත ක්‍රීඩා පීඨය" තවමත් කඩදාසිවලට පමණක් සීමා වී තිබීම කණගාටුදායකය. සිසුන්ගේ ක්‍රීඩා අයිතිය වෙනුවෙන් වෙන් කළ යුතු ප්‍රතිපාදන සහ පහසුකම් වහා ලබා දිය යුතුය. එම නිසා පවතින ක්‍රීඩා පිටියේ අඩුපාඩු වහා සකසා දී පවතින ක්‍රීඩා පහසුකම්ද කඩිනමින් යාවත්කාලීන කර සිසුන් මුහුණ දෙන ක්‍රීඩා ගැටලු සඳහා වහා විසඳුම් ලබාදෙනු!
යෝජිත ක්‍රීඩා පීඨය තවදුරටත් ප්‍රමාද නොකර වහා ලබාදෙනු!

✒️මහා ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

සංවේගයෙන් දැනුම්දීමයි....!ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ දෙවන වසර දෙවන සමාසිකයේ ඉගෙනුම ලබන ගය...
06/05/2026

සංවේගයෙන් දැනුම්දීමයි....!

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ දෙවන වසර දෙවන සමාසිකයේ ඉගෙනුම ලබන ගයාෂාන් ප්‍රමෝද්
සහෝදරයාගේ මවගේ හදිසි අභාවය පිළිබඳව අපගේ බලවත් සංවේගය...!

📌️ කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

Address

Sabaragamuwa University Of Sri Lanka, Belihuloya
Belihul Oya
70140

Alerts

Be the first to know and let us send you an email when Students' Union Faculty Of Management Studies-SUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Students' Union Faculty Of Management Studies-SUSL:

Share