රත්නායක වැඩිහිටි නිවාස

රත්නායක වැඩිහිටි නිවාස රත්නායක වැඩිහිටි නිවාසය පිහිටා තිබෙන්නේ බෙලිඅත්ත බෙලිගල්ල ප්‍රදෙශයෙයේ ,

තංගල්ල PCPAL  තුසිත මහතා ඇතුළු දියණිය සහ සෑමට  රත්නායක වැඩිහිටි නිවාසය වෙනුවෙන් ලබා දුන් දානය සහ සියලු දේ වෙනුවෙන් බොහෝ ...
22/05/2024

තංගල්ල PCPAL තුසිත මහතා ඇතුළු දියණිය සහ සෑමට රත්නායක වැඩිහිටි නිවාසය වෙනුවෙන් ලබා දුන් දානය සහ සියලු දේ වෙනුවෙන් බොහෝ පිං අත්වේවා .......

23/02/2024

තමන්ගෙ මහළු අම්මව වැඩිහිටි නිවසක නැවතීමට තීරණය කල පුතෙකු එහි රැගෙන යාමට ලෑස්තිකරන ගමන් අම්මගෙ පරණ බෑග් එකක අස්සෙ තිබිල දිනපොතක් බිමට වැටෙනවා..
ඒක අස්සෙ තිබිච්ච කොළ කෑලි එහෙ මෙහේ විසිවෙද්දි ,,

මගෙ පුතේ ,, කියලා ලියපු කොලයක් මේ පුතාට හම්බෙනව..
මේ ඒ කොළ කැල්ලෙ තිබ්බ අකුරුටික ,,

උඹට හතරයි මෙතන ඉඳලා
ලියනවා මං දිනපොත
අතට අහුවුන දිනක බලලා
මොකුත් නොහිතන් මේවට

එකම අහනා සියවතාවක්
උඹට උත්තර දුන්නට
තරහ ගියෙනම් නෑනෙ මේ මට
උඹයි මගෙ ජීවිතයම
දිනෙක මහලුව එකම කියවන්
ඉන්න උනොතින් සමාව
දියන් පුතුනේ මහළු වූවම
ලදරුවෙකී ඒ ලෝදම

ගේ වටේමට දුවන් යනවා
කවා ගන්නයි අමාරූ
ගෝනි බිල්ලන් මතක් කරනා
කතන්දර ඇති මවාපූ
පුතේ තරහක් නොගෙන වයසට
වෙන්න ඇති හිත හදාන
කටක් කවපන් ඉතින් ඒ ඇති
නුඹේ අතකින් අනාපු

කැඩුන කුඩුවුන හුඟක් තිබුනා
ලියා තියලා කුමකට
නොදරුවනෙ කිය කියා හිතලා
ගැහුවෙ බැන්නේ නෑ මම
ඉතින් අතපය වාරු නැතිවී
දෙයක් බිඳුනොත් වටිනම
එපා තරවටු බැනුම් උහුලන්
ඉන්න බැරිවෙයි එදිනට

නිතර කැතකල විටක පිරිසිදු
කරා දෝතින් දරාන
ගඳද සුවඳක් විලස දැනුනා
නුඹට වෙනනම් කවුරුද
දිනෙක මහලුව පුතේ කරදර
උනොත් හින්දා මෙමාව
ඉවස ඉඳපන් පුතේ අන්තිම
හුස්ම යනකම් ඒ ටික..

පැත්තකට වෙලා මේ ලිපිය කියවපු පුතා අඬාගෙන යනවා අම්මව ලෑස්තිකරල තිබ්බ කාමරේට..
ඒත් ඒ වෙනකොටත් තමන්ගෙ එකම පුතා තමන්ව වැඩිහිටි නිවසකට දාන්න තමයි මේ ලෑස්තිකරේ කියලා දැනගත්ත ,,
ඒ අම්මා පපුවෙ අමාරුවක් හැදිලා
සදහටම යන්න ගිහින්..😓
____________________________________________,,

අම්මා තාත්තා කියන්නෙම සසරක්..
මැරෙන්න කලින් ආදරෙන් බලාගන්න ❤️

© Tharanga Wickramasinghe

ඔබගේ මිය ගිය පියා හෝ මව වෙනුවෙන් ඔව්නට පිං පතා ඔබගේ දානමය පිං කම් අපගේ බෙලිගල්ල රත්නායක වැඩි හිටි නිවාසය වෙත ලබා දිය හැක...
29/08/2023

ඔබගේ මිය ගිය පියා හෝ මව වෙනුවෙන් ඔව්නට පිං පතා ඔබගේ දානමය පිං කම් අපගේ බෙලිගල්ල රත්නායක වැඩි හිටි නිවාසය වෙත ලබා දිය හැක.
වැඩි විස්තර සඳහා 0716789932 අමතන්න.

Address

Ihalabeligalla
Beliatta

Telephone

+94716789932

Website

Alerts

Be the first to know and let us send you an email when රත්නායක වැඩිහිටි නිවාස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to රත්නායක වැඩිහිටි නිවාස:

Share