11/06/2026
දේශගුණික විපර්යාස කියන්නේ තවදුරටත් දුරස්ථ දෙයක් නොවෙයි. එය අපි මේ වන විටත් ශ්‍රී ලංකාව තුළම අත්විඳිමින් පවතින දෙයක්!
මෙවර ලෝක පරිසර දිනයේදී, “A Global Call for Climate Action” යන තේමාව යටතේ, අපි රට පුරා සිටින සියලුදෙනාට සරල, නමුත් බලවත් සහ සැබෑ ව්‍යායාමයක කොටස්කරුවෙක් වන්නට ආරාධනා කරනවා.
හඳුන්වා දෙන “එක් දෙයක් වෙනස් කරමු” ව්‍යාපෘතිය, එක් සරල අදහසක් මත ගොඩනැගුණු ජාතික ප්‍රතිඥා ව්‍යාපාරයක්: ඔබ මේ හැමදේම කලයුතු නැහැ, නමුත් ඔබට එක් දෙයකින් පටන් ගන්න පුළුවන්.
ඔබේ දායකත්වය, ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම, පොදු ප්‍රවාහනය භාවිත කිරීම, ශාක ආරක්ෂා කරගැනීම වැනි දේවල් තුලින් ලබාදිය හැකියි. සියලු දෙන එක්ව ගන්නා මේ ක්‍රියාමාර්ග තුලින් අපේ ගමන් මග වෙනස් කිරීමට අපට හැකියි. ඒ, සෑම කුඩා ක්‍රියාමාර්ගයක්ම එක්ව ගත්කල ඒවා බලවත් ක්‍රියාමාර්ග බට පත් වන බැවිනි.
ඉතින්, ඔබත් ප්‍රතිඥාවක් ලබා දෙන්න. මෙම ව්‍යාපාරයේ කොටසක් වන්න. මේ සම්බන්ධයෙන් අපගේ නිල සමාජ මාධ්‍ය පිටුවල ඔබේ සේයාරුවක්/වීඩියෝවක් පළ කිරීමට අවස්ථාවක් ලබා ගන්න!
👉 සම්බන්ධ වන්නේ කෙසේද: වැඩි විස්තර සහ ඔබගේ ප්‍රතිඥාව ඉදිරිපත් කිරීමට bio හි ඇති link එක tap කරන්න.
අපි ඉන්න තැනින්, අපට කළ හැකි දේවල් වලින් මේ ගමන ආරම්භ කරමු. 🌿