15/10/2026
International Day of Rural Women | 15 October 2026🌾
- Celebrating the women who nourish communities, sustain livelihoods and help build resilient rural futures -
Rural women play a vital role in agriculture, fisheries, food production, food security and nutrition, natural-resource management, and climate resilience and many other rural livelihood activities. They are custodians of valuable knowledge and resources.
Yet, across many rural communities, women continue to face barriers to land ownership, finance, technology, markets, education, healthcare, infrastructure and participation in decision-making. Much of their work also remains unpaid or under-recognized.
According to the United Nations, women made up close to 40% of the agricultural labour force globally in 2023, with their share exceeding 50% in some parts of Africa and Asia. However, women own only about 15% of agricultural land globally, highlighting persistent inequalities in access to productive resources.
The International Day of Rural Women was established by the UN General Assembly in 2007 to recognize the critical contribution of rural women, including Indigenous women, to agricultural and rural development, food security and the reduction of rural poverty.
💚 Today, let us recognize their contributions, amplify their voices and support equal access to resources, opportunities and decision-making.
Because when rural women have the opportunity to thrive, they can contribute even more to stronger families, resilient communities, sustainable agriculture and a more food-secure future.
Let us invest in rural women.
Let us value their work.
Let us ensure their voices are heard. 🌾
Information Sources: United Nations and FAO
🌾 ජාත්‍යන්තර ග්‍රාමීය කාන්තා දිනය | 2026 ඔක්තෝබර් 15 🌾
– ප්‍රජාවන් පෝෂණය කරන, ජීවනෝපායන් සවිමත් කරන සහ ඔරොත්තු දෙන ග්‍රාමීය අනාගතයක් ගොඩනැගීමට දායක වන කාන්තාවන් සමරමු. –
ග්‍රාමීය කාන්තාවන් කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ආහාර නිෂ්පාදනය, ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය, ස්වභාවික සම්පත් කළමනාකරණය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ තවත් බොහෝ ග්‍රාමීය ජීවනෝපාය ක්‍රියාකාරකම් සඳහා වැදගත් දායකත්වයක් සපයති. ඔවුන් වටිනා දැනුම, සම්පත් සහ සම්ප්‍රදායික පුරුදු රැකගනිමින් ඉදිරියට ගෙන යන අයද වෙති.
එහෙත්, ලොව පුරා බොහෝ ග්‍රාමීය ප්‍රජාවන් තුළ කාන්තාවන්ට ඉඩම් හිමිකම, මූල්‍ය පහසුකම්, තාක්ෂණය, වෙළඳපොළ, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, යටිතල පහසුකම් සහ තීරණ ගැනීමේ අවස්ථා වෙත සමාන ප්‍රවේශයක් ලබාගැනීමේදී තවමත් බාධා රැසකට මුහුණ දීමට සිදුවේ. ඔවුන්ගේ බොහෝ කාර්යයන් වැටුප් රහිතව සිදු වන අතර, ඒවා ප්‍රමාණවත් ලෙස ඇගයීමටද ලක් නොවේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 2023 වසරේදී ලොව පුරා කෘෂිකාර්මික ශ්‍රම බලකායෙන් ආසන්න වශයෙන් 40%ක් කාන්තාවන්ගෙන් සමන්විත වූ අතර, අප්‍රිකාවේ සහ ආසියාවේ ඇතැම් ප්‍රදේශවල එම ප්‍රතිශතය 50% ඉක්මවා තිබුණි. එහෙත්, ලොව පුරා කෘෂිකාර්මික ඉඩම්වලින් හිමිකාරීත්වය දරන්නේ කාන්තාවන්ගෙන් ආසන්න වශයෙන් 15%ක් පමණි. මෙය නිෂ්පාදන සම්පත් වෙත ප්රවේශයේ පවතින අඛණ්ඩ අසමානතාවය පැහැදිලි කරයි.
ජාත්‍යන්තර ග්‍රාමීය කාන්තා දිනය 2007 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ස්ථාපිත කරන ලද්දේ කෘෂිකාර්මික හා ග්‍රාමීය සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ ග්‍රාමීය දරිද්‍රතාව අවම කිරීම සඳහා ග්‍රාමීය කාන්තාවන්, ඇතුළුව ආදිවාසී කාන්තාවන්, සිදුකරන වැදගත් දායකත්වය ඇගයීම සඳහාය.
💚 අද, ග්‍රාමීය කාන්තාවන්ගේ දායකත්වය අගය කරමු. ඔවුන්ගේ හඬට අවකාශය ලබා දෙමු. සම්පත්, අවස්ථා සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සමාන ප්‍රවේශයක් ඔවුන්ට සහතික කිරීමට සහය වෙමු.
ග්‍රාමීය කාන්තාවන්ට දියුණු වීමට අවශ්‍ය අවස්ථා සහ සහය ලැබෙන විට, ශක්තිමත් පවුල්, ඔරොත්තු දෙන ප්‍රජාවන්, තිරසර කෘෂිකර්මාන්තයක් සහ වඩාත් ආහාර සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමට ඔවුන්ට තවදුරටත් දායක විය හැකිය.
ග්‍රාමීය කාන්තාවන් වෙනුවෙන් ආයෝජනය කරමු.
ඔවුන්ගේ කාර්යය අගය කරමු.
ඔවුන්ගේ හඬට සවන් දීමට අවකාශය සලසමු. 🌾