ඉන්දජෝතියේ අපි - ආදි සංසදය

ඉන්දජෝතියේ අපි - ආදි සංසදය Old is Gold. We love SIV

🤍
15/03/2026

🤍

15/03/2026
Sri Indajothi Vidyalaya- Sportmeet 2026Special moments... Sponsored by Old Pupils🥰🥰🥰
10/03/2026

Sri Indajothi Vidyalaya- Sportmeet 2026
Special moments...
Sponsored by Old Pupils
🥰🥰🥰

ආදි සිසු එකමුතුවේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ඉන්දජෝති විද්‍යාලයීය නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල 2026 මාර්තු මස 9වන සඳුදා දින...
03/03/2026

ආදි සිසු එකමුතුවේ පූර්ණ අනුග්‍රහයෙන්
ශ්‍රී ඉන්දජෝති විද්‍යාලයීය
නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල
2026 මාර්තු මස 9වන සඳුදා දින පෙව 10.30ට
පාසැල් ක්‍රීඩා භූමියේදි
පැවැත්වීමට නියමිත අතර
ඒ සඳහා සහභාගිවන ලෙසට
ඉඳුදෝ ආදි සැමට
ආදරයෙන් ගෞරවයෙන් යුතුව ඇරයුම් කරමු..

විදුහල්පති තුමිය ප්‍රධාන සංවිධායක කමිටුව

ආදි සිසු සහයෝගයෙන් බප/ජය ශ්‍රී ඉන්දජෝති විද්‍යාලයීය දුවා දරුවන් උදෙසා තොරතුරු තාක්ෂණාගාරයට පරිගණක තිර පරිත්‍යාගය හා නව ස...
24/01/2026

ආදි සිසු සහයෝගයෙන් බප/ජය ශ්‍රී ඉන්දජෝති විද්‍යාලයීය දුවා දරුවන් උදෙසා තොරතුරු තාක්ෂණාගාරයට පරිගණක තිර පරිත්‍යාගය හා නව සුහුරු තාක්ෂණ පංති කාමරයක් ( SMART CLASSROOM) සිසු අයිතියට පැවරීම.
✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
2026 - 01 - 23
උත්සව අවස්ථාවට කලාප අධ්‍යාපන කාර්යාලය නියෝජනය කරමින් තොරතුරු තාක්ෂණ විෂයභාර අධ්‍යක්ෂ තුමිය, කොට්ඨාස කාර්යාල නියෝජනය කරමින් ගුරු උපදේශකවරුන්, හිටපු විදුහල්පති තුමියන් හා වර්තමාන විදුහල්පති තුමියන් ඇතුලුව පාසැල් දූ පුතුන් ආදි සිසු නියෝජනයන් සමග එක්වූ අවස්ථාව
❤❤❤💐💐💐✨✨✨

ඉඳුදෝ මාතාව තව නොබො කල් යෙහෙන් සුරැකේවා..!!!
🙏🙏🙏

අස්ථිර වූ ලෝතුළ රැගෙන යා යුතු ස්ථිර වූ යමක් වේ නම් ඒ.. රැස්කරගත් කුසල් පමණමය මතුවට...,රැස්කර ගොඩගසා ගත් කිසිත් නොමැතිව.....
09/05/2022

අස්ථිර වූ ලෝතුළ රැගෙන යා යුතු ස්ථිර වූ යමක් වේ නම් ඒ.. රැස්කරගත් කුසල් පමණමය මතුවට...,
රැස්කර ගොඩගසා ගත් කිසිත් නොමැතිව..,
ගුරු පවුරේ නියමුවෙකු ලෙස නිහඬව සමුගෙන යන්නේ හිස් අතකින් වුව..,

ඔබ රැගෙන ගිය දෙයක් වේ වටින...
ඒ.., සියහසක් දරුවනට දෙවෙනි පියෙකුව..,
ණැන නුවන් පාදා..
ගුණගරුකවූත්..
සමාජයට යහපත් දරුකැලක් තනන්නට දායක වූ පිනම පමණය.

ඉදින් ඒ පිනෙන්...,
මතු සසර ඔබේ නිවන් දක්නා තෙක් ඒකාලෝක වේවා..!! නිවනට සසර දොරටු කෙටි වේවා..!! නිවනින් සැනසුම ලබත්වා..!!

1998 -2002 වර්ෂයන් තුලබප /ජය ශ්‍රී ඉන්දජෝති විද්‍යාලීය විදුහල්පති ලෙස නොමද සේවයක් කළ බී . නෝමන් පෙරේරා විදුහල්පති ගුරු ප...
08/05/2022

1998 -2002 වර්ෂයන් තුල
බප /ජය ශ්‍රී ඉන්දජෝති විද්‍යාලීය විදුහල්පති ලෙස නොමද සේවයක් කළ
බී . නෝමන් පෙරේරා විදුහල්පති ගුරු පියාණන් අභාවප්‍රාප්ත වී ඇති බව සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දෙන අතර
අවසන් කටයුතු 2022 මැයි මස 09 වන දින සවස 6.30ට පවුලේ පොදුසුසානභූමියේදී සිදු කරනුබව දැනුම් දී ඇත.

ලිපිනය:
34/11,මිහිදු මාවත,
පිටකෝට්ටේ පාර,
කෝට්ටේ...........................

දහසක් දරුවන්ගේ නැණ නුවන් පාදන්නාවූ අමිලවූ ගුරුපවුරේ නියමුවෙකු ලෙසින් විදුහල්පති සේවයට මහගු සේවයක් කර.., මෙලොව හැරයන විදුහල්පති ගුරුපියතුමනි..,
මතුදිවිය මේ සසරින් එතෙරකරනන්ට ඔබට මේ සියලුපින් හේතුවේවා...!!!
නිවනින් සැනසීම උදාවේවා..!!

Address

Battaramulla

Website

Alerts

Be the first to know and let us send you an email when ඉන්දජෝතියේ අපි - ආදි සංසදය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share