03/12/2025
පොදුජන ප්රගතිශීලී සේවක සංගමය විසින් ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමට ගනු ලැබූ තීරණයන්
1. ආදරය පාසැල් පොත් ලබාදීමේ වැඩසටහන සංවිධානය ( පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා) සඳහා රු500000/= වටිනා පාසැල් පොත් පරිත්යාග කිරීම
2. බදුල්ල දිස්ත්රික්කයට සහන සැපයීම සඳහා ප්රගතිශීලී වෘත්තීය සමිති ජාතික මධ්යස්ථානයේ සභාපති හිටපු අමාත්ය තේනුක විදානගම මැතිතුමා මගින් රු250000/= මුදලක වියලි ආහාර ලබාදීම
3. 2025/12/04 පිරිසිදු කිරීමේ වැඩ සටහන සහ තවදුරටත් සහන සැලසීම සඳහා උපකාර ඉල්ලීම් වෙනුවෙන් රු 250000/= වෙන්කිරීම
4. දිට්වා සුලි කුනාටුව හේතුවෙන් නිවාස ආපදාවට ලක්ව ඇති සංගමයේ සාමාජික සහෝදරත්වයට ඉල්ලීම් ප්රමාණය සලකා සහන සැලසීමට රු2000000/=මුදලක් වෙන්කිරීම
5. මේ සඳහා යම් මූල්ය සහන සැලසිය හැකි ශාඛා සංගම් වලින් එම ප්රධාන ලබාගැනීම ට ඉල්ලීම.
6. මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ශාඛාව රු 100000/= වරාය අධිකාරිය ශාඛාව රු100000/= විදේශ සේවා නියුක්ති කාර්යංශ ශාඛාව රු 50000/= ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ශාඛාව රු 10000/= මුදලක් විශ්ව විද්යාල පද්ධතියේ වෘත්තීය සමිති මෙහෙයුම් කමිටුව ඒ ඒ විශ්ව විද්යාල ශාඛා සමග සාකච්චා කර ඔවුන්ට ලැබිය යුතූ පරිපාලන ගාස්තු(25%) යම් මුදල් ප්රමාණයක් ලබාදීමට එකගව ඇත
7. මේ සඳහා අනෙකුත් සංගම් වලට ද ඉල්ලීම කරමු අප අපේ සහෝදරයන් මෙම ආපදාවෙන් ගලවා ගැනීම සඳහා අපගේ උපරිම සහාය ලබාදෙමු.
8. 2025/12/4 දින වැඩ සටහන වැඩිපුර ආපදා සිදු වූ අංගොඩ ප්රදේශය තුල සිදුකෙරෙන බැවින් මෙදින පෙ.ව 8.00 අංගොඩ මංසන්දියට එනලෙස ඇරයුම් කරමු ඔබ සංගමයෙන් කිහිප දෙනෙක් හෝ පැමිණෙන්න හැකිනම් රබර් ආරක්ෂිත සපත්තු රබර් ආරක්ෂිත අත්මේස් ඔබට හැකිනම් ස්වයංක්රීය ජල විදින, මුඛ සහ නාස් ආවරණ ලබාදිය හැකිනම් ජල තල්ලුකරන වයිපර් මොබ්ප් ආදියද රැගෙන එන්න. 🙏