Youn Hadawath Organization

Youn Hadawath Organization "යොවුන් හදවත් " is a non profit volunteer organization which supports humanity
(2)

15/07/2026

දරාගැනීමේ උපරිම සීමාවත් ඉක්මවා ගියාට පස්සේ මම මේක ලියන්නෙ.

මගේ පුතා ආඛ්‍යට දැන් වයස අවුරුදු 7යි මාස 6යි. එයා Fragile X Syndrome කියන ජානමය තත්ත්වයක් තියෙන Neuro-divergent දරුවෙක්. ඒ නිසා ADHD, Intellectual Disability (IDD), CVI වගේ අභියෝග කිහිපයක් එක්ක තමයි එයා ජීවත් වෙන්නේ.

අවුරුදු දෙකකට කලින් මම එයාව නවගමුව සිරිසුමනතිස්ස ප්‍රාථමික විද්‍යාලයේ Special Education Unit එකට ඇතුළත් කළා.

හැබැයි අද වෙනකම් ඒ Unit එකට විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ට පාවිච්චි කරන්න වෙනම වැසිකිළියක් නැහැ. මම දන්නා තරමින් විශේෂ අධ්‍යාපනය ලබන දරුවො ඉන්න තැනකට එහෙම වැසිකිළියක් තියෙන එක චක්‍රලේඛ වලින් පවා කියලා තියෙනවා.

පාසලේ තියෙන වැසිකිළි තියෙන්නේ ඒ Unit එකෙන් ගොඩක් ඈත. Unit එකේ ඉන්නේ දරුවෝ හතර දෙනයි. ගුරුවරිය ඉන්නෙත් එක්කෙනයි. එක් දරුවෙක්ව වැසිකිළියට අරගෙන ගියොත් අනිත් දරුවෝ තනිවම පන්තියේ දාලා යන්න බැහැ.

ඒක විතරක් නෙවෙයි...

ඒ වැසිකිළි හරිම අපිරිසිදුයි. හරිම ගඳයි.

Sensory issues තියෙන මේ දරුවන්ට ඒ ගඳ දරාගන්න බැහැ. ඒ තියා සාමාන්‍ය දරුවන්ටවත් දරාගන්න අමාරුයි ඒ ගඳ. සාමාන්‍ය දරුවොත් ඇතුළට යන්න අකමැති හින්දා මගට ගිහින් චූ කරලා එනවා කියලා කිවිවෙ විදුහල්පතිනියමයි.

Unit එකේ ඉන්න Autism තියෙන තවත් පොඩි දරුවෙක් වැසිකිළිය ළඟට ගිහින් ගඳ නිසා ඇතුළට නොයා එළියෙම මුත්‍රා කරනවා. මොකද මෙයාලා හරිම සංවේදීයි sensory ප්‍රශ්න වලදි.

මගේ පුතාත් ඒ වගේමයි. එයාටත් ඇතුළට යන්න බැහැ. අන්තිමට ඇඳුම් තෙත් කරගන්නවා. මලපහ කරන්න ඕනේ වුණොත් තවත් අමාරුයි.

මේ අවුරුදු දෙකම මම එයාව ඩයපර් දාලා තමයි පාසලට යැව්වේ. වෙන කරන්නම දෙයක් නැහැ. මොකද වයසින් අවුරුදු හතක් වුණාට මනස වර්ධනය වෙන්නෙ හෙමින්. අවශ්‍යතා තද කරගෙන දුර යනකල් ඉන්න එයාට බැහැ.

සමහර දවස්වල එයා පාසලේදී මලපහ කරනවා. මම ගිහින් ගන්නකම් එහෙමම ඉන්න වෙච්ච දවස් තිබුණා.

ගුරුවරිය පුළුවන් වෙලාවට ඇඳුම් මාරු කරලා දීලා තියෙනවා. ඒ ගැන මට ඇයට දොස් කියන්න බැහැ. ඒ අපිරිසිදු වැසිකිළිය ඇතුළේ ඒ වගේ දෙයක් කරන එක ඇයටත් ලේසි නැහැ. අනික ඒ වෙලාවට unit එකේ අනිත් දරුවන් තුන්දෙනාම තියන්න තැනකුත් ඇයට නැහැ.

ඒත් මගේ පුතාට පැය ගණන් මලපහ කරපු ඩයපරයම ඇඳගෙන ඉන්න වෙච්ච දවස් තිබුණා. ඒ නිසා කිහිප වතාවක්ම ආසාදනත් හැදුණා.

මම හැමදාම පාසල් බෑගයට අමතර ඇඳුම් තුනක්, ඩයපර් දෙකක්, තුවායක්, Wet Wipes, Sanitizer බෝතලයක්, පොලිතින් බෑග් සහ සෙරෙප්පු දෙකක් දාල එවන්නෙ මේ හේතුව නිසා. හදිසියේ මාරු කරන්න අවශ්‍ය වුණොත් ගුරුතුමියට පහසු වෙන්න.

මේ ප්‍රශ්නය ගැන අපි අම්මලා අවුරුදු දෙකක් තිස්සේ විදුහල්පතිනියට කිව්වා.
ඒත් විසඳුමක් ලැබුණේ නැහැ.

1️⃣ පාසලේ පිරිමි ළමයින්ට වැසිකිළි පේළියක් තියෙනවා. ගැහැණු ළමයින්ට වෙනම වැසිකිළි දෙකක් තියෙනවා. ගුරුවරුන්ට වැසිකිළියක් තියෙනවා. විදුහල්පතිනියට සහ අමුත්තන්ට කියලා තවත් වෙනම වැසිකිළියක් තියෙනවා. තවත් පාවිච්චි නොකරන වැසිකිළියකුත් තියෙනවා. (ඒක අබලන් කියලා තමයි පාසලෙන් කියන්නෙ)
අපි Special Unit එකට වැසිකිළියක් ඉල්ලපු වෙලාවේ අපෙන් ඉල්ලුවේ ඒ අතහැරලා තියෙන වැසිකිළිය අපේ වියදමින් හදලා Rocell fittings දාන්න කියලා.
ඊට පස්සේ ඒක විදුහල්පතිනිය office එකේ සහ අමුත්තන්ට පාවිච්චියට ගන්නවා. එයාගේ වැසිකිළිය ගුරුවරුන්ට දෙනවා. ගුරුවරුන්ගේ වැසිකිළිය Special Unit එකට දෙනවා කියලා තමයි කිව්වෙ.
ඒකට අපි එකඟ වුණේ නැහැ. අම්මලා කවුරුත් කැමති වුණේ නැහැ Rocell fittings වලට වියදම් කරන්න. මට මේ දැන් විදුහල්පතිනිය දුරකථන ඇමතුමක් දීලා කතා කළා (අද ඇය නිවාඩු), එතකොට පැහැදිළි කළා එහෙම කියන්න හේතුව පළාත් ඉංජිනේරු එකෙන් Rocell සහ තවත් අනුමත fittings වර්ග දීලා තියෙනවා ය, ඊට පිටින් අපි කැමති washroom fittings පාවිච්චි කරන්න බෑ කියලා. ඇත්ත නැත්ත මම දන්නේ නැහැ.

2️⃣ තවත් දෙයක් තියෙනවා. "Staff only" කියලා board එකක් ගහලා දැන් ගුරුවරුන් පාවිච්චි කරන වැසිකිළිය කලින් විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් වෙනුවෙන් ඒ දරුවාගේ දෙමව්පියන් කරවපු වැසිකිළියක් ලු. (මම එද්දිත් ඒක staff only. ගුරුවරු සහ දෙමව්පියන් කිහිපදෙනෙකු තමයි මටත් මේ බව කිව්වෙ.) ඉතින් මේ වැසිකිළිය ඉතාම හොඳ ඉඩ පහසුකම් සහිතව commode එකක් සහිතව විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්ට පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් විදිහට මේ පාසලේ තියන Special Education unit එකටත් ඉතාම ළඟින් පේන දුරින් තියෙන්නෙ. හැබැයි අර දරුවා පාසලෙන් ඉවත් වීමත් සමග මේ වැසිකිළිය Staff only වූ බව තමයි මට අහන්න ලැබුණෙ. අද හවස මේ කාරණාව ගැන විදුහල්පතිනියගෙන් ඇහුවාම මේ ගැන කිසිම දෙයක් ඇය නොදන්නා බව තමයි ඇඟෙව්වෙ.

3️⃣ ඒ අතරේ පාසලේ තවත් අලුත් පිරිමි ළමයින්ගේ වැසිකිළියක් හදලා තිබුණා. ඒක තාම විවෘත කරලත් නැහැ. Urinal bowls තුනක් සහ commode unit එකක් විදියට තමයි මේක හදලා තිබුණේ. මම ඒක දැක්කා.

පහුගිය සතියේ මට පණිවිඩයක් ආවා.

"ඒ වැසිකිළියේ ඉතුරු වැඩ ඔයාගේ වියදමින් කරලා දෙන්න. එතකොට ආඛ්‍යට ඒක පාවිච්චි කරන්න පුළුවන්." විදුහල්පතිනිය කිව්වා කියලා මේක මට දැනුම් දුන්නෙ විශේෂ අධ්‍යාපන ඒකකයේ ගුරුතුමිය.

මම ඇහුවා...

"ඒක Special Unit එකට විතරද?"

පිළිතුර...

"නැහැ. මුළු පාසලටම."

එතකොට මම කිව්වා,

"එහෙනම් ඒකෙන් අපේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මුළු පාසලම පාවිච්චි කළාම ආයෙත් ඒක ගඳයි, අපිරිසිදුයි. ආයමත් අපේ ළමයි පරණ තැනමයි. ඉතින් මම කැමති නැහැ ඒක සම්පූර්ණ කරන්න."

ඔය ගිය සතියට කලින් සතියේ කතාව.

4️⃣ පහුගිය සඳුදා විශේෂ අධ්‍යාපන ඒකකය භාර ගුරුතුමිය අතේ විදුහල්පතිනියව හමුවෙන්න කියලා මට පණිවිඩයක් එවලා තිබුණා.
ඒකට පහුගිය සතියේ මම විදුහල්පතිනියව හමුවෙන්න තුන් පාරක් පාසලට ගියා.
පණිවිඩය ලැබුණ සඳුදා දවසේ විනාඩි විස්සක් office එකේ දොර ළඟ බලාගෙන හිටියට පස්සෙ "අද බැහැ. වැඩ ගොඩක් තියෙනවා, වෙන දවසක එන්න" කිව්වා.
ඊළඟට බදාදා ගියාම office room එක lock කරලා තිබුණා. අන්තිමට සිකුරාදා තමයි විනාඩි 15 විතර බලන් හිටියම හම්බවෙන්න ඉඩ ලැබුණෙ.

සියලු දේ කතා කළා.
කලාපයෙන් ඉල්ලූ පමණින් ඉක්මනින් වැසිකිළි ලැබෙන්නෙ නැති බව විදුහල්පතිනිය පැහැදිලි කළා. අලුත් වැසිකිළි පද්ධතිය ඉවර නැති බවත් වියදම් කළ මුදල් සහ හාඩ්වෙයාර් එකෙන් ණයට ගත් බඩු සඳහාත් තවම මුදල් රජයෙන් ලැබී නැති බැවින් එය පාවිච්චි කරන තත්වයට ගෙන ඒමට ඉක්මනින් නොහැකි බවත් මට කිව්වා. (හැබැයි විශේෂ අධ්‍යාපන ඒකකයේ ගුරුතුමිය දැනුම් දුන් ආකාරයට මගේ වියදමින් වැසිකිළියේ අඩුපාඩු සවිකරන්න කියන කොටස කොයිම වෙලාවකවත් විදුහල්පතිනිය කිව්වෙ නැහැ ඒ සාකච්ඡාවෙදි. මම අහන්න ගියෙත් නෑ.)

මම ඉල්ලීමක් කළා.
"මට පාසලේ ඉන්න දෙන්න. ආඛ්‍යට වැසිකිළියට යන්න උදව් කරන්න."
හැබැයි ඒ ඉල්ලීමත් ප්‍රතික්ෂේප කළා.

"ඔයා පන්තියේ ඉන්න එක අනිත් ළමයින්ට බාධාවක්. එහෙම හැමෝටම බාධා වෙනවට වඩා හොඳයි දරුවව ගෙදර තියාගන්න එක." මෙන්න මේක තමයි මට ලැබුණ පිළිතුර.

5️⃣ හැබැයි අද දින (14/07/2026) සිදුවූ සිදුවීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන්න විදුහල්පතිනිය මට දැන් පැයකට විතර කලින් කතා කළා. එවෙලෙත් මම කිව්වා මට ඉන්න දුන්නා නම් අද මේක වළක්වා ගන්න තිබුණා. එතකොට විදුහල්පතිනිය කිවිවෙ මම ඉද්දී විශේෂ අධ්‍යාපන ඒකකයේ ගුරුතුමියට වැඩ කිරීමට අපහසු බවයි. ඒත් දිගින් දිගටම මම ඒ පිළිබඳ විමසන විට කිසිදාක එම ගුරුතුමිය එයට අකමැති නොවූ බව මට සහතික කරලා කියන්න පුලුවන්. ඒක මම විදුහල්පතිනියට කියූ විට ඇය කීවේ ගුරුතුමිය ඊට අකැමැත්ත ප්‍රකාශ කළ බවයි. මේ කාරණාවේදී හරි වැරැද්ද කාගෙද කියා මම දන්නෙ නැත. දෙන්නාගෙන් කවුරුහරි එක්කෙනෙක් ඇත්ත කියනවා හැබැයි ඒ කවුද කියලා මම දන්නෙ නැහැ.

5️⃣ අද උදේ ආඛ්‍යව පාසල් ඇරී රැගෙන ඒම සඳහා මම පාසලට යමින් හිටියා.
එතකොට ගුරුවරියගෙන් කෝල් එකක් ආවා.
"ආඛ්‍යට වැසිකිළියට යන්න ඕනේ. පුළුවන් ඉක්මනට එන්න."
විනාඩි 15කින් මම පාසලට ගියා.

පන්තිය හිස්. ඉතින් මම ground එක අයිනෙ වැසිකිළි පැත්තට ගියා.

මම දැක්ක දේ මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ.

මගේ පුංචි පුතා වැසිකිළිය ළඟ තිබුණු ටයරයක් උඩ තනියම ඉඳගෙන හයියෙන් අඬනවා.

විශේෂ අධ්‍යාපන ඒකකය භාර ගුරුතුමිය, තවත් ගුරුතුමියක්, සර් කෙනෙක්, පුතාගේ පන්තියේ තවත් දරුවෙක් ඒ දරුවාගේ අම්මා pavilion එකේ හිටියෙ. එතන ඉඳලා මීටර් 15 විතර එහායින් ටයරය උඩ වාඩි වෙලා ආකි කඳුළු පෙරාගෙන තනියම අඬනවා.

අත් දෙක පුරා ටයරයේ තිබුණු කළු පැහැති දැලි වගේ දේවල් ගැවිලා. කඳුළු පිහදාගෙන තියෙන්නේ කළු පාට ගෑවුන අත්වලින්. මූණ පුරා අත්දෙක පුරා කළු පාට.
කොට කලිසම සම්පූර්ණයෙන්ම මලපහවලින් අපිරිසිදු වෙලා. (නදීෂ් කිව්වෙ මට තිබුණා අඩු තරමේ photo එකක්හරි ගන්න කියලා.... හැබැයි ඒ වෙලාවේ මම හිටිය තත්වය එක්ක මට ඒ කිසි දෙයක් සිහියට ආවෙ නෑ.)

පුතාගේ ගුරුතුමිය ඇවිත් මට කිව්වා...
"ආඛ්‍යට වැසිකිළි යන්න ඕන කිවිවා. වැසිකිළිය ළඟට අරගෙන ගියා. ගඳ නිසා ඇතුළට ගියේ නැහැ. ගඳයි ඊයා කියලා එයා ආපහු හැරිලා ආවා. ඉතින් මම එයාව ආයෙත් පන්තියට අරගෙන ආවා. එතනදී මලපහ ගියා."

පන්තියේ බිමත් මළපහ වලින් අපිරිසිදු වෙලා තිබුණා. (ඩයපරය ඇඳගෙන සිටියදීත්)

එයා යන්න ඕන කියලා නොකියා නෙවෙයි කියලත් එයාට යන්න පුලුවන් විදිහේ වැසිකිළි පහසුකම් නැති නිසා තමයි මේක වෙලා තියෙන්නෙ. එයා ගෙදරදි, therapy වලදි අද වෙනකල් එහෙම කරගෙන නැහැ. එයා සඳුදා සහ බ්‍රහස්පතින්දා මුලු දවසම therapy. Toilet යන්න ඕන වුණාම ගිහින් සෝදගෙන ඇඳුම් ඇඳගෙන එන්න එයා දන්නවා. හැබැයි යන්න වැසිකිළියක් නැත්නම් මොකද කරන්නේ.

මට හොඳටම ඇඬුනා. මම පුතාව අර අන්තිම අපිරිසිදු වැසිකිළියට එක්ක ගිහින් හොඳට පුතාව ඇඟ සෝදවලා, පිරිසිදු කරලා, අලුත් ඇඳුම් අන්දලා පන්තියට එක්ක ගියා. පන්තියත් පිරිසිදු කළා.

ඒ වෙලාවේ ඉඳන් තවමත් මගෙ ඔළුව රිදෙනවා පුදුම තරම්. මේ දරුවා නිසා මම විඳවලා අඬලා ඇති නොසෑහෙන තරම්. හැබැයි අද තරම් වේදනාවක් මට මීට කලින් කවදාවත් දැනිලා නැහැ.

අඬ අඬා, කතා කරගන්නවත් බැරිව, මලපහවලින් අපිරිසිදු ඇඳුම් ඇඳගෙන මගේ පුංචි පුතා ටයරයක් උඩ තනියම ඉඳගෙන හිටපු විදිහ.. ඒක තමයි මගේ ජීවිතේ දැකපු වේදනාකාරීම දර්ශනය. මම ගෙදර එනකල් අඬ අඬ මගෙ අම්මට කිවිවා... නදීෂ්ට කිවිවා. (විදුහල්පතිනිය සමාව ඉල්ලුවා අද වුණ දේට. හැබැයි පරක්කු වැඩියි..)

අද මම තීරණයක් ගත්තා.

අද තමයි ආඛ්‍ය මේ විදියට මේ පාසලට ගිය අවසාන දවස.

මේකට මට සුදුසු උත්තරයක් ඕනි.
මේ ලියන්නේ මගේ පුතා වෙනුවෙන් විතරක් නෙවෙයි.

පාසලේ හරි හමන් වැසිකිළියක් නැති නිසා, අපහසුතාවයට වෙලා ඉන්න හැම විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් වෙනුවෙන් මම මේක ලියන්නේ.

මාව ළඟින්ම ආශ්‍රය කරන යාලුවො හොඳටම දන්නවා මේ කාරණය හින්දා මම කොච්චර මානසිකව කඩා වැටිලා හිටියද කියලා පහුගිය කාලෙම.

අපේ දරුවොත් මනුස්සයෝ. එයාලටත් ගෞරවයෙන්, ආරක්ෂාවෙන්, නිදහසේ පාසල් යන්න අයිතියක් තියෙනවා.

මට මේකට සාධාරණ පිළිතුරක්, සුදුසු විසඳුමක් කලාප අධ්‍යාපන කාර්යාලයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ අදාළ මොනයම් ආයතනයකින් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මගෙ දරුවා වෙනුවෙන් විතරක් නෙවෙයි මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හැමෝම වෙනුවෙන්.

මම වෙනුවෙන් ආකි වෙනුවෙන් මොනවාහරි කරන්න හිතෙනවා නම් මේක share කරන්න. එතකොට අදාළ බලධාරීන්ගෙ ඇස් ඇරෙයි කියලා මම විශ්වාස කරනවා.

මම තමරි රණතුංග. (ආඛ්‍යගෙ අම්මා)

පුංචි හිත් සතුටු කරන්න අපි ගිය සුන්දර ගමන 🥺2026.06.28 දින බටහිර හපුතලේ දෙමළ විද්‍යාලයේ පොඩ්ඩෝ ටිකට ලස්සන අමතක නොවන දවසක්...
04/07/2026

පුංචි හිත් සතුටු කරන්න අපි ගිය සුන්දර ගමන 🥺

2026.06.28 දින බටහිර හපුතලේ දෙමළ විද්‍යාලයේ පොඩ්ඩෝ ටිකට ලස්සන අමතක නොවන දවසක් වෙන්න ඇති කියලා යොවුන් හදවත් අපිට තේරුම් ගන්න වැඩි වෙලාවක් නම් ගියේ නැ.😍

ඉස්කෝලේට යන අතරමග මනස සුවපත් කරන මේ කොළපාට පරිසරයේ ජිවත් වෙන්න ලැබෙනවා කියන්නේ මොනතරම් වාසනාවක්ද හැගුනත් ගම පහු කරගෙන උඩට යද්දි ඉස්කෝලේ ළමයි දකිද්දි යන්න එන්න හරි වහනයක් නැතුව පයින්ම ගමන් කරන ඒ අයගේ ජිවිකාව ගෙනියන්න දරණ මහන්සිය දැක්කාම අගන්තුක අපිට දැනෙන සුවදායී හැඟීමම ඒ අයටත් දැනෙනවා ඇතියි හිතන්න අමාරුයි.

ඉතින් අපි හිතනවා අපි මේ කරපු පුංචි උදව්ව මේ පොඩ්ඩොන්ට ලොකු හයියක් වෙන්න ඇතැයි කියලා 🥺

අවසාන වශයෙන් මේ වැඩේට වචනයකින් හෝ උදව් කරන්න අවස්ථාව ලැබුනු සියලු දෙනාටම බොහොම ස්තුතියි💐🙏

යොවුන් හදවත් සංගමය,
බණ්ඩාරවෙල.

ජීවිතයක් ජීවත් කරවන්නට ඔබටත් පුළුවන්ද? ඔව්... අනිවාර්යෙන්ම....ඔබේ 🩸ලේ බිඳුවෙන් ජීවිත කීයක් නම් ජීවත් වෙනවාද?🥺❤️හදිසි ලේ ...
18/04/2026

ජීවිතයක් ජීවත් කරවන්නට ඔබටත් පුළුවන්ද? ඔව්... අනිවාර්යෙන්ම....

ඔබේ 🩸ලේ බිඳුවෙන් ජීවිත කීයක් නම් ජීවත් වෙනවාද?🥺❤️

හදිසි ලේ අවශ්‍යතාවන් මඟ හරවා ගැනීමට ඔබත් හෙට දින බණ්ඩාරවෙල කහත්තේවෙල පැවැත්වෙන ලේ දන් දීමේ ජංගම කඳවුර වෙතට පැමිණ මේ උතුම් කාර්‍ය සාර්ථක කරගැනීමට අපත් සමග එකතු වන්න

අපව සම්බන්ධ කරගැනීමට 071 0689 072 / 078 4622 588

ලේ බිඳක් පරිත්‍යාග කර ජිවිතයක් රැක ගැනීමට ඔබත් එකතු වන්න අපත් සමඟ🤝Youn Hadawath Organization Ymn Yapa Wadoryu Spinea ස්ථ...
16/04/2026

ලේ බිඳක් පරිත්‍යාග කර ජිවිතයක් රැක ගැනීමට ඔබත් එකතු වන්න අපත් සමඟ🤝
Youn Hadawath Organization Ymn Yapa Wadoryu Spinea

ස්ථානය - වාදෝ රියේ කරාතේ පාසල (Fresh Go Super Market පහළ මහල) තෝමස් හන්දිය
දිනය - 2026 අප්‍රේල් 19 වන ඉරුදින
වේලාව - උදෑසන 8:30 සිට

ලබන්නාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද නිදුක් නීරෝගී වසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට 🙏❤️Happy Sinhala and Tamil...
14/04/2026

ලබන්නාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද නිදුක් නීරෝගී වසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට 🙏❤️

Happy Sinhala and Tamil New Year 🙏❤️

යොවුන් හදවත් අප සංඟමයත් වාදෝ රියෝ කරාතේ පාසලත් එක්ව පවත්වනු ලබන ලේ දන් දීමේ මහඟු පිංකම පස්වන වරට මෙවරත් සිදු කිරීමට සියළ...
09/03/2026

යොවුන් හදවත් අප සංඟමයත් වාදෝ රියෝ කරාතේ පාසලත් එක්ව පවත්වනු ලබන ලේ දන් දීමේ මහඟු පිංකම පස්වන වරට මෙවරත් සිදු කිරීමට සියළු කටයුතු සුදානම් කෙරෙමින් පවති.

ඒ සඳහා ලේ බිඳක් පරිත්‍යාග කර ජිවිතයක් රැක ගැනීමට ඔබත් එකතු වන්න අපත් සමඟ🤝

ස්ථානය - වාදෝ රියේ කරාතේ පාසල (Fresh Go Super Market පහළ මහල) තෝමස් හන්දිය
දිනය - අප්‍රේල් 19 වන ඉරුදින
වේලාව - උදෑසන 8:30 සිට

08/03/2026

යොවුන් හදවත්…
සිහින වලට පියාපත් දෙනවා
දරුවන්ගේ හෙට
අපි එක්වෙලා ගොඩනගනවා

කුඩා උදව්වක්
ලෝකයක් වෙනස් කරනවා
යොවුන් හදවත්…
ආදරයෙන් හෙටක් හදනවා ❤️

🌾 Happy Pongal! 🌞Warm wishes from Young Hadawath Organization 💛May this harvest festival bring happiness, prosperity, an...
15/01/2026

🌾 Happy Pongal! 🌞

Warm wishes from Young Hadawath Organization 💛
May this harvest festival bring happiness, prosperity, and unity to all.

දැනුමට සවියක් වැඩසටහන 2025🙏යොවුන් හදවත් සංගමයේ දැනුමට සවියක් වැඩසටහන මෙවර දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වු අපේම නංගිල...
11/01/2026

දැනුමට සවියක් වැඩසටහන 2025🙏

යොවුන් හදවත් සංගමයේ දැනුමට සවියක් වැඩසටහන මෙවර දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වු අපේම නංගිලා මල්ලීලා පිරිසකට උදව් කිරීමේ අරමුණින් ආරම්භ කෙරුණා.

මෙහිදි අපට ලැබුන තොරතුරු මත මිඟහකිවුල ප්‍රදේශීය කොට්ඨාසයේ කැටවත්ත ගමේ ළමයින් 120කට වැඩි පිරිසකට පොත්පත් ආදිය ලබා දීමට කටයුතු කෙරුණා.

මෙම වැඩසහටන සඳහා පරිත්‍යාගශිලීන් විශාල පිරිසකගේ දායකත්වය ලැබුණි. එමෙන්ම මෙම කාර්‍ය සාර්ථක කරගැනීමට අපහට සහයෝගය ලබා දුන් සියලු දෙනාටම යොවුන් හදවත් අපගේ ස්තුතිය ❤️

Address

Bandarawela

Alerts

Be the first to know and let us send you an email when Youn Hadawath Organization posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Youn Hadawath Organization:

Shortcuts

Share