සිංහල බෞද්ධ සංස්කෘතියත් බුදු දහමේ විශිෂ්ඨ දර්ශනයත් මත පදනම්ව ගොඩනැගුනු බුදුරජාණන් වහන්සේ නොසැලෙන ශ්‍රද්ධාවෙන් සරණ ගිය ආර්ය සිංහලයන් ජීවත්වූ අතීත සිරිලක , ධන ධානයෙන් ද සියලු ආකාර වූ සමුර්ධියෙන් ද පිරිපුන් වූ , අද මෙන් ලොව සතර අත ණය නොවුණු ශ්‍රී විභූතියෙන් පිරිණු යුගයක් විය ....
පිනෙන් බලවත් වූ අදීන මිනිසුන්ගෙන් පිරිණු ඒ යුගය සියලු ජනයාට මෙන්ම සතා සිව්පාවට පවා සෙත සාදන මහා වැව් ආදී විශිෂ්ට නිර්මාණ
වලින්ද වලින්ද,පරිසරය පවා සුරැකුණු සහනශීලි යුගයකි ....අනිත්‍ය ධර්මය , මනා සිහි නුවණ , නොපසුබස්නා වීර්ය ඇති කල නිර්මල බුදු දහමෙන් ද හෙළ බොදු සංස්කෘතියද බැහැර කිරීමේ සාපය නිසාවෙන්ම අද වන විට පරම්පරා ගණනකට ණය බරින් මිරිකුණු , දීන මිනිසුන් ඇති කරන අවාසනාවන්ත යුගයක් නිර්මාණය වී ඇත ...මේ සඳහා නොයෙක් ආක්‍රමණ මෙන්ම , බලහත්කාරයෙන් සහ සියුම් අන්දමින් වෙනත් හිස් මතවාදයන් වඩා උසස් යයි සමාජ ගතකොට අපට ජිවය සැපයු ශක්ති ප්‍රභවයන් වන නිර්මල බුදු දහමත් අතීත ශිෂ්ටාචාරය පිලිබඳ වූ අභිමානයත් අපගෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි ...එම නිසාම නොයෙකුත් හිස් මතවාද කරපින්නාගත් , මානසිකව බෙලහීන වූ යුගයක් නිර්මාණය වී ඇත.
සියලු ජනවර්ගයා සහනශිලිත්වයෙන් ජිවත් වූ සිංහල බෞද්ධ සංස්කෘතිය යටපත් කර දැමීමට තැන කිරීම නිසාම අසමතුලිත කෘතීම සමාජ ක්‍රමයක් බිහි වී ඇත.
අප අපගේ උරුමයෙන් බැහැර වීම තුලින් ඇති කරගෙන ඇත්තේ සියලු ආකාර අසාර්ථකත්වයන් පමණි ...නැවත ආර්ථික සමාජීය සමුර්දිය මෙන්ම අභිමානයෙන් ද නැගී සිටිය හැකි එකම මග අතිතයේ අපට ශ්‍රී විභූතිය ලබා දුන් අක් මුල් නැවත සොයා යාම පමණි.
ජාතියක් වශයෙන් වැරදුනු තැන් වරද්දවූ තැන් නිසි ආකරව තේරුම් ගෙන කටයුතු කිරීම පමණි ....ඒ සඳහා අප ඒ පිලිබඳ දැනුවත් විය යුතුය. හිස් මතවාද පතුරන්නන් බැහැර කොට අපගේ සංස්කෘතික සහ ආගමික හර පද්දතිය මත අභිමානයෙන් සිට ගත යුතුය ...ඒ සඳහා නිසි දැනුම ලබා ගන්නා , මග හෙළිකරන මහා ගමනක ව්‍යයාමයක ආරම්භයයි මේ ..! සමගියෙන් නැගී සිටිමු!!!