බදුල්ලේ JVP

බදුල්ලේ JVP JVP BADULLA OFFICIAL PAGE

ජගත් පරිසර දිනය නිමිත්තෙන් ඌව පළාත පුරා දැවැන්ත ‘ශ්‍රම මෙහෙයුමක්’.ජූනි 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව ඌව පළාත...
05/06/2026

ජගත් පරිසර දිනය නිමිත්තෙන් ඌව පළාත පුරා දැවැන්ත ‘ශ්‍රම මෙහෙයුමක්’.
ජූනි 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව ඌව පළාතේ සෑම ග්‍රාම සේවා වසමක්ම ආවරණය වන පරිදි සංවිධානය කළ දැවැන්ත "ශ්‍රම දිනය" ශ්‍රමදාන වැඩසටහන් මාලාව අද (05) දින ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කෙරිණි. මෙම වැඩසටහන 'Clean Sri Lanka' ලේකම් කාර්යාලය, ඌව පළාත් සභාව, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු ඌව පළාතේ සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව සංවිධානය කර තිබුණි.
දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්, ග්‍රාම සේවා වසම් මූලික කරගනිමින් සංවිධානය කෙරුණු මෙම ශ්‍රමදාන ව්‍යාපෘති "ප්‍රජාශක්ති සංවර්ධන කමිටු" හරහා බිම් මට්ටමින් ක්‍රියාත්මක විය. ඒ අනුව අද දිනය තුළ ඌව පළාත පුරා සමස්ත ශ්‍රමදාන වැඩසටහන් 2,500කට ආසන්න ප්‍රමාණයක් පැවැත්වුණු අතර, සමස්ත මෙහෙයුම අද උදෑසන 8.00 සිට පස්වරු 2.00 දක්වා ක්‍රියාත්මක විය. මෙහි බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන උදෑසන 8.00 ට බදුල්ල දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරිණි.
මෙම දැවැන්ත ශ්‍රමදාන වැඩසටහන සඳහා ඌව පළාත පුරා අද දිනයේ පළාතේ දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිළධාරින්, යුද හමුදා සාමාජිකයන්, පාසල් ළමුන් ඇතුළු දෙලක්ෂ පනස්දහසකට (250,000) අධික ජනකායක් සිය ශ්‍රම දායකත්වය සපයා ඇත. මෙය ලංකා ඉතිහාසයේ සනිටුහන් වන සුවිශේෂී දිනයක් වන අතර, මේ හරහා විශාල මහජන මුදලක් ඉතිරි කරමින් රටේ ආර්ථිකයට විශාල වටිනාකමක් එකතු කිරීමට ද හැකි වී තිබේ.
බදුල්ල දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පැවැති ප්‍රධාන වැඩසටහන සඳහා ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල මහත්මිය සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, නාගරික මන්ත්‍රීවරුන් ස්වේච්ඡා කණ්ඩායම් ඇතුලු ප්‍රදේශයේ විශාල ජනකායක් එක්ව සිටියහ.

04/06/2026

පුනරුද ගමනට සවියක් වන
ඌවේ මහා ශ්‍රම මෙහෙයුම!

04/06/2026

පුනරුද ගමනට සවියක් වන
ඌවේ මහා ශ්‍රම මෙහෙයුම!
හොඳම ශ්‍රමදානය කරන ගමට
කෝටියක ව්‍යාපෘතියක්

නවසීලන්තයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් සහෝදරයා ඕක්ලන්ඩ් සහ ක්‍රයිස්ට්චර්ච් නුව...
04/06/2026

නවසීලන්තයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් සහෝදරයා ඕක්ලන්ඩ් සහ ක්‍රයිස්ට්චර්ච් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ පැවැත්වුණු සුහද හමුව

"ඌවේ මහා ශ්‍රම මෙහෙයුම" බදුල්ල දිස්ත්‍රික්කයේ සෑම වසමක්ම ආවරණය වන පරිදි ජුනි 05 උදෑසන 08 සිට ප.ව. 02 දක්වා රට එකට ඌව පෙර...
04/06/2026

"ඌවේ මහා ශ්‍රම මෙහෙයුම"
බදුල්ල දිස්ත්‍රික්කයේ සෑම වසමක්ම ආවරණය වන පරිදි
ජුනි 05 උදෑසන 08 සිට ප.ව. 02 දක්වා
රට එකට ඌව පෙරට මේ මහා ශ්‍රම මෙහෙයුමට එක්වෙමු

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් බත්මැඩිල්ල වාරි ව්‍යාපාරයේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේඅද (03) පෙරවරුවේ ‘දිට්වා’ ...
03/06/2026

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් බත්මැඩිල්ල වාරි ව්‍යාපාරයේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

අද (03) පෙරවරුවේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් වූ බත්මැඩිල්ල වාරි ව්‍යාපාරයේ නිල ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු කන්දකැටිය සූරීයකැටිය පිටවාන ප්‍රදේශයේදී ආරම්භ කරන ලදී.
සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් අනතුරුව, ගොවි ජනතාවගේ සහයෝගය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඉතා කෙටි කාලයක් තුළ වාරි ව්‍යාපාරය තාවකාලිකව යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව සඳහන් වේ.
එමෙන්ම, ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ස්ථාන කිහිපයකින් බිඳී විනාශ වී තිබූ බත්මැඩිල්ල වාරි ව්‍යාපාරය ස්ථිරව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 130.13 ක මුදලක් වෙන් කර ඇති අතර, එහි නිල ඉදිකිරීම් කටයුතු අද දින ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාවට මහාසංඝරත්නය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා, කන්දකැටිය ප්‍රාදේශීය සභා සභාපතිතුමන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශයේ ගොවි ජනතාව ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් බදුළු ඔය වාරි ව්‍යාපාරයේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේඅද (03) දින ‘දිට්වා’ සුළි කු...
03/06/2026

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් බදුළු ඔය වාරි ව්‍යාපාරයේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

අද (03) දින ‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් වූ බදුළු ඔය වාරි ව්‍යාපාරයේ නිල ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු කන්දකැටිය, පින්නකැටිය ගිනිපෙට්ටි පාලම අසලදී ආරම්භ කරන ලදී.
සුළි කුණාටුවෙන් සිදුවූ දැඩි හානියෙන් අනතුරුව, ඉතා කෙටි කාලයක් තුළ ගොවි ජනතාවගේ සහයෝගය ඇතිව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ වාරි ව්‍යාපාරය තාවකාලිකව යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබුණි.
එහි අඛණ්ඩතාව සහ දිගුකාලීන කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා රුපියල් මිලියන 324.43 ක මුදලක් වැය කරමින්, ස්ථාන කිහිපයකින් බිඳී විනාශ වී තිබූ බදුළු ඔය වාරි ව්‍යාපාරය ස්ථිරව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය මෙලෙස නිල වශයෙන් ආරම්භ විය.

මෙම අවස්ථාවට මහාසංඝරත්නය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා,තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා, කන්දකැටිය ප්‍රාදේශීය සභා සභාපතිතුමන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශයේ ගොවි ජනතාව ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් අතර හමුවක්    ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටි...
03/06/2026

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් අතර හමුවක්
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ මහතා අතර හමුවක් ඊයේ (02) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් විණි.
එහිදී විශේෂයෙන්ම මෙම හමුව සත්‍යන්ජල් පාණ්ඩේ මහතා ශ්‍රී ලංකාවේ සිය තෙවසරක ධුර කාලය අවසන් කර මෙරටින් පිටව යාමට පෙර සිදුවූ අවසන් හමුවීම ලෙස සටහන් විය.
එහිදී ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සබඳතාවය ශක්තිමත් කිරීම උදෙසා පසුගිය කාලය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර එ සඳහා නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස සත්‍යන්ජල් පාණ්ඩේ මහතා විසින් දක්වන ලද මිත්‍රශීලී දායකත්වය අගය කිරීමද සිදු කරන ලදි. එසේම දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමේදී ඉන්දියාව දැක්වූ දායකත්වයට සහ එහිදී නියෝජ්‍ය මහකොමසාරිස්තුමන් විසින් ලබදුන් දායකත්වය මෙහිදී ටිල්වින් සිල්වා සහෝදරයා විසින් ඇගයීමට ලක්කරන ලදි.
තමා 2023 වර්ෂයේ අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ හමුවීමට ඉතා ඉක්මනින් අවස්ථාව සැලසීම පිළිබඳවත් එතැන් පටන් පවත්වාගෙන ගිය ඉතා මිත්‍රශීලී සබඳතාවය පිළිබඳවත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ මහතා විසින් මෙම සාකච්ඡාව තුළදී සිහිපත් කරන ලදි.
ශ්‍රී ලංකාවේ සිය රාජ්‍යතාන්ත්‍රික කටයුතු නිම කර යන සත්‍යන්ජල් පාණ්ඩේ මහතාට සිය ඉදිරි කටයුතු සාර්ථකව කරගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් සිය සුබ පැතුම් එක්කරන ලදී.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනමක්
03/06/2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනමක්

අනන්‍යතාවය රකිමින් නගර දහයකට නව මුහුණුවරක්
02/06/2026

අනන්‍යතාවය රකිමින් නගර දහයකට නව මුහුණුවරක්

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when බදුල්ලේ JVP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share