15/01/2026
තායිපොංගල් උත්සවය: අස්වැන්න නෙලීමේ මංගල්‍යය ✨️
"අස්වැන්න නෙලීමේ උත්සවය" යන අරුත ඇති තායිපොංගල් මංගල්‍යය, ලොව පුරා වෙසෙන දමිළ ජනතාව විසින් සෑම වසරකම ඉතා උත්කර්ෂවත් අයුරින් සමරනු ලබයි. මෙම උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සමරනු ලබන 'මකර සංක්‍රාන්ති' උත්සවය සමඟ සමීප සබඳතාවක් පවත්වයි.
"පොංගල්" යන දමිළ වචනයේ සෘජු අදහස වන්නේ "උතුරා යාම" හෝ "පිටාර ගැලීමයි". නව මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සහ සෞභාග්‍යයේ සලකුණක් ලෙස ඔවුහු විශ්වාස කරති.
ආගමික සහ ජ්‍යොතිෂමය වැදගත්කම ✅
තායිපොංගල් උත්සවය මගින් සූර්යයා වසරේ නව චක්‍රයක් සඳහා ගමන් ඇරඹීම සනිටුහන් කරයි. හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්ය දෙවියන්ට පූජා කරමින් ස්වභාවධර්මයට කෘතගුණ දැක්වීම "සූර්ය මංගල්‍යය" දිනයේදී සිදු කරයි.
මෙම උත්සවය දමිළ ජනයාට පමණක් සීමා වූවක් නොවේ. මහා භාරතයේ සඳහන් වන පරිදි මෙය සමස්ත ඉන්දීය ජනතාවටම පොදු චාරිත්‍රයකි. භීෂ්ම කුමරු තම මිනිස් ජීවිතය අත්හැරීම සිදු කළේ සූර්යයා උතුරු දිශාවට හැරීමේ සුබ මොහොතේදී වන අතර, එම සංසිද්ධිය 'උත්තරායනය' නමින් හඳුන්වයි. ධර්ම ශාස්ත්‍රයන්ට අනුව මකර සංක්‍රාන්තිය සෑම වසරකම ජනවාරි 14 හෝ 15 යන දිනවල යෙදෙන අතර, ප්‍රසිද්ධ කුම්භ මේලා සහ අර්ධ කුම්භ මේලා උත්සව මෙදින අවසන් වේ.
ප්‍රාදේශීය ව්‍යාප්තිය
සූර්යයාගේ මෙම ගමනාන්තය සැමරීම වෙනුවෙන් ඉන්දියාවේ සහ ආසන්න රටවල බොහෝ ප්‍රදේශවලට එනම්; ආන්ධ්‍ර ප්‍රදේශ්, ඇසෑමය, බෙංගාලය, බිහාරය, ගුජරාටය, හිමාචල් ප්‍රදේශ්, කර්නාටක, කේරළය, ඔරිස්සා, මහාරාෂ්ට්‍රය, නේපාලය, පන්ජාබය, රාජස්ථානය, තමිල්නාඩුව සහ උත්තර ප්‍රදේශ් වැනි ප්‍රාන්තවල පාරම්පරික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
🎇🎇🎇🎇