බදුල්ල බස් මගීන්ගේ සංසදය.

බදුල්ල බස් මගීන්ගේ සංසදය. பதுளை பஸ் பயணிகள் சங்கம்

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! - බදුල්ල බස් මගීන්ගේ සංසදය. fb.com/BadullaBPF
30/05/2026

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! - බදුල්ල බස් මගීන්ගේ සංසදය. fb.com/BadullaBPF

11/05/2026

Online පෙත්සම 🔥

මාර්ග අංක 99 අර්ධ සුඛෝපභෝගී සේවාවේ බලපෑම් මත ධාවනය නවතා දැමුනු බදුල්ල කොළඹ සුඛෝපභෝගී බස්රථ කිහිපය නැවත ධාවනයට එක්කර ගැනීමට මහජන අදහස් අවශ්‍ය වෙලා තියෙනවා.

ඉතින් පහල තියෙන Link එකෙන් ඒ Google Forn එක පුරවලා ඒ වෙනුවෙන් දායකත්වය දෙන්න කියලා ඉල්ලා සිටිනවා මගී ඔබගෙන් ❤️

https://docs.google.com/forms/d/e/1FAIpQLSdqzV35DGr1kfFGm77mRefnmSkO9Y4dBIkbu5CmmWaNIu7jUQ/viewform?pli=1

📢 බදුල්ලේ සිට කොළඹ දක්වා බලංගොඩ, රත්නපුර, අවිස්සාවේල්ල ආශ්‍රීතව රැකියා කල සියලු දෙනාට අස්වැසිල්ලක් වූ බදුල්ල – කොළඹ AC බ...
05/05/2026

📢 බදුල්ලේ සිට කොළඹ දක්වා බලංගොඩ, රත්නපුර, අවිස්සාවේල්ල ආශ්‍රීතව රැකියා කල සියලු දෙනාට අස්වැසිල්ලක් වූ බදුල්ල – කොළඹ AC බස් සේවාව මේ වන විට අත්හිටුවා ඇත.
📅 මෙය 2026 මැයි 06 සිට ක්‍රියාත්මකයි

මගී ජනතාවගේ ඉල්ලීම මත ආරම්භ කළ බදුල්ල – කොළඹ (මාර්ග අංක 99) සුඛෝපභෝගී අධිවේගී AC බස් සේවාව, අර්ධ සුඛෝපභෝගී (Semi-Luxury) බස් හිමියන්ගේ විරෝධය හේතුවෙන් **තාවකාලිකව නවතා දමා ඇත.**

අර්ධ සූඛෝපභෝගී බස් හිමියන් තම සේවාව නිසි ආකාරයෙන් ලබානොදෙන බවට මාර්ගයේ ගමන් ගන්නා සියලු මගී ජනතාව දන්නා කරුණකි. එම බස්වල ඇති සූඛෝපභෝගී භාවයක් නැත. කොටින්ම එය සාමාන්‍ය ධාවනය සදහා සුදුසු බව බදුල්ල බස් මගීන්ගේ සංසදයත් නිතර පෙන්වා දෙන ලදී.

🛑 අත්හිටුවා ඇති බස් සේවා

M R N Express
Sineth Cabs
Vishmitha Express

👉 සටහන: NCG Express බස් රථය පමණක් සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය වේ.

---

🕒 පෙර නියමිත කාලසටහන් සහ සම්බන්ධීකරණ තොරතුරු

| බස් රථය | බදුල්ලෙන් පිටත් වීම | කොළඹින් පිටත් වීම සහ
දුරකථන අංකය |
| ----------------- | ------------------- | ----------------- | ------------ |
| M R N Express | 03:00 AM | 02:20 PM
| 077 258 7716 |
| Sineth Cabs | 04:30 PM | 07:00 AM
| 070 227 5275 |
| Vishmitha Express | 05:45 AM | 03:45 PM
| 077 528 9090 |

---
💰 අයකරන ලද සාධාරණ ගමන් ගාස්තුව

රු. 1690/-

📍 ගමන් මාර්ගය

බදුල්ල ➝ බණ්ඩාරවෙල ➝ හපුතලේ ➝ බලංගොඩ ➝ රත්නපුර ➝ අවිස්සාවේල්ල ➝ මහරගම ➝ කොළඹ

🔥 බදුල්ල බස් මගීන්ගේ සංසදය ලෙස මගී ජනතාවට කාරුණික ඉල්ලීමක්. දිගින් දිගටම බදුල්ල කොළඹ බස් මගීන්ට සිදුවන්නේ අසාධාරණයකි. ඒ සඳහා ඔබටද මැදිහත් විය හැකිය. කල යුත්තේ.

ඔබට සුඛෝපභෝගී සහ සුවපහසු ගමන් සේවාවක් නැවත ලබාගැනීමට අවශ්‍ය නම්, කරුණාකර 1955 අංකයට අමතා ඔබගේ අදහස්, විරෝධය හෝ පැමිණිලි ඉදිරිපත් කරන්න.

ගුනාත්මක සේවාවක් සාදාරන ලෙස ලබාදුන් AC බස්
04/05/2026

ගුනාත්මක සේවාවක් සාදාරන ලෙස ලබාදුන් AC බස්

📢 විශේෂ නිවේදනයයි: බදුල්ල - කොළඹ AC බස් සේවාව අත්හිටුවයි!

**2026.05.06 දින සිට ක්‍රියාත්මක වේ**
මගී ජනතාවගේ දැඩි ඉල්ලුම මත ආරම්භ වූ බදුල්ල - කොළඹ (99 මාර්ගය) සුඛෝපභෝගී අධිවේගී බස් රථ සේවාවන්, අර්ධ සුඛෝපභෝගී (Semi-Luxury) බස් රථ හිමියන්ගේ විරෝධය හේතුවෙන් **හෙට සිට තාවකාලිකව නවතා දමා ඇත.**

# # # 🛑 ධාවනය අත්හිටුවා ඇති බස් රථ:
* **M R N Express**
* **Sineth Cabs**
* **Vishmitha Express**

**සැ.යු:** NCG Express බස් රථය පමණක් චක්‍රීය කාලසටහනට අනුව සාමාන්‍ය පරිදි ධාවනය වේ.

# # # 🕒 නියමිතව තිබූ කාලසටහන සහ සම්බන්ධීකරණ අංක:
| බස් රථය | බදුල්ලෙන් | කොළඹින් | දුරකථන අංකය |
|---|---|---|---|
| **M R N Express** | 03.00 AM | 02.20 PM | 077 258 7716 |
| **Sineth Cabs** | 04.30 PM | 07.00 AM | 070 2 275 275 |
| **Vishmitha Express** | 05.45 AM | 03.45 PM | 077 5 289 090 |
* **ගාස්තුව:** රු. 1690/-
* **ගමන් මාර්ගය:** බදුල්ල ➔ බණ්ඩාරවෙල ➔ හපුතලේ ➔ බලංගොඩ ➔ රත්නපුර ➔ අවිස්සාවේල්ල ➔ මහරගම ➔ කොළඹ
# # # 🔥 මගී ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක්!
සුවපහසු ප්‍රවාහන සේවයක් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි වීමට ඉඩ නොදෙන්න. නැවතත් මෙම AC බස් රථ සේවාව බදුල්ලට ලබාදෙන ලෙස ඉල්ලා **1955** අංකය අමතා ඔබගේ විරෝධය/පැමිණිල්ල ඉදිරිපත් කරන්න.
**සටහන:** රුක්ෂාන් | Badulla- HBSL 2026 🤘

04/05/2026

බදුල්ල කොලබ ගුනාත්මක සේවාවක් සාදාරන මිලට සැපයූ සුකෝපභෝගී සේවාව (රු.1650/=)නමට පමනක් SEMI LUXURY කරුවන් හා ගමනාගමන කොමිසම විසින් නවතා ඇත.

බිබිලෙන්  බදුල්ලේ යනවා නම් උදේ හවස යන්න AC බස් එකක්... බිබිලෙන් උදෑසන පිටත් වීම 6:00ටබදුල්ලෙන් උදේ 8:45ට
12/04/2026

බිබිලෙන් බදුල්ලේ යනවා නම් උදේ හවස යන්න AC බස් එකක්...
බිබිලෙන් උදෑසන පිටත් වීම 6:00ට
බදුල්ලෙන් උදේ 8:45ට

බදුල්ල මාකුඹුර ගමන් මාර්ගය වෙනුවෙන් ලබා දුන් නව බස් රථය NE 3615 මේ වන විට බදුල්ල ඩිපෝවට අහිමි කර ඇති බව අප මීට මුලදී අනා...
18/02/2026

බදුල්ල මාකුඹුර ගමන් මාර්ගය වෙනුවෙන් ලබා දුන් නව බස් රථය NE 3615 මේ වන විට බදුල්ල ඩිපෝවට අහිමි කර ඇති බව අප මීට මුලදී අනාවරණය කරන ලදී. මුලින් සැලසුම් කොට තිබුනේ මෙම මාර්ගයේ දැනට ධාවනය වන පරණ බස් රථය NE 2048 කරාපිටිය දක්වා ධාවනය කොට මෙම නව බස් රථය බදුල්ල මාකුඹුර ධාවනය කරවීමටය. නමුත් අවසානාවක මහත බදුල්ලට ලබාදුන් මෙම නව බස් රථය නැවත ලබාගෙන මාතරට ලබාදී ඇති බව දැනගන්නට ලැබුණි. බදුල්ල ඇල්ල ප්‍රදේශ වලින් සංචාරකයන්ද මෙම බස් රථයට පුරුදු පුහුණුව සිටියද බදුල්ල ඩිපෝවට විශාල අදායමක් අහිමි කරමින් බස් රථය නැවත පවරාගැනීමට කටයුතු කිරීම විමතියට කරුණකි. සමාජය තුල දුර්මතයක්ද මේ වන විට මුදාහැරීමට කොටසක් කටයුතු කර ඇත. එනම් ඒ ලැබුණු බස් රථය කදුනැගීමට යෝග්‍ය නොවන බවය. නමුත් මේ වනවිටත් තණමල්විල ඩිපෝව මගින් ධාවනය වන මෙවැනි බස් රථයක් මාකුඹුර බදුල්ල ධාවනය වේ. බණ්ඩාරවෙල ඩිපෝව මගින් ධාවනය වන බණ්ඩාරවෙල කරාපිටිය, බණ්ඩාරවෙල මාකුඹුර බස් රථ දෙකක් එවැනිම බස් රථ දෙකකි.

එමෙන්ම දැනට පෙ.ව. 7.30 බදුල්ලෙන් පස්වරු 2.30 මාකුඹුරෙන් දැනට ධාවනය වන බස් රථය සති දෙකක් ධාවනය වුවහොත් සතියක් කාර්මික දෝෂයන්ට ලක්වෙමින් පවතී. විටක සේවක මහතුන් රැය පහන් කරන්නේ මහ මඟබව සේවක මහතුන් අප හට දන්වා ඇත. මෙය මහත් ඛේදජනක ඉරණමක් මෙන්ම බදුල්ල කොළඹ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගීන්ටද දැඩි අපහසුවකි. එපමණක්ද නොව ධාවන කාල සටහනේ තවත් වේලාවක් බදුල්ල ඩිපෝවට ලැබී ඇත. එනම් බදුල්ලෙන් ප.ව. 1.30 සහ මාකුඹුරෙන් පෙ.ව. 6.30. නමුත් ධාවනය කිරීමට බස් රථයක් බදුල්ල ඩිපෝව සතුව නැත. බදුල්ලේ මගී ජනතාවගේ පහසුව සලසන බදුල්ල ඩිපෝවේ දිනක බස් අවශ්‍යතාවය බස් රථ 119කි. නමුත් දෛනිකව ධාවනය වන්නේ බස් රථ 88කි. එයිනුත් බදුල්ල මාකුඹුර මාර්ගයට හිමිවන්නේ අතිශය අවදානයක් වුවත්, බදුල්ල ඩිපෝවට නම් හෙනහුරා ලබමින් ඇත. බදුල්ල ඩිපෝවට මේ සිදුකරන පාඩුව කාගේ වුවමනාවට කරන්නක්දැයි විමතියට කරුණකි. ඩිපෝවේ බස් රථ ඉවත් කරගැනීමට පුද්ගලික අංශය හා එක්ව ඩිපෝ පාලනාධිකාරිය සූදානමක් ඇති බවටද රාවයක් ඇත. එමෙන්ම ඒ සදහා හඩ නැගීම නොකොට ප්‍රදේශයේ රජයේ පාර්ශවයේ මැතිඇමතිවරුද මුනිවත රකින බව ඩිපෝ සේවකයන් පවසති. පසුගියදා අප මේ පිලිබඳව අනාවරණය කිරීමෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි අප්‍රසාදයක් මගී ජනතාව පලකර තිබුණි. කඩිනමින් මේ සදහා විසදුමක් නොලැබුනොත් ඉදිරියේදී දැවැන්ත ක්‍රියාමාර්ග බදුල්ල බස් මගීන්ගේ සංසදය ලෙස ගැනීමට බලාපොරොත්තු වෙමු.

බදුල්ල බස් මගීන්ගේ සංසදය.

මේ බස් රථයේ දිනක ආදායම ලක්ෂය ඉක්මවයි. බදුල්ල ඩිපෝව බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ආදායම් ලබන ඩිපෝ වලින් එකක්. බදුල්ල දිස්ත්...
06/02/2026

මේ බස් රථයේ දිනක ආදායම ලක්ෂය ඉක්මවයි. බදුල්ල ඩිපෝව බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ආදායම් ලබන ඩිපෝ වලින් එකක්. බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානම නගරයේ පිහිටා ඇති බදුල්ල ඩිපෝවට කාල සටහන් දෙකක් බදුල්ල - මාකුඹුර තිබියදී මේ බස් රථය වෙනුවට අලුත් බස් රථයක් ගන්න බැරි ඇයි?

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when බදුල්ල බස් මගීන්ගේ සංසදය. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share