23/05/2023
Stronger Uva, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සමඟ එක්ව මිනිසාට මෙන්ම සතුන්ට ද දරුණු ලෙස බලපෑම් ඇති කළ හැකි බැක්ටීරියා ආසාදනයක් වන ලෙප්ටොස්පයිරෝසිස් රෝගය (මී උණ වසන්ගතය) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සාකච්ඡා කෙරුණි.
මෙම වැඩ සටහනේ ප්‍රමුඛතම අවධානය ලෙස ඉහත සඳහන් කළ දැනුවත් කිරීමේ වැඩසටහන්වල දී මූලික අදියරයන්හි ඵලදායිතාව ඉහළ නැංවීම මෙන්ම කෘෂිකාර්මික පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ගොවීන් අතර මනා සම්බන්ධීකරණයක් ස්ථාපනය කිරීම සඳහන් කළ හැක. ශක්තිමත් සම්බන්ධතාවයක් මනා ලෙස පෝෂණය කිරීම මගින් ලෙප්ටොස්පයිරෝසිස් මගින් එල්ල වන අභියෝග සඳහා සාමූහික ලෙස මුහුණ දිය හැකි වන අතරම සෞඛ්‍ය සම්පන්න කෘෂිකාර්මික පරිසරයක් ප්‍රවර්ධනය කළ හැකි වනු ඇත.
ඒමගින් සෞඛ්‍ය සම්පන්න ගොවි ප්‍රජාවක් මෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන ඔවුනට සාර්ථක ජීවනෝපාය මාර්ග ඵලදායි ලෙස වැඩි දියුණු කර දීම, සෞඛ්‍ය අවශ්‍යතා සඳහා දැරිය යුතු පිරිවැය අඩු කිරීම, බෝග සඳහා නිසි වෙළෙඳපොළ අවස්ථාවන්ගේ ප්‍රවේශය වැඩි කිරීම සහ ප්‍රජා සහයෝගීතාවය මනා ලෙස පවත්වා ගැනීම අපගේ විශේෂ අරමුණු ලෙස සඳහන් කරමු.
සාර්ථකව සෞඛ්‍ය අභියෝග වලට මුහුණ දීම සහ ගොවි ප්‍රජාවේ යහපැවැත්ම මනා ලෙස ප්‍රවර්ධනය කිරීම තුළින් ග්‍රාමීය ගොවියාට බාධක ජය ගනිමින් තිරසාර වූ කෘෂිකාර්මික සංවර්ධන ක්‍රමවේදයන් ඇති කරගනිමින් දරිද්‍රතාවය පිටුදැකීමට කටයුතු කළ හැකි වනු ඇත.
Had a discussion to organize an important awareness program on Leptospirosis, a bacterial infection that can have severe consequences for both humans and animals, in collaboration with the Department of Agrarian Development in Badulla and the Medical Officer of Health, Badulla.
The primary focus of this program is to enhance the productivity of our awareness initiatives and establish a sustainable coordination system between Agriculture Research and Production Assistants, Public Health Inspectors, and farmers. By fostering strong partnerships, we can collectively tackle the challenges posed by Leptospirosis and promote a healthier agricultural environment.
We believe that a healthier farming community is particularly crucial for rural farmers as it improves their livelihoods, increases productivity, reduces healthcare costs, helps break the cycle of poverty, enhances access to markets and opportunities, and fosters community support and collaboration. By addressing health challenges and promoting well-being, rural farmers can overcome barriers and work towards sustainable agricultural development and poverty alleviation.
Special Thanks : Mr. Piyal Denipitiya SPHI - MOH Badulla.
Mrs. Deepa Punchihewa DO - DAD Badulla