Jathika Punaruda Sansadaya

Jathika Punaruda Sansadaya ජාතික පුනුරුද සංසදය Non-governmental organisation (NGO)

17/12/2025
උතුර ප්‍රදේශයේ ඇති පුරා විද්‍යා ස්ථාන සම්බන්ධ ගැටළු පිළිබඳව ඊයේ දිනයේ දී ජනපති ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා තිබෙනව...
18/03/2025

උතුර ප්‍රදේශයේ ඇති පුරා විද්‍යා ස්ථාන සම්බන්ධ ගැටළු පිළිබඳව ඊයේ දිනයේ දී ජනපති ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා තිබෙනවා.ආරක්ෂක ලේකම් ගේ වුවමනාව පිට පැවැත් වූ එම සාකච්ඡාවේ දී පහත සඳහන් තීරණ ගත් බව ආරංචියි.
1/ උතුරේ තිබෙන පුරාවිද්‍යා ස්ථාන බෞද්ධ හින්දු ආදී වර්ග කිරීමකින් තොරව පුරාවිද්‍යා භූමි වශයෙන් පමණක් පවත්වාගෙන යෑම
2/ එම ස්ථාන හැකි නම් යුනෙස්කෝ වැනි ආයතනයකට භාර දීම.
3/ අනවශ්‍ය ආකාරයට පුරාවිද්‍යාවට ගැසට් නොකර හැකි පමණ ජනතාවට ඉඩම් ලබා දීම.
4/ උතුරේ දැනට පුරාවිද්‍යාව අරභයා ඇතිව තිබෙන ගැටළු සියල්ල භික්ෂූන් වහන්සේලා නිසා ඇතිව තිබෙන බව සාකච්ඡා වීම.

මේ අදහස් සියල්ල ජනාධිපති වරයාගේ වීම විශේෂිතයි.කුරුන්දි විහාරයට අක්කර 78 ක් තිබියදී තවත් අක්කර 228 ක් ගැසට් කරන්නේ කුමකටද යන්න ඔහු විමසා තිබෙනවා.(රනිල් වික්‍රමසිංහ ද මෙලෙසම ඇසූ බව මතක ඇති.) උතුරේ පන්සල් කඩා ශිව ලිංග තැන්පත් කිරීමත් ගැසට් කිරීමට ප්‍රාදෙශීය ලේකම්වරු ඉඩ නොදීමත් ගැන ප්‍රශ්ණ ඉදිරිපත් වුවද ජනපතිවරයා හීන් සීරුවේ ඒවා මගහැර තිබෙනවා.අගමැතිවරියද මේ ස්ථානයේ සිටි අතර ඇයද ඉහතකී අදහස් අනුමත කර ඇත.
කොහොමද දැන් රටේ වෙනස.

මම මේ ගැන කෙටියෙන් කියන්නම්. අපේ අතීත රජවරු හැදුවෙ චෛත්‍යය. වෙහෙර විහාර. ඒ බෞද්ධ ජනතාවගේ පහන් සිත් ඇතිවීම පිණිස. බුදුපියාණන්ගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර චෛත්‍යය තැනුවේ බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රිතිය ඇති කිරීම පිණිස.

එසේ නැතිව අතීත රජවරු හෝ ප්‍රාදේශීය පාලකවරු පුරාවිද්‍යා භුමින් හැදුවෙ නැහැ . පුරාවිද්‍යාව හදාරණ සිසුන්ට චෛත්‍යය හෝ නටඹුන් ඉතුරු කරල තිබ්බෙ නැහැ . පුරාවිද්‍යා විෂය එන්න කලින් මේ රටේ තිබ්බෙ පන්සල්. ඒ පන්සල් ආක්‍රමණ වලට මූහුණ දුන්නම ඒ පලාත් වලින් බෞද්ධ ජනතාව් එළවා දාල භුමිය අල්ලගත්තට මේ උරුමයන් පලි නැහැ අපිට තිබුණේ මේ වෙහෙර විහාර එක්ක ගොඩ නැගුණු සංස්කෘතියක්. එහෙම නැත්නම් අපි ගොඩනගාගත්තු සංස්කෘතිය ඇතුලේ තමයි අපි මේ වෙහෙර විහාර ගොඩ නැගුවෙ. අපි බුදුහිමියන් ඉහලින් තබා ගෙන දෙවියන් පිදුවා. විවිධ චාරිත්‍ර විදි කලා. අපේ අනන්‍යතාව ගොඩ නගා ගත්තා. ආක්‍රමෛකයෝ ඇවිත් ඒව විනාශ කලා කියල අපි උන් එක්ක මේ දේවල් බෙදා හදා ගන්න ඕනද..දකුණට නැති නිති ඇයි උතුරු නැගෙනහිරට.

Copied

"අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං ’’ ‘‘ මහණෙනි, වස් විසූ භික්ෂූනහට මම කඨිනයක් අනුදනිමි’’ යි වින...
03/11/2024

"අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං ’’ ‘‘ මහණෙනි, වස් විසූ භික්ෂූනහට මම කඨිනයක් අනුදනිමි’’ යි විනය ප‍්‍රඥප්තියක් ලෙසද බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට අතිරේක චීවරයක් වශයෙන් ද මෙම කඨින චීවරය එදා අනුදැන වදාළ සේක"

ජාතින පුනරුද සංසදයේ මූලිකත්වයෙන් මුලතිව් කිරිඉබ්බන් වැව විහාරස්ථානයේ පවත්වන්නට යෙදුන කඨින චීවර පුජාව

Address

Mihindu Mawatha
Avissawella
10700

Alerts

Be the first to know and let us send you an email when Jathika Punaruda Sansadaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Jathika Punaruda Sansadaya:

Share