Thalduwa Youth

Thalduwa Youth sports, Entertaining and other important news

තල්දූව බෝධිරාජාරාමය පුරාණ විහාරයේ පොසොන් පිංකම් මාලාව 2026..ඔබ සැමට ආරාධනා!
20/06/2026

තල්දූව බෝධිරාජාරාමය පුරාණ විහාරයේ පොසොන් පිංකම් මාලාව 2026..
ඔබ සැමට ආරාධනා!

ආදී තල්දුව බෞද්ධ විද්‍යාලයීය උසස් පෙළ 2002-2004 කණ්ඩායමේ..ඉන්දික බණ්ඩාර සොයුරාට නිවන් සුව ලැබේවා! අපගේ සාතිශය සංවේගය!
20/06/2026

ආදී තල්දුව බෞද්ධ විද්‍යාලයීය උසස් පෙළ 2002-2004 කණ්ඩායමේ..ඉන්දික බණ්ඩාර සොයුරාට නිවන් සුව ලැබේවා!
අපගේ සාතිශය සංවේගය!

Body Power Gim සාමාජිකයින් මගින් සංවිධානය කරන කඩල දන්සල තල්දූවේ පොල අසල දී...ඔබ සැමට ආරාධනා!
20/06/2026

Body Power Gim සාමාජිකයින් මගින් සංවිධානය කරන කඩල දන්සල තල්දූවේ පොල අසල දී...
ඔබ සැමට ආරාධනා!

20/06/2026

ඊයේ සවස ඇල්පිටිය තේ කර්මාන්ත ශාලාවක ඇති වු ගිනිගැනීම...

20/06/2026

කොල්ලා ජයග්‍රහණ පිට ජයග්‍රහණ ගේනවා. ඔහොමම අපිට ඔලිම්පික් රන් පදක්කමක් ගෙනත් දීපං කොල්ලෝ. ඒක මේ රටේ මිනිස්සුංගෙ සියවසකට කිට්ටු හීනයක්. මිලියන විසිදෙකක් මිනිස්සු උඹ ජයග්‍රහණ ගේනකං බලාගෙන ඉන්නවා. උඹට ආශීර්වාද කරනවා..


20/06/2026

Doha Diamond League රූමේශ් තරංගගේ ඒ ජයග්‍රාහි මොහොත 88.68
ඔලිම්පික් රන් පදක්කමකින් ලංකාව බබලන්නට හැකි වේවා!
🇱🇰🇱🇰🇱🇰

ශ්‍රී ලංකාවේ පැරණිම මිනිරන් පතල වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් බෝගල මිනිරන් පතලයි.බෝගල මිනිරන් ලොව හොදම මිනිරන...
19/06/2026

ශ්‍රී ලංකාවේ පැරණිම මිනිරන් පතල වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් බෝගල මිනිරන් පතලයි.බෝගල මිනිරන් ලොව හොදම මිනිරන් වශයෙන් කීර්තියක් ලබාගෙන අැත.මෙම පතලේ ගැඹුර මීටර් 476 (බඹ 275 ) හෙවත් කිලෝමීටර භාගයක් පමණ වේ.එය මුහුදු මට්ටමට වඩා මීටර 290 ක් ගැඹුරකින් යුක්ත බව වාර්තා වේ.
කෑගල්ල දිස්ත්‍රිකයේ කොටියාකුඹුර නගරයට අාසන්නව බෝගල ගමේ පිහිටා අැත.හල්ලොලුව,අරුග්ගම්මන,පහලගම සහ කරගල යන ගම්මානවලින් මෙම පතල වටවී අැත.
මෙහි අතීත කතාව මිනිරන් වගේම පැරණිය.මෙය අාරම්භ වී අැත්තේ 1800 වසරේදීය.අාරම්භයේදී කුඩා ප්‍රමාණයෙන් පැවති මෙය ක්‍රමයෙන් වර්ධනය වී පතල් තුනක් ( බෝගල,මහ බෝගල,කර ද වත්ත ) අාරම්භ විය.වර්ෂ 1847 දී බෝගල පතල රජයේ ලියාපදිංචි කල බවට කෑගල්ල මහ දිසාපතිතුමන්ගේ වාර්තාවල සදහන්වේ.
අතීතයේ මෙම පතලෙහි හිමිකරුවා වූයේ කතෝනිස්බාස් හෙවත් ප්‍රනාන්දු යන අයයි.1920 දී පුංචි බෝගල ඔහු විසින් මිලදී ගත් අතර පසුව බෝගල කන්දේ සියළුම පතල්වල හිමිකරුවා ඔහුවිය.
1889 දී උපරිම මිනිරන් නිෂ්පාදනයක් බෝගලින් වාර්තාවිය. 1916 දී වාර්තාගත මිනිරන් අපනයනයක් සිදුවිය. 1914-1918 පලමු ලෝක සංග්‍රාමය සහ 1939-1945 දෙවන ලෝක සංග්‍රාමය සමයන්හි මිනිරන් ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල ගියේය. 1952 සිට පතලට බැසීමට භාවිතා කරනු ලබන්නේ විදුලි සෝපාන ක්‍රමයයි.ඉන්පෙර අතින් ක්‍රියාත්මක කරන දඹරය මේ සදහා උපයෝගි කරගෙන අැත.
1970 වසරේදී බෝගල පතල ජනසතු කර රාජ්‍ය අායතනයක් බවට පත්වූ අතර අද වනවිට මෙම පතල පාලනය කරනු ලබන්නේ ජර්මනියේ ග්‍රැෆිට් ක්රෝෆ්මුල් සමාගම විසින්ය.මෙහි සේවාමුර දෙකක් ක්‍රියාත්මක වෙයි.උදේ 7.00 සිට හවස 3.00 දක්වා සහ හවස 2.30 සිට රාත්‍රී10.30 දක්වා වශයෙන් එම සේවා මුර ක්‍රියාත්මක වේ.
අප රටේ ක්‍රියාත්මක වන විශාලම මිනිරන් පතල වන බෝගල පතල නරඹා අපූරු අත්දැකීමක් ලැබීමට ඔබටද හැකියාව අැත.එ් සදහා බෝගල මිනිරන් සමාගමෙන් අවසර ලබාගත යුතුවේ.
➡ගමන් මාර්ගය කොළඹ සිට පැමිණෙන්නේනම් අවිස්සාවේල්ල සිට කෑගල්ල මාර්ගයෙන් කොටියාකුඹුර නගරයට පැමිණ බෝගල පතලට ලගාවිය හැක.එසේ නොමැතිව කෑගල්ල නගරයට පැමිණ කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කොටියාකුඹුර නගරයට පැමිණිය හැක.නැතනම් ගලිගමුව නගරයෙන් අවිස්සාවේල්ල මාර්ගයෙන් කොටියාකුඹුරට පැමිණිය හැක.

දැරණියගල දකුණ තරුණ කැල ඉදිරිපත් කරන පොසොන් කූඩුව...ඔබ සැමට ආරාධනා!
19/06/2026

දැරණියගල දකුණ තරුණ කැල ඉදිරිපත් කරන පොසොන් කූඩුව...
ඔබ සැමට ආරාධනා!

Address

Avissawella

Website

Alerts

Be the first to know and let us send you an email when Thalduwa Youth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share