Youth for Tomorrow

Youth for Tomorrow This page stand for human rights advocacy and this page maintained by professional journalist & SRHR and human rights advocate.

ජේසුස් වහන්සේගේ ප්‍රේමය ලංකාවේ සමරිසි/ සංක්‍රාන්තික මිනිසුන්ටද හිමි වේවා! ✝🏳️‍🌈❤📚කාදිනල් තුමනි,කාදිනල් පියතුමනි, මා ඔබගේ...
15/08/2025

ජේසුස් වහන්සේගේ ප්‍රේමය ලංකාවේ සමරිසි/ සංක්‍රාන්තික මිනිසුන්ටද හිමි වේවා! ✝🏳️‍🌈❤📚

කාදිනල් තුමනි,
කාදිනල් පියතුමනි, මා ඔබගේ කතාව අසන විට ඔබවහන්සේ "සමරිසි මිනිසුන් සහ සංක්‍රාන්තික මිනිසුන් පටලාගෙන" සිටින බවත්, පෙර පැවති දෙවමෙහෙයක පැවසු පරිදි "සමරිසි මිනිස්සුන්ට මානව හිමිකම් අවශ්‍ය නැති" බවක් ඔබගේ මතය වී ඇති බව මට වැටහුණ කරුණක්.
මා ඔබට කතාවක් කියන්නම්, මා හදුනා ගන්නේ "සමරිසි" වෙනත් වචන වලින් කිව්වොත් "සමලිංගික පිරිමි" අයෙක් විදිහටයි. මා උපන්නේ පිරිමි අයෙක් ලෙසයි, මගේ පිරිමි බවේ අඩුවක්වත්, පිරිමි බවට අකමැති බවක් වත් නොදැනේ. නමුත් අන් දරුවන් මෙන් මම ද වැඩිවියට පා තබද්දී, හිරිමල් ආදරය දැනෙන වයස එද්දී මට විරුද්ධ ලිංගිකයන් දැනුනේ නැහැ. මා හිතුවේ මට මානසික රෝගයක් කියලා, නැතිනම් හෝමෝන ගැටළුවක් කියලා. නමුත් මගේ ආකර්ෂණය තවත් පිරිමි ළමයෙකුට දැනෙද්දී මා තවත් බිය වුනා. මට අවශ්‍ය වුනා මා වෙනස් කරගන්න. ලෝකයම තහනම් කරපු, නමුත් ලංකාවේ 20210 වසරේදීත් කරගෙන ගිය පරිවර්තන චිකිත්සා වලට මා යොමුවුනා. නමුත් වාර කිහිපයක දී මා පරිවර්තනයෙන් වලපල්ලට ගෙන යන බව දැනගෙන මා ඉන් ඉවත් වුනා. නමුත් පියතුමනි ඔබවහන්සේගේ ආගමික සංස්ථාව තුල තවමත් පරිවර්තන චිකිත්සාව දෙවියන්වහන්ස්ගේ නාමයෙන් කරගෙන යනවා. සමලිංගික දරුවන් දේව ප්‍රේමය හෝ දෙමව්පිය ප්‍රේමය හෝ අසල්වැසි ප්‍රේමය ද නොලබා දිවි තොර කරගන්නවා. මිය ගිය ඔවුන්ටද, මනසින් ද ආදරෙන්ද මිය යමින් සිටින සමරිසි දරුවන්ට දේව ප්‍රේමය හිමිවේවා!
අප උපන්නේ ඒ ලිංගික දිශානතිය, එහෙමත් නැතිනම් තමන්ගේම ලිංගික අනන්‍යතාවය සහිත අයෙකුට ආධ්‍යාත්මික ආකර්ෂණය සහ කායික ආකර්ෂණය පවත්වන සමරිසි බවක නම්, ඒ උපතින් ලද දිශානතිය මත වසර 10කට සිරගෙදරට යන්න නීති අසාධාරණ ලෙස සකසා තිබෙනවා නම් එයට එරෙහිව සටන් කිරීම වරදක් වන්නේ කෙසේද? අප ඉල්ලන්නේ විවහා වන්න නොව නිදහසේ ජිවත් වීමේ අයිතියයි. අපගේ ඒ අයිතියට ජේසුස් වහන්සේගේ දයාව හිමිවේවා!
ඔබවහන්සේ දන්නවාද... ආකර්ශනයක් නැති මිනිස් ආත්ම දෙකක් එකට බන්ධනය කර පවුලක් තනන්නට කිව්වාට සැබෑ පවුලක් නොතැනෙන බව? අද තමන්ගේ ලිංගික දිශානතිය වුන සමරිසි බව සමාජ පීඩනය, දෙමාපිය නම්බුව, ආගම් වල කියන ස්භාවකත්වය සහ වර්ගයා බෝ කිරීම හංගාගෙන, විෂමලිංගික පවුල් සැකසීම වෙනුවෙන් කසාද බන්ධනයට ලක් වන මිනිස්සු මත බන්ධනය මත ආදරය සොයන ගැහැනුන් ද, මිනිසුන්ද ලෝකයට ගෙන දරුවන්ද අසරණ වන බව ඔබවහන්සේට නොපෙනේද?
එක කාන්තාවක් මට වරක කතා කල පැවසුවේ තම ස්වාමිපුරුෂයා සමලිංගික වීම නිසා ඇයට පතිනියක් ලෙස බලාපොරොත්තු වන ආදරයවත් රාගයවත් වසර පහලවක් තිස්සේ නොලැබුනු බවයි. ඇය මගෙන් ඇසුවා ඇයි ඒ මනුස්සයා ඇත්ත නොකිව්වේ කියා... ඇත්ත කියන්නේ කොහොමද? මිනිසුන් මේ "සමලිංගික හෝ විෂමලිංගිකත්වය ස්භාවිකව උපතින් එන දෙයක් මිස තෝරාගැනීමක් නොවන බව තේරුම් ගන්නා තාක්!"
අනේ කිසිවක් නොදැන ජිවත්වන ඔවුන්ට දෙවියන්වහන්සේගේ දයාව හිමිවේවා!
සමලිංගිකත්වය යනු ජාන විකෘතියක්, මානසික රෝගයක් හෝ හෝමෝන අසමබරතාවයක් නොවන බව විද්‍යාව තහවුරු කරද්දීත්, අපට ප්‍රතිකාර වලට යන්නට කීම, සමරිසි දරුවන් ප්‍රතිකාර වලට බලහත්කාරයෙන් යොමු කිරීම කෙතරම් සාධාරණද? ඔබවහන්සේට මා මේ ලිපිය ලිවීමට භාවිතා කරන පරිඝනකයේ පියා වුයේ විද්‍යාඥ ඇලන් ටියුරින්ය. ඔහු සමරිසි අයෙක් වීම නිසා එවකට බලහත්කාරයෙන් ඔහුට හෝමෝන ප්‍රතිකාර ලබා දී අවසානයේ ඔහුගේ ජීවිතය තොරකරගන්නා තැනට පත් කරවිය. සමරිසි අපගේ ජිවිතයේ වටිනාකමින් මනුෂත්වයට ප්‍රයෝජන නොගෙන මානසික මරණයට තල්ලු කිරීම ජේසුස් වහන්සේ අනුමත කරන්නේදැයි දිව්‍ය නියෝජිත ඔබගෙන් මා ඇසීමට කැමතිය?

සමරිසි අයිතීන් වෙනුවෙන්, කාදිනල් හිමිට ලිපියක්
Read more : https://tinyurl.com/2x8xxwmf


𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 Subscribe to us on YouTube 👉 https://www.youtube.com/
🔴 Like us on Facebook 👉 https://www.facebook.com/NewsCenterLka
🔴 Follow us on X 👉 https://x.com/NewsCenter.lk
🔴 Website 👉 https://www.newscenter.lk

23/05/2025
14/03/2025

කොළඹ වේලාවෙන් අද සවස 7.00ට මේ පේජය ඔස්සෙ සජිවීව...
ඔබේ ප්‍රශ්ණයත් රැගෙන සුදානම් වෙන්න⚠️️

19/11/2024

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අක්ෂිකාච සැත්කම නොමිලේ සිදුකරන "නෙතට එළියක්" දෙසැම්බර් මස

Address

Anuradhapura

Telephone

+94772368833

Website

Alerts

Be the first to know and let us send you an email when Youth for Tomorrow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Youth for Tomorrow:

Share