AKASA NGO for empowering persons with disabilities and support to obtain their rights

21/09/2025
21/09/2025

🔴 වවුනියාව සිට මහව දක්වා දුම්රිය ස්ථානවල සිදු කරනු ලැබූ ප්‍රතිසංස්කරණ මගින් ආබාධ සහිත පුද්ගලයන් සඳහා අදාළ ප්‍රවේශ නියෝග නිසි ලෙස අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව අද (18) අනුරාධපුර මහාධිකරණය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2006 අංක 01 දරණ ප්‍රවේශ නියෝග අනුව මහව සිට වවුනියාව දක්වා දුම්රිය ස්ථාන නවීකරණය කර නොමැති බැවින්, 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 23 වගන්තිය මඟින් තහවුරු කරන, පෙත්සම්කරු වන ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනි එන්.ජී. කමලාවතී යන අයගේ අයිතිවාසිකම් වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බවයි එහිදී තීන්දු කර තිබෙන්නේ.

ඒ අනුව ඉහත පෙත්සම්කාරියට වන්දි වශයෙන් රුපියල් ලක්ෂයක් රජය විසින් ගෙවීමට නියෝග කර ඇති අතර, මහව සිට වවුනියාව දක්වා දුම්රිය ස්ථාන 2006 අංක 01 දරණ ප්‍රවේශ නියෝග අනුව නවීකරණය කළ යුතු බවත්, එමෙන්ම 1, 2, 3, 4 වගඋත්තරකරුවන් සමඟ සාකච්ඡා කොට මෙම නවීකරණ කටයුතු සඳහා ක්‍රියාකාරී සැලැස්මක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනි එන්.ජී. කමලාවතී විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණු අතර, ප්‍රවාහන අමාත්‍යාවරයා, එම අමාත්‍යංශයේ ලේකම් සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණා.

#එසැණ

https://www.bbc.com/sinhala/articles/clyq8vxx5p5o
18/09/2025

https://www.bbc.com/sinhala/articles/clyq8vxx5p5o

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට වව්නියාව දක්වා අතර පිහිටි සියලු දුම්රිය ස්ථානවල අබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ පහ.....

මහව-වව්නියා දුම්රිය ස්ථාන ආබාධ සහිත පුරවැසියන්ට  ගැලපෙන සේ නැවත සකසන්න-මහාධිකරණය නියෝග කරයි.ආකාස සභාපතිනි-N. G. කමලාවතී
18/09/2025

මහව-වව්නියා දුම්රිය ස්ථාන ආබාධ සහිත පුරවැසියන්ට ගැලපෙන සේ නැවත සකසන්න-මහාධිකරණය නියෝග කරයි.
ආකාස සභාපතිනි-N. G. කමලාවතී

03/07/2025
ආබාධ සහිත දරුවන්ටත් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තිබුනා නම් කොයි තරම් හොඳ ද? ඒ දරුවන්ගේ දහසකුත් එකක් අවශ්‍යතා තේරුම් ගනිම...
01/07/2025

ආබාධ සහිත දරුවන්ටත් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තිබුනා නම් කොයි තරම් හොඳ ද?

ඒ දරුවන්ගේ දහසකුත් එකක් අවශ්‍යතා තේරුම් ගනිමින් රැකවරණය දෙන්න කාටද පුළුවන්?

ඉතින් මේ මැසිවිල්ලට පිළියමක් ලෙස ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය එවැනි දරුවන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ගොඩනඟා ඇත. ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් වසර 27 කට අධික කාලයක සේවා පලපුරුද්ද සහිත අප ඔබේ දරුවාට නිසි රැකවරණය සැපයීමට සූදානම්.

ඉක්මන් කරන්න! මෙය නොමිලේ සැපයෙන සේවාවකි.

අමතන්න.

වත්සලා - 071-2337703
ප්‍රියංගා - 0777-566393

27/05/2025

යාළුවෙක් හොයාගන්නවානම් හොයාගන්න රවින්ද්‍ර රන්දෙනිය මහත්තයා වගේ - ඔයාලට අපිට හැමෝටම මේ වගේ මිතුරෙක්ම හමුවේවා....

Address

Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when AKASA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to AKASA:

Share