01/03/2025
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය හා පීඨයේ සියලුම සිසුන් සමඟ එක්වෙමින් සංවිධානය කළ Extru 2025 මෙවරත් අති දැවැන්ත ප්‍රදර්ශනයක් ලෙසින් 2025 පෙබරවාරි මස 24 හා 25 යන දෙදින නව පිඨ පුස්තකාල ගොඩනැගිලි පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී පීඨයේ සියලුම සංගම් වන ASSET AMT ATIT AFRU RUBIC ROST සහ FOT MEDIA සමග පීඨයේ සිසුන්ද එකට එකා මෙන් එක්වෙමින් අති සාර්ථක ප්‍රදර්ශනයක් පැවැත්වීමට ගත් වෙහෙසකර උත්සාහය ඇගයිය යුතුමය.
පීඨයේ රොබෝ තාක්ෂණික සංගමය වන අප අනෙකුත් සංගම් හා සිසුන් සමග එකතුවෙමින් පෙරටත් වඩා හොඳින් මෙම ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට කටයුතු කළ අතර අප හා එක්වූ සියලුම සිසුන්ටත් අනෙකුත් සංගම් වන ATIT, AMT, ASSET, RUBIC ,AFRU සහ FOT Media වලටත් පීඨ ශිෂ්‍ය සංගමයටත් ආචාර්ය මණ්ඩලයටත් ස්තුතිය පළ කරමු.