Anuradhapura Foundation - අනුරාධපුර පදනම

Anuradhapura Foundation - අනුරාධපුර පදනම Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anuradhapura Foundation - අනුරාධපුර පදනම, Nonprofit Organization, Anuradhapura Town.

A dedicated group of school friends from the 2006 AL batch at Anuradhapura Central College, now professionals including engineers, doctors, lawyers, and academics, has come together with a shared mission to support children from less affluent families.

21/09/2024

ඔබ කාට ඡන්දය දුන්නත් ඔබේ ඡන්දය බුද්ධිමත් ඡන්දයක් කරගන්න. ශ්‍රී ලංකාවේ නැති වී ඇත්තේ බුද්ධිමත් ඡන්දදායකයන්ය

24/05/2024
අනුරාධපුර පදනම විසින් සංවිධානය කරනු ලැබූ අයිස් ක්‍රීම් දන්සැල අද දින(23) අනුරාධපුර ස්වභා උයන ඉදිරිපිටදී පැවැත්වින.
23/05/2024

අනුරාධපුර පදනම විසින් සංවිධානය කරනු ලැබූ අයිස් ක්‍රීම් දන්සැල අද දින(23) අනුරාධපුර ස්වභා උයන ඉදිරිපිටදී පැවැත්වින.

නොච්චියාගම හුණුවිලගම , වනමල්ගම , කුකුල්කටුව ගොවීන්ට වනජීවි නිළදාරින් විසින් සිදුකරන අත්තනෝමතික අනීතික ක්‍රියාවන් පිලිබඳ ...
17/09/2022

නොච්චියාගම හුණුවිලගම , වනමල්ගම , කුකුල්කටුව ගොවීන්ට වනජීවි නිළදාරින් විසින් සිදුකරන අත්තනෝමතික අනීතික ක්‍රියාවන් පිලිබඳ වනජීවි අමාත්‍යවරයාගේ නියමය මත නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පැවති රැස්වීමට ප්‍රදේශයේ ගොවිජනතාවගේ ඉල්ලීමක් මත අනුරාධපුර පදනමේ සභාපති නීතිඥ චතුර ධනංජය රණතුංග මහතා ද එම අවස්ථාවට සහභාගී වෙමින් ගොවීන් වෙනුවෙන් අදහස් දක්වන ලදී.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිට් තෙලිඟු ගම්මානයේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් එක්සත් රා...
09/04/2022

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිට් තෙලිඟු ගම්මානයේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් එක්සත් රාජධානියේ East Borne හි පදිංචි මල්ලිකා ජයකොඩි මහත්මියගේ දායකත්වය ඇතිව වියලි ආහාර , අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කුඩා දරුවන් සඳහා ඇඳුම් ඇතුළු පාසල් උපකරණ ලබාදීම අනුරාධපුර උරුමය පදනම මැදිහත් වීම සහ සම්බන්ධීකරණයෙන් සිදු විය. මේ අවස්ථාව සඳහා මිහින්තලය සහකාර ප්‍රාදේශීය ලේකම් කුමාර චන්ද්‍රගුප්ත මහතා , පොතාන ග්‍රාම නිළධාරී චම්පා ජයවර්ධන මහත්මිය , මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ඵලදාතා සංවර්ධන නිළධාරීනී ඉරේෂා හේරත් මහත්මිය සහ අනුරාධපුර උරුමය පදනමේ සභාපති නීතිඥ චතුර ධනංජය රණතුංග මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

"මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි"සමස්ත ලෝකයම හුස්ම වෙනුවෙන් ජීවිත අරගලයක යෙදෙන මොහොතක, අපේ ඔබේ සමීපතමයින් අපෙන්...
25/02/2022

"මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි"
සමස්ත ලෝකයම හුස්ම වෙනුවෙන් ජීවිත අරගලයක යෙදෙන මොහොතක, අපේ ඔබේ සමීපතමයින් අපෙන් සමුගනිමින් සිටන මොහොතක, අනුරාධපුර ශීක්ෂණ රෝහලේ 19 වන වාට්ටුවේ ස්ථාපිත කොරෝනා දැඩි සත්කාර ඒකකය වෙනුවෙන්
කායික රෝග විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතාගේ ඉල්ලීම පරිදි අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ 2006 උසස්පෙළ කණ්ඩායම දායකත්වය සහ අනුරාධපුර උරුමය පදනමේ සම්බන්ධීකරණයෙන් රුපියල් හයලක්ෂ පන්ස්දහසකට අධික වටිනාකමකින් යුත් HDU ඇඳන් සහ මල්ටිපැරාමීටර් මොනිටරයක් ඇතුලු අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදුකරන ලදී.

එසේම මෙම කාර්‍ය සම්බන්ධීකරණ කිරීමේදී 19 වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය මැණික් ලියනගේ මහත්මිය ඇතුලු වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සුළු කාර්‍යමණ්ඩල මහත්ම මහත්මීන්ට ද සිහිපත් කළ යුතුය . මෙම කටයුත්තේදී දින හතරක් වැනි කෙටි කාලයකින් මෙම කටයුතු 2006 කණ්ඩායම සහ අනුරාධපුර උරුමය පදනම වෙනුවෙන් සංජය ලියනගේ සහ අසේල ප්‍රභාත් සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලද අතර ඒ සඳහා ඔවුන්ට ද මෙම අවස්ථාවේ ස්තුතියි පළ කර සිටිමු.

12/01/2022

වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය සහ නීතිඥ චන්දන වීරකෝන් මහතා විසින් 2023 වසරේ නියමිත පරිදි උසස් පෙළ ලියනු ලබන විශේෂයෙන් ගොවි මහතුන් ගේ හෝ ස්ථිර ආදායම් නැති අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචි දෙමව්පියන්ගෙන් දරුවන් 25 දෙනෙකු සඳහා මේ වසරේ අප්‍රේල් මස සිට උසස් පෙළ ලියන මාසය දක්වා අමතර පන්ති ගාස්තු සඳහා මාසයකට රුපියල් 5000 බැගින් ලබාදීමට අදහස් කර ඇත..
ඒ සදහා ඔබගේ දියණියට හෝ පුතාට ඉල්ලුම් කිරීමට අවශ්‍ය නම් පහත ලිපිනයට

මවගේ පියාගේ හෝ නම හා රැකියාව
දරුවාගේ නම
උසස් පෙළ සිදු කරනු ලබන පාසල
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල
උසස් පෙළ සිදු කරනු ලබන විෂය ධාරාව
දුරකථන අංකය සහ ලිපිනය
ආදායම හා පදිංචිය සම්බන්ධයෙන් ග්‍රාමසේවක සහතිකය ..
ආදිය සදහන් කර පහත ලිපිනයට
යොමු කරන ලෙස ඉල්ලා සිටිමු
වෛද්‍ය හේමා වීරකෝන්
ලිංගික සෞඛ්‍ය සේවා මධ්යස්ථානය
ශික්ෂණ රෝහල අනුරාධපුර..
හෝ
621/2/2 ,දෙව්නි, ගොඩගේ මාවත, දෙවන පියවර . අනුරාධපුර යොමුකරන්න

Address

Anuradhapura Town
50000

Telephone

+94773240332

Website

Alerts

Be the first to know and let us send you an email when Anuradhapura Foundation - අනුරාධපුර පදනම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Anuradhapura Foundation - අනුරාධපුර පදනම:

Share