Ruhiru parami.රුහිරු පාරමී ලේ දන්දීමේ කඳවුර

  • Home
  • Sri Lanka
  • Alutwala
  • Ruhiru parami.රුහිරු පාරමී ලේ දන්දීමේ කඳවුර

Ruhiru parami.රුහිරු පාරමී ලේ දන්දීමේ කඳවුර රුහිරු පාරමී ලේ දන්දීමේ කඳවුර is a Non Profitable Organization. We are planning this event in a month of June in each Year.

03/12/2025
03/12/2025

❤️ ජාතික රුධිර පාරවිලයන සේවාව වෙතින් හෘදයාංගම ස්තූතිය ❤️
මෑතකදී ඇතිවූ ස්වභාවික විපතේදී, අප කළ කෙටි දැනුම් දීමට ප්‍රතිචාර වශයෙන් රුධිර පරිත්‍යාගශීලීන් විශාල සංඛ්‍යාවක් ස්වේච්ඡාවෙන් තම රුධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් විය. නොවැම්බර් 29 වැනිදා සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා වූ දින හතරක් තුළදී, ජාතික රුධිර පාරවිලයන සේවාවට, රුධිර පරිත්‍යාග 15,000 කට අධික ප්‍රමාණයක් ලැබුණු අතර, එයට පළමු වරට පරිත්‍යාග කළ නව දායකයින් 5,000 කට වැඩි පිරිසක් ද ඇතුළත් විය. ඔබ සෑම දෙනාටම අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. ඔබගේ මෙම ත්‍යාගශීලීභාවය නිසා, ඉදිරි සති කිහිපය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් රුධිරය අප සතුව දැන් සුරක්ෂිත වී ඇත.
එමෙන්ම, රුධිර පරිත්‍යාග වැඩසටහන් සඳහා සහය දුන් සියලුම ස්වේච්ඡා සේවකයන් සහ සංවිධාන වෙතත්, අපගේ පණිවිඩය රට පුරා ප්‍රචාරය කරමින් පරිත්‍යාගශීලීන් දිරිමත් කළ සියලුම මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය පරිශීලකයින් වෙතත් අපගේ හෘදයාංගම ඇගයීම පුද කරමු.
අපේක්ෂා නොකළ තරම් විශාල පිරිසක් රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණීම හේතුවෙන් කිසියම් ප්‍රමාදයක් හෝ අපහසුතාවයක් ඇති වූවා නම්, ඒ පිළිබඳව ද අපගේ කණගාටුව පළ කරමු.
දැනට පවතින රුධිර තොග ප්‍රමාණවත් බැවින්, මේ අවස්ථාවේදී පරිත්‍යාග කිරීමට ඉක්මන් වීමේ අවශ්‍යතාවක් නොමැත. රුධිර සැපයුම ස්ථාවරව හා විශ්වාසදායකව පවත්වා ගැනීමට, දෛනික අවශ්‍යතාව සඳහා ප්‍රමාණවත් දායකත්වය අපගේ දිවයිනපුරා පිහිටි රුධිර බැංකුවල අවශ්‍යතාව පරිදි ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තූතියි! ඔබගේ දායකත්වය සැබවින්ම ජීවිත රැසක් සුරක්ෂිත කළේය. ඉදිරියටත් නිත්‍ය රුධිර පරිත්‍යාග මඟින් රටේ රුධිර සැපයුම ස්ථාවරව තබා ගැනීමට සහය වන්න. ❤️🇱🇰

❤️ A Heartfelt Thank You from NBTS ❤️
In response to our recent appeal during the natural disaster, the people of Sri Lanka showed extraordinary compassion. Within just four days, from 29 November to 02 December, the National Blood Transfusion Service (NBTS) received over 15,000 blood donations, including more than 5,000 first-time donors who stepped forward for the very first time. We are deeply grateful to every one of you.
Your generosity has ensured that NBTS now has adequate blood stocks for the coming weeks, and we sincerely thank all donors who made this possible. We also extend our heartfelt appreciation to the volunteers, organizations, and community groups who supported the donation drives and assisted donors with such dedication.
At the same time, we apologize to any donor who faced delays or inconvenience due to the unexpectedly high number of people who came forward. Your patience and understanding mean a great deal to us.
There is no need to rush to donate at this moment, as current stocks are sufficient. We kindly encourage everyone to continue supporting us through your regular, routine donation drives to help maintain a stable supply in the future.
Thank you, Blood Donors, for your compassion and unity. Let us continue this life-saving habit together. ❤️🇱🇰

29/11/2025
29/11/2025

මේ ඔබගේ දායකත්වය අවශ්‍යම වේලාවයි..!!

🛑මේ දිනවල රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන සේවය හරහා සංවිධානය වන ජංගම රුධිර කදවුරු බොහොමයක් දිවයින පුරා අවලංගු වී ඇත. තවද පැවැත්වෙන ජංගම රුධිර කදවුරුවලට අමතරව ⁣අප ලේ බැංකු තුලට පැමිණ රුධිරය පරිත්‍යාග කරන පරිත්‍යාගශීලීන්ගේ ද අඩුවක් ඇතිවෙමින් පවතී. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දිවයින පුරා පවතින රෝහල්වල රුධිර සංචිතවල යම් අඩුවීමක් සිදු වීමට ඉඩ ඇති බැවින් රුධිර පරිත්‍යාගශීලීන්ගේ වටිනා රුධිර දායකත්වය අපි අපේක්ෂා කරන්නෙමු. විශේෂයෙන්ම නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට මෙන්ම වැඩි රුධිර අවශ්‍යතාවයක් පවතින පහත සදහන් ලේ බැංකුවලට පැමිණ රුධිරය පරිත්‍යාග කරන මෙන් අපි ඉල්ලා සිටිමු.

⭕️පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී මෙන්ම ( 011 236 9931, 011 722 0677 )
⭕️පෙ.ව.8.00 සිට ප.ව. 4.00 දක්වා

📌රාගම ශික්ෂණ රෝහල - 011 296 0535/ 011 2959261
📌මහරගම අපේක්ෂා රෝහල - 011 284 9525/ 011 289 7377
📌යාපනය - 021 2223063/ 021 2222261
📌කුරුණෑගල - 037 2229617/ 037 2223873
📌අනුරාධපුරය - 025 2222261/ 025 2236424
📌මහනුවර - 081 2203100/ 081 2222261
📌බදුල්ල - 055 2222124/ 055 2222261
📌හම්බන්තොට - 047 2222016/ 047 2220261
📌කළුතර - 034 2222261/ 034 2236529
📌රත්නපුරය - 045 2226592/ 045 2222261
📌ත්‍රිකුණාමලය - 026 2231385/ 026 2222600
හා
📌ගාල්ල ජාතික රෝහල (091 2226066/ 091 2232267 )
යන රෝහල් ලේ බැංකු තුල දී මෙන්ම
📌මාතර කඹුරුගමුව දක්ෂිණ රුධිර මධ්‍යස්ථානයේ දී ( 041 3415665 )
ඔබට රුධිරය පරිත්‍යාග කල හැක.

❤️ඔබගේ වටිනා රුධිරය දායකත්වය බලාපොරොත්තුවෙන් ජාතික රුධිර පාරවිලයන සේවයේ කාර්යය මණ්ඩලය සූදානමින් සිටී.
❤️මෙවන් ආපදා අවස්ථාවක ජීවිත අයදින රෝගී ඔබේම ආදරණීය ජනතාව අමතක නොකිරීමට වග බලාගමු. ආපදාවන්ට ලක් නොවූ නිරෝගී ඔබ සැමට රුධිර පරිත්‍යාගයට ආරාධනා…!
❤️මෙය ෂෙයාර් කර ඔබේ මිතුරාද දැනුවත් කරන්න.

-ජාතික රුධිර පාරවිලයන සේවය-

Address

Aluthwala South
Alutwala
88330

Telephone

94719084372

Website

Alerts

Be the first to know and let us send you an email when Ruhiru parami.රුහිරු පාරමී ලේ දන්දීමේ කඳවුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ruhiru parami.රුහිරු පාරමී ලේ දන්දීමේ කඳවුර:

Share