Raztha - අලව්ව ටවුන් , Srilanka

Raztha - අලව්ව ටවුන් , Srilanka රස්තියාදුවට එහා ගිය ජීවිතයක්

දිවයින පුරා විදුලි බිඳ වැටීම්
08/04/2026

දිවයින පුරා විදුලි බිඳ වැටීම්

Fuel QR සඳහා ලියාපදිංචි වීමේදී පාරිභෝගිකයන්ගෙන් නිතරම ලැබෙන පැමිණිලි නිරාකරණය කරගැනීමට⛽️⭕️1. ලීසිං සමාගමක් යටතේ ලියාපදිං...
18/03/2026

Fuel QR සඳහා ලියාපදිංචි වීමේදී පාරිභෝගිකයන්ගෙන් නිතරම ලැබෙන පැමිණිලි නිරාකරණය කරගැනීමට⛽️

⭕️1. ලීසිං සමාගමක් යටතේ ලියාපදිංචි කර ඇති වාහනයක් සඳහා Fuel QR ලියාපදිංචි කිරීම කළ නොහැකි විට.

වාහනය ලීසිං සමාගමක් යටතේ ලියාපදිංචි කර තිබුණද, ලියාපදිංචි කිරීමේදී වාහන අංකය සහ චැසි අංකය භාවිතා කර Fuel QR සඳහා ලියාපදිංචි වීමට පාරිභෝගිකයාට හැකියාව ඇත.

⭕️2.ඉන්ධන පිරවුම්හලේදී QR කේතය ස්කෑන් කළ නොහැකි විට හෝ එය අවහිර වී ඇති ලෙස පෙන්වන විට.

වාහන හිමිකාරිත්ව මාරුවීම් හෝ ජංගම දුරකථන අංක වෙනස් වීම නිසා Profile අවහිර විය හැක. භාවිතාකරු පද්ධතියට පිවිස නැවත QR කේතය සකස් (regenerate) කළ යුතුය.

⭕️3.පද්ධතිය තුළ QR කේතය හෝ වාහන විස්තර Verified නොවන විට.

මෙම ගැටළුව Level 2 Support වෙත යොමු කළ යුතුය. දත්ත ඇතුලත් කිරීමේදී වාහන අංකය සහ චැසි අංකය නිවැරදිව සටහන් කරන්න.

⭕️4.ත්‍රීරෝද රථයක් සඳහා කොටාව 15L වුවද, QR කේතයේ 14L ලෙස පෙන්වන විට-

මෙම වෙනස ඊළඟ කෝටා චක්‍රයේදී නිවැරදි කරනු ඇත. ඉන්ධන වෙන්කිරීම් නිල වශයෙන් ප්‍රකාශිත කොටා අනුව යාවත්කාලීන කරනු ලැබේ.

⭕️5.පෙර භාවිතා කළ දුරකථන අංකයෙන් පිවිසීමේදී, “දුරකථන අංකය Not founded හෝ වලංගු නොවේ” ලෙස පද්ධතිය පෙන්වන විට-

දුරකථන අංකය ජංගම සේවා සපයන ආයතනයේ දත්ත ගබඩාවේ සක්‍රීයව තිබිය යුතුය. පාරිභෝගිකයින් තම දුරකථන අංකයේ තත්ත්වය ජංගම සේවා සපයන ආයතනය සමඟ පරීක්ෂා කර, වාහන හිමිකාරිත්ව මාරුවීම් පිළිබඳ විස්තරද සත්‍යාපනය කළ යුතුය.

අවසන් QR ලියාපදිංචියෙන් පසු ජංගම අංකය වෙනස් වී ඇත්නම්, ප්‍රොෆයිල් එක මකා දැමී තිබිය හැක. එවැනි අවස්ථාවක පාරිභෝගිකයා නැවත ලියාපදිංචි විය යුතුය.

⭕️6."මෙම සේවාව තාවකාලිකව බිඳවැටීමකට ලක්ව ඇත. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න.” (This service is experiencing a temporary interruption. Please try again later)
යන පණිවිඩය සමඟ ලියාපදිංචි කිරීම අසාර්ථක වූ විට-

මෙම දෝෂය තාවකාලික පද්ධති බාධාවක් නිසා සිදු වේ. පාරිභෝගිකයින් පහත දේවල් කළ යුතුය:
• Browser cache clear කරන්න
• ටික වේලාවකට පසු නැවත උත්සාහ කරන්න
• ගැටළුව දිගටම පවතින්නේ නම්, පසුව නැවත පද්ධතියට පිවිස උත්සාහ කරන්න

⭕️7.48cc ලියාපදිංචි නොකළ මෝටර්සයිකල් සඳහා QR කේතයක් ලබාගන්නේ කෙසේද?

දැනට Fuel QR කේත නිකුත් කරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) සමඟ ලියාපදිංචි කර ඇති වාහන සඳහා පමණි. ලියාපදිංචි නොකළ වාහන සඳහා මේ වන විට සහාය ලබා නොදේ.

⭕️8.නව දුරකථන අංකයක් භාවිතා කර පිවිසීමේදී “දුරකථන අංකය Not Founded ලෙස හෝ වලංගු නොවේ” ලෙස පෙන්වන විටදී-

දුරකථන අංකය ජංගම සේවා සපයන ආයතනයේ දත්ත ගබඩාවේ සක්‍රීයව තිබිය යුතුය. පෙර ලියාපදිංචියෙන් පසු ජංගම අංකය වෙනස් වී ඇත්නම්, ප්‍රොෆයිල් එක ඉවත් කර තිබිය හැක. එවැනි අවස්ථාවලදී පාරිභෝගිකයා වාහනය නැවත ලියාපදිංචි කළ යුතුය.

⭕️9.ජාතික හැඳුනුම්පත් (NIC) අංකය පෙර ලියාපදිංචි කර නොතිබුණද, පද්ධතිය එය දැනටමත් ලියාපදිංචි වී ඇති බව පෙන්වයි.

මෙම ගැටළුව Level 2 Support වෙත යොමු කළ යුතුය. අනන්‍යතාවය පිළිබඳ විස්තර සත්‍යාපනය කිරීමෙන් පසු, අවශ්‍ය නම් NIC අංකයට සම්බන්ධ පවතින ප්‍රොෆයිල් ඉවත් කරනු ලැබේ.

⭕️10.වාහනය දැනටමත් විකිණී තිබුණද, පෙර හිමිකරු තවමත් QR කේතය භාවිතා කරමින් ඉන්ධන ලබා ගනිමින් සිටින විට-

හිමිකාරිත්ව දත්ත පිරිසිදු කිරීමේ (data cleansing) ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු, නව හිමිකරුට වාහනය නැවත ලියාපදිංචි කර නව QR කේතයක් ලබා ගැනීමට හැකිවේ.

⭕️11.අලුතින් මිලදී ගත් නව වාහනයක් ලියාපදිංචි කිරීමට උත්සාහ කිරීමේදී “දැනටමත් ලියාපදිංචි වී ඇත” ලෙස පෙන්වන විට-

වාහන ලේඛන සත්‍යාපනය කිරීමෙන් පසු, පෙර ලියාපදිංචි කර ඇති ප්‍රොෆයිල් අවශ්‍ය නම් Level 2 Support මගින් ඉවත් කළ යුතුය. මෙම ගැටළුව තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා වාර්තා කළ යුතුය.

⭕️12.පළමු හිමිකරු දැනටමත් වාහනය ලියාපදිංචි කර ඇති බැවින්, දෙවන හිමිකරුට වාහනය ලියාපදිංචි කළ නොහැකි විට-

දැනට පද්ධතිය තුළ වාහන හිමිකාරිත්ව ප්‍රොෆයිල් පිරිසිදු කිරීමේ (cleansing) ක්‍රියාවලිය සිදු වෙමින් පවතී. යාවත්කාලීන කිරීම සම්පූර්ණ වූ පසු, භාවිතාකරු නැවත ලියාපදිංචි වීමට උත්සාහ කළ හැක.

⭕️13.නව QR කේතය ඉන්ධන පිරවුම්හලේදී ස්කෑන් කළ නොහැකි වන විට-

පාරිභෝගිකයින් පද්ධතියට පිවිස නැවත QR කේතය සකස් (regenerate) කළ යුතුය. ගැටළුව දිගටම පවතින්නේ නම්, නිවැරදි වාහන විස්තර සමඟ පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතුය.

⭕️14.පෙර වාහන හිමිකරු පාරිභෝගිකයාගේ වාහන QR කේතය භාවිතා කර ඉන්ධන ලබා ගන්නේ නම් කුමක් කළ යුතුද?

පද්ධති යාවත්කාලීන කිරීමේදී පෙර හිමිකාරිත්ව ප්‍රොෆයිල් ඉවත් කරනු ඇත. නව හිමිකරු වාහනය නැවත ලියාපදිංචි කර නව QR කේතයක් සකස් කළ යුතුය.

⭕️15.ලියාපදිංචිය සාර්ථකව සිදු වූ නමුත්, පිවිසීමේදී “දුරකථන අංකය Not founded” ලෙස පෙන්වන විට-

පාරිභෝගිකයින් වාහනය නැවත ලියාපදිංචි කර බලන්න. ගැටළුව දිගටම පවතිනවා නම්, නිවැරදි ලියාපදිංචි විස්තර සමඟ පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතුය.

⭕️16.පාරිභෝගිකයාට තම දුරකථන අංකයෙන් පිවිසිය නොහැකි විට කදී (වාහනය දැනටමත් ලියාපදිංචි වී ඇත්නම්)-

මෙවැනි අවස්ථාවක, ගැටළුව තවදුරටත් පරීක්ෂා කළ හැකි විය යුතු නිවැරදි වාහන සහ දුරකථන විස්තර සමඟ පැමිණිල්ලක් ලෙස වාර්තා කළ යුතුය.

⭕️17. පෙර හිමිකරු වාහන QR කේතය භාවිතා කර ඉන්ධන ලබාගෙන ඇති නම්, නව හිමිකරු නැවත ලියාපදිංචි කිරීමෙන් පසු පූර්ණ කොටාව ලබා ගන්නේද?

ඔව්. නව හිමිකරු වාහනය සාර්ථකව නැවත ලියාපදිංචි කර නව QR කේතයක් ලබා ගැනීමෙන් පසු, නිල කොටා සීමා අනුව පූර්ණ ඉන්ධන කොටාව ලැබේ.

Source: https://gic.gov.lk/faq.html
Government Information Center



Level 2 Support ලෙස https://gic.gov.lk/faq.html වෙබ් අඩවිය ඔස්සෙ Chat with GIC1919 ගෙන් හෝ 1919 ඇමතීමෙන් සහය ලබාගත හැක.

9:35ජනතාව දැනුවත් කිරීම* පෙර QR කේතය ලියාපදිංචිවී භාවිතා කළ අය:i. වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්...
16/03/2026

9:35
ජනතාව දැනුවත් කිරීම

* පෙර QR කේතය ලියාපදිංචිවී භාවිතා කළ අය:

i. වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්, (14) මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ හිමි කේතය භාගත (Download) කරගත හැකිය.

ii.වාහනයේ හිමිකාරීත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති නම්, (15) දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk ລື ໖ ໑໖ නැවත ලියාපදිංචි විය යුතුය.

* පෙර QR කේතය ලියාපදිංචි නොකළ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV ) අලුතින්ම ලියාපදිංචි කරන ලද වාහන:

i. 2026.03.15 5 5 6.00 80 https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබ ලියාපදිංචි විය යුතුය.

නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයන් පහතින්.

රටවල් අතර පවතින යුධමය තත්වය හමුවේ ඉන්ධන මිල ඉහළට....
09/03/2026

රටවල් අතර පවතින යුධමය තත්වය හමුවේ ඉන්ධන මිල ඉහළට....

23/02/2026
19/01/2026

Celebrating my 6th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

19/01/2026

Celebrating my 6th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

අවධානමට පෙර සූදානම......🙏🙏🙏
18/12/2025

අවධානමට පෙර සූදානම......🙏🙏🙏

Address

Alawwa
60280

Alerts

Be the first to know and let us send you an email when Raztha - අලව්ව ටවුන් , Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share