Ahangama Sri Lanka

Ahangama Sri Lanka තාරුණ්‍යයේ ඔබගේ නවමු අදහස් හා සංකලය ව?

අද උදෑසන කොග්ගල ආයෝජන කලාපය අසලදී දුම්රිය ගැටි මෙලොව හැර ගිය සොයුර ඔබට නිවන් සුව ලැබේවා!
15/11/2023

අද උදෑසන කොග්ගල ආයෝජන කලාපය අසලදී දුම්රිය ගැටි මෙලොව හැර ගිය සොයුර ඔබට නිවන් සුව ලැබේවා!

හැබැස්ස රජමහා විහාරයඔක්කම්පිටිය මොණරාගල දිස්ති‍්‍රක්කයේ බුත්තල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පහලගම ග‍්‍රාම නිලධාරී වස...
28/10/2023

හැබැස්ස රජමහා විහාරය
ඔක්කම්පිටිය

මොණරාගල දිස්ති‍්‍රක්කයේ බුත්තල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පහලගම ග‍්‍රාම නිලධාරී වසමේ දඹේයාය ප්‍රදේශයේ මෙම පූජනීය ස්ථානය පිහිටා තිබේ.
මොනරාගල වැල්ලවාය මාර්ගයේ කුඹුක්කන හංදියෙන් හැරී ඔක්කම්පිටිය මාර්ගයේ කි.මී. 10 ක් පමණ දඹේයාය ගම හරහා ගොස් කුඹුක්කන් ඔයෙන් එගොඩ වී ගිය විට හැබැස්ස පුරාවිද්‍යා භූමිය වෙත ළගාවිය හැකිය. ඒ වගේම බුත්තල නගරයේ සිට ඔක්කම්පිටිය මාර්ගය ඔස්සේ පැමිණ ද මෙම පූජනීය ස්ථානය වෙත ළඟා වීමට හැකි වේ.

අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන ලෙන් විහාරයක්, ශිලා ලිපියක්, කටාරම් සහිත ලෙන්, නටබුන් ස්ථුපයක්, නටබුන් ගොඩනැගිලි සහ පවුරු කොටස් මේ බ්මේ දැකගත හැකිය.

මෙම ස්ථානයේ පැරණි අවශේෂ අතර අඩි 32 ක් පමණ වු ගඩොලින් කළ පැරණි සැතපෙන බුදුපිළිමය සහිත විහාර ගෘහය ප‍්‍රධාන වේ. මහාවංසයේ සඳහන් වන පැරණි "නක මහ විහාර" මෙම ස්ථානය විය හැකි බව විශ්වාස කෙරේ.

හැබැස්ස ලිපිය ලාංකීය ඉතිහාස වසංකතාවේ සංදිස්ථානයකි. එසේම එය විශේෂ වන්නේ වසංකාවේ සඳහන් නොවන තොරතුරු හැබැස්ස අභිලේඛණයේ සඳහන් වීම නිසාවෙනි.

මෙහි එන තොරතුරු අනුව ප‍්‍රාදේශිය පාලනය සඳහා තම පුතුන් යෙදවු බව දැක්වෙන කදිම උදාහරණයකි. එම ලිපියට අනුව වසභ රජුගේ "උතර" නම් පුතා විසින් මෙම ප‍්‍රදේශය පාලනය ගෙන ගොස් ඇත.

ඒ වගේම මෙහි නිදන් සොරුන් විසින් විනාශයට පත් කරන ලද බුද්ධ ප්‍රතිමාව සහ ස්තූපයක් දැකගත හැකිය. මෙම බුද්ධ ප්‍රතිමාව මේ වන විට වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රතිසංස්කරණය සිදු කර ඇති අතර ස්ථූපයේ කටයුතු මේ වන විට සංරක්ෂණය කරමින් පවතී.

යාල වනොද්‍යානය ට මායිම් ව ළගා වීමට නිසි මාර්ගයක් නොමැති නිසාත්, වල් අලින් නිරන්තරයෙන් ගැවසෙන ප්‍රදේශය ක් වීම නිසාත් මෙම පෞරාණික පුදබිම මිනිස් වාසයෙන් බැහැරව හුදෙකලා ප්‍රදේශය ක් බවට පත්වී තිබීම අවසනාවන්ත තත්ත්වයකි.

මෙතරම් පෞරාණික වටිනාකමකින් යුක්ත මේ පුදබිම නැවතත් විනාශ වන්නට නොදී නිසියාකාරව සංවර්ධනය කර ආරක්ෂා කර ගැනීම අප සැම දෙනාගේම වගකීමක් වන්නේය.

Aurora Foundation

ආශ්‍රිත ග‍්‍රන්ථ -
ඌවේ වංහුං - සුජීව කුමාර කෝවිලතැන්න

අනුර කුමාර විශාල කරදරයක් වුනානේ..
28/10/2023

අනුර කුමාර විශාල කරදරයක් වුනානේ..

25/10/2023
ප්‍රවීණ ගායන ශිල්පීනි විශාරද නන්දා මාලනී මහත්මිය පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ. කලක සිට පැවති...
24/10/2023

ප්‍රවීණ ගායන ශිල්පීනි විශාරද නන්දා මාලනී මහත්මිය පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

කලක සිට පැවති රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් ඇය මේ වන විට නාරහේන්පිට ආසිරි ශල්‍ය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

ඇයට ඉක්මන් සුවය ලැබේවායී ප්‍රාර්ථනා කරමු..!

තිත්ත ඇත්ත💯එක්තරා බාලවයස්කාර ගෑණූ දරැවෙක් තමන්ගේ නිවසේදීම දුෂණයට ලක්වෙනවා..... ඒ දරැවා එනවා පොලීසියට, දරැවගේ කකුල් දෙකෙන...
19/10/2023

තිත්ත ඇත්ත💯
එක්තරා බාලවයස්කාර ගෑණූ දරැවෙක් තමන්ගේ නිවසේදීම දුෂණයට ලක්වෙනවා.....

ඒ දරැවා එනවා පොලීසියට, දරැවගේ කකුල් දෙකෙන් ලේ ගලනවා...
ඒ පිටින්ම ඒ දරැවා පොලීසියට එනවා....

මුලින්ම ඒ දරැවට හමුවෙන්නේ ගේට්ටුවේ ඉන්න අයි ජී පී මහත්තයා.....
(ඔව් අර දුඹුරු පාටට හුරු පාටක් ඇඳගෙන ඉන්න එක්කෙනා)

එයා අහනවා...
“මොකද මේ...?"
" සර් මාව අපේ බාප්පා දුෂණය කලා...."
ආ... ඇත්තද...? කොහොමද උනේ...
සර් මම තනියම කාමරේ ඉන්නකොට ඇවිත් මාව දුෂණය කලා...
ආ... ඇත්තද.... කෝ ඇඳුම් ඉරිලා නැහැ නේ...
කොහොමස දූෂණය කලේ...? ගවුම පිටින්මද....?
නැහැ සර්..... (ගෑණු ළමයා අඹරෙමින්)
එහෙනම්... ගවුම උස්සලාද.....?
ඔව් සර්.....
ආ... ඒ කොහොමද....?
මම නිදියගෙන ඉන්නකොට ඇවිත් මගේ කට වහලා, මාව තද කරගෙන දුෂණය කලා සර්.....
ආ.... වෙන මොනවද කලේ......
(ගෑණු ළමයා අඹරෙමින්...සිද්ධිය විස්තර කරයි...)
හ්ම්... එහෙනම් යනවා ඇතුලට.....
(ගේට්ටුව විවර වේ, ළමයා ඇතුලට යයි....)

පොලිසියේ පිළිගැනීමේ නිළධාරී..

"මොකද මේ....
සර් බාප්පා මාව දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර්, අම්මයි තාත්තයි කුඹුරට ගිහින්, බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම් බංකුවෙන් වාඩි වෙලා ඉන්න, ඕ.අයි.සී. මහත්තයා කථාකරනකම්....

ඕ.අයි.සී මහතා......

මොකද මේ....?
සර් බාප්පා මාව දුෂණය කලා....
මොකද උනේ....?
සර්... මම ඇඳේ නිදියයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්...
ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...?
දැනුනා සර්.... මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා....
වෙන මොනවද උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම්.... ක්‍රයිම් කේස් එකක්.....
ටිං...ටිං... (ඔ අයි සී මහතා සීනුව නාද කරයි)
සර්.....
මෙයාව ක්‍රයිම් එකට දානවා.....

ක්‍රයිම් ඕ අයි සී (අපරාධ අංශය)

මොකද උනේ.....?
සර් බාප්පා මාව දුෂණය කලා..
මොකද උනේ....?
සර්... මම ඇඳේ නිදියගෙන ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්...
තමුන් තනියමද ගෙදර හිටියේ......
ඇයි දමව්පියෝ හිටියේ නැද්ද...?
එයාලා කුඹුරට ගිහින් සර්....
ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...?
දැනුනා සර්....
මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා....
වෙන මොනවද උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
වයස කීයද...?
15 සර්....
හ්ම්....
මේක සී ඇන්ඩ් ඩබ්ලියු එකක්...(ළමා සහ කාන්තා අංශය)
මෙයාව සි ඇන්ඩ් ඩබ්ලියු එකට ගෙනියන්න....

ළමා සහ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිතුමිය....

මොකද උනේ.....?
බාප්පා මාව දුෂණය කලා මැඩම්..
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ මැඩම් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්, බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
ඩබ්ලියු පී සී...
මෙයාව අරගෙන යනවා ජේ ඇම් ඕ ගාවට (අධිකරන වෛද්‍ය නිළධාරී)
(දරැවාව රෝහලට රැගෙන යයි)

එහිදී අධිකරණ වෛද්‍ය නිළධාරී..

මොකද උනේ...?
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්...
බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
(සාක්ෂි ලබාගනියි..... දරුවා සම්පුර්ණ පරික්ෂාවකට ලක්වේ.....)
(භෞතික සාක්ෂි ලබාගනියි)
හ්ම්..... මේ ගැන ළමා රක්ෂක අධිකාරිය දැනුම් දේ....

ළමා රක්ෂක නිළධාරී....
මොකද උනේ....?

සර් බාප්පා මාද දුෂණය කලා...
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
දරුවාට නිතිඥ සහාය ලැබේ....

නිතිඥ මහතා....

මොකද උනේ..
සර් බාප්පා මාව දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම්.....

අධිකරණයේ දී,
ගරැ මහේස්ත්‍රාත්වරයා...

මොකද උනේ.....
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
විත්තියේ නිතිඥයා හරස් ප්‍රශ්ණ අසයි....
ඇයි දුෂණය කරනකම් බලාගෙන හිටියේ....
තමුන් සනීපෙට හිටියා නේද....?
නැහැ...
එහෙම නම් ඇයි විරුද්ධ නොවුනේ....
(තව තවත් හරස් ප්‍රශ්ණ)
සිද්ධිය මහාධිකරණයට යොමු වේ....

ගරු මහාධිකරණ විනිසුරැ.....

මොකද උනේ....?
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)

සිද්ධිය මහාධිකරණයේ දි මාස ගනනක් විභාග වේ.....

මේ අවසන් නඩු වාරයයි... තීන්දුව ප්‍රකාශ වීමට නියමිතයි....
නැවතත් රජයේ නිතිඥ...

මොකද උනේ....?

(දැරිය නිහඬය...)
නැවතත්, මොකද උනේ.....
මුකුත් නැහැ....
රජයේ නිතීඥ...... මුකුත් නැහැ..
විනිසුරුගෙන් විනාඩි 30 ක් කාලයක් ඉල්ලයි....
අවසර ලැබේ.....

රජයේ නිතීඥ...
" මොකද ළමයා වෙලා තියෙන්නේ... ඇයි සිද්ධිය විස්තර කරන්නේ නැත්තේ...."

" සර්.... මම මේ වෙනකොට මේ සිද්ධිය 54 වතාවක් කියලා තියනවා... සර්ට ඕනේ මේක 55 වෙනි වතාවටත් මගේ කටින් අහගන්නද...?"

රජයේ නිතිඥ නිහඬයි......

අපේ රටේ බල්ලට ගිය නීතිය..

නීතිය පමණක් නොව මාධ්‍යද ප්‍රසිද්ධියේ ඇයව නැවත නැවත දූෂණය කරයි.

Copped 🙏

බඩ වෙනකං නොදන්න රෙද්දෙ හැදියාව.ස්ත්‍රී ලිංගය, පුරුෂ  ලිගුව, ගුද මාර්ගය, කලවය, ගර්බාෂය, ශුක්‍රාණු පහවීම, දන්නේ නැති තරුනය...
18/10/2023

බඩ වෙනකං නොදන්න රෙද්දෙ හැදියාව.

ස්ත්‍රී ලිංගය, පුරුෂ ලිගුව, ගුද මාර්ගය, කලවය, ගර්බාෂය, ශුක්‍රාණු පහවීම, දන්නේ නැති තරුනයන්, තරුනියන්, බැදපු ගෑනු, බැදපු පිරිමි...

මොන රෙද්දක්ද.....
උබල කොන්ඩෙ වවල හිටියත් තට්ටෙ ගාලා හිටියත් අවුරුදු 12, 13 වෙන්කොට අමුතු කිචියක් ආවා මතක නැද්ද? සුචරිතවාදීන් හැම එකාම ඒ කාලේ තනියෙන් පුරුෂ ලිංගය අත ගා ගන්න ඇති. එතකොට ඒක කෙලින් වෙන්නත් ඇති. මුල් කාලෙ නම් ඉතින් සුදුපාටට මොනවදෝ ගියෙ නැහැ නේද?
හිරි වැටිලා ඉවර වුනා නේද?

කිහිල්ලේ මයිල් එනකොට, රහසගේ රෝම වැවෙනකොට මතකකද ගෑනු ලමයි ගැන දැනුන හැගීම.

අපිට එහෙම වෙනකොට පංතියේ සමහර ගෑනු ලමයි හදිසියේම ගෝනි බිල්ලො වගේ වහලා අරන් ගිහින් ටික දවසකින් කැවුමුත් අරන් ආවා මතක ද? උන් බලන් ඉද්දි බෝල උනා මතකද?

මේ රටේ උසාවියකට ගියොත් නඩු ගොඩක් කැරකෙන්නෙ යෝනිය වටේ කියලා සුචරිතවාදීන් ට තේරෙයි. ස්ත්‍රී දූෂණ, අස්වාභාවික ලිංගික හැසිරීම්, නඩත්තු දික්කසාද ඉන් ප්‍රධානයි.

ස්ත්‍රී දූෂණයක් කියන්නේ ගැහැනියෙකුට පිරිමියෙක් වෙත එල්ල කල හැකි ඉතාම පහසු චෝදනාවක්‍ බව මම සිතන්නේය. එලෙසම පිරිමියෙකු ට ගැහැනියෙක් හට කල ගැකි තිරිසන්ම ක්‍රීයාවද එයම වන්නේය.

ලංකාවේ වැඩිපුරම ලිංගික අපරාධ නඩු ( ජනගහනයට සාපේක්ෂව ) තියෙන්නේ උතුරු මැද කියලා ය මට හිතෙන්නේ. මා දන්නා පරිදි ලමයින්‍ ට සිදු වූ ලිංගික අපරාධ වෙනුවෙන් නඩු අහන්නටම වෙන් වූ එකම මහාධිකරණය අනුරපුර විශේෂ මහාධිකරණ යයි. පූජනීය පින් බිම අනුරපුරයි.

කොලඹට වෙලා කෑ ගහන්න කලින් මෙහේ උසාවියක දවස් දෙකක් වාඩි වෙලා ඉදලා බලාපල්ලා කරුමයක තරම. දරුවන්ගේ කතා....ලැජ්ජයි යකෝ...

තාත්තා දුව ලග නිදාගත් හැටි,

ගුරා ගෝලයාගේ කකුල ලස්සනයි කියපුවා,

හාමුදුරුවෝ සාමනේරනමට වැලි මලුවේ දිගා කර චන්ද්‍රගහනය පෙන්නපුවා,

සීයා මිනිපිරීට ඩාං ඩූංං කරපුවා,

අම්මාගේ දෙවෙනි ආදරේ කලින් කසාදේ ලමයින්ව අස්ස ගුඩුං අරන් ගිය ඒවා,

ටියුෂන් ගුරා හා අමතර පංතිය,

අල්ලපු ගෙදර මාමා කඩේ එක්කන් ගිය හැටි.

ලී කපන්න ගිහින් කෝටු කපපු හැටි,

කුලියට වැඩ කල මාමා හේනේ ලී කොට ඉරපු ලස්සන,

බන්ඩියාගේ චුං කුරුල්ලා,

මලීගෙ ච්ච්ච් පැටියා,

හදපානේ යන විට කෙලවුන හැටි,

බාප්පා එක්ක හේනේ අලි එලවපු හැටි,

අල්ලපු ගෙදර අයියා ගලේ කෙටූ හැටි,

පොඩි මල්ලියි ලොකු මල්ලියි පූට්ටු වූ හැටි,

කඩේ මුදලාලි ටොපි දීලා ලොලිපොප් කවපු හැටි,

දන්නෙම නැතුව බඩ ලොකු උන හැටි,

බඩේ ගෙඩ්යක් කියලා බෙහෙත් ගන්න කියලා ගියාම බඩේ මං වගේම පොඩි එකෙක් කියල දැන ගත් හැටි.

මේ රෙද්දවල් 75%කටත් වඩා මුල දරුවන්ගේ ලිංගික දානුම නැති වීම බව පිලිගනිල්ලා. පිලි ගන්න බැරි නම් අනුරපුරේ , පොලොන්නරුවේ , මොනරාගල, හම්බන්තොට මහාධිකරණයක රේප් කේස් දෙකක් බලන් හිටපල්ලා.

ලමයි නෙමේ මහ ගෑනුත් ස්ත්‍රී ලිංගය ඇතුලට පුරුෂ ලිංගය දා ගන්න දන්නේ නැහැ. ලමයි හම්බුන ගෑනුත් දන්නේ නැහැ යෝනි මාර්ගයයි මුත්‍රා මාර්ගයයි දෙකක් කියලා. ලමය බඩට ආවෙ කොහොමද කියල දන්නෙත් නැහැ. පිරිම්න් හා ගැහැනුන් සුරාන්තයට පත් වෙන බව දන්නෙ නැහැ. ගැහැනුන්ට එහෙම එකක් තියෙනවා කියලා සමහර පිරිමින් දන්නෙත් නැහැ.

පැමිනිල්ලේ ලෝයර් කොහොමද මිනිසුන්ට යුක්තිය ඉටු කර දෙන්නේ. සාක්කි දෙනකොට කියන්නේ එක්කෝ ලීයක් වගේ එකක් ඇතුල් කලා. මොකක්දෝ එකක්, අනේ මට ලැජ්ජයි, කියන්නෙ තේරෙන්නෙ නැහැ. චුයියා එක ඌයියා එකට දැම්මා. මේ ලෝකෙ නැති වචනය.

දිනක් එක්තරා මහාධිකරණයක රජයේ ලෝයර්තුමා වතුර බිබී ඔය වගේ සිද්ධියක් අහනවා මම දැක්කා. එතුමාට මල. මොන වදයක්ද විත්ති කූඩුවේ එකා මහ උලු ගෙදර යවන්නට ගෑනි කතාව කියන්නම ඕනෑය. පැය බාගෙක ඔට්ටු විල්ලකින් පසු ගැහැනිය නඩුකාරතුමන්ගෙන් අහන්නේ හාමුදුරුවනේ එහෙනං කියන්නද කියාය. එතුමාටද ඉවසීමේ සීමාව පැනලාය. තෝල්කයයා වෙව්ලන්නේය. විත්තිකරුට ජොලිය. ප...( යන්නෙන් පටන් ගන්න එක) හු ...
(යන්නෙන් පටන් ගත්ත )එකට දැම්මා සුවාමීනි .... කැ.... ( වලින් පටන් ගන්න ඒවාත්) ත් ගියා. උසාවිය මීයාට පිම්බා වැනිය. ඇප්රෙන්ටිස් කෙල්ලෝ දුවන්නේය. ස්ටෙනෝ රතු වෙන්නේය. ගෝෂකයා උඩ බලන්නේය. රජයේ ලෝයර් තව වතුර බොන්නේය. ලේඩි ලෝයර්ලා බොරුවට හෑන්ඩ් බෑග් අදින්නේය. පිරිම් ලෝයර්ලා පොත් පෙරලන්නේය. නඩුකාරතුමා පමනක් නිසොල්මනේය.

මෙසේ ලීවාට කියවන්නාගෙන් සමාව අයදින්නේය. එහෙත් මෙය ඇත්‍තකි. මෙහි හිනාවට කාරනයක් නොමැත. ඇත්තේ ලිංගික අද්‍යාපනයේ හිඩැස නොවේද?
සිද්ධිය ඉවර නැත. සාක්කිකාරිය කියපු හු.. එකයි ප.. එකයි පුනරුච්චාරනය කරමින් මේක අසනවා හැර රජයේ ලෝයර්ට විකල්පයක් නැත. එතුමා නන්නත්තාරය.

විනිසුරු අසුනෙනෙන් සිනාසෙමින් ඉංගිරිසියෙන් ඇසුවේ නීතිපතිතුමා කුනුහරප කියන එක සුදුසු නැහැ නේද කියලාය. තවත් පැය බාගයක් ඔට්ටු වී විත්තියේ ලෝයර්ගේ විරෝධතා නැති වූ තැන උත්තරය කටට දී අසා ගත්තේය. විත්තියේ ලෝයර්ලාද මිනිසුන්‍ ය.

කුනුහරුප කියා යුක්තිය ඉටු කර ගන්නට බැරිය.

ලිංගික අපරාධ වලට ලක් වී පැමිනෙන බොහෝ දෙනා අන්ත දරිද්‍රය. විත්තිකරුවන් ද එම සමාජ මට්ටමේමය. අතවරයට පත් වූ දරුවන් රු. 100 බස් ගාස්තුව නැතිව උසාවි නොපැමින අන්තිමට වරෙන්තු වී අල්ලන් එන්නේය. වදින්න ගිය දේවාලේ හිසේ කඩා වැටීය. ඉගෙනුම 9 ටවත් නැතිය.

ලිංගික අධ්‍යාපනය එපා කියන්නෙ මේ හිඩැස් එන්ජෝයි කරන්නට කැමති එවුන්‍ ය. එය එපා කියනේ ඒ දැනුම තියෙනා එවුන් ය. පහල පංතියට එය දැනටමත් ප්‍රමාද වී ඇත්තේය.

බම්බලපිටිය ට, වැල්ලවත්ත ට එය එපා උනාට හොරොව්පතාන, වැලිකන්ද, රදවිගෙඔය, ගෝමරන්කඩවල හේනට, වෙලට, කැලයට එය ඕනෑමය. වැක්ස් කරන එවුන්ට ඉගෙනුමට දෙයක් නැති උනාට කැලේ වැවුන එවුනට බොහෝ තිබෙන්නේය. එපා කියන්නවුන්ට මයික් ඇල්ලුවාට ඕනෑ කියන්නවුන් ගොලුය. හොරොව්පතානෙන් වොයිස් කට් නොගන්නේය.

ලිංගික අධ්‍යාපනය ලබ දීම ඍජුවම දරුවන් ලිංගික අතවර වලින් බේරා ගැනීමට දායක වනු ඇත. එමෙන්ම අවාසනාවන්ත ඉරනමකට ගොදුරු වූ විට කදී එය නීතිය ඉදිරියට ගෙනවුත් යුක්තිය ඉල්ලා හඩ නගන්නට ශක්තියක් වනු ඇත.

එසේ නොමැති රටක් තල්ලු වන්නේ
දරුවන් අනාරක්ෂිත, සැකකරුවන්ට ගල් ගහන උසාවිය ට හූ කියන ගෝත්‍රික සමාජයකටය.

තීරනය අපි අතේය!

© අරවින්ද හබක්කල ✍️ මහතාගෙන් උපුටා ගැනීමකි ස්තුතියි

17/09/2023

ලංකාවේ ටෙලිනාට්‍ය බලන සැලකිය යුතු ප්‍රමාණයක පිරිසක් බලන්නෙ බොහෝවිට ටීවි චැනල්වලට අයිති යු ටියුබ් චැනල් වලින්. චැනල් වලින් යූ ටියුබ් අප්ලෝඩ් කරන තමන්ගෙ ටෙලිනාට්‍ය අස්සට ඇඩ් ඔබන එක දරුණුවටම කරන බවක් පේනවා. ඕක දිගින් දිගටම කළොත් මිනිස්සු යූ ටියුබ් එකෙන් ටෙලිනාට්‍ය බලන එක අතඇරලා ආයෙත් col3neg වගේ සයිට් වලට ගිහිල්ලා බලන්න පුරුදු වේවි.

මිනිස්සු යූ ටියුබ් එකෙන් ටෙලිනාට්‍ය බලන්නෙ ටීවි බලන්න වෙලාවක් නැතිම හෝ ටිවී එපා වීම කියන කාරණා හින්දම නෙවෙයි. ගොඩක් අය ඇඩ් නැතුව බලන්න පහසු නිසයි යූ ටියුබ් එකට හුරුවෙලා ඉන්නෙ.

ලංකාවට ටෙලිවිෂන් ආපු මුල් කාලවල ටෙලිනාට්‍යය මැදින් ඇඩ් ගියේ නැහැ. මුළු ටෙලිනාට්‍යටම තනි අනුග්‍රාහකයෙක් දායකත්වය දුන්නා. නාට්‍යයේ ආරම්භයේදී හෝ අගදි තමයි අනුග්‍රාහකයව සඳහන් කරන්නෙ. ටෙලිනාට්‍යයක් මැදින් ඇඩ් ගහන එක බලන මනුස්සයගෙ රසවින්දනයට බාධාවක්. ඔය පැකේජ් සිස්ටම් අරව මේවා ආවට පස්සෙ තමා ටෙලිනාට්‍ය මැදින් ඇඩ් ගහන්න ගත්තෙ.

ටීවී චැනල්වල ප්‍රධානීන්ට මේ ටික කියන්නෙ. දැන් ඔය නාට්‍ය ටීවී එකේ යද්දි sponsorship වලින් කොහොමත් චැනල් එකට සල්ලි එනවනෙ. ඊට පස්සෙ යූ ටියුබ් දැම්මමත් බලන විවර්ස්ලා අනුව මුදල් ලැබෙනවානෙ. එහෙම නම් ඇයි ආයෙත් මේ යූටියුබ් දාපු ටෙලිය ඇතුලටත් ඇඩ් ඔබන්නෙ ? වැඩි තණ්හාවට ගිහිල්ලා තියෙන viewership එකත් නැතිකරගන්නද හදන්නෙ ?

මම නම් අපේ ටීවි චැනල්වල මේ තත්වය දකින්නෙ රත්තරන් බිත්තර දාන කිකිලියෙක්ව දැක්කම හෙමින් සැරේ ගන්නෙ නැතුව බඩකපලා රත්තරන් බිත්තර ඔක්කොම ගන්න හිතලා ඌව මරලා උගේ බිත්තර ඔක්කොම ටික අරන් එකපාර පෝසත්වෙන්න හිතපු අය විදිහටයි.

සියලු ජාත්‍යන්තර මාධ්‍යාය් අවදානය ශ්‍රී ලංකාව වෙත යොමුව ඇත.
13/07/2022

සියලු ජාත්‍යන්තර මාධ්‍යාය් අවදානය ශ්‍රී ලංකාව වෙත යොමුව ඇත.

Address

Ahangama

Website

Alerts

Be the first to know and let us send you an email when Ahangama Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share