28/02/2026
කොරියාවේ වැඩිම රැකියා අවස්ථා ඇති SME ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාවට සුපිරි සහයෝගයක්! 🇱🇰🤝🇰🇷
කොරියානු රැකියා සිහිනය දකින අපේ තරුණ තරුණියන්ට තවත් සුවිශේෂී පුවතක්!
දකුණු කොරියාවේ වැඩිම රැකියා ප්‍රමාණයක් උත්පාදනය කරන කොරියානු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සම්මේලනය (KBIZ) සමඟ අතිශය සාර්ථක සාකච්ඡාවක් පැවැත්වුණා.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර (Arun Hemachandra) සහෝදරයා, කොරියාවේ ශ්‍රී ලංකා තානාපති M.K. පද්මනාදන් මහතා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා, එහි විධායක උප සභාපති ඕ ගි-වූන්ග් (Mr. Oh Gi-woong - 오기웅) මහතා හමු වී අපේ අය වෙනුවෙන් කරුණු රැසක් සාකච්ඡා කළා.
මොකක්ද මේ ලැබෙන්න යන සුවිශේෂී අවස්ථාව?
කොරියාවේ නිෂ්පාදන සහ තාක්ෂණික අංශයේ රැකියා සඳහා යන අපේ ශ්‍රමිකයින්ට, කොරියානු ප්‍රමිතීන්ටම ගැලපෙන උසස් පුහුණුවක් ලංකාවේ සිටම ලබා දීමට මෙහිදී මූලික එකඟතාවන් ඇති වුණා.
📍 මෙමඟින් ලැබෙන වාසි:
🚘වෘත්තීය වටිනාකම වැඩි වීම: නිකම්ම නිකම් ශ්‍රමිකයෙක් නොවී, පුහුණු වෘත්තිකයෙකු ලෙස කොරියාවට පැමිණීමේ අවස්ථාව.
🚘සේවා යෝජක විශ්වාසය: අපේ අයගේ පුහුණුව සහ විනය ගැන කොරියානු හාම්පුතුන් තුළ ඇති විශ්වාසය තවත් වැඩි වන නිසා රැකියා අවස්ථා තවත් පුළුල් වීම.
•🚘තාක්ෂණික දැනුම: නිෂ්පාදන (Manufacturing) සහ සේවා ක්ෂේත්‍රයේ නවීනතම තාක්ෂණයන් පිළිබඳ පුහුණුව.
🔥විශේෂම දේ තමයි,
ශ්‍රී ලංකාවේ පුහුණු මධ්‍යස්ථාන සමඟ සෘජුව සම්බන්ධ වී මේ කටයුතු ඉදිරියට ගෙන යාමට කොරියානු පාර්ශවය දක්වන උනන්දුවයි.✊
අපේ රටේ තරුණ පිරිස ලෝක මට්ටමේ වෘත්තිකයන් බවට පත් කරන, විශ්වාසනීය සහ ගෞරවනීය විදේශ රැකියා වෙළඳපොළක් නිර්මාණය කිරීමේ අලුත් රජයේ වැඩපිළිවෙළ දැන් ක්‍රියාවෙන්ම ඔප්පු වෙමින් පවතිනවා! 🏗️✨