25/04/2026
🇯🇵 ජපානයේ ජීවිතේ හදාගන්න ආපු අපි… පොඩි වැරදි වලින් ලොකු ප්‍රශ්න හදාගන්න එපා 😔
ජපානයට ආව ගොඩක් අය හිතන්නේ 💭 “වැඩ කරලා සල්ලි හොයන එක විතරයි මෙහේ තියෙන්නේ” කියලා. ඒත් මෙහේ ජීවිතේ තවත් වැදගත් දෙයක් තියෙනවා — අනිත් කෙනාට බාධාවක් නොවී ජීවත් වෙන එක 🙏
අපේ රටේ සාමාන්‍ය දේවල් මෙහේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් 😯
🎵 රෑට හයියෙන් සින්දු දාන එක
😂 යාලුවෝ එක්ක කෑගහලා හිනා වෙන එක
📞 බැල්කනියෙන් හයියෙන් කතා කරන එක
🧺🌙 රෑ වෙලා washing machine දාන එක
ඔයාට ඒවා පොඩි දේවල් වගේ හිතුණත්, අල්ලපු කාමරේ ඉන්න කෙනාට ඒක නින්ද නැති රෑක් වෙන්න පුළුවන් 😴💔
ජපානයේ බොහෝ අය මුහුණට ඇවිත් කියන්නේ නැහැ 🤐 ඒ වෙනුවට management එකට හරි, පොලීසියට හරි දන්වනවා 🚔 එක complaint එකක් කියන්නේ joke එකක් නෙවෙයි ⚠️ නිතර නිතර එහෙම වෙද්දී ගෙදර, contract, visa — හැමදේකටම බලපෑමක් වෙන්න පුළුවන් 📄❌
අපි මෙහේ ආවේ fight කරන්න නෙවෙයි… future එක හදාගන්න 💪✨
ඒ නිසා පොඩි discipline එකක් ජීවිතේට දාගමු 🙌
✅ රෑ වෙලා සද්ද අඩු කරමු
✅ අනිත් අයගේ නිදහසට ගරු කරමු
✅ ජපන් culture එක තේරුම් ගමු
✅ අපේ reputation එක රැකගමු
අපි කරන හැම දේකින්ම “Sri Lankan” කියන නම represent වෙනවා 🇱🇰
එක හොඳ නමක් කරලා තියාගමු ❤️🇯🇵
ඔයාට හෝ දන්න කෙනෙක්ට මෙහෙම experience එකක් තියෙනවද? Comment එකක් දාගෙන යමු 👇💬