12/06/2026
❤🔥දිව්‍ය හෘදයේ මංගලෝත්සවය🔥❤
මේ ලොකයේ මිනිසුන්ගේ මරණ වලට බලපාන ප්‍රධානතම හේතුන් අතර *හෘද රෝග යනු අංක 1 වේ*. ගෝලීයව, සෑම අවුරුද්දකට මිනිසුන් මිලියන 17.9 පමණ මිය යන්නට හේතුව හෘද රෝග වේ. *හෘද රෝග නිසා මෙතරම් මිය යනවා නම් ආත්මයේ රෝග නිසා කොතරම් මිනිසුන් ගණනාවක් සදාකාලික වම විනාශ වී යනවා ඇත් ද?* 😥😥😥
අප යක්ෂයාට, ලෝකයට, මාංශයට ගැති ව ඒ තුළ ම හිර වී ඇති නිසා, සංකූලතාවයන් සහිතව අප වැඩි කරගෙන සිටින අපගේ ආත්මවල රෝග නිසා, *කල්වාරි කන්දේ දීට වඩා අද බෙහෙවින් ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදය ඇත්තේ දුකින් ය.*
ඔව් බෙහෙවින් දුකින් වේ..
ඒ දුක නිසා තවමත් උන්වහන්සේ දිව්‍ය හෘදයෙන් කදුළු මිශ්‍ර වී ලේත් වතුරත් ගලා එන්නේය..
ඒ අප සියල්ලන්ගේම පාපය නිසා නොවේද?😥
*'මනුෂ්‍යයන් ට මෙපමණ ප්‍රේම කළාවූ හෘදය බලනු.....ඊට සැලකිමක් වශයෙන් මනුෂ්‍යයන් වැඩි කොටසෙන් මට ලැබෙන්නේ මේ මාගේ ප්‍රේමයේ ප්‍රසාද නිධානය කෙරෙහි ඔවුන් දක්වන ඇල්මැරුණු ගතියෙන් සහා අපහාස කිරීමෙන් පෙන්වන්නාවූ නොසැලකීම් සහා දේව ද්‍රෝහිකම ව්...මාගේ දුක්ප්‍රාප්තියේ දී වින්දාවූ සියලු දුක් ගාවිනාවලට වඩා මේ කරුණු මට වඩා දුක් සහිත වන්නේ, ඔවුන් යම්...ස්වල්ප වශයෙන්වත් මාගේ ප්‍රේමයට ප්‍රති ප්‍රේමය දෙන්නේ නම්....ඔවුන් උදෙසා හැකිනම් තවත් වඩා දුක් ගාවිනා විදින්නට මම ආශාවෙමි'යි ජේසුස් වහන්සේ මේ දැනුදු අප සියල්ලන්ටම පවසන සේක..*
අද දිව්‍ය හෘදය මංගල්‍යය සමරන දින, අපගේ පාපය නිසා රෝගී වී ඇති ආත්ම ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදය ට කැප කරමු..
කැප කරාට පමණක් ප්‍රමාණවත් නොවේ.. ජේසුස් වහන්සේ වදාරණ දේ මුළු ආත්මයෙන්ම කරන්නට අප උනන්දු විය යුතුයි.. ධෛර්යමත් විය යුතුයි..
'හෘදයෙන් සාන්තදාන්ත වූ ද...' ගීතීකාව එක් වරක් නොව සිය සැරයක් ගායනා කළත්, දිව්‍ය හෘදය සමිතියේ බොහෝ අවුරුදු ගණනාවක් සමාජිකයෙක් ව සිටියත්, වැඩක් වන්නේ නැත, *අපගේ හෘදයන් වලින් ඉස්මතු වන්නේ සාතාන්ව නම්...*
බාහිර ආටෝපයන්ට නොව අප ප්‍රමුඛත්වය දිය යුත්තේ...
අනිවාර්යයෙන්ම අප වෙනස් විය යුත්තේ අපගේ හදවත් වල අභ්‍යන්තරයෙන් මයි..
දැන්වත් අප මේ දේ අවබෝධ කරගත යුතුයි.. එනම් *බාහිරින් නොව අභ්‍යන්තරයෙන්ම වෙනස් විම*
ජේසුස් වහන්සේගේ මෘදු නිහතමානී සුපිරිසිදු ඒ දිව්‍ය හෘදය දෙස බලා, උත්සාහ කරමු අපගේ ආත්ම වල රෝග සුවකරගන්නට.. උනන්දු වෙමු අපගේ ආත්ම සුපිරිසිදු කරගන්නට...
ජේසුස් වහන්සේගේ ළයෙහි හාන්සි වී, උන්වහන්සේගේ දිව්‍ය හෘදයෙන් ගලා එන මහා ආදරයේ රිද්මයට සවන් දී එය අත්දකිමින්, *ඒ රිද්මයට ම අපගේ හදවත් ස්පන්දනය වන්නට ඉඩ දෙමු...*
❤🔥🙏 *මේ ලෝකයේ සීමාවෙන් සීමාවට සෑම තැන්හි අපට ගැලවීම සම්පාදනය කළ දිව්‍ය හෘදයට ප්‍රශංසා ලැබේවා...උන්වහන්සේ ට මහිමයත් ගෞරවය ත් සදාකල්හි ලැබේවා.* ❤🔥🙏