17/04/2024
730 සම්මන්ත්රණය
21/04/2024 සවස 3.30 සිට..
Piazzetta San Gennaro a materdei
SCUGNIZZO පාසල් පරිශ්රයේ දී..
730 වාර්තාව යනු කුමක්ද?
එය ඉදිරිපත් කල හැක්කේ කාටද?
සුදුසුකම් මොනවාද ?
එහි ඇති වාසි අවාසි මොනවාද?
පසුගිය වසරේ අදාල වාර්තාව මත මුදල් නොලැබූ අය කල යුත්තේ කුමක්ද ?
මේ අදායම් වාර්තා කරන කාලයයි!
රාජ්ය චක්රලේඛන අනුව 730 වාර්තාව 2024 මැයි මස මුල සිට සැප්තැම්බර් මස අවසානය දක්වාත්, UNICO වාර්තාව 2024 නොවැම්බර් මස අවසානය දක්වාත් යොමු කල හැකිය.
පසුගිය වර්ෂය තුල ආදායම් උපයා ඇති හෝ අදාල චක්රලේඛණ අනුව නීති සම්පාදන වලින් බැහැර නොවන සියලු පුරවැසියන් විසින් මෙම ආදායම් වාර්තා ඉදිරිපත් කල යුතුය .
මෙහි මූලික අරමුණ අදායම් බදු ගෙවීම වන අතර රාජ්ය ආධාර, බැංකු ගනුදෙනු (උදා; ඉතාලිය තුල ස්ථාවර වත්කම් මිලදී ගන්න හෝ දිගුකාලීන නය ලබා ගන්න), සංක්රමික යන් හට ඉතාලි පුරවැසිභාවය ලබා ගන්න ද මෙම අදායම් වාර්තා අතීෂයින්ම වැදගත් වේ.
එහෙත් රැකියා ස්වභාවය, ආදායම් මාර්ගයන් සහ වියදම් ස්වභාවය අනුව, මෙම විෂය පථය යම්තාක් දුරට සංකීර්ණ වන අතර, මෙම සම්මන්ත්රණය තුල, විශේෂයෙන්ම ගෘහ සේවය සහ ස්වයං රැකියා (පාරෙ කොන්ත්රාත්🤔) සදහා 2024 වාර්ෂික ආදායම් වාර්තාවන් (730/UNICO) බලපාන අයුරු පිලිබද ව නිසි අවබෝධයක් ලබා දීමටත් නව සංශෝධන සහ අනිවාර්ය කරුනු පිලිබද ව සාකච්ඡා කිරීමටත් අපේක්ෂා කරමු.
තවද , ගෘහ සේවයේ යෙදෙන්නන් තම සේවායෝජයාගෙන් වාර්ෂික ව ලබා ගත යුතු අදායම් වාර්තාව "Dichiarazione sostitutiva CU* (ex CUD) හි ආකෘතියක් නොමිලේ ලබා දීමටත්, එහි ඇතුලත් විය යුතු කරණු පිලිබද ව දැනුවත් කිරීමටත් අප අපේක්ෂා කරමු.
ඉතාලි ආර්ථිකයට පණපොවන ඔබගේ ආර්ථික සහ වුර්තිමය අයිතීන් පිලිබදව නිසියාකාරව දැනුවත් වීම, හෙට දිනයේ ඔබගේ අනාගත සැලසුම් සදහා පිටුවහලක් වනු ඇතැයි අප විශ්වාස කරමු.
සංක්රමිකයන් හට තම සංක්රමණය තුල මුහුණ දිය යුතු ගැටලු ද, නිවැරැදි අනුකූලනයක් තුල එය නිරාකරණය කර ගන්නා අයුරු ද ප්රායොගිකව අත්විඳි කණ්ඩායමක් ලෙසත්, ඔවුන්ගේ වගකීම් මෙන්ම අයිතීන් සුරැකීමේ සංවිධානයක් ලෙසත් "සමාජ ප්රවර්ධන වැඩසටහනක්" ලෙස මෙම සම්මන්ත්රණය පැවැත්වීමට අප අදහස් කරන අතර, පොදුවේ සියලු දෙනාටම සහභාගි වන මෙන් ගෞරවයෙන් ආරාධනා කරමු.
ස්තූතියි 🙏
ස්ථානය :
SCUGNIZZO පාසල් පරිශ්රය
(මදෙර්දෙයි මෙට්රෝ පිවිසුම අසල)
PIAZZETTA S. GENNARO A MATERDEI
සැ.යු
ඡායා රූපය අප විසින් නැරඹූ චිත්රපටයක මතක සටහනක් බව කාරුණිකව සලකන්න.