15/10/2026
*උතුම් කල්යාණ මිත්ර ඇසුරකට ආරාධනා...*
Milano නගරයේ ජීවත්වන අපේම අම්මලා, තාත්තලා, අයියලා, අක්කලාට...
අවුරුදු ගානක් තිස්සේ ඉතාලියේ ජීවත් උනාට, හැමදේම තිබ්බට, ඇයි තාමත් හිතට සතුටක් නැත්තේ?
උදේ ඉඳන් රෑ වෙනකන් දුවලා, බිල් ගෙවලා, ගෙවල් හදලා... අන්තිමට ඉතුරු වෙන්නේ මහන්සියයි, තනිකමයි, හිතේ බරයි නේද?
සල්ලි වලින්, ගෙවල් වලින්, වාහන වලින් හොයන්න බැරි ඒ සතුට, කොහොමද හොයාගන්නේ?
ඒකට උත්තරය අහන්න, ජීවිතේ ඇත්ත තේරුම හොයාගන්න දුර්ලභ අවස්ථාවක්.
*සතුට සොයන ඔබට*
ගෞරවනීය *ගුරු හාමුදුරුවන් වහන්සේ ( Ven. Nivathapa Thero )* වැඩම කරවන විශේෂ ධර්ම දේශනය.
මේක සාමාන්ය බණක් නෙමෙයි. අපි වගේ විදේශයක ජීවත් වෙන වැඩිහිටියන්ගේ හිතේ තියෙන ප්රශ්න වලට, දුකට, පීඩනයට පිළියමක්.
ඔබේ ජීවිතේ වෙනුවෙන් පැය දෙකක් වෙන් කරගන්න.
📅 *2026 ඔක්තෝබර් 29 - සවස 7 සිට 9 දක්වා*
📍 *Viale Monza, 261, 20126 Milano MI*
මෙහෙයවීම: ගුරු හාමුදුරුවන් වහන්සේ
තනියම එන්න එපා. ඔබේ සැමියා / බිරිඳ එක්කන් එන්න. ඔබේ යාළුවා එක්කන් එන්න. මේක අපි හැමෝටම ඕන.
📞 මාර්කො - +39 320 898 3356
📞 ජයකොඩි - +39 333 347 7464
Organized by Ministry of Nirvana Italy with Yuva Arts Collective